Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
21
"අපේ ආදර කතාවට අවුරුදු හතරක් වෙනවා. ෂෙහාන්ව මට මුණගැහුණේ ෆේස්බුක් එකෙන්. එයා මට request එකක් දාලා තිබුණා" - ඇමරිකාවේදී විවාහ ගිවිස ගත්ත ඩිලානිගේ දියණිය කවිෂා සහ ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් සිය ආදර කතාව හෙළිකරයි - Photos

- "අපේ ආදර කතාවට අවුරුදු හතරක් වෙනවා. ෂෙහාන්ව මට මුණගැහුණේ ෆේස්බුක් එකෙන්. එයා මට request එකක් දාලා තිබුණා" - ඇමරිකාවේදී විවාහ ගිවිස ගත්ත ඩිලානිගේ දියණිය කවිෂා සහ ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් සිය ආදර කතාව හෙළිකරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62 Views
මට විවාහ ගිවිස ගැනීමට ආරාධනා කරන්න ලැබුණේ දහදෙනකුට විතරයි.
ෂෙහාන් කැමැතියි ඇමෙරිකාවේ ඉන්න. හැමදාම නැෂනල් ටීම් එකට ගහන්න බෑනේ
බිරිය කියන්නේ නමක් විතරයි. එයා පෙම්වතිය කාලෙත් මට උපරිම සහායක් දුන්නා - ෂෙහාන්
 
පුංචි තිරය වගේම සිනමා තිරය කලක් ආක්‍රමණය කළ ඩිලානි අබේගුණවර්ධනගේ ආදරණිය එකම දියණිය කවීෂා කාවින්දි පසුගියදා විවාහ ගිවිස ගත්තා. 
 
ඒ ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසුරිය සමඟයි.
 
ඇමෙරිකාවේ ජීවත් වෙන කවීෂා වගේම ඇමෙරිකාවට ගිහින් ඉන්න ෂෙහානුත් සති අන්ත පුවත්පතකට එක්ව අලුත් ජීවිතය ගැන මෙලෙස අදහස් දක්වා තිබුණා.
 

කොහොමද කවීෂා. ජීවිතේ සුවිශේෂී බලාපොරොත්තුවක් ඉෂ්ට වුණා නේද?
 
ඔව්. මගෙයි ෂෙහාන්ගෙයි විවාහ ගිවිස ගැනීම ඇමෙරිකාවේදී සිද්ධ වුණා. විවාහ ගිවිස ගැනීම වෙනුවෙන් පොඩි පාටියක් ගන්න හිතුවට මගේ අම්මාට පාටි එක කියන්න යාළුවෝ බොහෝදෙනෙක් හිටපු නිසා පොඩි වෙඩින් එකක්ම ගත්තා වගේ දෙයක් තමයි සිද්ධ වුණේ.
 
ඇමෙරිකාවේදී විවාහ ගිවිස ගැනීම කරන්න හිතුවේ?
 
ඇත්තටම පහුගිය ජූලි මාසයේදී ලංකාවෙදි අපේ වෙඩින් එක ගන්න තමයි අපි සූදානම් වෙලා හිටියේ. නමුත් කොරෝනා ප්‍රශ්නය නිසා මට ලංකාවට එන්න විදිහක් තිබුණේ නැහැ. මොකද මට තියෙන්නේ ඇමෙරිකන් පාස්පෝට්. ගුවන්තොටුපොළ ඇරියේ නැති නිසා මට ලංකාවට එන්න වුණේ නැහැ. 
 
කොයි කාලේ ගුවන්තොටුපොළ අරියිද? කොයි කාලේ මට ආයෙත් ලංකාවට එන්න වෙයිද කියලා දන්නේ නැති නිසා වගේම ඇමෙරිකාවෙදි විවාහ ගිවිස ගැනීම කරන එක අනාගතයටත් හොඳ නිසා මෙහෙදි අපේ විවාහ ගිවිස ගැනීම කරන්න හිතුවා.
 
ෂෙහාන්ගේ පවුලේ අයට විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවට සහභාගි වෙන්න බැරිවුණා නේද?
 
