Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
01
“ඔයාට ඕන කෙනෙක්ව කසාද බඳින්න පුළුවන්. හැබැයි මම කියන වෙලාවට, මාව හම්බ වෙන්න එන්න ඕන. මාත් එක්ක ඉන්න ඕන..” - පුහුණූ ගුරුවරියක් වූ 25 හැවිරිදි තරුණියට කාම දැල එලූ නරුමයෙකු කළ කැත වැඩේ එළියට, පොලිසියේදී පුංචි අම්මාට කළ දේකුත් වමාරයි

- “ඔයාට ඕන කෙනෙක්ව කසාද බඳින්න පුළුවන්. හැබැයි මම කියන වෙලාවට, මාව හම්බ වෙන්න එන්න ඕන. මාත් එක්ක ඉන්න ඕන..” - පුහුණූ ගුරුවරියක් වූ 25 හැවිරිදි තරුණියට කාම දැල එලූ නරුමයෙකු කළ කැත වැඩේ එළියට, පොලිසියේදී පුංචි අම්මාට කළ දේකුත් වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

34 Views
“මම තමුසෙත් එක්ක එකට ඉන්දෙද්දි ගත්ත ෆොටෝස් වීඩියෝස් මගේ ළඟ තියෙනවා”
 
“ඔයා මොනවද කරන්නේ..? - ඔයයි මායි ඉන්න විදිහ වීඩියෝ කරනවා..”
 
“ඔයා කියන වෙලාවට මම එන්නම්. එකොළහ හමාරට බස් එකේ එන්නම්...!”
 
පසුගිය දිනෙක තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ තරුණ යුවළක්. ඔවුන් තවමත් විවාහ වී නැහැ. ඒ සඳහා පිඹුරුපත් සකසමින් සිටියා.
 
ඔවුන් පොලිසියට පැමිණ තිබුණේ පැමිණිල්ලක් කිරීමටයි. පැමිණිල්ල තරුණියකගෙනුයි. ඒ පැරණි පෙම්වතාගේ නොපතන් ක්රියාවන් ගැනයි.

ඇය වයස අවුරුදු 25ක පුහුණු ගුරුවරියක්. මීට වසර හයකට හතකට ඉහත දී ඇය ප්රේම සම්බන්ධතාවයක පැටලුණා. එවකට ඇයගේ වයස අවුරුදු දහ අටක් දහ නවයක් පමණ වන්නට ඇති.
 
පෙර කාලයේ මෙන් නොව අද කාලයේ කෙල්ලෙක් කොල්ලෙක් පෙමින් වෙළුණ වහාම ඊළඟට යන්නේ කාමරයකටයි. කාගේන්වත් බාධාවක් නැති එවැනි ආරක්ෂිත ස්ථානයකට ගිය විට සිදු විය යුතු දේ මෙන්ම ඒ තත්ත්වයේ දෙදෙනෙකු අතර සිදු නොවිය යුතු දේ සිදු වන්නේ කිසිම හිරිකිතයකින් තොරවයි.
 
"මම ඔයාට කොච්චර ආදරේද? ඔයා ඇර මම වෙන කෙල්ලෙක් දිහා ඇහැක්වත් ඇරලා බලයි කියලා ඔයා හිතනවද? මම කවදා හරි කසාඳ බඳිනවා නම් බඳින්නේ ඔයාම විතරයි. ඔයා මට නොලැබුණොත් එක්කෝ මම මැරෙනවා. නැත්තම් ජීවිත කාලයටම නොබැඳ ඉන්නවා.."
 
මෙලෙස පෙම්වතා පවසද්දි නොඉල්ලන දේවල් පවා දෙන්නට පෙම්වතිය පෙළඹන්නේ ඒ ආදරයට ගෞරව කිරීමක් ලෙසයි.
 
"මම ඔයාට නොදෙන දෙයක් නෑ" ලෙසින් කී ඇය හැඳ සිටි ඇඳුම උණා දමා ඔහුට රිසි ලෙස සිය සිරුරින් ප්රයෝජන ගැනීමට ඉඩ දුන්නා. ඔහු ඇය සමඟ එක්ව යෙදෙන ආලිංගන වීඩියෝ ගත කිරීමට පටන් ගත්තේ යම් තරමකට ඇයට හොර රහසේ යි.
 
"ඔයා මොනවද කරන්නේ..?"
"ඔයයි මායි ඉන්න විදිහ වීඩියෝ කරනවා.."
"ඒ මොකටද?"
"ඔයා මගේ ළඟ නැති වෙලාවට මට බල බල ඉන්න.."
 
