Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
17
"දරුවෙක් නොමඟ යනවා නම් ඒකට සමාජයට, යාළුවන්ට බැනලා වැඩක් නැහැ. දරුවෙක් හරියට හදන වගකීම තියෙන්නේ තාත්තලාට..." - සියලු පියවරුන්ට ජනප්‍රිය නළු රොෂාන් රණවන දුන් උපදෙස මෙන්න - Photos

- "දරුවෙක් නොමඟ යනවා නම් ඒකට සමාජයට, යාළුවන්ට බැනලා වැඩක් නැහැ. දරුවෙක් හරියට හදන වගකීම තියෙන්නේ තාත්තලාට..." - සියලු පියවරුන්ට ජනප්‍රිය නළු රොෂාන් රණවන දුන් උපදෙස මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
පුතාට මාස දෙක තුන කාලේ නැපි හේදුවේ මම...
 
මට ගෙදර ජීවත් වෙන්න හොඳ පරිසරයක් පුංචි කාලේ ඉඳන් තිබ්බා..
 
දෙන්නගෙම කැමැත්ත ඕනේ සතුටින් ජීවත් වෙන්න...
 
රොෂාන් රණවන පුංචි තිරයේ වගේම රිදී තිරයෙන් ඉන්න කඩවසම් නළුවෙක්. හැමෝගෙම ආදරේ ලබන ඔහු සිනමාවෙන් නිරන්තරයෙන්ම දකින්න ලැබුණත් පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඉතිං ඔහු සති අන්තයේ නිකුත් වන පුවත්පතකට මෙලෙස කියු තිබුණා...

රොෂාන් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
 
රංගන කටයුතුවලට එකතුවෙලා ඉන්නවා. මම රංගනයෙන් සම්බන්ධ වුණ 'මිස් ජෙනිස්' චිත්‍රපටය තිරගත වෙන්න පටන් ගත්තා. නමුත් කොරෝනා ප්‍රශ්නය නිසා සිනමාශාලා වහන්න සිද්ධ වුණා. නිහඬ සෙවණැලි, රුහිරේ Secret of rose වගේ මම රංගනයට එකතුවුණා. චිත්‍රපට කිහිපයක්ම ඉදිරීයේදී තිරගත වෙන්න තියෙනවා. කොරෝනා ප්‍රශ්නය නිසා ඒවා කවදා තිරගත වෙයිද දන්නේ නැහැ. අලුත් ටෙලි නාට්‍යයකටත් චිත්‍රපට කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නිර්මාණ ගැන තවම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. උදාර පල්ලියගුරු අධ්‍යක්ෂණය කරන වෙනස් චිත්‍රපටයකට සූදානමින් ඉන්නවා. 
 
ඔබෙයි කුෂ්ලානිගෙයි ජිවිතය දැන් මිනෙත්. පුංචි පැටියාට දැන් අවුරුද්දකුත් වෙලා නේද?
 
ඔව්. අපේ පුතා තමයි ජීවිතේ. එයාට දැන් අවුරුද්දක්. කුෂ්ලානිට පුතාව ලැබෙන්න ඉද්දි ඉඳලා මේ වෙනකල් මම ඒ දෙන්නත් එක්කම බොහෝ වෙලාවට කාලය ගත කළා. චුට්ට චුට්ට ලොකු වෙලා දැන් එයාට අවුරුද්දකුත් වෙලා.  
 
රොෂාන්ගේ පිය භුමිකාවටත් අවුරුද්දක් ගතවෙලා. පියකු වීම ඇතුළේ ලැබෙන අත්දැකීම් ප්‍රමාණය විශාලයි. වගකීම් ප්‍රමාණයත් විශාලයි නේද?
 