ඔව්. ෂෙහාන්ගේ පවුලේ අය ඉන්නේ ලංකාවේ. ඉතින් කොරෝනා ප්‍රශ්නය නිසා එයාලට ඇමෙරිකාවට එන්න වීසා ගන්න බැරි වුණා. නමුත් එයාලා කිව්වා එක සැරයකුත් විවාහ ගිවිස ගැනීම කල් ගිය නිසා මේ සැරේ විවාහ ගිවිස ගැනීම කල් දාන්න එපා කියලා. ඒ නිසා මේ පාර විවාහ ගිවිස ගැනීම කල් දැම්මේ නැහැ.
 
ලංකාවෙදිත් විවාහ උත්සවයක් ගන්න සැලසුමක් තියෙනවද?
 
ඔව්. ෂෙහාන්ගේ පවුලේ අය, අපේ අම්මගේ, තාත්තාගේ පවුලේ අය, යාළුවෝ ලංකාවේ ඉන්නේ. ඒ නිසා ලංකාවෙදි විවාහ උත්සවයක් ගන්න වෙනවා.
 
කවීෂා නම් උත්සවවලට එතරම් කැමැති කෙනෙක් නෙවෙයිනේ. විවාහ උත්සවයේ සියලු දේවල් සැලසුම් කළේ අම්මා කියලයි ආරංචිය?
 
මම වෙඩින් එකක් ගන්න ආස වුණේ නැහැ. ඒත් පවුලේ අය ඒකට කැමැතියිනේ. මගේ අම්මා තමයි සියලු දේවල් සැලසුම් කළේ. මම අඳින ඇඳුම්, මේකප්, කොණ්ඩ මෝස්තර ඇතුළු සියල්ල අම්මා තමයි හිතලා තිබ්බේ. අම්මා කැමැති දෙයට මම කොහොමත් ආසයි. 
 
අම්මාගේ සැලසුම් කිරීමේ හැකියාව සියයට සියයක් ඉහළ තැනක තියෙනවා. ඒ නිසා අම්මා තෝරලා දුන්න දේවල්වලට මම කැමැති වුණා. අම්මා හැමදේම සැලසුම් කරලා 115ක් විතර සහභාගිත්වයෙන් සැමරුම කළා. අම්මා තමයි හැමෝටම ආරාධනා කළේ. මට විවාහ ගිවිස ගැනීමට ආරාධනා කරන්න ලැබුණේ දහදෙනකුට විතරයි.
 
ෂෙහාන්ව තෝරා ගත්තේ කවීෂා. ඒ තෝරා ගැනීම වුණේ කොහොමද?
 
ෂෙහාන්ව මට මුණගැහුණේ ෆේස්බුක් එකෙන්. එයා මට request එකක් දාලා තිබුණා. එයා මගේ ෆේස්බුක් යාළුවෙක් වුණාට පස්සේ අපි සාමාන්‍ය විදිහට කතා කරන්න ගත්තා. එයා ආදර යෝජනාවක් කළා. ඊටත් පස්සේ එයා මාව බලන්න ඇමෙරිකාවට ආවා. පවුලේ අයගෙන් කැමැත්ත ගත්තට පස්සේ තමයි අපි හරි විදිහට සම්බන්ධය පටන් ගත්තේ.
 
ෂෙහාන් ආදරය ප්‍රකාශ කළ ගමන් කවීෂා ෂෙහාන්ට කැමැත්ත දුන්නද?
 
එයා ආදරය ප්‍රකාශ කළාට පස්සේ මම කතා නොකර හිටියා. එයා මට මැසේජ් කළාට මම ඒවා දැක්කේ නෑ වගේ හිටියා. හැබැයි එයා මාව බලන්න මෙහේ ආවට පස්සේ තමයි හරියට අපි සම්බන්ධය පටන් ගත්තේ.
 
ඇයි ෂෙහාන්ව මඟහැරියේ?
 
ෂෙහාන්වත් ගොඩක් අය දන්නවා. මාවත් දන්නවා. හැමෝම දන්න කියන අය නිසා ප්‍රශ්න ඇති වෙයිද කියලා හිතුණා. මම පුදුම විදිහට සංවේදී කෙනෙක්. මට පොඩි දෙයටත් ඇඬෙනවා. දුක හිතෙනවා. සම්බන්ධයකට ඇතුළු වුණාම කොච්චර අය ඒ දිහා බලන් ඉන්නවද? ගොසිප් හැදෙනවද? ඒ නිසා මම ඒවට කැමැති වුණේ නැහැ. හැබැයි ෂෙහාන් මොනවගේද කියලා හරියට දැනගත්තට පස්සේ මට එයාට ආදරේ කරන එක නවත්වන්න බැරි වුණා.
 
