Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
17
කොරෝනා නිසා මාසයකට ආසන්න කාලයක් රෝහලේ හිටිය අභිෂේක් යළි වැඩ අල්ලයි - Photos

- කොරෝනා නිසා මාසයකට ආසන්න කාලයක් රෝහලේ හිටිය අභිෂේක් යළි වැඩ අල්ලයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
බච්චන් පවුලේ කිහිපදෙනකු කොවිඩ්  රෝගයට ගොදුරු වීම පසුගිය දිනවල විශාල අවධානයක් දිනාගත් සිද්ධියක් විය. අමිතාබ්, අභිෂේක්, අයිශ්වර්යා සහ ආරධ්‍යා (අයිශ්වර්යාගේ දියණිය) මේ ආකාරයෙන් රෝගයට ගොදුරු වූ අතර ඔවුන් අතරින් වැඩිම කාලයක් රෝහල්ගත වී සිටින්නට සිදු වූයේ අභිෂේක්ටය. 
 
ඔහු මාසයකට ආසන්න කාලයක් මුම්බායිහි රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියේය. කෙසේ හෝ වේවා කොවිඩ්  වැලඳී සුව වීමෙන් පසු පළමු වතාවට දැන් අභිෂේක් චිත්‍රපටයක රූපගත කිරීම්වලට සහභාගි වෙමින් සිටියි. ඒ ‘බිග් බුල්’ (Big Bull) නමැති චිත්‍රපටයේයි. අභිෂේක් මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගි වන්නේ මාස 6ක පමණ කාලයකට පසුවයි.

Big Bull සිනමාපටය හර්ෂද් මේතා නමැති මූල්‍ය වංචාවන්හි නිරත වූවකුගේ ජීවිත කතාව ඇසුරෙන්  නිර්මාණය වූ වේගවත්  සිනමාපටයක් බව සඳහන් වේ. අජේ දේව්ගන් ද මෙම සිනමාපටයේ එක් නිෂ්පාදකවරයෙකි. එහි වැඩකටයුතු මුලින්ම ආරම්භ වී තිබුණේ කොවිඩ්  වසංගතය පැතිරෙන්නට ටික කලකට පෙරය. නමුත් රූපගත කිරීම් අවසන් කිරීමට ආසන්නව තිබියදී වයිරසය ඉන්දියාවද ආක්‍රමණය කළෙන් එම කටයුතු අතරමඟ නතර කරන්නට සිදුව තිබිණි. එයින් පසු අභිෂේක්ද අසනීප වීම නිසා නැවත චිත්‍රපටයේ කටයුතු ආරම්භ කිරීම තවත් ප්‍රමාද විය. ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර රූපගත කිරීම් නිම කිරීමට බලාපොරොත්තු වන බව එහි තවත් නිෂ්පාදකයකු වන ආනන්ද් පණ්ඩිත් පවසා තිබිණි. ‘අභිෂේක් බොහොම යහපත් මනුස්සයෙක්. ඔහු කොවිඩ්  රෝගයෙන් සුව වූ ගමන් ම වුවත් චිත්‍රපටයේ වැඩකටයුතු අවසන් කිරීම සඳහා සීමාව ඉක්මවා යමින් අපට හැම අතින්ම උදවු වෙනවා. ඔහු දැන් ඉතාම සෞඛ්‍ය සම්පන්නව සිටින අතර වෙනදා මෙන්ම දැඩි උදේ‍යාගයෙන් කටයුතු කරනවා. අපේ ප්‍රධාන නළුවා ලෙස ඔහු සිටීම ලොකු ආශීර්වාදයක්’ ආනන්ද් පණ්ඩිත් පවසයි.
 
රූපගත කිරීම් කරන ස්ථානය සියයට සියයක්ම කොවිඩ්වලින් තොර ස්ථානයක් බවට පත් කර ඇති බවත් සියලු දෙනාගේ ආරක්ෂාව ගැන දැඩි ලෙස අවධානය යොමු කර ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබිණි. එහි සෞඛ්‍යාරක්ෂක තත්ත්වය ගැන නිතර සොයා බැලීම සඳහා විශේෂඥයන් පවා යොදවා තිබෙන බවද සඳහන් වේ. 
 