පියෙක් වීම කියන්නේ තමන්ට ලැබෙන උත්තරීතර පදවියක්. අපිට සමාජයේ ඉන්නකොට විවිධ පදවි ලැබෙනවා. නමුත් ඒ පදවි කාලයකින් නැතිවෙලත් යනවා. නමුත් පිය පදවිය කියන්නේ අපේ ජීවිතේ ලැබෙන ඉහළම සහ මරණය තෙක් අයින් වෙන්නේ නැති පදවියක්. පිය පදවියත් එක්ක වගකීම් රැසක් ජීවිතයට එකතු වෙනවා. ගොඩක් අය හිතන්නේ දරුවට දේවල් අරන් දෙන්න මුදල් හෙව්වා නම් ඇති කියලා. සමාජයට බරක් නොවන ගුණවත් නැණවත් දරුවෙක් හදන එක අම්මා කෙනෙක්ගේ වගේම තාත්තා කෙනෙක්ගේ වගකීමක්. අම්මට වගේම තාත්තාටත් දරුවෙක් වෙනුවෙන් පැවරෙන වගකීම් 50% ගාණේ තියෙනවා. මෙය හඳුන්වන්නේ සම සහභාගි දෙමවුපියත්වය කියලා. පියෙක්ගේ වගකීම මුදල් උපයනවට වඩා එහා ගිය දෙයක්. තමන්ට ලැබෙන හැම තත්ත්පරයක්ම දරුවා වෙනුවෙන් හරවත්ව යෙදවිය යුතුයි. මම නළුවෙක්. මට ලැබෙන කාලය එක්ක මම දරුවා වෙනුවෙන් කාලයක් වෙන් කරනවා. දරුවා වෙනුවෙන් අපි වෙන් කරන කාලය දරුවාගේ ශාරීරික මානසික වර්ධනයටත් හරියට බලපානවා. 
 
පියෙක් වුණාට පස්සේ, ඔබට සාමාන්‍ය ජීවන රටාවේ බොහෝ දේවල් වෙනස් කරගන්නත් වෙන්න ඇති? 
 
පියෙක් වුණාම පෞද්ගලිකව අපි අපේ කැමැති සමහර දේවල්වලට යොමු කළ කාලය දරුවා වෙනුවෙන් යොදවන්න වෙනවා. උදාහරණයක් විදිහට ඉස්සර මම හරියට චිත්‍රපට බලනවා. හැබැයි දැන් මට චිත්‍රපට බලන්න වෙලාවක් නැහැ. මම ඒ වෙලාව පුතා වෙනුවෙන් කැමැත්තෙන්ම කැප කරනවා. දැන් දුරකථනයේ ලොකු වෙලාවක් රැඳිලා ඉන්නෙත් නැහැ. බොහෝ දේවල් සීමා කරලා ඒ කාලය මිනෙත් පුතා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. අම්මා වගේම තාත්තාත් දරුවෙක් එක්ක ඉන්න කාලය හරිම වැදගත්. 
 
දරුවෙක්ගේ වයස අවුරුදු තුන හතර වෙනකල් කාලය හරියට එයාගේ ජීවිතයට දාන අත්තිවාරම වගේ. ඒ නිසා එයා වෙනුවෙන් හරිම කැමැත්තෙන් මම මගේ කාලය වෙන් කරන්නේ. 
 
බොහෝ වැඩ රාජකාරිවලට යොමුවෙලා සිටිද්දීත් ඔබ පවුල එක්ක ගත කරන්න කාලය කළමනාකරණය කර ගන්නේ කොහොමද?
 
