මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ කොරෝනා පොකුරෙන් ඊයේ දිනයේදීත් තවත් ආසාදිතයින් 87 දෙනෙකු වාර්තා වුණා.
අවසන් වරට වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 40 දෙනාගෙන් 21 දෙනෙකු ඇඟලුම් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර, 19 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වෙමින් සිටින අය වනවා.
ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් කර්මාන්තශාලාවේ කොරෝනා ආසාදිතයින් 2162 දක්වා ඉහළ යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5625 ක් ලෙස දැක්වෙන අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2172 ක්.
මේ අතර, කොළඹ - නැව් තටාකාංගණයේ සේවය කරන ගාල්ල - කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත පුද්ගලයා දිනපතා අම්බලන්ගොඩ සිට කොළඹ බලා බස් රියෙන් හෝ දුම්රියෙන් ගමන් කර ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තොරතුරු අනාවරණ කරගෙන තිබෙනවා.
මේ වන විට කොළඹ, නැව් තටාකාංගණයේ සේවකයින් 8 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණා.