Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 24 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
මව්පදවියට සුදානම් වෙන, රංගන ශිල්පිනි නෙහාරා පීරිස්ගේ අලුත්ම Photo Shoot එක - Photos
රංගන ශිල්පිනී නදීෂා හේමමාලිගේ නවතම ඡායාරූප පෙළ
මව්පදවියට සුදානම් වෙන රංගන ශිල්පිනී, නෙහාරා පීරිස් සැමියා එක්ක ගත්ත Pregnancy Photo Shoot එක
අයිෂ් අතුකෝරාල සිය දියණියගේ දෙවැනි  උපන්දිනය සමරයි - Photos
Oct
18
"රේල් පීල්ල උඩ තිබුණු ගල් දුම්රියේ හැප්පිලා විසි වෙලා ගියා... දුම්රිය මීටර් 20ක් දුරින් නතර වුණා..." - බදුලු කෝච්චිය පෙරළලා රටම හඬවන්න හදපු නරුමයෝ ගැන දුම්රිය රියදුරා කියූ කතාව

- "රේල් පීල්ල උඩ තිබුණු ගල් දුම්රියේ හැප්පිලා විසි වෙලා ගියා... දුම්රිය මීටර් 20ක් දුරින් නතර වුණා..." - බදුලු කෝච්චිය පෙරළලා රටම හඬවන්න හදපු නරුමයෝ ගැන දුම්රිය රියදුරා කියූ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,002 Views
හැමෝම කලබල වෙලා හිටියේ...
 
එතැන හිටිය කොල්ලෝ කට්ටියක් කෝච්චිය ආපු පැත්තටම දිව්වා...
 
1864දී ඇරැඹි උඩරට දුම්රිය මාර්ගය 1918 දී කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වාම ඉදිකෙරිණි. එතැන් සිට බදුල්ල දක්වා වූ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කළ ඉංග්‍රීසි ජාතිකයන් ලෝක ප්‍රසිද්ධ ආරුක්කු නවයේ අහස්පාලම හා දෙමෝදර දුම්රිය ස්ථානයද සකසමින් 1921 මාර්තු මස 21 දින දුම්රිය ගමනාගමනයට මාර්ගය විවෘත කරනු ලැබීය.
 
කොළඹ සිට බදුල්ල දක්වා පැමිණීමේදී හමුවන 40 වන බිංගෙය හමුවන්නේ සුප්‍රසිද්ධ ආරුක්කු නවයේ පාලමට මීටර් කිහිපයක් දුරිනි.  එතැන් සිට 41 වන බිංගෙයට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් එකයි දශම පහකි.

ඉකුත් 10 වැනිදා මෙම මාර්ගය ඔස්සේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයට පැමිණ එහි නතර වූයේ බොහෝ පිරිසක් ඇල්ල දුම්රිය ස්ථානයෙන් සිය ගමනාන්තය නිමා කරන නිසාය. පුරා පැය දහයකට වැඩි කාලයක් ගමන් කරමින් පැමිණ තව සුළු මොහොතකින් ගමනාන්තය නිමා කිරීමට දුම්රියේ රියැදුරා ඇතුළු සෙසු නිලධාරීන්ද සිටියේ මහත් අස්වැසිල්ලකින්ය.
 
ඇල්ල දුම්රිය ස්ථානය පසු කිරීමෙන් පසු ඊළඟට  හමුවන්නේ දෙමෝදර දුම්රිය ස්ථානයයි.  වංගු සහිතව බිංගෙවල්වලින් සමන්විත ආරුක්කු නවය පාලම ඔස්සේ බදුලු දුම්රියේ ගමන සිදුවෙයි.  මේ වංගු සහිත පෙදෙස හරහා දිවෙන මාර්ගය පීලි දෙකකින් සමන්විතය. ඒ දුම්රියේ ආරක්ෂිත භාවය රැකගන්නටය. වංගු සහිත පෙදෙසින් ඇදෙන දුම්රියට ඉදිරි කොටස එතරම් පැහැදිලි නැත.
 