කාලය කළමනාකරණය කරගැනීම ඕනම දෙයකදි වැදගත්. වෙලාව නැතිය කියලා දුක් වෙනවට වඩා හැම දේම කළමනාකරණය කරගත්තොත් කිසිම දෙයක් මඟ නොහැර ගන්න අපිට පුළුවන්. කුෂ්ලානියි මමයි පුතා ලැබෙන්න කලින් වුණත් ඉදිරිය ගැන හැමදේම සැලසුම් කළා. එතකොට කාලය කළමනාකරණය කරගන්න පුළුවන් ඒ දේවල්වලට. අපි අපිට වැදගත් කිසිම දෙයක් මඟහැර ගන්නේ නෑනේ. ඒ වගේ අපි පවුලත් අපේ වැදගත් දෙයක් කරගත්තොත් පවුලේ දේවල් මඟහැරගන්නේ නැතිව ඉන්න පුළුවන්. මම ෂූටින් ගියත් විවේකයක් ලැබෙන වෙලාවට තාක්ෂණය ඔස්සේ වීඩියෝ කෝල් අරගෙන පුතා එක්ක කතා කරනවා. පුතා අලුත් යමක් කළ ගමන් කුෂ්ලානි කතා කරලා මට ඒක පෙන්නනවා. දැන් අපිට වැඩිපුර උත්සවවලට යන්න වෙන්නේ නෑ. මමයි කුෂ්ලානියි පුතයි තුන්දෙනාම තමයි යන්න අවශ්‍යම දෙයකට යන්නේ. දරුවා එක්ක ගත කරන්න, පවුල එක්ක ගත කරන්න මම කොහොම හරි කාලය හොයා ගන්නවා. 
 
රොෂාන් ගෙදර වැඩ බිරියගේ වැඩ කියලා නොහිතා බිරියට උපරිම සහයෝගය දෙන්න උත්සාහ කරනවාද?
 
ඔව්. අපි පුතාගේ වැඩ වුණත් බෙදාගෙන කරන්නේ. පුතාට මුල් මාස දෙක තුන කාලේ පුතාගේ නැපි හේදුවේ, ඒවා වේළුවේ, මැද්දේ මම. කුෂ්ලානි කළේ පුතාට කිරි දෙන එක. පුතා තාමත් බොන්නේ මවුකිරි. දැන් ගමනක් යද්දී වුණත් හිතුණු ගමන් ගමනක් යන්නේ නෑ. දැන් අපි ගමනක් යද්දී ලෑස්ති වෙන්න ලොකු කාලයක් යනවා. පුතාට අවශ්‍ය දේවල් තමයි අපි මුලින්ම ලෑස්ති කරගන්නේ. අපි දෙන්නම එකතු වෙලා පුතාගේ දේවල් සූදානම් කරනවා. පුතාට අවශ්‍ය දේවල් දාගෙන යන්නම තිබ්බට වඩා ලොකු වාහනයක් ගන්න වුණා. පුතාගේ පහසුව ගැන හිතලා තමයි අපි දැන් හැමදෙයක්ම කරන්නේ. 
 
පිය පදවිය ලබන්න කලින් ඉඳලම කාන්තාවට පිරිමියාට සම අයිතීන් තිබිය යුතුයි කියන දෙයට මම කැමැති වුණා. කුෂ්ලානියි මමයි අවුරුදු 17ක් ආදරයෙන් ඉන්නේ එකිනෙකාගේ කැමැත්ත අනුව දෙන්නම අදහස් අහලා ජීවත් වුණු නිසා. මට ඕන දේ විතරක් කරන්න ඕනේ කියලා ජීවත් වෙන්න බෑ. පවුල් ජීවිතයක දෙන්නගෙම සතුට රැඳෙන්න ඕන. මම බොහෝ දේවල් කරද්දී කුෂ්ලානිගෙන් අහනවා. ඒ බයට නෙවෙයි. දෙන්නගෙම කැමැත්ත ඕනේ සතුටින් ජීවත් වෙන්න. ඉස්සර මම චිත්‍රපට බලන්න ආසයි. හැබැයි කුෂ්ලානි චිත්‍රපට බලන්න ආස නැහැ. එයා කැමැති නැති චිත්‍රපටයක් මම කැමැති නිසා බලන්න එක්ක ගිහින් වැඩක් නැහැ. මවුපියන් වුණාමත් අපි කතාබහ කරලා හැමදේම කරන්නේ. 
 
පිය භූමිකාවේ වගකීම ඔබ නොපිරිහෙළා ඉටුකරන්න කැපවෙනවා වගේ?
 
