Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ශ්‍රී ලංකන් Rap Girl Apziගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
යොවුන් නිරූපන ශිල්පිනී හෂිනි ගුරුගේ නවතම ඡායාරූප පෙළ
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 18 දෙනාගේ වටය, තරඟකරුවන් 06 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
අද දිනයේ සුපිරි 18 දෙනාගේ වටයේ තරඟවදින හිරු STAR තරු
සුරූපී රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංගගේ තවත් සරාගී ඡායාරූප කිහිපයක් එළියට - Photos
රංගන ශිල්පිනි නිල්මිණි තෙන්නකෝන්, ඇගේ ආදරණීය දියණිය ස්වේතා සමඟ ගත් අලුත්ම ඡායාරූප පෙළක් මෙන්න - Photos
රංගන ශිල්පිනී ඩිස්නි රාජපක්ෂගේ නවතම ඡායාරූප එකතුව මෙන්න
ජනප්‍රිය නිළි ඕෂධි හිමාෂාගේ අලුත්ම වැඩක් එළියට ආ හැටි
පියුමි හංසමාලි සිය 28වන උපන්දිනය සැමරූ හැටි
ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු Star SEASON 2 , සුපිරි 24 දෙනාගේ වටය, තරඟකරුවන් 04 දෙනෙකුගෙන් වර්ණවත් වූ හැටි
Oct
17
නව ආසාදිතයින් 49 ත් සමඟ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1899 ක් වෙයි, කටුනායක ආයෝජන කලාපයේ ආසාදිතයින් 180 දක්වා ඉහළට - ඊයේ හමුවූ ආසාදිතයින්ගේ තොරතුරු මෙන්න

- නව ආසාදිතයින් 49 ත් සමඟ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1899 ක් වෙයි, කටුනායක ආයෝජන කලාපයේ ආසාදිතයින් 180 දක්වා ඉහළට - ඊයේ හමුවූ ආසාදිතයින්ගේ තොරතුරු මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,901 Views
යළි හිස එසවූ මාරාන්තික කොරෝනාවේ නවතම තොරතුරු...
 
මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් පොකුරෙන් ඊයේ වාර්තා වූ නව ආසාදිතයින් 110 දෙනා සමඟින් එම පොකුරෙන් දැනට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්යාව 1,899 දක්වා ඉහළ ගියා.
 
ඊයේ අවසන්වරට වාර්තා වූ ආසාදිතයින් 49 දෙනාගෙන් 35 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර, සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්රිතයින් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කටුනායක ආයෝජන කලාපය ආශ්රිත ඇඟළුම් කර්මාන්ත ශාලාවලින් හමු වූ කොරෝනා ආසාදිත සේවක සේවිකාවන් සංඛ්යාව මේ වනවිට 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
ඊයේ දිනයේදී එම කලාපය ආශ්රිතව පී.සී.ආර්. පරීක්ෂණ 930 ක් සිදුකර ඇති බවයි ආයෝජන මණ්ඩලය සඳහන් කළේ.
 
මෙවන් තත්ත්වයක් හමුවේ පිටත රාජකාරී කර පැමිණෙන තමන්ට නවාතැන්පොලට ඇතුළුවීමට එහි හිමිකරුවන් ඉඩ ලබා නොදෙන බවට කටුනායක - අමන්දොලුව ප්රදේශයේ නවාතැන්ගෙන සිටින රියදුරු රැකියාවේ නිරත පුද්ගලයෙකු චෝදනා කළා.
 
මේ අතර අවිස්සාවේල්ල දිසා රෝහලෙන් කොස්ගම සාලාව රෝහලට මාරු කර යැවූ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟ ඔහුගේ ආශ්රිතයෙකු වන ත්රීරෝද රථ රියදුරෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව පොලිසිය ප්රකාශ කළා.
 
පේරාදෙනිය රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් පසු අදාළ පුද්ගලයා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති අතර, ඒ බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් ඔහුට දුරකතනයෙන් දැනුම්දෙමින් සඳහන් කර ඇත්තේ ළඟම රෝහලට ඇතුළත් වන ලෙසයි.
 
ඒ වනවිට ඔහු රැකියාවක සම්මුඛ පරීක්ෂණයක් සඳහා බස් රථයකින් අවිස්සාවේල්ල බලා පැමිණෙමින් සිට ඇති අතර, ඒ අනුවයි අදාළ පුද්ගලයා මෙලෙස අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් වී ඇත්තේ. පසුව ඔහු බස් රථයේ සිට රෝහල වෙත ගමන් කළ ත්රීරෝද රථයේ රියදුරු හඳුනාගෙන ස්වයං නිරෝධායනයට ලක්කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
 
මේ අතර, රත්මලාන - කඳවල පාර - සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ 63 හැවිරිදි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ එම නිවාස සංකීර්ණයේ නිවාස දහයක පුද්ගලයින් 34 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා. මෙම කාන්තාව දෙහිවල - කරගම්පිටිය සතිපොලේ මාළු වෙළඳාමේ නිරතව ඇති බවටද අනාවරණ වී ඇති බව සඳහන්.
 
මේ අතර, ගම්පහ දිස්ත්රික්කයේ පොලිස් බල ප්රදේශ 19 කට තවදුරටත් ඇඳිරි නීතිය පනවා ඇති අතර, එම ප්රදේශවල සංචරණය තදින්ම සීමා වන බවයි පොලිස් මාධ්ය ප්රකාශක, නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ ප්රකාශ කළේ.
 
ඇඳිරි නීතිය ක්රියාත්මක ප්රදේශවල වෙළඳසැල් සහ ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට අද දිනයේ අවසර ලබානොදෙන බවද පොලිසිය ප්රකාශ කළා. එමෙන්ම ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 203 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, සහ වාහන 40 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
 
මේ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය සහ ප්රාදේශීය කාර්යාල ලබන සඳුඳා සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, දුරකතනය ඔස්සේ දින වෙන්කරවා ගන්නා ක්රමවේදයක් යටතේ සේවා සැලසෙන අතර, එසේ දින වෙන් කිරීමකින් තොරව පැමිණෙන පුද්ගලයින්ට කාර්යාලයීය පරිශ්රයට ඇතුළුවීම සඳහා අවසර ලබානොදෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
එසේම, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සේවා සීමිත කාර්ය මණ්ඩලයක් යොදාගෙන යම් යම් සීමා කිරීම්වලට යටත්ව ලබන අඟහරුවාදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අනුව වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම සහ වාහන පරීක්ෂා කර වාර්තා ලබාදීම ඇතුළු සේවා ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් සතියේ දිනවල පෙරවරු නවයේ සිට පස්වරු 04 දක්වා දුරකතනය මගින් කලින් දිනයක් හා වේලාවක් වෙන්කරගත යුතු බවයි එම දෙපාර්තමේන්තුවද අවධාරණය කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top