Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
13
ඔබගේ දරුවන්, ආච්චි සහ සීයා සමග වැඩි කාලයක් ගත කරනවාද? ඒ මඟින් ඔවුන් දෙපාර්ශවයටම මානසික හා කායික ප්‍රතිලාභ ලැබෙන බව විද්‍යාත්මකව සනාථ වී ඇති බව ඔබ දන්නවාද?

- ඔබගේ දරුවන්, ආච්චි සහ සීයා සමග වැඩි කාලයක් ගත කරනවාද? ඒ මඟින් ඔවුන් දෙපාර්ශවයටම මානසික හා කායික ප්‍රතිලාභ ලැබෙන බව විද්‍යාත්මකව සනාථ වී ඇති බව ඔබ දන්නවාද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

73 Views
අප බොහෝ දෙනෙකුට, ආච්චි සහ සීයා සමඟ ගත කල අපේ ළමා කාලය සැබවින්ම අමතක නොවන හරිම සුන්දර කාලයක්. අදටත් ඒ ආච්චි සීයා එක්ක කාලේ ගෙවන්න අපි අතරින් ඇතැමුන් තාමත් වාසනාවන්ත වෙලා තියෙනවා. පරණ කතා රස කර කර කියකියා අපි සෙල්ලම් කරද්දි, අපේ පස්සෙන් බත් කවන්න මහන්සි වුණු, සෙල්ලම් ගෙවල් හදලා සෙල්ලම බත් උයපු, එක එක ජාතියේ ඇඳුම් ඇඳ ඇඳ කෝලම් කරපුල ඒ ලස්සන මතකය අපේ හිත්වලට කාවැදිලාග ආපස්සට හැරිලා බලද්දි ඒ මතකයන් අපේ මුවගට තාමත් හිනාවක් කැන්දනවා
 
දෙමව්පියෝ විදිහට අප මෙලොවට බිහිකළ අපගේ ආදරණිය දරුවන් දිනෙන් දින වැඩෙනවා දැකීම ලොකු සතුටක්. දවසින් දවස උස් මහත් වෙන දරුවන් සමගින් ඔවුන්ගේ ලෝකයේ වැඩි වෙලාවක් ගතකරන්නට තරුණ දෙමව්පියන් දැඩි ඇල්මක් දැක්වූවත්, දෛනික රාජකාරී හේතුවෙන්  ඇතිවී ඇති ඔවුන්ගේ කාර්ය බහුලකම ඒකට අභියෝගයක් වෙලා. අන්න එතැනදි තමයි ආච්චි සීයා එක්ක දූ දරු සබැඳියාව කරළියට එන්නේ. ඒ නිසාමයි ආච්චි සීයා එක්ක ඇසුර පොඩි අයට ඉතාමත් වැදගත් වෙන බව අපි පෙන්වා දෙන්නේ. ආච්චිලා සීයලා, දරුවන්ට ඉගෙනීමට හා වර්ධනය වීමට අවශ්‍ය ආරක්ෂිත හා ආදරණීය පරිසරයක් නිරන්තරයෙන්ම සපයනවා.