ඔහුගේ මේ වදන් නිසා ඇයට තවත් දුක සිතුණා. ඒ පෙම්වතාට තමා නොමැතිව කල් ගෙවීම අපහසු බව වැටහුණු නිසයි. එවකට ඇය ගුරු පුහුණුවේයි. එබැවින් ඇයට නිවාඩු ලැබෙන්නේ නැති තරම්. දෙදෙනාට හමුවීමට අවස්ථාව උදා වන්නේ ඉදහිටයි.
 
ආදරේට නොදැක ඉන්න බැරිකමට ඇය බලා සිටීමට අවශ්ය නම් ලබා ගත යුත්තේ ඇය හොඳින් හැඳ පැළඳ සිනා සිසී සිටින ඡායාරූප යි. එහෙත් ඔහු ඇය සමඟ ලිංගික ක්රියාවේ යෙදෙන දර්ශන වීඩියෝ ගත කරන්නේ ඔහුගේ කාමාශාව නිසා බව ඇයට නොසිතෙන්නට ඇති.
 
ඇය පෙම්වතාගේ ආශාවට ඉඩදී නිහඬ වී සිටියා. ඇය එලෙස කළේ අනාගතයේ තමා අතිනත ගන්නේ ඔහු සමඟ බවට ඇති වූ බලාපොරොත්තු නිසායි.
 
මෙලෙස කාලය ගත වෙද්දි දෙදෙනා අතර ආරවුල් හට ගත්තා. එහි ප්රතිඵලයක් ලෙස දෙන්නා දෙපැත්තට වූ අතර ඇය අලුත් පෙම්වතෙක් සොයා ගත්තා. පරණ පෙම්වතා ද විවාහ වීම සඳහා තරුණියක සොයා ගත්තා.
 
දෙදෙනා වෙන වෙනම ලෝක සාදා ගත්තද ඔහු ඇය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට කැමති වූයේ නැහැ. ඇයට දුරකථන ඇමතුම් දෙමින් ඔහු පවසා සිටියේ.....
 
"ඔයාට ඕන කෙනෙක්ව කසාද බඳින්න පුළුවන්. ඔයාට ඕන දෙයක් කරගන්න පුළුවන්. හැබැයි මම කියන වෙලාවට, මට ඕන වෙලාවට මාව හම්බ වෙන්න එන්න ඕන. මාත් එක්ක එකට ඉන්න ඕන.." ලෙසයි.
 
මේ තර්ජනවලට බිය නොවූ ඇය මෙම යෝජනා ප්රතික්ෂේප කළා.
 
"ඒ දවස්වල මම තමුසෙත් එක්ක එකට ඉන්දෙද්දි ගත්ත ෆොටෝස් වීඩියෝස් මගේ ළඟ තියෙනවා. තමුසෙ නාවොත් මම ඒවා ෆේස්බුක් දානවා.." ලෙසයි.
 
ඇය මේ තර්ජනයට බිය වුනා පරණ පෙම්වතා ගැන ඇය අලුත් පෙම්වතාට කියා තිබුණත් දුර දිග බවක් කියා තිබුණේ නැහැ. ඔහුටත් හොරා පරණ පෙම්වතා හමුවීමට යන්නේ අනාගතය අඳුරු කරගන්නවාට වඩා සියල්ල සඟවාගෙන ඔහු යම් තරමකට පාලනය කරගැනීමට සිතාගෙනයි.
 
මීට දින කිහිපයකට පෙර ඔහු ඇයට හමුවන ලෙසට එස්එම්එස් එවා තිබුණත් ඇය ඒවා ගණනකට ගත්තේ නැහැ. ඉන් කිපෙන පරණ පෙම්වතා ඔහු සතු හොර ෆේස්බුක් ගිණුමකට ඇය හා එකට සිටි වීඩියෝ හා ඒවායෙන් කපා සෑදූ ඡායාරූප (ස්ක්රීන් ෂොට්) අන්තර්ජාලයට මුදා හැර තිබුණා.
 
මේ කිසිවක් නොදත් ඇය පාඩුවේ සිටියා.
 
අන්තර්ජාලයට එක් කොට විනාඩි කිහිපයකින් ඒවා ඉවත් කර තිබුණාත් ඇගේ මාමා කෙනෙකු සිය ෆේස්බුක් ගිණුම හරා ඒවා දැක තිබුණා. ඔහු ඒ බව ඇයට දැනුම් දුන් අතර ඇය දැඩි බියටත්, ලැජ්ජාවටත් පත් වන ඇය සිටය දිවි නසා ගන්නට තීරණය කළා. ඊට පෙර ඒ බව සිය අලුත් පෙම්වතාට පැවසීමට ද ඇය පියවර ගත්තා.
 
