Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
17
“...අම්මා මට අමාරුයි කියලා, කෑගහලා කියන්න තරම්වත් මට ශක්තියක් තිබුණේ නැහැ. බාහිර සමාජයට ගියත් කොහොමද ජීවත් වෙන්නේ, මිනිස්සු මට බයයි..” - තුන්පාරක්ම කොවිඩ් හැදුනු 23 හැවිරිදි තරුණයා මුල් වරට හෙළි කළ බය හිතෙන කතාව

- “...අම්මා මට අමාරුයි කියලා, කෑගහලා කියන්න තරම්වත් මට ශක්තියක් තිබුණේ නැහැ. බාහිර සමාජයට ගියත් කොහොමද ජීවත් වෙන්නේ, මිනිස්සු මට බයයි..” - තුන්පාරක්ම කොවිඩ් හැදුනු 23 හැවිරිදි තරුණයා මුල් වරට හෙළි කළ බය හිතෙන කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,123 Views
“මට ඒවට උත්තර දෙන්න තරම්වත් ශක්තියක් තිබුණේ නැහැ. කතා කර ගන්න බැහැ...”
 
“ඒ කතාව මිනිස්සු විශ්වාස කරන්නේ නැහැනේ. ඉතිං කොහොමද මම නිදහසේ ජීවත් වෙන්නේ...”
 
“ඒක ලොකු ප්රශ්නයක් වුණා. ඒ දෙවැනි වතාවටත් මට කොරෝනා හැදුණු හින්දා.”
 
කොයි තරම් ළං වෙලා ඇසුරු කළත් අපේ යාළු මිතුරුකම් හිතවත්කම් සදාකාලික නැහැ. ඒවා තුළ සමහර අවස්ථාවලදී අවංකත්වයක් කියන දෙයක් දකින්නත් නැහැ.
 
ලෙඩක් දුකක්, කරදරයක් ඇති වුණාම ඒ යාළු මිතුරුකම්වල රහ හැබෑවටම රසයිද නීරසයිද කියලා තේරුම් ගන්න අපට හොඳින් පුළුවන් වෙනවා.

තුන් පාරක් කොරෝනා රෝගයට ගොදුරු වුණු ආණමඩුවේ චරිත් විමුක්ති අද ඒ සත්යය අත්විඳිනවා. පාළුවෙන් තනිකමින් හුදකලා වී ඉන්න චරත්ට අද ළඟ ඉදන් සාත්තු කරන්නේ, දුක සැප සොයා බලන්නේ පණ වගේ ආදරය කරන අම්මා විතරයි. ඒ වගේම එකම එක යාළුවෙක් දුරින් ඉදන් කළ හැකි යුතුකම් ටික කරනවා. බොහෝ දෙනෙක් අහක බලනවා, හැංගෙනවා.
 
“මම මේ රෝගයට ගොදුරු වුණු දවසේ ඉදලා හුඟක් දේ තේරුම් ගත්තා. වෙනදට මාව හොයාගෙන ඇවිත් කතා කරන, පාරේ යද්දී හිනාවෙලා යාළුකම් හිතවත්කම් පවත්වපු බොහෝ දෙනෙක් දැන් වෙනස් වෙලා. ඒවා ගැන හිතනකොට නම් හිතට හරිම දුකයි.” චරිත් විමුක්ති ඔය විදියට කියමින් අපි එක්ක බොහෝම ශෝචනීය අත්දැකීම් ටිකක් බෙදා හදා ගන්න ලෑස්ති වුණා.
 
චරිත්ගේ මහ ගෙදර පිහිටා තිබෙන්නේ ආණමඩුව තෙන්නම්කුරියාවේ. තාත්තා ජීවතුන් අතර නැති මේ ගෙදර ඇතුළේ චරිත් ජීවත් වුණේ අම්මා සහ අයියා එක්ක විතරයි. අයියා ගෘහ නිර්මාණ ශිල්පියෙක්. හැබැයි ඔහු රාජකාරි කරන්නේ නුවර පළාතේ.
 
මේ විදියට ජීවත් වුණු 23 හැවිරිදි චරිත් 2019 අවුරුද්දේ ඩුබායි රටට ගියේ හෝටල් රස්සාවක් කරන්න හිතාගෙනයි.
 
