රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති උපදෙස් ලැබී අදට දින 4ක් ගතවුවද තවමත් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී නැහැ.
මේ අතරල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශයට මාරුකර යවා තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂක වරයා ලෙස පත් කර ඇත්තේ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතායි.
රජයේ මුදල් අවභාවිත කිරිම ඇතුළු චෝදනා යටතේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් නියෝගයක් නිකුත් කළේ පසුගිය 13 වැනිදායි.
පොලිස් කණ්ඩායම් 06ක් සැකකාර මන්ත්‍රීවරයා සොයා එදිනම මෙහෙයුම් ආරම්භ කළ නමුත් මේ දක්වා ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් වී නැහැ.
මේ අතර, රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් කරුණු විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය
පොලිස්පතිවරයාව නීතිපතිවරයා සිය දෙපාර්තමේන්තුවට පසුගිය 15 වැනිදා කැඳවුවා.
එහිදී නීතිපතිවරයා සඳහන් කළේ නීතිපති උපදෙස් සහ අධිකරණ නියෝග හෑල්ලුවට ලක් නොකර කටයුතු කරන ලෙසයි.
කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂකවරයා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර තිබෙනවා.
ඒ අනුව එම තනතුරේ මෙතෙක් කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ආර්.පී.ජේ. ද අල්විස් මහතා මාරු කර යවා ඇත්තේ ත්‍රස්ත මර්ධන හා විමර්ශන
කොට්ඨාශයේ අධ්‍යක්ෂක වරයා ලෙසටයි.
මේ අතුරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක අමල් මායාදුන්නේ මහතා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් අද සිදුකළා.
බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.