Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
“...ඇය අන්තිමට වැඳ වැටුනා, ඇයව මරා දාන්න කියලා..” - නරුමයින් සිය දෙනෙකු අතින්, දවස් 44ක් තුළ 400 වතාවක් අමානුෂික ලෙස කෙළෙසුනු, සුරූපී තරුණියක් ගැන අහන් බැරි තරමේ සංවේදී කතාවක් - අපරාධය කළ පාපතරයින් හෙළි කළ අතිශය බිහිසුණු කතාන්දරය මෙන්න - Photos

- “...ඇය අන්තිමට වැඳ වැටුනා, ඇයව මරා දාන්න කියලා..” - නරුමයින් සිය දෙනෙකු අතින්, දවස් 44ක් තුළ 400 වතාවක් අමානුෂික ලෙස කෙළෙසුනු, සුරූපී තරුණියක් ගැන අහන් බැරි තරමේ සංවේදී කතාවක් - අපරාධය කළ පාපතරයින් හෙළි කළ අතිශය බිහිසුණු කතාන්දරය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42,169 Views
“කොහොමද ජුන්කෝ? මම ඔයාගෙන් යාළුවෙන්න ඇහුවා. ඔයා කැමති නෑනේ...”
 
“සිවිලිමේ ඇයව එල්ලා තැබූ නරුමයින්, ඇයව "පන්ච් බෑගයක්" ලෙස භාවිතා කළා...”
 
“ඇගේ මුත්රා ඇයටම පානය කරන්නට කියූ ඔවුන්, ඇයට දුන් අමානුෂික වධබන්ධන...”
 
කාන්තාවන්ට සිදුවන හිංසනයන්, අපරාධයන් ගැන අපිට ලෝකයේ විවිධ රටවලින් නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. මේ නිසාම කාන්තා හිංසනයන්ට එරෙහි නීති රීතින්ද දැඩි වෙමින් පවතිනවා.
 
විශේෂයෙන් අපේ අසල්වැසි රාජ්යය වන ඉන්දියාව මෙම ලිංගික හිංසන හා අපචාර අතින් පෙරමුණේ සිටින අතර පසුගිය දිනෙක කුලහීන තරුණියක් දූෂණය කර මරා දැමීමේ පුවතක් එරට කැළඹීමක් ඇති කරන්නට සමත් වුනා.

මේ අපි කතා කරන්න සුදානම් වන්නේ ඉතිහාසයේ එවැනි කාන්තාවකට සිදුවූ ඛේදනීය සිදුවීමක් ගැනයි.
 
ඉතිහාසයේ වාර්තා වන මෙවැනි කාන්තා අපරාධ තුළින් වැඩිම වද හිංසාවකට ලක් වූ කාන්තාවක් ලෙස ජුන්කෝ ෆියුරුටා (Junko Furuta) හඳුනාගන්නට පුළුවන්.
 
ඇය කෙතරම් අමානුෂික ලෙස හිංසනයට ලක් වුණාද කිවහොත්, මෙම නඩුව උසාවියේදී විභාග කෙරූ අවස්ථාවේදී උසාවියේ සිහි නැතිව ඇද වැටුනු කාන්තාවන් ගණන අපමණයි. මෙය ඇත්තෙන්ම ලේසි පහසු නඩු වාරයක් වුනේ නෑ. (ඒ කියන්නේ මේක සාමාන්ය නඩු විභාගයක් නම් නෙවෙයි.)
 
මේ උසාවි සංකීර්ණයේදී කාගෙත් කතාබහට ලක් වුනේ ජුන්කෝගේ ජීවිතේ දරුණුම දවස් 44 ගැනයි.
 
ජුන්කෝ යෂ්මුනාමී නම් උසස් පාසලේ සුරූපී සිසුවියක්. ඇය උපත ලබන්නේ සයිටාමා ප්රාන්තයේ මිසාටෝ නම් ප්රදේශයේදී. නව යොවුන් වියේ පසුවනු මේ තරුණිය පාසල් කාලයෙන් පසු ඉලොක්ට්රෝනික් සිල්ලර වෙළෙන්ඳෙක් යටතේ අර්ධකාලීන සේවිකාවක් ලෙස සේවය කරනවා.
 