ඉන්දියාවේ මේ වනවිට පවතින තත්ත්වය යටතේ Big Bull සිනමා පටය ප්‍රදර්ශනය කෙරෙන්නේ  සිනමා ශාලාවල නොවේ. එය අන්තර්ජාලය ඔස්සේ චිත්‍රපට ප්‍රදර්ශනය කරන ස්ටී්‍රමිං සේවාවක් වන  Disney+ Hotstar සේවාව හරහා මුදාහැරෙනු ඇති බව සඳහන් වේ.
 
මේ අතර පසුගිය දිනවල අභිෂේක්ට සමාජ මාධ්‍ය තුළින් විවිධ චෝදනා, නින්දා අපහාස එල්ල වෙමින් තිබීමද මාධ්‍ය තුළ නිතර අවධානයට ලක් වූ කාරණයක් විය. මෙහිදී ඇතැමුන් චෝදනා කර තිබුණේ ඔහුට සිනමාව තුළ අවස්ථා විවර වන්නේ ඔහු අමිතාබ් බච්චන්ගේ පුතා වීම නිසා බවයි.  ‘ඔබට සිනමාපටවල රඟපාන්නට අවස්ථා හිමිවන්නේ ඔබ අමිතාබ් බච්චන්ගේ පුතා නිසා බවක් ඔබට හිතෙන්නේ නැද්ද’ යැයි එක් පුද්ගලයකු විමසා තිබිණි. අභිෂේක්ද මෙයට පිළිතුරු දී තිබෙනු දැකිය හැකි විය ‘ඔබ කියන දේ ඇත්තක් වෙනව නම් කොච්චර හොඳද කියල මට හිතෙනවා. එහෙම වුණා නම් මට මොන තරම් වැඩ හම්බ වෙයිද කියල හිතල බලන්න’ යැයි ඔහු සඳහන් කර තිබිණි. අභිෂේක්ගේ පළමු චිත්‍රපටය වූ Refugee චිත්‍රපටය ඔහුට ලැබුණේ ඔහු සිනමා පවුලක දරුවකු වීම නිසා යැයි තවත් කෙනකු පවසා තිබිණි. ‘අනේ මොකද මේ හැමෝම මට පහර දෙන්නේ. මට ආශීර්වාද කරන්න. මම මගේ වැඩ කොටස ඉටු කිරීමටයි වෙහෙස වන්නේ’ අභිෂේක් ඊට දී තිබූ පිළිතුර එයයි.
 
ඔක්තෝබර් 15 වැනි දින සිට ඉන්දියාවේ සිනමාශාලා නැවත විවෘත කිරීමට රජය අවසර දී තිබේ. අභිෂේක් මේ ගැන සිය සතුට පළ කරමින් ඔහුගේ ට්විටර් පිටුවේ සටහනක් යොදා තිබිණි. එයට එක් පුද්ගලයකු අපහාසාත්මක ආකාරයෙන් ප්‍රතිචාර දක්වා තිබුණේ ‘ඒත් ඔබට වැඩ හම්බ වෙයි කියා හිතනවද’ යනුවෙනි. ‘ඇත්තෙන්ම ඒක තියෙන්නේ ඔබ වැනි ප්‍රේක්ෂකයන්ගේ අතේ තමයි’ යනුවෙන් අභිෂේක් පිළිතුරු දී තිබෙනු දැකිය හැකි විය. ‘ඔබ වැනි අය අපේ රඟපෑම්වලට කැමැති නොවුණොත් අපිට ඊළඟට වැඩ නැතිව යාවි. ඒ නිසා අප උත්සාහ කරන්නේ හැකි උපරිමයෙන් අපේ කටයුත්ත ඉටු කිරීමටයි.’ 
 
අභිෂේක්  සැලකෙන්නේ සමාජ මාධ්‍ය තුළ ඉතා ක්‍රියාකාරි නළුවකු වශයෙනි. එමෙන්ම තමන්ට එල්ල වන විවේචනවලට වැදගත් ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නකු ලෙසද ඔහු ප්‍රසිද්ධියක් උසුලයි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top