Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
18
කොරෝනා වෛරසය බලෙන් බෝකරගැනීමට දඟලන තරුණයින් ගැන ඇහෙන අලුත්ම කතාව

- කොරෝනා වෛරසය බලෙන් බෝකරගැනීමට දඟලන තරුණයින් ගැන ඇහෙන අලුත්ම කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31 Views
කොරෝනා වයිරසය යන නම ඇසෙද්දී පවා කවුරුත් බියෙන් සලිත වන තත්ත්වයක් තිබියදී ලොව පුරා 40,000කට ආසන්න පිරිසක් සිය කැමැත්තෙන්ම මෙම වයිරසය ආසාදනය කර ගැනීමට සූදානමින් සිටින බව ඇසුවහොත් ඇතැමකු එය විශ්වාස නොකරන්නටද පිළිවන. 
 
නමුත් මෙය ඇත්තකි. ලොව පුරා තරුණ තරුණියන් විශාල පිරිසක් මෙවැනි අවදානමක් ගැනීමට සූදානමින් සිටින්නේ කොවිඩ්  එන්නත් අත්හදා බැලීමේ ක්‍රමවේදයකට අදාළවයි.

එන්නත්  අත්හදා බැලීමේ මෙම ක්‍රමවේදයේදී එන්නත ලබාගැනීම සඳහා  ස්වේච්ඡාවෙන් එක් වන  පුද්ගලයන්ට අදාළ එන්නත ලබාදී ඔවුන් වුවමනාවෙන්ම වයිරසයට නිරාවරණය කරනු ලැබේ. වයිරසය ඔවුන්ට ආසාදනය වීම හෝ නොවීම මත එන්නතෙහි සාර්ථක අසාර්ථක බව පිළිබඳ නිගමනය කෙරේ. මෙම ක්‍රමවේදය තවම ක්‍රියාත්මක කර නොමැති නමුත් බ්‍රිතාන්‍යය තුළ ලබන ජනවාරියේදී පමණ එය ආරම්භ කිරීමට ඉඩ ඇති බවට අදහස් පළ වී තිබේ.
 
මෙය  කොවිඩ්  එන්නත් සම්බන්ධයෙන් දැනට  භාවිත කරන අත්හදා බැලීමේ ක්‍රමවේදයන්ට වඩා වෙනස් වූවකි. දැනට  කරන අත්හදා බැලීම්වලදී සිදු කරන්නේ එන්නත ලබා දෙන ස්වේච්ඡා පුද්ගලයන්ට සාමාන්‍ය ආකාරයෙන් සිය එදිනෙදා කටයුතුවල නිරත වන්නට ඉඩ හැර ඔවුන්ට වයිරසය ආසාදනය වෙනවාද යන්න සොයා බැලීමය. මෙය සාමාන්‍යයෙන් කල්ගත වන කටයුත්තකි. මන්ද යත් ඉහතකී පුද්ගලයන්ට ස්වාභාවික ආකාරයෙන් වයිරසය ආසාදනය වනතුරු බලා සිටින්නට සිදුවන බැවිනි. නමුත් කලින් සඳහන් කළ අලුත් ක්‍රමවේදය අනුව පර්යේෂණාගාරයක් තුළදී ඔවුන් වුවමනාවෙන්ම වයිරසයට නිරාවරණය කරන නිසා එන්නතෙහි බලපෑම ගැන ක්‍ෂණිකව දැන ගැනීමට හැකියාව ලැබේ.
 
කෙසේ නමුත් මෙය ඉතා අනතුරුදායක කටයුත්තක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ නිසාම තවමත් මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් විවිධ මතගැටුම් තිබෙන ආකාරයද දැකිය හැකිය. නමුත් මෙයට පක්‍ෂව අදහස් දක්වන පාර්ශ්ව පවසන්නේ කොවිඩ්   එන්නතක් ලොවට හ¾දුන්වාදීම මෙම ක්‍රමවේදය මඟින් ඉක්මන් කර ගැනීමට හැකි වුවහොත් එමඟින් අති විශාල පිරිසක ගේ ජීවිත බේරා ගැනීමට හැකිවනු  ඇති බවයි.  එමෙන්ම මෙම ක්‍රමවේදය තුළ ගැබ් වන අවදානමට වඩා එයින් ලැබෙන ප්‍රතිලාභ වැඩි බවද ඔවුහු පෙන්වා දෙති. මෙම පසුබිම තුළ නොබෙල් සම්මානලාභීන් ඇතුළු විද්‍යාඥයන් 178 දෙනකු විසින් අස්සන් කරන ලද ලිපියක් බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් වෙත භාරදී ඇති බවද පසුගිය දිනවල වාර්තා විය. එම ලිපියෙන් ඔවුන් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත්තේ ඉහත කී ක්‍රමවේදය භාවිත කිරීම සඳහා සහාය ලබාදෙන ලෙසයි. නොබෙල් සම්මානලාභීන් 15 දෙනකුට ආසන්න පිරිසක් මෙම ලිපියට අස්සන් තබා ඇති බව සඳහන් වේ.
 
