Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
20
“...මම ඒ වෙලාවේ බීලා හිටියේ, එයා ඇහුවා උඹ මොකද්ද කරන්න යන්නේ කියලා..” - අම්බලන්ගොඩ ගමක් බිය වද්දමින්, බිරිය නැති පාළුව මකාගන්න, 92 හැවිරිදි ලොකු අම්මා බිලිගත් පාපතරයෙකු ගැන, අහන් ඉන්න බැරි තරමේ බිහිසුණු කතාවක්

- “...මම ඒ වෙලාවේ බීලා හිටියේ, එයා ඇහුවා උඹ මොකද්ද කරන්න යන්නේ කියලා..” - අම්බලන්ගොඩ ගමක් බිය වද්දමින්, බිරිය නැති පාළුව මකාගන්න, 92 හැවිරිදි ලොකු අම්මා බිලිගත් පාපතරයෙකු ගැන, අහන් ඉන්න බැරි තරමේ බිහිසුණු කතාවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,832 Views
“එහෙම දෙයක් වුනේ නැහැ. ලොකු අම්මා කොස්ස අරගෙන ආවා....”
 
“එයා මට බැන්නා. මමත් එයාට බැන්නා. ඊට පස්සෙ එයා ගෙට ගියා. මාත් ගෙට ගියා..”
 
“මම එයාට ආහාරපාන දීලා දුක සැප බැලුවා. එයා බැඳලා හිටියේ නෑ...”
 
මේ සිද්ධියට අදාළ සැකකරුගේ රැකියාවක් සඳහා විදෙස් රටකට ගොස් සිටියා. එබැවින් මොහු නිවෙසට වී කාලය ගෙවා ඇත්තේ දැඩි කාමාශාවන් හිතේ සඟවා ගෙනයි.
 
පනස් දෙහැවිරිදි මොහු සිය ආශාව සංසිඳුවා ගැනීමට තෝරාගෙන තිබුනේ අවුරුදු 92ක් වූ තමන්ගේම ලොකු අම්මා වීම ඉතාම ඛේදජනක වුනා.

අම්බලන්ගොඩ, මානිමුල්ල ප්රදේශයේ කාන්තාවක් සිය නිවසේදී මියගොස් ඇති බවට අම්බලන්ගොඩ මුලස්ථාන පොලිසියට පැමිණි පුද්ගලයෙකු පසුගිය 6 වැනි දින උදේ දැනුම් දුන්නා.
 
ඒ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹුනේ ඉන් අනතුරුවයි.
 
බලපිටිය රෝහලේ හදිසි මරණ පරීක්ෂක කේ. වගආරච්චි මහත්මියද එම ස්ථානයට පැමිණියේ පොලිස් පරීක්ෂක රවීන්ද්ර මහතාගේ කැඳවීමටයි.
 
ඝාතනයට ලක් වූ දයාවතීගේ සිරුර පරීක්ෂා කළ ඇයට දයාවතීගේ මුහුණේ ලේ පැල්ලම් හා සීරිම් රාශියක් ඇති බව නිරීක්ෂණය වුනා.
 
ඒ ගැන විමසිලිමත් වූ ඇය තවදුරටත් සිරුර පරීක්ෂා කරන්නට වුනා. එවන් තුවාල රැසක් කතගේ සිරුරේ දකින්නට ලැබීම නිසා මරණය සැක සහිත බව වගආරච්චි මහත්මියට අවබෝධ වුනා.
 
ඒ අනුව බලපිටිය මූලික රෝහලේදී මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය පවත්වනු ලැබුවා. එහිදී මිය ගිය කතගේ පපු ප්රදේශයේ සීරිම් තුවාල දැකගත හැකි වුනා. ඇගේ ලිංගික ප්රදේශයේද තුවාල සිදුව ඇති බව හෙළි වූ අතර නාසය හා කට තද කිරීම නිසා හුස්ම හිරවී මරණයට පත්වී ඇති බව සනාථ වුනා.
 
ඒ අනුව මියගිය කාන්තාව දූෂණයට ලක්ව ඇති බව ද අනාවරණය කර ගැනීමට හැකි වුනා.
 
අධිකරණ වෛද්ය පරීක්ෂණ වාර්තාවට අනුව මෙය මිනීමරුමක් වුනා. එබැවින් මේ සිද්ධියට අදාළ පුද්ගලයා සොයා විමර්ශන ආරම්භ කළ පොලිසිය මරණය ගැන දැනුම් දුන් රවින්ද්ර කුසුම්සිරි යන අයගෙන් ප්රශ්න කරන්නට පටන් ගත්තා.
 
ඔහුගේ හැසීරිම් රටාව නිරීක්ෂණය කළ රවින්ද්ර මහතා ඔහු ගෙන් දයාවතී ගැන විස්තර විමසුවා.
 
"මියගොස් ඇත්තේ අපේ ලොකු අම්මා. එයා තනියමයි ඒ ගෙදර හිටියේ. මම එයාට ආහාරපාන දීලා දුක සැප බැලුවා. එයා බැඳලා හිටියේ නෑ. ඉතින් මෙයා මෙහේ තනියම ඉන්නකොට තල්ගස්ගොඩ ඉන්න නංගි එයාගේ ගෙදරට ලොකු අම්මව එක්කගෙන ගියා. ටික කාලයක් එහෙ ඉඳලා සිද්ධිය වූ දවසේ එයා නැවත මෙහේ ආවා.."
 