"හරි ඕවට තියෙන විසඳුම ජීවිතේ නැති කරගන්න එක නෙවෙයි පොලිසිය තියෙන්නේ නීතිය තියෙන්නේ ඒවා විසඳගන්න. අපි පොලිසියට යමු.."
 
ලෙසින් කී අලුත් පෙම්වතා ඇය ද කැඳවාගෙන තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණියා. ඒ වන විටත් පැරණි පෙම්වතා ඇයට තර්ජනය කරමින් සිටියා. ඒ හෙට දහවල් දොළහට තමන් හමුවන ලෙස කියමින්.
 
පැමිණිල්ල භාරගත් පොලිසිය මෙය අන්තර්ජාලය හරහා සිදුවන ක්රියාවලියක් බැවින් තංගල්ල මාතර කොට්ඨාස තොරතුරු තාක්ෂණ ඒකකයට දැනුම්දීමට කටයුතු කළා. පරීක්ෂණ ඇරඹුණේ ඉන් අනතුරුවයි.
 
එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හර්ෂණ ඒ වන විට සිටියේ කොළඹ විශේෂ පුහුණුවක යෙදෙමින්.
 
එම ඒකකයේ නිලධාරින් අන්තර්ජාලයට මුදා හැර යළි අයින් කරගෙන තිබූ ඡායාරූප මෙන්ම ඔහු ඇයට එවන ලද කෙටි පණිවුඩ සොයා ගැනීමට හැකි වුනා. මෙම පරීක්ෂණ-වලදී හෙළි කරගත් තොරතුරු තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා ලක්මාලි කොඩිතුවක්කු මහත්මියට දැන්වීමට එම ඒකකයේ නිලධාරින් කටයුතු කළා.
 
"මිස් ඔයා එයා එවන එස්එම්එස් වලට පිළිතුරු යවන්න. ඔයා හෙට එනවා කියන්න. ඒක නිසා වීඩියෝ, ෆොටෝස් ඉන්ටනේට් දාන්න එපා කියන්න.."
 
පොලිසියේ උපදෙස් අනුව ඇය ක්රියා ක‍ළා.
 
පසුදාට පහන් වුනා. ඇය උදෙන්ම අලුත් පෙම්වතා කැටුව පොලිසියට ගියා. පරණ පෙම්වතා කෙටි පණිවුඩ එවීම ආරම්භ කළා.
 
"ඔයා එනවා නේද කීයට ද එන්නේ..?"
 
"ඔයා කියන වෙලාවට මම එන්නම්. එකොළහ හමාරට අම්බලින් තියෙන බස් එකේ මම එන්නම්.."
 
ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්රියාත්මක වුයේ එලෙසයි.
 
සැරයන් චමින්ද සිවිල් ඇඳුමින් සැරසුණා. තවත් දෙදෙනෙක්ද තරුණියත් සමඟ බෙලිඅත්ත බස් නැවතුමට ළඟා වුණා.
 
තරුණිය තනිවම යවා සැරයන් චමින්දත් සිවිල් ඇඳුමින් සැරසුණූ අනිත් නිලධාරියාත් පැත්තකට වී බලා සිටියා. පැරණි පෙම්වතා පැමිණියේ යතුරු පැදියකිනි. ඔහු අතේ හෙල්මටයක්ද වුනා.
 
ඇය ඔහු අසළට ගියා. රැගෙන ආ හෙල්මටය ඔහු ඇය අත තැබුවා. ඇය එය පැළඳ ගැනීමට සැරසෙනවාත් එක්කම සැරයන් චමින්ද හා අනික් නිලධාරියා පැන ඔහුව අත්අඩංගුවට ගත්තා.
 
පොලිසියට පැමිණ ඔහුගේ දුරකථනය පරීක්ෂා කරද්දි එහි පැමිණිකාරිය පමණක් නොව තවත් කාන්තාවන් හය හත් දෙනෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ විඩියෝ දර්ශණ සොයා ගත හැකි වුණා.
 
මොහු දැඩි ලෙස කාමයට ලොල් වූ අයෙකු වුනු අතර සිය පුංචි අම්මාගේද රහස් ප්රදේශ වීඩියෝ ගත කර තිබුණා.
 
"මම වීඩියෝ කළා කියලා පුංචි අම්මා දන් නෑ.."
 
ඔහු පවසා තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරු තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
 
"තක්ෂිලා ජයසේකර" විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top