1 Day Sooner නමැති සංවිධානයක්ද මේ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් ඉටු කරමින් සිටියි. මෙම සංවිධානය හරහා මේ වනවිට ලොව පුරා 38,500ක පමණ පිරිසක් මෙම අත්හදාබැලීමට එක්වීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටිති. බි්‍රතාන්‍යය තුළ පමණක් 2,500ක පමණ පිරිසක් මේ සඳහා ඉදිරිපත්ව ඇති බවද සඳහන් වේ.
 
මෙවැනි අත්හදාබැලීමක ඇති අනතුරුදායක බව නිසාම එය ක්‍රියාත්මක කෙරෙන්නේ යම් යම් කොන්දේසිවලට යටත්වය. මෙහිදී එන්නත ලබාදී වයිරසයට නිරාවරණය කිරීම සඳහා තෝරා ගැනෙන්නේ තරුණ වියේ පසුවන නිරෝගී ශක්තිමත් පුද්ගලයන්ය. එවැනි පුද්ගලයන් වයිරසය නිසා බරපතළ සංකූලතාවන්ට මුහුණ දීමට හෝ මරණයට පත්වීමට ඇති ඉඩකඩ අඩුය. අවුරුදු 20-29 අතර වයස් කාණ්ඩයේ කෙනකු මෙවැනි අත්හදාබැලීමකදී මිය යෑමට ඇති ඉඩ වකුගඩුවක් ප්‍රදානය කිරීම නිසා මිය යෑමට ඇති ඉඩට වඩා අඩු බව ඉහත කී විද්‍යාඥයන් පෙන්වාදී ඇත. අදාළ එන්නත ලබා දෙන අය රැක බලා ගැනීමටද ඉතා විධිමත් වැඩපිළිවෙළක් මෙවන් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට පෙර සැලසුම් කළ යුතුව තිබේ.  මෙහිදී ස්වේච්ඡාවෙන් මේ සඳහා ඉදිරිපත් වන බොහෝදෙනකු තමාට එල්ල වන අනතුරට වඩා මේ තුළින් මිනිස් සංහතියට ලැබෙන ප්‍රතිලාභ ගැන කල්පනා කරන බව ඔවුන් පළ කර ඇති අදහස් තුළින් දැකිය හැකි වේ. 
 
මෙම අවදානම් සහගත අත්හදා බැලීමේ ක්‍රමය කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක  කර නැතත් මෙය අලුත්ම ක්‍රමවේදයක්ද නොවේ කලකට පෙර  උණසන්නිපාතය, මැලේරියාව, කොලරාව වැනි රෝග සඳහා එන්නත් සොයා ගැනීමේදී මෙය භාවිත කර තිබිණි. නමුත් කොවිඩ් -19 වැල¾දුනහොත් එය සුව කිරීම  සඳහා තවමත් සාර්ථක ඔෟෂධයක් සොයාගෙන නොමැති තත්ත්වයක් තුළ මෙවැනි අත්හදා බැලීමේ ක්‍රමවේදයක් යොදා ගැනීම සම්බන්ධයෙන් ඇතැම් විද්‍යාඥයන් විරුද්ධත්වය දක්වන ආකාරයක්ද දැකිය හැකි වේ. එමෙන්ම මෙවැනි ක්‍රමවේදයක් හරහා ලැබෙන ප්‍රතිඵලය කෙතරම් දුරට විශ්වාසදායකද යන්න සම්බන්ධයෙන්ද ඇතැම් විශේෂඥයෝ සැක පළ කරති. මෙහිදී එන්නත ලබා දෙන්නේ කලින් සඳහන් කළ ලෙසම තරුණ වියේ සිටින ශක්තිමත් පුද්ගලයන්ටය. එම නිසා අදාළ එන්නත වයස්ගත දුර්වල පුද්ගලයන් සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කරනු ඇත්ද යන්න මෙමඟින් නිශ්චය කර ගැනීමට අපහසු වීම මෙහිදී මෙම පාර්ශ්ව මතු කරන කාරණයකි.
 
සනත් වික්‍රමගේ
මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top