ඔය ආදර කතාවට බාධා ආවේ නැද්ද?
 
ෂෙහාන්ගේ පැත්තෙන් නම් බාධා ආවේ නැහැ. මුලින් මගේ අම්මයි තාත්තයි ෂෙහාන්ට කැමැති වුණේ නැහැ.  නමුත් ෂෙහාන් මගේ අම්මයි තාත්තයි හම්බ වෙන්න ඇවිත් කතා කළාට පස්සේ එයාට ගොඩක් කැමැති වුණා. දැන් මටත් වඩා එයාලා ෂෙහාන්ට ආදරෙයි.
 
ඔය කොච්චර කාලයක් තිබ්බ ආදර කතාවක්ද?
 
අපේ ආදර කතාවට අවුරුදු හතරක් වෙනවා.
 
දැන හඳුනාගනිද්දි ෂෙහාන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා කවීෂා දැනගෙන හිටියද?
 
ඔව්. හැබැයි එයා ක්‍රිකට් ක්‍රීඩා කරනවා මම දැකලා තිබ්බේ නැහැ.
 
කවීෂා ක්‍රිකට් රසිකාවියක්ද?
 
සංගක්කාරලා, මහේලලා කණ්ඩායමේ ඉන්න කාලේ මම නිදිවරාගෙන ක්‍රිකට් තරග බැලුවා. එයාලා අයින් වුණාට පස්සේ මම ක්‍රිකට් තරග බලන්න ආස වුණේ නැහැ.
 
හැබැයි ෂෙහාන් සෙල්ලම් කරන තරග බලනවා. ඒත් එයා පන්දු යවද්දි, බැට් කරද්දී මම ඇස් වහගෙන ඉන්නේ. නැත්නම් ටීවී එකේ සද්දේ අඩු කරනවා ඒ වෙලාවට. සජීවීව තරගයක් නරඹද්දී වුණත් එයා සෙල්ලම් කරන වෙලාවට මම ඇස් පියා ගන්නවා.
 
කවීෂා ෂෙහාන් එක්ක පදිංචියට ලංකාවට එනවද? නැත්නම් ෂෙහාන්ව ඇමෙරිකාවට ගෙන්න ගන්නවද?
 
ඉස්සර නම් මම ලංකාවේ පදිංචි වෙන්න ආසයි. නමුත් මම මාස්ටර් එක කළෙත් ඇමෙරිකාවේ නිසා ජොබ් එකක් කරන්න වුණත් ඇමෙරිකාව හොඳයි. ෂෙහාන් වෙනුවෙන් මම පොඩි කාලයක් ලංකාවට එයි. ඒ වුණාට අපි ස්ථිරව ඇමෙරිකාවේ පදිංචි වෙයි.
 
ෂෙහාන් කැමැතියි ඇමෙරිකාවේ ඉන්න. හැමදාම නැෂනල් ටීම් එකට ගහන්න බෑනේ. කවදාහරි අපේ දරුවන්ට වුණත් අධ්‍යාපනයට ඇමෙරිකාව හොඳයි. ඇමෙරිකාවේ හැම පාසලක්ම එක වගේ. ලංකාවේ නම් අධ්‍යාපනයටත් අවස්ථා සල්ලිවලට ලැබෙන්නේ. හැමදේම හිතලා ඇමෙරිකාවේ ජීවත් වෙන එක හොඳයි. නමුත් නිවාඩුවට ලංකාවට ඇවිත් යනවා.
 
මොනවද කවීෂාගේ ජීවිතේ තියෙන බලාපොරොත්තු?
 
ඇමෙරිකාවේ ගෙයක් අරගෙන වාහනයක් අරගෙන සතුටින් ජීවත් වෙන්න කැමැතියි. ලොකු ලොකු හීන නැහැ. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි මම කැමැති.
 