“ඊට කලින් මම බැකෝ යන්ත්ර සූත්රවලින් වැඩ කරන ආයතනයක රස්සාවක් කළා. ඒ අංගොඩ ප්රදේශයේ. ඔය කාලයේදී තමයි මම හෝටල් කර්මාන්තයට සම්බන්ධ පුහුණුවක් ලබා ඒක ඉවර කරලා ඩුබායි ගියේ. ඒත් මට මාස 05ක් විතර කාලයකට විතරයි ඒ රස්සාව කරන්න ලැබුණේ.”
 
මේ වෙද්දී තමයි චීනයේ වූහාන් නගරයෙන් ව්යාප්ත වුණු මාරාන්තික කොරෝනා රෝගය ඩුබායි දේශයටත් එන්නේ. ඒ අනුව චරිත් විමුක්ති රාජකාරි කළ හෝටලය තාවකාලිකව වසා දමනවා.
 
චරිත් ලංකාවට එන්න සූදානම් වෙන්නේ ඊට පසුවයි. ඒ අනුව ඔහු අපේ තානාපති කාර්යාලයට ගිහින් මේ බව දන්වනවා. ඒ ගුවන් ගමන් ප්රශ්නයක් පවා තිබුණු හින්දා.
 
“මම තානාපති කාර්යාලයේ ලිස්ට් එකට නම ඇතුළත් කරලා තවත් මාස කිහිපයක් බලා හිටියා. ඔන්න ඒ අනුව අගෝස්තු මාසයේ දෙවැනි සතියේදී විතර මට ලංකාවට එන්න අවස්ථාව ලැබෙනවා. මේ විදියට එද්දී මම පී.සී.ආර්. පරීක්ෂණ දෙකකට පෙනී සිටියා. නමුත් කොරෝනා වැලඳී තිබුණේ නැහැ”
 
ඩුබායි දේශයේ ඉඳලා හාරසිය ගණනක් පටවාගෙන ආපු ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩබැස්සුවා. එතැනදී නැවතත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරලා එහි ප්රතිඵල එනතුරු චරිත් ඇතුළු සියලු මගීන්ව වැලිකන්ද නිරෝධායන කඳවුර වෙත රැගෙන ගියා.
 
“එතැන සිටියදී මට දැනගන්න ලැබුණා මගේ පී.සී.ආර්. පරීක්ෂණය පොසිටිව් කියලා. ඒ අනුව මාව වැලිකන්ද රෝහල වෙත මාරු කළා. නමුත් මගේ රෝගී තත්ත්වය දරුණු වුණේ නැහැ. සාමාන්ය විදියට හිටියා. මේ රෝහලේ මම දින 25ක් ප්රතිකාර ලබා ගත්තා. ඊට පස්සේ මගේ ලේ පරීක්ෂා කර බලා ගෙදර යන්න අවසර දුන්නා.”
 
චරිත් විමුක්ති නිවෙසට ආවේ දැඩි සතුටකින්. ඒ බියට පත්වී ඉන්නා අම්මා ගැන ඔහු නිරන්තරයෙන්ම සිතූ නිසාය. ඒත් චරිත්ට ඔහුගේ නිවෙසේ සතුටින් කාලය ගත කිරීමට ලැබුණේ දින 07ක වගේ කාලයක් විතරයි.
 
නැවැත වතාවක් චරිත් විමුක්තිගේ ඇඟට ලොකු වෙනසක් දැනෙන්න පටන් ගත්තා. ඒ වගේම රෑ වෙද්දී ටික ටික පපුව හිර වෙන්නත් වුණා. චරිත් 1919 හදිසි ගිලන්රථ සේවයට කතා කරලා තමන්ගේ අපහසුව ගැන විස්තර කිව්වා. හැබැයි දැඩි අපහසුවකින්.
 
“ඒ වෙලාවේ ඒ නිලධාරී මහත්තුරු මගෙන් විවිධ ප්රශ්න අහන්න පටන් ගත්තා. භාරකාරයෙක් ඉන්නවද කියලත් ඇහුවා. මට ඒවට උත්තර දෙන්න තරම්වත් ශක්තියක් තිබුණේ නැහැ. කතා කර ගන්න බැහැ. අන්තිමට ඒ නිසාම ගිලන් රථය ආවේ නැහැ.”
 
මුළු රැයම ඔය විදියට ගෙවිලා ගියා. උදේ වෙද්දී චරිත්ගේ වේදනාව ටිකක් විතර අඩු වුණා. ඒත් ඔහු හැම මොහොතකම හිටියේ තමන් එළිවෙනතුරු ජීවත් වේවිද කියන එකවත් දන්නේ නැතිව.
 