ඔව්. ඒක අත්‍යවශ්‍යයි. අපි ගෙදරක වුණත් දරුවාට ඉන්න අවශ්‍ය වටපිටාව හරියට හදන්න ඕනේ. මගේ අම්මත් මං චූටි කාලේ මට සෙල්ලම් කරන්න සෙල්ලම් ගෙවල් පවා ගෙදර හදලා දුන්නා. යාළුවො අපේ ගෙදර තමයි ආවේ සෙල්ලම් කරන්න. මට ගෙදර ජීවත් වෙන්න හොඳ පරිසරයක් පුංචි කාලේ ඉඳන් තිබ්බ නිසා අදටත් මම ෂූටින් ඉවර වුණු ගමන් ගෙදර දුවනවා. මම ආසාම තැන ගෙදර. මම මගේ දරුවටත් ඒ පසුබිම හදලා දෙනවා. අපි හිතනවාට වඩා දරුවෙක් වෙනුවෙන් පොඩි කාලේ කරන දේවල් හරි වැදගත්. හොඳ දේවල් පරම්පරාවෙන් පරම්පරාවට බෝ වෙනවා. ඒ නිසා හොඳ දේවල් බෝකරන්න පියාටත් ලොකු වගකීමක් පැවැරිලා තියෙන්නේ. අපිට පැවරෙන වගකීම සල්ලිවලින් ඉටු කරන්න බැහැ. අපි දරුවෝ වෙනුවෙන් ඒ වගකීම් ඉෂ්ට කරන්න ඕනෑ.  
 
පවුල සමඟ කාලය ගත කිරීම අගය කරන ඔබට සියලු පියවරුන්ට දෙන්න උපදෙසක් තියෙනවාද?
 
ඇත්තටම දරුවෙක් නොමඟ යනවා නම් ඒකට සමාජයට, යාළුවන්ට බැනලා වැඩක් නැහැ. දරුවෙක් හරියට හදන වගකීම තාත්තලා වුණු අපිටත් පැවරිලා තියෙනවා. අද ළමා අපචාර වැඩියි. ඉතින් දරුවන්ට අවධානය දීලා ඔවුන්ව ප්‍රවේසම් කිරීමේ වගකීමක් අපිට තියෙනවා. අම්මයි, තාත්තයි එකට ඉඳලා දරුවන්ට මඟ පෙන්වන්න ඕන. අම්මයි, තාත්තයි දෙන්නම දරුවා එක්ක බැඳීමක් ඇති කරගත්තම දරුවා හැමදේම මවුපියන්ට කියනවා. මවුපියෝ දරුවන්ට ආදරය කරද්දී ඔවුන් වෙන අයගේ ආදරය හොයාගෙන යන්නේ නැහැ. ගෙදරට මුදල් උපයලා දෙන එකම නෙවෙයි තාත්තාගේ වගකීම. 
 
බිරිය එක්ක සම සමව පවුලේ දේවල් කළ යුතුයි. බිරියට උදවු නෙවෙයි කළ යුත්තේ. එය වගකීමක් යුතුකමක් සේ සලකලයි කළ යුත්තේ. අම්මාව සතුටින් තියද්දී දරුවත් සතුටින්. මොකද අම්මා දරුවට කිරි දෙද්දී ඇගේ සිතුවිලි දරුවට බද්ධ වෙනවා. ඒ නිසා අම්මවත් සතුටින් තියලා දරුවවත් සතුටින් තියන වගකීම තාත්තට පැවරෙනවා. ඒ වගේම අම්මයි, තාත්තයි ගෙදරක එකතු වෙලා වැඩ කරද්දී දරුවාට දැනෙනවා අම්මා හරි තාත්තා හරි හිටියත් අම්මාගෙන් හෝ තාත්තාගෙන් අදාළ දේ වෙනවා කියලා. දරුවාට ඔවුන් ගැන විශ්වාසයක් ඇතිවෙනවා. ඒ නිසා තාත්තලා විධියට අපි අපේ වගකීම ඉෂ්ට කළොත් හොඳ රටට වැඩදායි දරුවෙක් හදාගන්න පුළුවන්.
 
මව්බිම
හදගැස්ම 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top