Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
21
රට වටේ කොරෝනා වැළඳුණු මාළු වෙළඳුන් ගැන තොරතුරු හෙළි වෙයි - අද දිනයේ පමණක් ආසාදිතයින් 109යි - කොළඹ ජාතික රෝහලේ වාට්ටු දෙකකට රෝගීන් ඇතුළත් කරගැනීම නතර වෙයි - කොවිඩ් අලුත්ම තත්ත්වය - Video

- රට වටේ කොරෝනා වැළඳුණු මාළු වෙළඳුන් ගැන තොරතුරු හෙළි වෙයි - අද දිනයේ පමණක් ආසාදිතයින් 109යි - කොළඹ ජාතික රෝහලේ වාට්ටු දෙකකට රෝගීන් ඇතුළත් කරගැනීම නතර වෙයි - කොවිඩ් අලුත්ම තත්ත්වය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,775 Views
ගම්පහට අද රාත්රී 10 සිට සඳුදා අලුයම තෙක්ම ඇඳිරි නීතිය.....
 
දැන් තත්ත්වය ගැන යුද හමුදාපතිවරයා කළ හෙළිදරව්ව...
 
කොවිඩ් 19 වෛසර ව්යාප්තිය සැලකිල්ලට ගනිමින් අද රාත්රී 10 සිට ලබන සඳුදා අලුයම 5 දක්වා ගම්පහ දිස්ත්රික්කයට නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබෙනවා.
 
මේ අතර පෑලියගොඩ මතස්ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 49 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග එම පරිශ්රය තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරුණා.

එමෙන්ම අද දිනය තුළ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 109දෙනෙකු වාර්තා වුණා.
 
කොවිඩ් 19 වෛස ව්යාප්තිය සැලකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්රික්කයට පොලිස් නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කර තිබෙනවා.
 
අද රාත්රි 10ට පැනවෙන ඇඳිරිනීතිය සඳුදා අලුයම 5 දක්වා ක්රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසනවා.
 
මේ අතර පෑලියගොඩ මත්ස්ය වෙළදපොලේ වෙළඳුන් 49 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණේ පසුගිය සඳුදා සිදුකළ PCR පරීක්ෂණ වාර්තා අද දිනයේ ලැබීමත් සමඟයි.
 
කොට්ටාව නගර සභා මාළු වෙළඳසැලද අද තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණේ එහි වෙළඳුන් සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන්.
 
ආසාදිතයින් ප්රතිකාර සඳහා කළුතර - පිඹුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
 
මේ අතර දෙහිඕවිට - තිඹිරිකොළ ප්රදේශයේ මාළු වෙළඳාමේ නිරත පුද්ගලයෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් ඔහුගේ පවුලේ ඥාතීන් ඇතුළු පවුල් 24ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.
 
දෙහිඕවිට නගරයේ වෙළදසැල් කිහිපයක්ද කොවිඩ් අවදානම හේතුවෙන් වසාදැමීමට පියවර ගැනුණා.
 
තාවකාලිකව වසා දැමුණු මත්ස්ය වෙළඳසැල්වල වෙළෙඳුන් ඇතුළු පිරිස PCR පරීක්ෂණවලට ලක් කෙරුණේ මෙලෙසින්.
 
මීගොඩ ආර්ථික මධ්යස්ථානයේ වෙළෙඳසැලක හිමිකරුවෙකුටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග එහි සේවකයින් 15 දෙනෙකු පමණ නිරෝධායනය සඳහා යොමු කෙරුණා.
 
සෞඛ්ය අංශ පැවසුවේ අදාළ ආසාදිතයාගේ ආශ්රිතයින් හඳුනා ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
 
මේ අතර කොළඹ ජාතික රෝහලේ 46 වැනි සහ 56 වැනි වාට්ටුවලින් කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග එම වාට්ටුවලට රෝගීන් ඇතුළත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
 
කොටුව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොවාඩ් ආසාදිත බවට තහවුරුවීමෙන් පසු ඔහුගේ ආශ්රිතයින් නිරෝධායනයට යොමු කර ඇති අතර පැය කිහිපයකට එම පොලිස් ස්ථානයේ සේවාවන්ද අත්හිටුවනු ලැබුවා.
 
පූර්ණ විෂබීජහරණයට ලක්කිරීමෙන් පසු පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු පසුව ආරම්භ වුණා.
 
මේ අතර කඩවත රන්මුතුගල බංගලාවත්ත ප්රදේශයෙන් එකම පවුලේ තිදෙනෙකු ඇතුළු පුද්ගයලින් 6 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට වාර්තාවීමත් සමග අදාළ ප්රදේශයේ සංචරණය සීමා කිරීමට බලධාරීන් පියවර ගත් අතර එම ප්රදේශයේ පළමු ආශ්රිතයින්ගේ 200කගේ පමණ පීසීආර් පරීක්ෂණද අද සිදු කෙරුණා.
 