“මගේ අම්මා ඉන්නේ ගෙදර ඇතුළේ.” මම ගෙදර වෙනම ඉදිරිපස තිබෙන කාමරයක ස්වයං නිරෝධායනය වෙමින් තමයි ඒ දවස්වල හිටියේ. ඉතිං ඒ රෑ “අම්මා මට අමාරුයි කියලා” කෑගහලා කියන්න තරම්වත් මට ශක්තියක් තිබුණේ නැහැ.”
 
කෙසේ හෝ පහුවැනිදා උදේ චරිත් පළාතේ පී.එච්.අයි. මහත්තයට කතා කරලා මේ ගැන කිව්වා. ඒ අනුව ඔවුන් ඇවිත් චරිත්ව හලාවත රෝහලට රැගෙන ආවා.
 
හලාවත රෝහල චරිත් වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළා. ඒ පරීක්ෂණයේදී නැවැත ඔහුට කොරෝනා රෝගය ඇතිවී තිබෙන බව තහවුරු වුණා. ඒ අනුව චරිත්ව ඉරණවිල කොරෝනා රෝගීන් ප්රතිකාර ලබන මධ්යස්ථානයට රැගෙන ගියා.
 
“ඒ මධ්යස්ථානයේ දින 07ක් රඳවාගෙන මට ප්රතිකාර කළා. ඇත්තටම මටත් ඒක ලොකු ප්රශ්නයක් වුණා. ඒ දෙවැනි වතාවටත් මට කොරෝනා හැදුණු හින්දා.”
 
කොහොම හරි තවත් සතියකට පසුව වෛද්ය නිර්දේශය අනුව චරිත් නැවැත නිවෙසට ආවා. ඒ ඇවිත් නැවැත දින කිහිපයක් ස්වයං නිරෝධායන කටයුතුවලට අනුව කාමරයට වෙලා හුදකලාව සිටියා. අම්මා විතරක් සුපුරුදු විදියට තනියට හිටියා. නමුත් තමන්ගේ ළඟට එන්න එපා කියලා චරිත් අම්මාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නත් අමතක කළේ නැහැ.
 
මේ කාලයේදී වටපිටාවේ උදවිය වගේම සෞඛ්ය නිලධාරී මහත්තුරුත් චරිත්ගේ අම්මා ගැන අවධානයෙන් හිටියා. ඇයට නිවෙසින් එළි පහළියට නොයන ලෙසටත් උපදෙස් දුන්නා.
 
“මම අම්මට නිතරම කිව්වා නිරෝධායන දවස් ටික ඉවර වුණු ගමන් අම්මා කිරි අම්මලාගේ ගෙදරට හරි ගිහින් සුරක්ෂිතව ඉන්න කියලා. ඒත් අම්මා මාව දාලා යන්න කැමැති නැහැ.”
 
මේ විදිහට දඟකාර වයසේ ඉන්න තරුණයකුව ඉබි යතුරු දාලා හිර කරලා තියා ගන්න අමාරුයි. ඒක ඇත්තටම මානසික වධයක්. ඒත් චරිත් විමුක්ති ඉවසීමෙන් ඊට මුහුණ දුන්නා. තවමත් එහෙමයි.
 
“මං හිතුවා දෙවරක් හැදිලා සනීප වුණාට පස්සේ නියමිත නිරෝධායන දවස් ටිකෙන් පස්සේ ආපසු මට සුපුරුදු විදියට ඉන්න පුළුවන් වේවි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. පසුගිය ඔක්තෝබර් 01 වැනිදා ආපහු මට වෙනසක් දැනුණා. ඇඟ පණ නැති වුණා. ඒ අනුව ආපහු මම පී.එච්.අයි. මහත්තයට කතා කරලා මේ ගැන කිව්වා.”
 
චරිත් විමුක්තිව ඒ අනුව නැවැතත් හලාවත රෝහලට රැගෙන එනවා. පී.සී.ආර්. පරීක්ෂණයකුත් සිදු කරනවා. ඒ පරීක්ෂණයෙන් නැවැත කොවිඩ් - 19 ආසාදනය ශරීරයේ තිබෙන බව අනාවරණය වෙනවා. මේ හින්දම ආපහු සැරයක් ඉරණවිලට ගිහින් ප්රතිකාර ගන්න චරිත්ට සිදු වෙනවා.
 
“එතැනට ගිහින් ආපහු සැරයක් මට දින 08ක් විතර ඉන්න සිද්ධ වුණා. ඒ කාලයේදී නැවැත රුධිරය පරීක්ෂා කළා. පී.සී.ආර්. කළා. ඔන්න ආපහු මට ගෙදරට එන්න අවස්ථාව ලැබුණා.”
 
