දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා යන ක්‍රිකට් ක්‍රීඩකයින් යුද හමුදාවේ මේජර් නිලය දක්වා උසස් කර තිබෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව මෙම උසස්වීම් ලබාදී ඇති බවයි එම හමුදාව ප්‍රකාශ කළේ.
අද (09) උදෑසන යුදහමුදාපති, ශවේන්ද්‍ර සිල්වාගේ සුරතින් අදාළ ක්‍රීඩකයින් වෙත නිල ලාංඡන පළඳවනු ලැබුවා.
ඉන් අනතුරුව ඔවුන් දෙපළට හමුදාපතිවරයා සිය සුබ පැතුම් එක්කිරීමටයි කටයුතු කර තිබුණේ.
මේජර් තිසර පෙරේරා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන අතර දිනේෂ් චන්දිමාල් නියෝජනය කරන්නේ, ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායයි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් චන්දන මාරසිංහ (ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය) සහභාගී වූ බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් කියා සිටියේ.