Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
20
“අම්මාගේ බෙල්ල කපලා තිබුණා කවුදෝ නරුමයෙක්. ඌ අම්මාගේ ලස්සන මූණ විරූපී කරලා...” - නගර සෝබනියක වූ සිය මව, කාමාතුරයෙකුට බිලිවී අවසන් ගමන් ගිය හැටි කියන, පුතෙකුගේ අහන් ඉන්න බැරි සංවේදී කතාව - Photos [Exclusive]

- “අම්මාගේ බෙල්ල කපලා තිබුණා කවුදෝ නරුමයෙක්. ඌ අම්මාගේ ලස්සන මූණ විරූපී කරලා...” - නගර සෝබනියක වූ සිය මව, කාමාතුරයෙකුට බිලිවී අවසන් ගමන් ගිය හැටි කියන, පුතෙකුගේ අහන් ඉන්න බැරි සංවේදී කතාව - Photos [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,406 Views
“ඉස්කෝලේදී අම්මාගේ රස්සාව අහන උන්ට මම කිව්වේ, අම්මා ලොකු ඔෆිස් එකක ලොක්කියක් කියලා..”
 
“දන්නවද? මම කුණුහරපෙන් බැන්නත් මගේ අම්මා මට අතක්වත් උස්සලා නෑ...”
 
“ඒත් මම අදටත් කාටවත් කියන් නෑ මගේ අම්මා ගණිකාවක් කියලා...”
 
“එතකොට මට අවුරුදු 11ක්12ක් ඇති මං හිතන්නේ.. මගේ අම්මා කරන්නෙ කියන්නේ මොනාද කියලා මට ලොකු අවබෝධයක් තිබුණේ නෑ. ලොකු ලොකු උන් ඇවිත් ආ උඹ අර වටේටම ..... අහවලීගේ පොඩි එකා නේද කියනකන්ම....!”
 
කොල්ලා කතාව පටන් ගන්නවා. ඒක අමුතු විදිහේ කතාවක් වුනත් මම ආස කරන විදිහ නෙවෙයි. අම්මෙක් ගැන පුතෙක් කියන්න ගන්න කතාව. උගේ කතාවේ හැම තැනකම ඌ ඉන්නවා.

“අම්මා හරිම ලස්සනයි. එයා ලස්සනට අඳිනවා පළඳිනවා. මම දැකලා තියෙනවා ඔයා ගොඩක් ඇඳුම් ගෙදර ගේනවා. එක එක දවසට එක එක විදිහේ ඇඳුම්. ඉස්කෝලේදී මගේ අම්මාගේ රස්සාව අහන උන්ට මම කිව්වේ, අම්මා ලොකු ඔෆිස් එකක ලොක්කියක් කියලා. සත්තකින්ම මම හිතුවේ එහෙමයි. මගේ අම්මා ලොකු ඔෆීසියක ලොක්කියක් කියලයි. එයා මාව උදේ පාන්දරටම ස්කූල් වෑන් එකට දාලා අත වනලා යනවා. මගේ ලස්සන අම්මා මාව ඇරලවන්න එද්දි එක එක කොල්ලෝ කුරුට්ටෝ එයා දිහා අමුතු විදිහට බලනවා මම දැකලා තියෙනවා...”


 
කොලුවා මූණ පාත් කරනවා. උගේ ඩයි කරපු කොණ්ඩ ගස් පිරිමදින්න ගන්නවා. කොරෝනාවෙන් ලංකාවම වැහිලා යන කාලයක් වෙද්දි, උගේ අතේ නොවැරදීම තිබුණු “දියර කුප්පිය” ඌ මටත් දික් කෙරුවා. මම ආයෙම උගේ කතාව අහන්න ආසාවෙන් නෝට් බුකියට එබුණා.
 
“ඔයා ඒක ටයිප් කරනවාද?” කොලුවා මගේ වේගෙන් නටන ඇඟිලි කූරු දිහා බලාගෙන ඇහුවා.
 
“ඔව්...” මම හිනාවුණා. ඌ ආයෙම කතාව පටන් ගත්තා.
 
“අම්මා මගේ පන්ති රැස්වීම් කවදාවත් මඟ ඇරියේ නෑ. එයා මට ගෙදර වැඩවලට පවා උදව් දුන්නා. ටිකෙන් ටික මම ලොකු වෙද්දි, හරියටම අම්මා කවුද කියලා දැනගත්තා. එයා කවුරුත් කියන විදිහට ගණිකාවක් කියලා මම දැනගත්තා. ඒ කියන්නේ එයා මගේ තාත්තා කවුද කියන්නවත් දැනන් හිටියේ නෑ. මාව විසි කරන්න බැරිකමට වැදුවා කියලයි වෙලාවකට එයා අඬාගෙන උත්තර දෙන්නේ....”


 
කොල්ලාගේ ඇස් දෙකේ කඳුළු පිරුණා. මිනිහෙකුට අමාරුයි එහෙම් පිටින්ම සමහරක් “අතීත කතන්දර” අගුළු ලා තියන්න. ඌටත් එහෙමයි. අමාරුවෙන් හිත හදාගෙන ඌ මේ කතාව දිග අරින්න හේතුවක් මට හිතාගන්න බෑ. ඒත්..... එක වෙලාවක මම ඌව දැක්කේ ආතක් පාතක් නැතිව අතරමං වෙච්ච එකෙකු හැටියට. ඒත් මේ හාදයා... ඔබටත් කොහේ හරි තැනකදී මුණ ගැහිලා ඇති......................
 