ඇය ජීවත් වූයේ ඇගේ දෙමව්පියන්, වැඩිමහල් සහෝදරයා හා බාලසහෝදරයා සමඟයි. ජුන්කෝ රූමත් නිසාම තරමක් ආඩම්බරෙන් හිටපු කෙල්ලක්. (ඒක කොහොමත් එහෙමනේ.) ඉතින් මේ සුරූපිනිය පසුපස ආපු බොහෝ තරුණයෝ ඈට පෙම් යෝජනා ඉදිරිපත් කළේ ඇගේ අත බලාපොරොත්තුවෙන්. හැබැයි ජුන්කෝ මේ සියලු යෝජනා සූක්ෂමව ප්රතික්ෂේප කරලා තියෙනවා.
 
මෙසේ ජුන්කෝ-ගේ අත පතා පැමිණි තරුණයින් අතර හිරුෂීම් මියානෝ නම් තරුණයෙකු හිටියා. අනෙක් අය වගේ නෙවේ. මේ කියන හාදයාගේ ආදර ඇරයුම සාමාන්ය එකක් වෙන්නේ නැහැ. ඇත්තටම ඒක ටිකක් භයානක එකක්.
 
ඔහු දිගින් දිගටම ඇගෙන් ආදරය ඉල්ලුවත් ඇය ඒවා තඹේකට මායිම් නොකර ප්රතික්ෂේප කළේ, ඇය පෙම් සබඳතාවලට එතරම් උනන්දුවක් නොදැක්වූ නිසාමයි.
 
තම ප්රේම ඇරයුම ප්රතික්ෂේ වීම මියානෝ කියන මේ හාදයාට ඉවසුම් දුන්නේ නැහැ. මේ නිසාම ජුන්කෝ සමඟ ඔහු තද වෛරයක් ඇති කරගත්තා. ඇගෙන් පළිගැනීමට තමයි ඊළඟට ඔහු සුදානම් වෙන්නේ. මියානෝ කියන්නේ යකුසා කියන පාතාල කල්ලියේ සාමාජිකයෙක්.
 
මේ පිරිස (ඒ කියන්නේ මියානෝ සහ පාතාල කල්ලි සාමාජිකයෝ.) කාන්තාවන් දූෂණය කිරීම වෙනුවෙන් නම ගිය කල්ලියක්. ඔහු පාතාලයේ පිරිස සමඟ ජුන්කෝව පැහැර ගැනීමට සැලසුම් කරනවා. 1988 අවුරුද්දේ නොවැම්බර් 25 වැනිදා තමයි ඈට මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වන්නට සිදු වන්නේ.
 
එදා පුරුදු විදිහට ජුන්කෝ ඇගේ අර්ධකාලීන රැකියාව නිම කරමින් ආපහු එන ගමන් හිටියා. මේ නරුමයින් ඇගේ බයිසකලයේ හුළං ඇරලා ඇය එනකන් සැඟවී බලා ඉඳලා තියෙනවා. පසුව ජුන්කෝ පැමිණෙද්දි, මියානෝ මෙය අහම්බයක් බව මවා පාමින් , "කොහොමද ජුන්කෝ මට සමාවෙන්න, මමත් ඔයාගෙන් යාළුවෙන්න ඇහුවා. ඒත් ඔයා මට කැමති වුනේ නැහැ. ඒත් කමක් නෑ අපි යාළුවෝ වගේ ඉමු" කියලා ඇයව නිවස කරා ගෙනියන්න ඉදිරිපත් වෙනවා.
 
ඔහුගේ ආදරය පිළි නොගත්තා වුනත් මේ වෙලාවේ ජුන්කෝ මේ හාදයා ගැන සැකයක් උපද්දවා ගන්නේ නැහැ. ඔවුන් දෙදෙනා ගමන් කරන අතවාරයේදී මියානෝ තමන්ගේ අපරාධ කල්ලියේ බිහිසුණු ක්රියාකාරකම් ගැන ජුන්කෝට හෙළිදරව් කරනවා. සූක්ෂමව ඔහු අනතුරුව අසළ තිබුනු ගබඩාවකට ඇයව කැඳවාගෙන යනවා.
 
එහිදී මියානෝ තර්ජනය කරමින් කියා සිටින්නේ තමා සමඟ නොසිටියොත් ඇගේ පවුලේ සියලු දෙනාම ඝාතනය කරන බවයි. තම පවුලේ අයට තිබුනු ආදරයත්, ඒ මොහොතේ ඇතිවුනු බියත් නිසාම ඇයට ඔහු කියූ දේට එකඟ වන්නට සිදු වනවා.
 