දැන් නැවැතත් චරිත් විමුක්ති ආණමඩුවේ තෙන්නම්කුරියාවේ ගෙදර කාමරයට වෙලා හුදකලාව කල්ගත කරනවා. චරිත්ගේ හොඳම යාළුවා ධනුෂ්ක විතරක් වියළි කෑම බීම ජාති අරගෙන ඇවිත් ගේට්ටුව ළඟ තියලා අත වනලා යනවා. දුරකථනයෙන් කතා කරනවා. එකම සහෝදරයත් එහෙමයි. ඔහුත් අර කිව්ව විදියට දුක සැප හොයලා බලලා කතා බහ කරන්නේ සෞඛ්ය ආරක්ෂක නීතිවලට පටහැනිව කටයුතු කරන්න බැරි හින්දා.
 
මීට අමතරව තවමත් ජෝර්දානයේ සිටින චරිත්ගේ පෙම්වතිය දුරකථනය ඔස්සේ චරිත් එක්ක කතා කරලා මානසිකව වැටිච්ච ඔහුගේ හිත හදන්න කටයුතු කරනවා.
 
“මට තවත් දින කිහිපයක් මේ විදියට ස්වයං නිරෝධායනය විදියට ඉන්න වෙනවා. ඊට පස්සේ බාහිර සමාජයට යන්න පුළුවන්. වෛද්යවරු කියන්නේ මට ඒ විදියට දෙවැනි තුන්වැනි වතාවට කොරෝනා හැදුණත් දැන් මගෙන් කාටවත් බෝ වෙන්නේ නැහැ කියලයි. ඒත් ඒ කතාව මිනිස්සු විශ්වාස කරන්නේ නැහැනේ. ඉතිං කොහොමද මම නිදහසේ ජීවත් වෙන්නේ... හිතවත්කම් පවත්වන්නේ... හැමෝම බයයි.” චරිත් වේදනාවෙන් යුතුව වචන ගලපා කිව්වා.
 
චරිත් ජීවත් වෙන ආණමඩුවේ, තෙන්නම්කුරියාවේ මහජන සෞඛ්ය පරීක්ෂකවරයා වන්නේ සිසිල් චාමර මහතායි. අපි මේ සටහන අවසන කරන්න කලින් ඔහුටත් කතා කළා.
 
“චරිත් මුල සිටම අපි එක්ක මේ සම්බන්ධව කතා කළා. ඔහුගේ රෝගය දැන් කාටවත් බෝවෙන්නේ නැති බවත් වෛද්යවරු ප්රකාශ කොට තිබෙනවා. ඇඟ ඇතුළේ තිබෙන කොරෝනා ප්රතිදේහ විටින් විට මතු වුණත් එහෙම කාටවත් බෝවෙන්නේ නැහැ. ඒ වගේම දැන් අපි ඔහුව නිරෝධායන කාල සීමාවකට යටත් කරලා තියාගෙන බලලා සහතිකයක් නිකුත් කරනවා. එවිට ඔහුව නිදහසේ ඉන්න පුළුවන්. ගමන් බිමන් යන්න පුළුවන්. ඒ වගේම චරිත් විමුක්තිගේ අම්මවත් අපි දෙවරක් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කළා. ඇයට රෝගය බෝවී නැහැ. ඒ නිසා බිය වෙන්න හේතුවක් නැති බව පෙනෙනවා.”
 
සිසිල් චාමර සෞඛ්ය පරීක්ෂක මහතාගේ මේ ප්රකාශයත් සමඟ අද හිරගෙදරක ඇතුළේ ඉන්නවා වගේ ජීවත් වන චරිත්ට ලොකු සහනයක් දැනෙනවා ඇති.
 
අපි හැමෝම කොරෝනා රෝගයට ගොදුරු වෙන්න බයයි. ඒත් අපි අවට සිදුවන දේ ගැන හරිහැටි නොදන්නා ඔබට මට වුණත් මේ අවදානම තිබෙන බව අවබෝධ කරගත යුතුයි. එත් නොවැළැක්විය හේතුවකින් කොරෝනා ආසාදිතයෙක් වුණු සාමාන්ය සමාජයේ චරිත් වගේ අය දිහා අපි ඔරවා බැලීමට තරම් දරුණු නොවිය යුතුයි. මොකද ඒ හැමෝම බලහත්කාරයෙන් කොරෝනා විසබීජය ලබා ගත්තු අය නොවන හින්දා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top