“අම්මාට මම කුණුහරපෙන් බැනලා ඇති අනන්තවත්.. මේ රස්සාව ගැන කිය කිය. මිනිස්සුන්ගේ කුණු කතා අහන්න බැරුව. එයා මම ටිකෙන් ටික ලොකු වෙද්දි ඒ රස්සාවට වැඩිය ගියේ නෑ. ඒත් මම දන්නවා එයා හොරෙන් ඒක කෙරුවා. අඩුම දවසක එකෙක් එකක් හරි. මට කිව්වට හෝටලේක වේටර් රස්සාවක් කියලා ඒක ඊට වඩා වෙනස් වග මම දැනන් හිටියා. ඒත් දන්නවද? මම කුණුහරපෙන් බැන්නත් මගේ අම්මා මට අතක්වත් උස්සලා නෑ. එයා කවදාවත් මං වෙනුවෙන් මේවා කරනවා කියලා උදම් අනලාත් නෑ...”
 
මම උගේ ඇස්වල දැක්කා අම්මෙක් වෙනුවෙන් පිරිච්ච මහා ආදරයක්. ඒ ආදරය අසීමිතයි. මට දැනෙන්නේ එහෙමයි. “නගර සෝබනියක්” වුනු අම්මෙකුගේ පුතෙකුට මේ කතාව කියන්න මාරම අමාරුයි. ඒත් ඌ ඒක කියනවා, අමාරුවෙන් හිත හදාගෙන.
 
“අම්මා නැතිවුනේ 2014දී.. එදා එයා වැඩට ගිහින් ආයෙම ආවේ නෑ. මම බැරිම තැන පොලිසියට ගියේ එයා නැතිවුනා කියන්න. දවස් දෙකකට පස්සෙ එයාගේ බොඩි එක හම්බුනා. එයාව මරලා දාලා... පත්තරේ ගියේ අනියම් සැමියා මැරූවා කියලා. ඒත් පත්තරකාරයෝ දන්නේ නෑ ඒ මොන අනියම් සැමියද කියන්න... මගේ අම්මා මිනිස්සු එක්ක බුදියගත්තා. ඒ මං වෙනුවෙන්... මට එයා හොඳට ඉගැන්නුවා. අද මම මේ තැන ඉන්නවා නම් ඒකට හේතුව එයා..”


 
කොලුවාගේ මූණේ හිනාවක් පත්තු වුනා. මහා අන්ධකාර හෝරාවක් අවසානයේ යන්තමින් ඇහැ ගැටුනු විදුලි ආලෝකයක්. මට මේ “සීරිස්” එක මාර රහයි. මූ මේකට ගැළපෙනම වරිගේ එකෙක්.
 
“අම්මාගේ බෙල්ල කපලා තිබුණා කවුදෝ නරුමයෙක්. ඌ අම්මාගේ ලස්සන මූණ විරූපී කරලා. පස්සේ ආරංචි වුනේ ඒ මිනිහා අම්මා එක්ක ඉන්න ඇවිත් කියන්න බැරි විදිහේ අමුතු දේවල් කරන්න ඕනි කියලා. ඒ කියන්නේ ඌ විකෘතිකයෙක්. මගේ අම්මාව ඌ අමු අමුවේ මරා දැම්මේ එහෙමයි. ඌට ඒවාට නීතියෙන් දඬුවම් ලැබුණා. මම අම්මා වෙනුවෙන් උසාවි ගියා. ඒත් මම අදටත් කාටවත් කියන් නෑ මගේ අම්මා ගණිකාවක් කියලා. එයා අම්මා කෙනෙක්... හොඳ අම්මා කෙනෙක්. මට ආදරේ කරපු අම්මා කෙනෙක්..!”
 
කොල්ලගේ ඇස් දෙකේ කඳුළු. මම ඌට “අඬන්න එපා” නොකියා බලන් උන්නා.
 
“ඒ පව්කාර තිරිසනා මගේ අම්මාව මගෙන් උදුරගත්තා. ඌට ශාප කරනවා ඇරෙන්න මට කරන්න පුළුවන් දෙයක් නෑ අයියේ... ඒ මොකද මගේ අම්මා මට කියලා දීලා තියෙනවා. මේ ලෝකේ හොඳ මිනිස්සු අඩුයි කියලා. එයාට ඕනි වුනේ මාව හොඳ මිනිහෙක් කරන්න...”
 
අන්තිමට ඒ හාදයා උගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දිහා බලාගෙන යන්තම් හිනාවක් පිම්බා.


 
“මම ගියාට කමක් නැද්ද අයියේ... මේ මගේ ගර්ල්... එයා මට චැට් කරනවා..” කොල්ලා මට එයාගේ වෝල් එක පෙන්නුවා. “..ඔයා ඕක ලියන්න.. ඔයාට ඕනෑ හැටියට... ඒත් ප්ලීස්.. මගේ නම ගම දාන්න එපා...!! අන්තිමට ලියන්න මගේ අම්මට මම ගොඩක් ආදරෙයි කියලා... එයා තාම මං දිහා බලන් ඇති. මට හිතෙන්නේ එහෙමයි..”
 
ඒ හාදයා එහෙම කියලා මුහුණු ආවරණය දාගෙන “සුදු ඉරෙන්” එහා පැත්තට පැන්නා. ආයෙම හැරිලා මට අත වැනුවා.
 
By Samitha Lakshan
 
(මෙහි එන සියලුම නම් ගම් පුද්ගලිකත්වය තකා වෙනස් කොට ඇති බව කරුණාවෙන් සලකන්න.)

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top