ඉකුත් 10 වැනිදා සවස 5ට පමණ පොඩි මැණිකේ දුම්රිය 41 වැනි බිංගෙය පසු කරත්ම දුම්රිය සහායක රියැදුරු දුටුවේ  දුම්රිය පීලි මත ගල් තබා ඇති අයුරුය. එය දුටු රියැදුරාටද කරකියා ගත හැකි දෙයක් නොවීය. එකවර තිරිංග තද කළේ නම් දුම්රිය අනිවාර්යයෙන්ම ඉදිරිපස බිංගෙයි ගැටෙනු ඇත. එසේ වූයේ නම් දුම්රියේ එක් කොටසක් බිංගෙය තුළද අනෙක් කොටස ඊට පහළින් ඇති ප්‍රපාතයටද ඇද වැටෙනු නොඅනුමානය. පීලි මත ගල් තබා ඇති බව දුටු දුම්රිය රියැදුරු කලබල නොවීය. දුම්රියේ තිරිංගවලට හීන්සැරේ අත තැබූ ඔහු දුම්රියේ වේගය පාලනය කිරීමත් සමඟ දුම්රිය පීලි මත තිබූ ගල්ද පොඩිපට්ටම් කරගෙන ඉදිරියට ඇදී ගියේය. දුම්රිය මඳ දුරක් ගොස් නතර විය.
 
අනපේක්ෂිත ලෙස දුම්රිය නතරවීමත් සමඟ දුම්රියේ ගමන් ගත් පිරිසද මහත් කුතුහලයට පත්වූහ. ආරක්ෂක නිලධාරීන් දුම්රියෙන් බැස ඉදිරියට දුවන්නට විය. ඒ සමඟ ඔවුන්ගේ නෙත ගැටුණේ යට ඇඳුම් පිටින් දිවයන තරුණ පිරිසක් වෙතය. නිලධාරිහුද  ඔවුන් පසුපස හඹායන්නට වූහ. තරුණයන් ඇඳිවත පිටින්ම පලායද්දී එක් තරුණයකු අල්ලා ගැනීමට දුම්රිය සේවකයන්ට හැකි විය.  පසුව ඔහු අල්ලා පොලිසියට භාරදීමටත් සිද්ධිය ඇල්ල පොලිසියට දැන්වීමටත් දුම්රිය ආරක්ෂක නිලධාරීහු කටයුතු කළහ.
 
ඔහුගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ ඔහු සමඟ තවත් තරුණයන් හතර දෙනකු පැමිණි බවයි. පාලමට දකුණු පැත්තේ ඇති පීල්ලකින් දිය නෑම සඳහා ඔවුන් පැමිණි බවත්, එම තරුණයා පොලිසියට කීවේය. පසුව  නිලධාරීන් තරුණයන් දිය නෑමට පැමිණි බව කියන ස්ථානය අවට සෝදිසි කිරීමේදී පලාගිය තරුණයන්ගේ හා අල්ලාගත් තරුණයාට අයත් ජංගම දුරකථන, මුදල් පසුම්බි හා බෑග් දෙක තුනක්ද සොයා ගැනිණි. ඔවුන් දිය නෑම සඳහා පැමිණ ඇත්තේ යතුරුපැදිවලිනි.
 
පසුව එම ජංගම දුරකථන සෝදිසි කිරීමේදී සෙසු තරුණයන් හතරදෙනාගේ තොරතුරුද පොලිසිය ලබාගත් අතර පසුව ඔවුන්ද උල්ලා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.  මෙම පස් දෙනාගෙන් සිවුදෙනකු  ලබන වසරේ අපොස (උසස් පෙළ) විභාගයට පෙනී සිටින අය බව කියයි.
 
පසුව දුම්රිය මාර්ගය නිරීක්ෂණය කිරීමෙන් පස පොඩිමැණිකේ දුම්රිය යළි බදුල්ල බලා ධාවනය කෙරිණි. මේ සිදුවීම නිසා දුම්රිය විනාඩි 12ක් පමණ ප්‍රමාද වූ බව දුම්රිය රියැදුරා කී බවද ඇල්ල පොලිසිය පවසයි.  මේ සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය දුම්රියේ පැමිණි දෙතුන් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර රියැදුරාගේ  ප්‍රකාශයද  පොලිසිය විසින් ලබාගෙන තිබේ.
 
“මේ සිදුවීම වුණේ ඇල්ල ඉඳන් දෙමෝදර යනකොට. එතැන පොඩි පාලමක් තියෙනවා. ඒ ළඟ නාන පීල්ලකුත් තියෙනවා. අපි ඉදිරියට යනකොට 41 වැනි බිංගෙය පහුකරනවාත් එක්කම මගේ සහායකයා කිව්වා ඉස්සරහ ගල් තියලා නේද කියලා. ඒත් එක්කම මමත් ඒක දැකලා මම තිරිංග තද කළා. රේල් පීල්ල උඩ තිබුණු ගල් දුම්රියේ හැපිලා ගියා මීටර් 20ක් දුරින් දුම්රියත් නතර වුණා.
 
