Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
21
පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළේ 49 දෙනෙකුට කොරෝනා - කටුනායක ආයෝජන කලාපයේ ආසාදිතයන් 314 ක් දක්වා ඉහළට - දිස්ත්‍රික්ක 21ක් පුරාවට ව්‍යාප්ත වූ මෙරට කොවිඩ් අලුත්ම තත්ත්වය මෙන්න - Video

- පෑලියගොඩ මත්ස්‍ය වෙළදපොළේ 49 දෙනෙකුට කොරෝනා - කටුනායක ආයෝජන කලාපයේ ආසාදිතයන් 314 ක් දක්වා ඉහළට - දිස්ත්‍රික්ක 21ක් පුරාවට ව්‍යාප්ත වූ මෙරට කොවිඩ් අලුත්ම තත්ත්වය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,473 Views
කඩවත - රන්මුතුගල බංගලාවත්ත ප්රදේශයට සංචරණ සීමා පැනවෙයි...
 
කුලියාපිටිය ප්රදේශයෙන් අද දිනය වන විට ආසාදිතයින් 30 ක්...
 
මේ වන විට හමුවී ඇති ආසාදිතයින් සම්පූර්ණ ගණන 5,811 ක්..
 
පෑලියගොඩ මත්ස්ය වෙළදපොළේ 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
 
පසුගිය සඳුදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා අද දිනයේ ලැබී ඇති අතර, එහිදී මේ බව අනාවරණ වූ බවයි පෑලියගොඩ නගර සභාවේ මහජන සෞඛ්ය පරීක්ෂක එන්.එම්. වික්රමසූරිය සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟ කඩවත - රන්මුතුගල බංගලාවත්ත ප්රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා.
 
කොළඹ ජාතික රෝහලේ 46 සහ 56 වාට්ටු රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එහි ප්රකාශකයෙකු සදහන් කළා. ඊට හේතු වී ඇත්තේ මෙම වාට්ටු දෙකෙන් කොරෝනා ආසාදිත රෝගීන් හමුවීමත් සමඟයි.
 
මේවා සාමාන්ය වාට්ටු ලෙස සැලකෙන අතර කොරෝනා ආසාදිතයින්ගේ ආශ්රිතයන් නිරෝධායනයට යොමු කර ඇති බවයි එම රෝහලේ ප්රකාශකයා කියා සිටියේ.
 
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කටුනායක අපනයන කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත සංඛ්යාව මේ වන විට 314 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ, ඊයේ දිනයේ තවත් රෝගීන් 56 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
 
ආසාදිතයන් වාර්තා වන කර්මාන්තශාලාවල සියළු සේවකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ දිනයේත් කටුනායක ආයෝජන කලාප ක්රීඩාංගණයේදී සිදුකර තිබෙනවා.
 
රෝගීන් වාර්තා වන කර්මාන්තශාලාවල අදාළ අංශ හැර සෙසු කර්මාන්තශාලාවල කටයුතු සෞඛ්ය නිර්දේශවලට යටත්ව පවත්වාගෙන යන බවයි ආයෝජන මණ්ඩලයේ ප්රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
 
කෙසේ වෙතත්, ශ්රී ලංකා නිදහස් වෙළද කලාප ආයෝජකයන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්රනාන්දු කියා සිටියේ කොරෝනා තත්ත්වයත් සමඟ කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ මාසිකව මෙරට ජාතික ආර්ථිකයට උපයා දෙන විදේශ විනිමය සියයට 40කින් පමණ අඩු වී ඇති බවයි.
 
කොරෝනා ආසාදිත පොලිස් පරීක්ෂකවරයෙකු හමුවීමත් සමඟ තාවකාලිකව වසා දැමූ කොළඹ - කොටුව පොලීසිය අද පෙරවරුවේ සිට යළි විවෘත කරනු ලැබුවා.
 
පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ කොටුව පොලීසිය ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ල විෂබීජහරණයට ලක් කිරීමෙන් පසුව වෙනත් පොලිස් නිලධාරීන් අනුයුක්ත කර එහි රාජකාරි කටයුතු යළි ආරම්භ කළ බවයි.
 
මේ අතර, කුලියාපිටිය ප්රදේශයෙන් අද දිනය වන විට කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්ය වෛද්ය නිලධාරී උත්පල සංකල්ප ප්රකාශ කළා.
 
ඔහු කියා සිටියේ මේ වන විට එම ආසාදිතයන්ගේ ආශ්රිතයන් 1000කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ බෝහිංගමුව, හම්මලව ප්රදේශවලින්.
 
එමෙන්ම, කුලියාපිටිය ප්රදේශයෙන් වාර්තා වන මෙම ආසාදිතයන් කිසියම් ආගමික නිකායකට අයත් දේවස්ථානයක පූජාවකට සහභාගි වී ඇති බවට අනාවරණ වී ඇති අතර, මෙම ආගමික නිකායේ පිරිස් දිවයිනේ වෙනත් ප්රදේශ වෙත සංක්රමණය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් බුද්ධි අංශ සහ සෞඛ්ය අංශ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
 
එමෙන්ම, කොරෝනා වෛරසය සමාජගත වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශයේ මාධ්ය ප්රකාශක වෛද්ය ජයරුවන් බණ්ඩාර හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ පත්තරේ විස්තරේ වැඩසටහනට අද උදෑසන එක්වෙමින් අදහස් පළ කළා.
 
මේ අතර, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
 
මේ නිසා ඔහුගේ ආශ්රිතයන් 40 දෙනෙකුගේ පමණ මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
 
මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 5,811 ක් වාර්තා වන අතර තවදුරටත් රෝහල්ගතව ප්රතිකාර ලබන සංඛ්යාව 2,341ක්.
 
මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්රි රිෂාඞ් බදියුදීන් නිරෝධායනයට ලක් කර ඇති නිසා සති දෙකක කාලයක් පාර්ලිමේන්තු සභා වාරයන්ට සහභාගිවීමට අවසර ලබා නොදෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
 
මේ අතර කොරෝනා ව්යාප්තිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස ආණ්ඩුවෙන් ප්රශ්න කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් මතුවූ අතර, සෞඛ්ය ඇමතිනි පවිත්රා වන්නිආරච්චි ඊට මැදිහත්වුණා.
 
එමෙන්ම ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්රිවරුන් වන මුජිබර් රහුමාන් සහ නලින් බණ්ඩාරද මෙම සංවාදයට එක්වුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top