කවීෂාගේ කතාබහෙන් පස්සේ ෂෙහාන්වත් අපේ කතාබහට එකතු කරගන්න පුළුවන් වුණා. කොහොමද ෂෙහාන්?
 
හොඳින්, සතුටින් ඉන්නවා.
 
ෂෙහාන්ගේ ජීවිතයට කවීෂාව නීත්‍යනුකූලව එකතු කරගෙන. මේ ඔබේ ජීවිතයට ගැලපෙනම කෙනා කියලා හිතනවද?
 
ඔව්. එයා හොඳම කෙනා කියලා හිතුණු නිසා තමයි එයාව විවාහ කරගන්න හිතුවේ.
 
කවීෂාව ජීවිතයට තෝරාගන්න සුවිශේෂතා තියෙන්න ඇති?
 
ඔව්. එයා මම කියන දේ තේරුම් ගන්න කෙනෙක්. ලොකුකම්, ආඩම්බරකම් නැති අහිංසක කෙනෙක් ඇය.
 
ෂෙහාන් කවීගේ ෆේස්බුක් යාළුවෙක් වුණේම කවීෂාගේ ආදරය ඉල්ලන්නමද?
 
නැහැ. මම නිකන් රික්වෙස්ට් එකක් දාලා මැසේජ් කළේ. එතකොට මම දැනගෙන හිටියේ නැහැ කවී ඩිලානි අබේවර්ධනගේ දුව කියලත්. ෆේස්බුක් යාළුවෙක් වුණාට පස්සේ තමයි එයා දාන ෆොටෝවලින් දැන හඳුනාගත්තේ. කතාබහ කරද්දී තමයි ඇය ගැන ආදරයක් ඇති වුණේ.
 
කවීෂා හොඳ බිරියක් විදිහටත් ෂෙහාන්ට සහයෝගය දෙයිද?
 
බිරිය කියන්නේ නමක් විතරයි. එයා පෙම්වතිය කාලෙත් මට උපරිම සහායක් දුන්නා. විවාහ වුණා කියලා එයා වෙනස් වෙන එකක් නෑ. මට හැමදාම එයාගේ සහයෝගය ලැබෙයි.
 
ෂෙහාන්ගේ ක්‍රිකට් ජීවිතයට කවීගෙන් මොනවගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?
 
එයා ඒ සම්බන්ධයෙන් නම් හොඳක් කියන්නේ නැහැ. තරගයකදි කොහොම අවුට් වුණත් බනිනවා. එයා කියන්නේ පරදින්න බෑ කියලා.
 
ෂෙහාන්ගේ පවුලේ අය, යාළුවෝ වෙඩින් එකට සහභාගි කරගන්න බැරිවුණානේ. ලංකාවෙදි විවාහ උත්සවයක් ගන්න දිනයක් නැද්ද?
 
කොරෝනා ප්‍රශ්නය නිසා ඔවුන්ව විවාහය වෙනුවෙන් ඇමෙරිකාවට ගෙන්නගන්න බැරි වුණා. මට ඉන්න නෑදෑයෝ ටිකටයි යාළුවන්ටයි කියලා ලංකාවෙදි විවාහ උත්සවයක් ගන්නවා. කවීගේ අම්මයි තාත්තයි අපේ අම්මයි තාත්තයි තවම මුණගැහිලා නැහැ. වීඩියෝ කෝල්වලින් තමයි ඔවුන් කතාබහ කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම දෙපාර්ශ්වයම මුණගැහිලා උත්සවයක් ගන්න වෙනවා. එය කවද්ද ගන්නේ කියලා තවම තීරණය කරන්න විදිහක් නෑ තිබෙන තත්ත්වයත් එක්ක.
 
මොනවද ෂෙහාන්ගේ ජීවිතේ බලාපොරොත්තු?
 
මටත් ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. අම්මයි තාත්තයි බලාගෙන කවීවත් බලාගෙන හොඳ ජීවිතයක් ගෙනියනවා. ක්‍රිකට්වලිනුත් හොඳ තැනකට යන්න බලාපොරොත්තු වෙනවා. මගේ ළඟ ඉන්න අය සතුටින් ඉන්න එක තමයි මගේ ලොකුම සතුට.
 
තිළිණි කෞශල්‍යා විජේසිංහ - මව්බිම



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top