පළමු වතාවට ඇය එහෙමයි මියානෝ අතින් දූෂණයට ලක් වන්නේ. ඉන්පසු ජුන්කෝව තම වාහනයට දමා ගත් මේ සාහසිකයා ඇයව හෝටලයක් කරා රැගෙන යනවා.
 
ඒ යන අතරතුරදී ඔහු සිය කල්ලියේ මිත්රයින් කිහිප දෙනෙකු අමතා තමා කළ හපන්කම ගැන උදම් අනනවා. ඔවුන්ටද ජුන්කෝගේ පහස විඳිමට උවමනා වුනු අතර, තමන් වෙනුවෙන් ඇයව රඳවාගෙන සිටින ලෙස ඔවුන් ඉල්ලීමක් කරනවා.
 
නැවත වරක් පුද්ගලයින් සිව් දෙනෙකු අතින් හෝටලයේදී මේ සුන්දර තරුණිය දූෂණයට ලක් වෙනවා. ක්රම ක්රමයෙන් යකුසා කල්ලියේ බොහෝ පිරිස් ඈව ගොදුරක් කරගන්නට පැමිණියා. මෙසේ පැමිණි බොහෝ පිරිසක් සිසුන් වුනා. ඇතැම් විට ජුන්කෝ මේ දේට අකැමැත්ත පළ කළා වුනත් මියානෝ මේ සිසුන්ට බල කර සිටියා, ඇගේ අකැමැත්තෙන් වැඩක් නැති බව...
 
මේ විදිහට පුද්ගලයින් 100කට අධික පිරිසක් අතින් දින 44ක කාලයක් තුළ 400 වතාවක් ජුන්කෝ නම් වූ මේ රූමතිය දූෂණයට ලක් වනවා. එසේ සැහැසිකම් කළ තිරිසනුන් ඈව ඉන් අනතුරුව රැගෙන යන්නේ මියානෝගේ දෙමව්පියන් සිටි නිවසකටයි. නොවැම්බර් 27 වැනි දින ජුන්කෝගේ අතුරුදහන්වීම ගැන ඇගේ දෙමව්පියන් පොලිසියට පැමිණිලි කරනවා.
 
මේ බව දැනගත් මියානෝ ජුන්කෝට බල කරමින් කියා සිටියේ, "තමන් පෙම්වතා සමඟ පැමිණි බවත්, ඇගේ අතුරුදහන්වීම ගැන පොලිස් පරීක්ෂණ නතර කරන ලෙස" ලිපි ලියන ලෙසටයි. මියානෝගේ දෙමව්පියන් ඉදිරියේ ඇය එම කල්ලියේ මිත්රයෙකුගේ පෙම්වතිය ලෙස හඳුන්වා දී තිබුනා.
 
ඒ කොහොම වුනත් මේ තිරිසන් පාපතරයාගේ මේ නරුම ක්රියාව ගැන ඔහුගේ දෙමව්පියන් දැනගෙන තිබෙනවා. ඔවුන් මේ සිද්ධියේදී නිහඬව ඉන්න තීරණ කරන්නේ "යකුසා" කල්ලියේ බිහිසුණුකම්වලට තමන්ට අභියෝග කළ නොහැකි බව දන්නා නිසාවෙනුයි. ඒ විතරක් නොවේ, තමන්ගේම පුත්රයා කොයි තරම් බිහිසුණු අයෙකු ද යන්න ගැන ඔවුන් දැන සිටියා.
 
පසුව හෙළිදරව් වුනු පරිදි මේ සාහසිකයින් ඇයට පහර දී දූෂණය කර ඇයව සිවිලිමේ එල්වා "පන්ච් බෑගයක්" ලෙස භාවිත කර තිබෙනවා. (ව්යායාම්වලදී පහර දෙන බෑගයක් ලෙසින්.) ඒ වගේම ඇයගේ බඩට පහර දී සජීවි කැරපොත්තන් කෑමටද බල කර ඇති බව නඩු විභාගයේදී හෙළිදරව් වුනා.
 
ඊට අමතරව ඇගේම මුත්රා පානය කොට ඔවුන් ඉදිරියේදීම ස්වං වින්දනයේ යෙදීමටත් ඇයට බල කර තිබෙනවා. මේ ආකාරයෙන් දරාගන්නට බැරි දරුණු වධහිංසා මේ නරුමයින් ඇයට සිදු කර තිබුනා. එක් දිනකදී මියානෝ නොසිටි මොහොතක එතැන සිටි අයෙකු තම සහෝදරයාට මේ සිද්ධිය පවසා තිබෙනවා.
 
