Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
14
හෙට උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය - Video

- හෙට උදෑසන 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

49 Views
මිනුවන්ගොඩ - බ්රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ කොරෝනා අසාදිත පොකුරේ ව්යාප්තිය මේ වනවිට දිස්ත්රික්ක 15 කට පැතිර ගොස් තිබෙනවා.
 
ගම්පහ දිස්ත්රික්කයට අමතරව කොළඹ, කළුතර, කුරුණෑගල, මාතලේ, අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්රික්ක ඇතුළු තවත් දිස්ත්රික්ක කිහිපයකින් කොරෝනා අසාදිතයින් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්යා අංශය සඳහන් කළේ.
 

මේ අතර, හෙට අලුයම පහේ සිට කටුනායක පොලිස් බල ප්රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා ප්රකාශ කළා.
 
කෙසේ වෙතත්, කටුනායක ආයෝජන කලාපයේ සේවය කරන පුද්ගලයින්ට තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්රය ලෙස භාවිත කළ හැකි බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.
 
අද දිනයේදීත් මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් පොකුරෙන් තවත් කොරෝනා අසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගැනුණා.
 
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා කියා සිටියේ ඔවුන්ගෙන් 05 දෙනෙකු නිරෝධායන මධ්යස්ථානවලින් සහ සෙසු පුද්ගලයින් බ්රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයින්ගේ සමීපමතයින් බවයි.
 
ඒ අනුව බ්රැන්ඩික්ස් කොරෝනා පොකුර මේ වනවිට 1,608 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
පසුගිය ඔක්තොම්බර් මස 05 වනදා සිට 11 වනදා දක්වා ගත වූ දින 06 ක් තුළ රෝගීන් 1,186 දෙනෙකු වාර්තා වී ඇති අතර ඊට පසු දිනයේ වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්යාව 121 ක්.
 
එමෙන්ම, පසුගිය 13 වන දින රෝගීන් 90 දෙනෙකු සහ ඊයේ දිනයේදි තවත් රෝගීන් 194 දෙනෙකු වාර්තා වී තිබුණා.
 
මේ අතර, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවයේ නියුතු හෙදියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වුණා.
 
මතුගම ප්රදේශයේ පදිංචි ඇය සමග තවත් අසාදිතයින් තුන්දෙනෙකු වාර්තා වී ඇති බවයි මතුගම සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය ප්රකාශ කළේ.
 
ඒ අතර අධිවේගි මාර්ගයේ ධාවනය කෙරෙන පෞද්ගලික මගී බස් රථයක රියදුරෙකු සහ රිය සහායකවරයෙකුද සිටිනවා.
 
එමෙන්ම, ගම්පහ - දිවුලපිටිය ප්රදේශයේ පාසලක මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටි සිසුවියකටද අසාදනය වී ඇති බවටයි වාර්තා වන්නේ.
 
එම සිසුවිය ඇතුළු තවත් සිසු සිසුවියන් කිහිපදෙනෙකුට කොළඹ අයි.ඩී.එච්. රෝහලේදී සහ ඉරණවිල කොරෝනා ප්රතිකාර මධ්යස්ථානයේ පිහිටුවා ඇති විභාග මධ්යස්ථානවලදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදීමට සෞඛ්ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.
 
මීට අමතරව පිළියන්දල - කහපොළ - සිළුමිණ සෑය පිරිවෙන් විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා 69 ඇතුළු 89 දෙනෙකු එම පිරිවෙන තුලම නිරෝධායනයට ලක් කිරීමට අද පියවර ගත්තා.
 
ඒ, හිමි නමකගේ මවක් කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමඟයි.
 
මේ වනවිට මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් පොකුරෙන් විහිදුනු කොරෝනා ආසාදිතයින් දිවයිනේ විවිධ ප්රදේශවලින් වාර්තා වන බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ.
 
කොළඹ මහ නගර සභා බල ප්රදේශයේ කොල්ලුපිටිය, යුනියන් පෙදෙස, බොරැල්ල මෙන්ම රත්මලාන ඇතුළු තවත් ප්රදේශ කිහිපයකින්ද අසාදිතයින් වාර්තා වන බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් ප්රකාශ කළා.
 
ඒ අනුව, අහඹු පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බවයි කොළඹ මහනගර සභාවේ ප්රධාන සෞඛ්ය වෛද්ය නිලධාරි වෛද්ය රුවන් විජේමුණි කියා සිටියේ.
 
පවතින තත්ත්වයත් සමඟ අභ්යාසලාභි මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් 118 දෙනෙකු කොරෝනා වෛසරය මැඩපැවත්වීම වෙනුවෙන් අද සිට යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
 
ඒ අනුව ඔවුන් කොළඹ සහ ගම්පහ යන දිස්ත්රික්ක වලට ඔවුන් අනුයුක්ත කර ඇති බවයි සෞඛ්ය අමාත්යාංශය සදහන් කළේ.
 
කොරෝනා වෛරස ව්යාප්තියට අදාලව ජනතාව දැනුවත් කිරීම සදහා දෛනිකව පැවැත් වූ මාධ්ය හමුව අද සිට මින් ඉදිරියට සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ නොපැවත්වීමට තීරණය කර තිබෙනවා.
 
උදැසන 6.10 සහ පස්වරු 3ට සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය විසින් දෛනිකව මෙම මාධ්ය හමු කැඳවා පවතින තත්ත්වයේ බැරැරුම්කම් ජනතාවට ඒත්තු ගැන්වීමටයි.
 
කෙසේ වෙතත්, අදාල මාධ්ය හමුව පැවත්වෙන ස්ථානය පිළිබදව ඉදිරියේදි මාධ්ය දැනුවත් කරන බවද සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය ප්රකාශ කළා.
 
මේ අතර, කොරෝනා ආසාදිතයින් ගමන් කළ බස් රථ 06 ක් හඳුනාගෙන ඇති බව ප්රවාහන අමාත්ය ගාමිණී ලොකුගේ ප්රකාශ කළා.
 
අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු බස් රථ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේ සුඛෝපභෝගී බස් රථවලට මගීන් නංවා ගැනීමේදී උණ පරීක්ෂා කර බස් රථයට මගීන් ඇතුළත් කර ගන්නා ලෙසයි.
 
මීට අමතරව කොරෝනා වෛසර තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන ජනතාව සීමා කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් වෙනුවෙන් විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top