වැඩිහිටියන් දරුවන් හට ආලෝකයක් 
සුප්‍රසිද්ධ ඇමරිකානු ලේඛක ඇලෙක්ස් හේලි පවසන්නේ ආච්චි සීයලා ඔවුන්ගේ මුණුබුරන් මිණිබිරියන්ගේ ජීවිත වලට අසීමිත ආලෝකයක් කැන්දන බවයි. ඔවුන් තම මුනුබුරු මිනිබිරියන්ගේ ජීවිත කෙරෙහි ගෙනෙන ධනාත්මක බව, ආදරය හා සෙනෙහස අන් කිසි කෙනෙකුට සමකල නොහැකි බවත් ඔහු පවසනවා.  මේ සියළු  දේවල් තුළින් දරුවන්ට ජීවිතයේ සතුට සහ දුක මධ්‍යයේ වුවත් දරුවන්ගේ යහ පැවැත්ම උදෙසා හොඳින් ජීවිතයට මුහුණ දීමට අත්‍යවශය අඩිතාලම සහ වටපිටාවක් ඔවුන් විසින් සකස් කරනවා. වසර ගණනාවක් තිස්සේ අප බොහෝ දෙනා අතර ඇති විශ්වාසය වුණේ පුංචි දරුවන් ඔවුන්ගේ ආච්චිලා සීයලා එක්ක කාලය ගත කරද්දී ජීවිතය ගෙවීමට අවශ්ය මානසික ශක්තියක් ඇති නිර්භය වැඩිහිටියෙකු වීමට අවශ්ය කුසලතා දරුවන් හට දායාද වන බවයිග හැබැයි ඒ විශ්වාසය අද වන විට එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය මහින් සිදුකල අධ්‍යනයක් මගින් තවදුරටත් විද්යාතමකවම සනාථ කර තිබෙනවා. 
මෙම අධ්‍යනයට අනුව තම ආච්චි සීයලා සමඟ ශක්තිමත් සබඳතා පවත්වන දරුවන්ට ශාරීරික හා මානසික දෙඅංශයෙන්ම ඉතා අවම ගැටළු ඇති බව තහවුරු වී තිබෙනවා. මීට අමතරව, සම වයසේ මිතුරන් සමඟ අන්තර් ක්‍රියා කිරීමේදී හා සබඳතා පවත්වා ගැනීමේදී මේ දරුවන් ඉදිරියෙන්ම සිටින බව එහි වැඩිදුරටත් සඳහන්. ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ආන් බියුකනන් විසින් සම්පාදනය කරන ලද මෙම අධ්‍යයනයෙන් ළමුන් 1500 කට අධික සංඛ්‍යාවක් සමීක්ෂණයට ලක් කොට ඇති අතර , දරුවන්ගේ දියුණුව සඳහා ආච්චිලා සීයලාගේ ඇසුර සහ දැඩි සහභාගීත්වය ඉතා වැදගත් බවද පෙන්වා දී තිබෙනවා. තවද, මෙම අධ්‍යනය මගින් මිත්තණියන් සිය දරු මුණුපුරන්ගේ යහ ගුණය ගැන සැළකිලිමත් වෙද්දී මුත්තණුවන් ජීවිතය ගැන උපදෙස් දෙමින් යහ මඟ පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන බව සොයාගෙන තිබෙනවා. 
 
මේ සොඳුරු බැඳීම නිසා  දරුවො විතරක් නොවේ..ආච්චිලා සීයලාටත් සුවපත් වෙනවා..
තවත් අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ, සිය මුණුබුරන් සමඟ කාලය ගත කරන ආච්චි සීයලා සැලකිය යුතු ලෙස වැඩි කාලයක් ජීවත් වන බවයි. වයස අවුරුදු 70 සහ ඊට වැඩි ජ්‍යෙෂ්ඨයන් 500ක් යොදාගෙන සිදුකල මෙම අධ්‍යනයේදී , ප්‍රතිචාර දැක්වූවන් අතරින් 37% අඩු මරණ අනුපාතයක් වාර්තා වූයේ ස්වකීය මුණුබුරු මිණිබිරියන්ට යම් ආකාරයක රැකවරණයක් ලබා දුන් අයයි.
 