පස්සේ බැහැලා බැලුවාම ගල් තියලා තිබුණේ 41 වැනි බිංගය වංගුවේ චෙක් රේල් පීල්ලේයි.  ආරක්ෂිත පීල්ලෙයි. ගල් දැකපු නිසා ලොකු අනතුරක් වළක්වාගන්න හැකිවුණා.
 
කෝච්චිය නවත්වපු ගමන් එතැන හිටිය කොල්ලෝ කට්ටියක් කෝච්චිය ආපු පැත්තටම දිව්වා”
 
දුම්රිය රියැදුරු සේරම් මහතා පොලිසියට ප්‍රකාශයක් දෙමින් එසේ සඳහන් කොට ඇත.
 
අල්ලාගත් සැකකරුවන් ඇල්ල යහලවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත් ඔවුන් අතර සිටි බාල වයස්කාරයකු පරිවාස භාරයේ තබන ලෙසත් අධිකරණය දැනුම් දී තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කරන ලද විමසීමකදී ඔහු කියා සිටියේ ඇල්ල සංචාරක ආකර්ෂණය  වඩාත් හොඳින් පවතින ප්‍රදේශයක් බැවින් මෙවැනි දුම්රිය අනතුරක් සිදුවුවහොත් එය සංචාරක ව්‍යාපාරයටද බලපෑමක් ඇති කරන බවය. දෙස් විදෙස් සංචාරකයන් වැඩි හරියක් ඇල්ල දෙමෝදර පාලම හා බිංගෙය දැක බලා ගැනීමට එන බවත් එවුන් ඒ සඳහා පොඩි මැණිකේ දුම්රියේ ගමන් කරන බවත්ය.
 
මෙම සිද්ධිය සුළුවෙන් තකන්න බැහැ. මින් අනතුරක් වුණා නම් මිනිස් ජීවිතද නැතිවෙන්නත් දුම්රියට හානි සිදුවන්නත් තිබුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා.
 
අපි මේ ශිෂ්‍යයන්ට එරෙහිව නඩු පවරනවා අයුතු ජන රාශිය හා ගමනාගමනය අවහිර කිරීම ගැන ඔවුන්ට චෝදනා එල්ලවනවා. ඒ වගේම දුම්රිය ආරක්ෂක අංශත් වෙනම පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. නීතියට අනුව දුම්රිය මාර්ගයේ ගමන් කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක්.  දුම්රිය  දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් කියන්නේ මේ නිසා  ඇති වූ විනාඩි 12ක ප්‍රමාදය ලංකාවේම දුම්රිය ගමනාගමනයට හේතුවන බවයි.
 
ආරුක්කු නවයේ පාලම හා බිංගෙය දැක බලා ගැනීමට දිනපතාම දෙස් විදෙස් සංචාරකයෝ පොඩි මැණිකේ දුමරියෙන් ඇල්ලට පිවිසෙති. මේ පිරිස් බොහොමයක් ආරුක්කු නවයේ පාලම සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ඇති දුම්රිය  මාර්ගයේ නොයෙකුත් අපචාර ක්‍රියාවන්වල යෙදෙන බවත් ගම්වාසීහු  පවසති.
 
දුම්රියට ගල් තැබීම මෙන්ම දුම්රියට ගල් ගැසීමද දුම්රිය පාලම මතින් ගමන් ගන්නා විට පහළින් ඇති දෙබර කූඩුවලට ගල් ගසා දෙබරුන් ඇවිස්සීම් වැනි අවස්ථා බොහොමයක් ඇති බවත් පොලිසිය කියයි.
 
ඇල්ලට ඇදෙන දෙස් විදෙස් සමහර සංචාරකයන් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය පානය කිරීමට මෙම ප්‍රදේශය තෝරාගෙන ඇති බවද පවසන ගම්වාසීහු ලෝක උරුමයක් බවට පත්කිරීමට  සැරසෙන ආරුක්කු නවයේ පාලම හා ඒ අවට ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙසද පොලිසියෙන් ඉල්ලා සිටී.
 
කීර්ති මෙන්ඩිස්
මව්බිම
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top