ඉන්පසු පොලිස් නිලධාරින් දෙදෙනෙකු එහි පැමිණ තිබෙනවා. නමුත් එහි සිටි පිරිස "මෙහේ ගෑනු ළමයෙක් නැති" බව කියනවා. කෙසේ වෙතත් ඔවුන් ආපහු හැරී යන්නේ එය විශ්වාසය කරමින්. නමුත් එදා යන්තම් හෝ එබිකම් කෙරුවානම් ඔවුන්ට ජුන්කෝව ගලවා ගැනීමට තිබුනා. එසේ නම් ඇගේ වේදනාව දින 16කට සීමා වන්නට තිබුනා.
 
දෙසැම්බර් මාසයේ මුල් කාලයේදී ජුන්කෝ සාහසිකයින්ගේ දුරකථනයක් සොරාගෙන පොලිසියට කතා කිරීමට උත්සහා කර ඇති බව සඳහන්. කෙසේ වෙතත්, ඇය කිසිවක් පැවසීමට පෙර එය මියානෝට හසුවී තිබෙනවා. පොලිසියට ඇමතූ වරදට ඔවුන් ඇගේ පාද උදුනක දමා පුළුස්සන්න පටන් ගන්නවා. එම අවස්ථාවේ ඇය බෙහෙවින් කම්පනය වුනේලූ.
 
වද හිංසා දරාගැනීමට අපහසුම තැන්වලදී, "මාව මරලා දාන්න" කියා ඇය ඉල්ලා තිබුනා. එය ප්රතික්ෂේප කළ මොවුන් සීත කාලයේදී බැල්කනියක නිදාගැනීමට බල කරනවා. මේ සුන්දර තරුණියව අනතුරුව ශීතකරණයට පවා ඇතුළත් කරනවා.
 
ඇයව පැහැරගත් පිරිස උසාවියේදී සඳහන් කර තිබුනේ, ඇයගේ අත් හා කකුල්වලට සිදුවූ බරපතල හානි හේතුවෙන් ඇයව පිරිසිදු කිරීමට ඇයව පහළට ගෙන යාමට පැයක් පමණ කාල වේලා ගත වන බවයි.
 
ඇයට සිදුවූ හානි නිසාම පසුව ආහාර ගැනීම ඇයට අපහසු වෙනවා. වමනය එන්නට පටන් ගන්නවා. ප්රහාරවල ප්රතිඵලයක් ලෙස සුරූපී ඇය විරූපී වන්නට ගන්නේ ඇයගේ ශරීරයේ සියලුම ඉන්ද්රියයන් අඩපණ කරවමින්.
 
ඇගෙන් ප්රයෝජනයක් නැති තැන මියානෝ කල්ලිය තවත් 19 හැවිරිදි තරුණියක්ව පැහැර ගෙන යනවා. (මේක ඔවුන් කරන්නෙත් අර විදිහටම. සැලසුම් සහගතවයි.) 1989 ජනවාරි 4 ජුන්කෝගේ 44 වැනි දවසයි. එදා තමයි ඇගේ ඉරණම තීන්දු වන්නේ. තවත් හිරිහැර වූ ඇයගේ ඉල්ලීමට කන් දෙනා මියානෝ පවසා ඇත්තේ එක කොන්දේසියක් මත ඇයව මරා දැමීමට කැමැති බවයි.
 
මේ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ ඔහු සමඟ ක්රීඩාවක් සිදු කොට එයින් ජය ගතහොත් ඇයව මරා දමන බවයි.

ජුන්කෝ මේ ක්රීඩාවට කැමැත්ත පළ කරන්නේ මරණය ජය ගැනීමේ බලාපොරොත්තුවෙනුයි. තරඟයෙන් ජය ගන්නේ ජුන්කෝ වුනත් ඇයට මරණය තෑගි දෙන්න මියානෝ කැමැති වෙන්නේ නැහැ.
 
ඒ වෙනුවට ඔහු යකඩයකින් ඇයට පහර දෙන්නේ හිතේ කෝපය පළ කරමින්. පසුව ඉටිපන්දම් දෙකක් ඇගේ ඇහි බැමි මත තබා පුළුස්සා දමනවා.
 
