තම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සැඟවී නොමැති බවත්, අවශ්‍ය මොහොතේදී පෙනී සිටින බවත්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය කොළඹ දී අද(18) මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර මේ වනවිට දින 06ක් ගත වුවත් තවමත් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී නැහැ.
පොලිස් කණ්ඩායම් 06 ක් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය කොළඹ දී අද(18) මාධ්‍ය හමුවක් කැදවා තිබුණේ ඔහු සම්බන්ධයෙන් කරුණු දැනුවත් කිරීම සඳහායි.