ශ්‍රී ලංකාවේ ගෞරවාදරයට පත් මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතා පවසන ආකාරයට දරුවන් සහ වැඩිහිටියන් අතර ඇති සහසම්බන්ධතාවයේ වැදගත් පැති දෙකක් තිබෙනවා.
”දරුවන් සහ ආච්චි සීයා අතර ඇති සමීප සම්බන්ධයේදී ඔවුන් විසින් දරුවන්ට ඔවුන්ගේ පරපුර සහ උරුමය භාරදීමක් සිදුවෙනවා. පවුලේ එදා පටන් පැවත්ම හොඳින්ම දන්නා ඔවුන් සිය මුණුබුරන්ට ඒ ගැන කියලා දෙන්නේ එදා මෙදා තුර පරපුරේ උදවිය වැටීම් නැගීම් මැදින් ඉදිරියට ආව ඔවුන්ටම අනන්‍ය වූ ඒ ඉතිහාස කතාව එක්කයි. මෙය, මිත්තණුවන් සහ මිත්තණියන් හට දීර්ඝායුෂ ලබාදෙන අතර, ඔවුන්ගේ මොළය තියුණු ලෙස තබා ගැනීමට සහ ක්‍රියාශීලීව සිටීමට මෙය උපකාරී වෙනවා. පරණ කතන්දර කියමින් ඒ අතීත මතකයන් ජීවමාව තබා ගන්න ඔවුන්ට පුලුවන්,” අත්තනායක එම් හේරත් මහතා කියා සිටියා. 
 
මුණුබුරු මිණිබිරියන් සහ ආච්චිලා සීයලා අතර සම්බන්ධතාවයෙන් අන්තර්ක්‍රියාකාරිත්වයෙන් ඉමහත් ධනාත්මක බලපෑමක් සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභයක් ලබා ගත හැකි බව වයෝවෘද්ධ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර මහතා පවසා සිටියා. 
”මුණුබුරු මිණිබිරියන්ට ඔවුන්ගේ ආච්චිලා සීයලාගෙන් දැනුම හා අත්දැකීම් සම්භාරයක් ලබා ගත හැකි අතර, ඔවුන්ගේ දෙමව්පියන් නොමැති කලක පවා ඔවුන්ගේ ජීවිතය වඩා හොඳින් ගත කිරීමට සහ ඔවුන්ගේ සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙය උපකාරී වෙනවා . විශේෂයෙන් තම නිවෙස්වලට පමණක් සීමා වී සිටින ආච්චිලා සීයලාට, ජීවිතයේ ඉතිරි කාලය දෙස නැවුම්ව බලන්නටත්, සිය මුණුපුරන් හරහා නව තාක්ෂණය අත් විඳිමින් ඒ ඔස්සේ ඉන් පිටත ලෝකයද අත්විඳින්නට හැකියාව ලැබෙනවා. මේ නිසා ඔවුනගේ මානසික සුවතාවය ඉහල මට්ටමක පවත්වා ගනිමින් ඩිමෙන්ශියාව වැනි තවත් බොහොමයක් ශාරීරික හා මානසික සංකූලතා මඟ හරවා ගන්නට ඔවුන්ට හැකිවෙනවා, ”වෛද්‍ය සමරවීර මහතා තව දුරටත් පවසා සිටියා. 
 
මේ ආදරණීය බැඳීම ජීවිත රක්ෂණ සමාගමක නිර්මාණාත්මක ඇසකින් 
ලෝක ළමා සහ වැඩිහිටි දිනයට මුල් කොටගෙන ආච්චිලා සීයලා අතර ඇති අපූරු බැඳීම පිළිබඳව කතිකාවතක් ඇතිකරන්නට ශ්‍රී ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ්  හට හැකි වුණා. මෙම සදාකාලික බැඳීම පිළිබඳව සොෆ්ට්ලොජික් ලයිෆ් පසුගියදා ඉතාමත් නිර්මාණාත්මක සහ අද්විතීය වූ වෙළඳ දැන්වීමක් එළිදැක්වූවා. මෙමගින් වැඩිහිටියන්ගේ සමස්ත මානසික හා ශාරීරික සෞඛ්‍යය මෙන්ම දරුවන්ගේ මානසික ස්ථාවරත්වය, ඔවුනොවුන් අතර පවතින්නාවූ මේ බැඳීම නිසා වැඩිදියුණු වන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. දරුවන් ඇසුරේදී ආච්චිලා සීයලා කුඩා දරුවන් බවට පත්වන්නේ කෙසේද යන වග මේ වෙළඳ දැන්වීම මගින් ඉතාමත් අපූරු ලෙස විදහා දක්වා තිබුණා.   


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top