ඒ වගේම ඇය නැගී සිටවමින් ඇගේ දෙපාවලට පහර දී තිබෙනවා. මේ නිසාම සිහිසුන් වූ ඇයගෙන් අධික රුධිරය වහනය වන්නට පටන් ගත්තා. සැරව ගලන තුවාල බලන් ඉන්න බැරි තැන අර නරුමයන් ඇගේ සිරුර පොලිතින් බෑග්-වලින් ආවරණය කරනවා. ඇයගේ කලවා ඇතුළු සංවේදී ඉන්ද්රියන්ට ගිනි තැබූ නරුමයන් සතුටු වෙද්දි ඇය ක්රමයෙන් අඩපණ වුනා.
 
මේ ප්රහාරය පැය දෙකකට ආසන්න කාලයක් පැවත තිබෙනවා. 18 හැවිරිදි ජුන්කෝ අවසානයේදී අවසන් ගමන් යන්නේ වැඩිම වාරයක් වද හිංසා විදි කාන්තාව බවට ඉතිහාස පොතට එක් වෙමින්.
 
ඇගේ මරණය ගැන පසුදිනම පොලිසියට ආරංචි වුන නිසාම කල්ලියේ පිරිස් ඇගේ සිරුර බැරලයකට බාහා කොන්ක්රීට් තට්ටුවකින් යට කර දමනවා. 1989 ජනවාරි 23 මොවුන් අත්අඩංගුවට පත් වන අතර ඔවුන් ව ඇත්තටම අත්අඩංගුවට පත් වන්නේ 19 හැවිරිදි (දෙවැනියට පැහැරගත්තු කාන්තාව) කාන්තාවගේ පැහැර ගැනීමට බවයි.
 
ප්රශ්න කිරීම්වලදී මොවුන් ජුන්කෝට කළ අපරාධය පාපොච්චාරණය කළ ඇගේ සිරුර සැඟවූ ස්ථානය ගැනද පොලිසියට කියනවා. ඉන් අනතුරුව තමයි පොලිසිය ජුන්කෝගේ සිරුර සොයා ගනු ලබන්නේ... කුඩා බෝතල් කිහිපයක්ද ඒ වන විට ඇගේ සිරුර තුළ වූ අතර මුහුණ හඳුනා ගත නොහැකි අයුරින් විරූපී වී තිබුනා.
 
ඇගේ ගර්භාෂයට දැඩි හානි සිදුව තිබුනත් ඒ වන විටත් ඇය ගැබ් ගෙන ඇති බව ද හෙළි වී තිබෙනවා. මෙම අපරාධකරුවන් සියල්ලම බාලවයස්කරුවන් ලෙස සැලකූ අතර අධිකරණය විසින් මෙහි මිලේච්ඡත්වය විදහා පාමින් මෙම නරුමයින්ගේ නම් ගම් හෙළිදරව් කර නොතිබුනත් මාධ්යවේදීන් ඒවා ජනතාව හමුවේ දිග හැරියා.
 
කෙසේ වෙතත් මෙම ප්රධාන සැකකරුට වසර 14ක සිරදඬුවමක් පමණක් නියම කිරීම ආන්දෝලනාත්මක සිද්ධියක්. අද වන විට ජපානයේ ජුන්කෝ නමින් උද්යානයක්ද පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
 
ඒ උද්යානයට ගියොත් තරුණියක් කෙතරම් පරිස්සම් වෙන්න ඕනිද කියන කාරණා දැනගන්න පුළුවන්. නමුත් මේ අපරාධකරුවන් අදටත් ජපානයේ ජීවත් වන බවට මතවාද පවතිනවා.
 
එදා හැරිලා ගිය පොලිස් නිලධාරින් දෙදෙනාගේ වැඩ තහනම් වූ බවයි සඳහන් වන්නේ.
 
Credit: WATAPITA (වටපිට)
අමානුෂික ලෙස ඝාතනය වූ ජුන්කෝ... (පහත ඡායාරූපය බලන්න.)


 
ඇයට හිංසා කළ නරුමයින් පහත ඡායාරූපයේ... (දෑස් නිරාවරණය කර ඇත්තේ ප්රධාන සැකකරුගේයි.)


 
ඇයව රඳවාගෙන සිටි නිවාසය පහතින්..



ඇගේ දේහය බහාලූ තැන. මෙය ඔවුන් කොන්ක්රීට් තට්ටුවකින් වසා දමා තිබුණා..


 
ඇගේ නමින් ජපානයේ ඉදිවුනු උද්යානය..

5 brutal gangrapes across the world that shook the roots of humanity - FYI  News
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top