"මොකද එයා එහේ හිටියත් එහේ මෙහේ ඇවිදිනවා. ඉතින් ඒගොල්ලන්ට මෙයා ගැන බලන්න අමාරු නිසා ආයේ මෙහේ ගෙදරට එක්කන් ආවා. එදා හවස එයා අපේ ගේ ළඟට ඇවිත් කොස්සක් ඉල්ලුවා.. මම කොස්සක් දුන්නා. එයාගේ අතෙත් කොස්සක් තිබුණා. මෙයා කොසු දෙකම අරන් මට බැන්නා.."
 
"ඒ වෙලාවේ මම බීලා හිටියේ. මමත් එයාට බැන්නා. එයා මට බැන බැන කොසු දෙක අරගෙන යන්න හදනකොට බිම වැටුණා. ඉතින් මම එයාව උස්සගෙන ගිහින් ඇඳෙන් තිබ්බා. පහුවදා උදේ මං ගිහින් බලනකොට තමයි දැක්කේ එයා ඇඳ උඩ මැරිලා ඉන්න බව. මම මේ බව අම්බලන්ගොඩ පොලිසිය ගිහින් කිව්වේ ඊට පස්සේ.."
 
කුසුම්සිරි එසේ කීවත් පොලිස් පරීක්ෂක රවින්ද්රගේ තියුණු ඇස් ඔහු වෙතට යොමු වුනා. රවින්ද්ර මහතා කුසුම්සිරිගේ පුතාගෙන්ද ඔහු කියු කරුණු විමසූ අතර එදින සවස සිදුවූ දේ ඔහු දන්නේ නැති බවත් ඒ වන විට ඔහු නිවසේ නොසිටි බවත් පැවසුවා.
 
තමන් ගෙදර ආවේ රෑ 7ට පමණ බවත් ඒ වෙනකොට තාත්තා ගෙදර හිටියේ නැති බවත් හෙතෙම පැවසුවා. මේ අනුව කුසුම්සිරිගේ ප්රකාශය ගැන පොලිසියට සැක පහළ වුනා. අවසානයේ පොලිස් නිලධාරින්ගේ දැඩි ප්රශ්න කිරීම් හමුවේ කුසුම්සිරි සිද්ධිය වමාරන්නට පටන් ගත්තා.
 
"මම ඉස්සෙල්ලා කිව්වේ ලොකු අම්මා කොසු අරගෙන යනකොට වැටුණා කියලා. එහෙම දෙයක් වුනේ නැහැ. ලොකු අම්මා කොස්ස අරගෙන ආවා. මම ඒ වෙලාවේ බීලා හිටියේ. එයා මට බැන්නා. මමත් එයාට බැන්නා. ඊට පස්සෙ එයා ගෙට ගියා. මාත් ගෙට ගියා.."
 
"එතකොට මම දැක්කා ලොකු අම්මා ඇඳ උඩ නිදාගෙන ඉන්නවා. පස්සේ ලොකු අම්මා ළඟට ගියා. එතකොට එයා ඇහුවා උඹ මොකද්ද කරන්න යන්නේ කියා. ඊට පස්සේ මම.........." (සැකකාර කුසුම්සිරි මිනිස් ජීවිතයක් ලැබුවත් ආත්මය තිරිසන් වූ නිසා ඔහු කළ දේ මෙහි ලිවිය නොහැකියි. ඔහු තිරිසනෙකු ලෙස හැසිරී ඇති බව ඔහුගේ ප්රකාශයෙන් තහවුරු වුනා.)
 
පැය දෙකක් පමණ විටින් විට දයාවතී දුෂණය කළ බවත් ඔහු සඳහන් කර තිබුණා. මොහු මත්පැන් පානයට මෙන්ම ගංජා වලට ද තදින් ඇබ්බැහි වූ අයෙක්.
 
කුසුම්සිරි කළ පාපොච්චාරණයේදී දෙවරක් ඇයට ලිංගික හිරිහැර කළ බවද පවසා ඇති අතර ඒ අතරතුරේදී දයාවතීගේ නාසය හා කට අතින් තද කරගෙන සිට තිබෙනවා.
 
පසුව පොලිසිය කරන ලද පරීක්ෂණයේදී අවට නිවසක කාන්තාවක් පවසා ඇත්තේ 5 වැනිදා රාත්රී කෑ ගහන ශබ්දයක් ඇසුණූ බවයි. මේ සිද්ධියට පසුදින උදේ කුසුම්සිරි නැවත දයාවතී ගේ නිවසට ගොස් බැලු විට ඇය නිසොල්මන්ව ඇඳේ උඩුබැලි අතට සිට තිබෙනවා. දයාවතී මියගොස් ඇති බව පසක් කොටගත් කුසුම්සිරි ඔහුගේ ඥාතියෙකුට මේ බව දන්වා අම්බලන්ගොඩ පොලිසියට ගොස් මේ සිද්ධිය දැනුම් දී තිබෙනවා.
 
සැඟවී යාමට ගිය මනුෂ්ය ඝාතනයක් හෙළි කර ගැනීමට බලපිටිය හදිසි මරණ පරීක්ෂිකා වගආරච්චි මහත්මියගේ දැඩි අවධානය හේතුවෙන් හා අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රවින්ද්ර පුෂ්පකුමාරගේ උකුසු ඇස නිසා අවස්ථාව උදා වුනා.
 
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
 
අනුරාධ ප්රියදර්ශන විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top