මේ අතර නිවෙස්වල නිරෝධායන වෙමින් සිටි කුලියාපිටිය ගයියාල ප්ර දේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
 
ඔහු එම ප්රදේශයේ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ පියෙකු බවයි සෞඛ්ය වෛද්ය නිලධාරී උත්පල සංකල්ප මහතා සඳහන් කළේ.
 
මේ හේතුවෙන් අදාළ නිවැසියන් සියළු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුනා.
 
නාවලපිටිය ප්රදේශයේ පදිංචි කොළඹ නැව් තටාකාංගනයේ සේවකයෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමෙන් පසු අදාළ පුද්ගලයාගේ නිවසේ ආශ්රිතයින් 20 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
 
කටුනායක ආයෝජන ප්රවර්ධන කලාපයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්යාව 314ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ප්රධාන කර්මාන්තශාලා 2ක් ආශ්රිතව ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවී තිබෙනවා.
 
වත්මන් කොවිඩ් තත්ත්වයත් සමග ඇඟලුම් ක්ෂේත්රය මුහුණ පා ඇති ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වෘත්ති සමති අතර පැවැත්වුණේ එවන් පසුබිමකයි.
 
මේ අතර බ්රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කර බව කම්කරු අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළා.
 
බේරුවල ධීවර වරායට විශාල වශයෙන් පාරිභෝගික ජනතාව පැමිණෙන බැවින් කොවිඩ් වෛරස ව්යාප්තිය සම්බන්ධයෙන් ආරක්ෂික වැඩපිළිවෙළක් සකසා දෙන ලෙස එම වෙළෙඳ ප්රජාව ඉල්ලා සිටිනවා.
 
මේ අතර pcr පරීක්ෂණවල තත්ත්වය සම්බන්ධයෙන් ඇතැමුන් එල්ල කරන චෝදනා වලට වසංගත රෝග විද්යා අංශයේ විශේෂඥ වෛද්ය සුදත් සමරවීර මහතා මෙලෙස ප්රතිචාර දැක්වුවා.
 
මේ අතර ලක්ෂ 30කට ආසන්න මෙරට වැඩිහිටි පරම්පරාව කොවිඩ් 19 උවදුරෙන් ගළවා ගැනීම සඳහා අවශ්ය උපක්රම අනුගමනය කිරීමට කාලය එළඹ ඇති බව සෞඛ්ය සේවා නියෝජ්ය අධ්යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා පවසනවා.
 
මේ අතර කොවිඩ් 19 ව්යාප්තිය සමාජගතව ඇති බවට ඇතැමුන් කරන ප්රකාශ සම්බන්ධයෙන් හිරු පත්තරේ විස්තරේ වැඩසටහනේදී සෞඛ්ය අමාත්යාංශයේ මාධ්ය ප්රකාශක වෛද්ය ජයරුවන් බණ්ඩාර මහතා අදහස් පළ කළා.
 
මේ අතර චීන ජාතික ප්රතිශක්තිකරණ වැඩසටහනේ කොටසක් ලෙස චීනයේ නිෂ්පාදිත කොවිඩ් වෛරසය මර්දන එන්නත භාවිත කිරිමට බ්රසීලය සැලසුම් කර තිබෙනවා.
 
ඒ අදාළ එන්නතේ අවසාන පරීක්ෂණ බ්රසීලය තුළ සාර්ථකව සිදුවිම හේතුවෙන්.
 
සිනොවැක් නම් මෙම එන්නත අනෙකුත් කොවිඩ් මර්ධන එන්නත්වලට වඩා ආරක්ෂිත මෙන්ම ප්රතිඵල දායක බැවින් මෙම තීරණයට එළැඹි බවයි එරටින් තොරතුරු වාර්තාවන්නේ.
 
මේ අතර අත්යවශ්ය සේවා හැර අනෙකුත් නිෂ්පාදන කටයුතු අත්හිටවූ බව කොළඹ නැව් තටාකාංගණ සමාගම අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
 
එම නිවේදනයේ දැක්වෙන්නේ දැනට සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ 600 කින් 31 දෙනෙකු ආසාදිතව ඇති බවයි.
 
තවත් පී.සී.ආර්. පරීක්ෂණ 900 ක ප්රතිඵල ඉදිරි දින දෙක තුළදී නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
 
මේ අතර ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කටුනායක, බියගම, වතුපිටිවල, මල්වත්ත සහ මීරිගම ප්රදේශවල පිහිටි සිය අපනයන සැකසුම් කලාපවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බවයි.
 
සෞඛ්ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එම කටයුතු සිදුකරන බවත් ආයෝජන මණ්ඩලය නිවේදනය කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top