Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
01
"ටෙනී දැයෙන් සමුගත්ත ද ඔහුගේ තිර මතකයන් සේම ගුණ රුව සුවඳ තවත් බොහෝ කලක් මේ ලෝ තලයේ ඇගයෙනු සැමරෙනු ඇත..." - ටෙනිසන් කුරේගේ වියෝව ගැන ප්‍රවීන ඡායාරූප ශිල්පී දයාන් විතාරන තැබු සංවේදී සටහන - Photos

- "ටෙනී දැයෙන් සමුගත්ත ද ඔහුගේ තිර මතකයන් සේම ගුණ රුව සුවඳ තවත් බොහෝ කලක් මේ ලෝ තලයේ ඇගයෙනු සැමරෙනු ඇත..." - ටෙනිසන් කුරේගේ වියෝව ගැන ප්‍රවීන ඡායාරූප ශිල්පී දයාන් විතාරන තැබු සංවේදී සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,850 Views
මෙලොවින් නික්මීමට දිනයක් කොතැනක හෝ ලියැවී ඇත...
 
ටෙනිසන් සිනා සී සිටි අයුරු මේ මතක සේයාරූ සමග ඔබ වෙත ගෙනෙමි....
 
ශ්‍රී ලංකාවේ ප්‍රහසනය රංගනය තුළ සියල්ලන්ගේම මුවගට සිනහවක් එක් කළ ආදරණිය කලාකරු ටෙනිසන් කුරේ පසුගිය 28 වනදා අභාවප්‍රාප්ත වුණා. කොලඹ ජාතික  රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම මිය යනවිට 68වන වියේ පසුවූවා. 
 
අද දිනයේදී එම ආදරණීය කලාකරුවාගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
 
මේ අතර  ඇති ප්‍රවීන ඡායාරූප ශිල්පි දායන් විතාරන මීට වසර 6කට පෙර ගත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එක් කරමින් සංවේදී සටහනක් තබා තිබුණේ මෙලෙසින්....

ටෙනී අද දැයෙන් සමුගනී .............
 
අප සැමගේ ආදරණීය හිතවතා වූ ප්‍රවීණ ජනප්‍රිය සිනමා නළු ටෙනිසන් කුරේ සහෘදයා අද දින දැයෙන් සමුගනී.
 
මීට වසර 06 කට ප්‍රථමයෙන් සැප්තැම්බර් 27 වැනිදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණු "ගාමිණී ගී මිණී" ප්‍රසංගය දින ටෙනිසන් සිනා සී සිටි අයුරු මේ මතක සේයාරූ සමග ඔබ වෙත ගෙනෙමි. එදින ඔහු සුදු වතින් සැරසී, සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙන සහෝදර ශිල්පීන් සමග එක්ව සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සූරීහු වෙනුවෙන් සිය ගෞරවය පිදුවේය.
 
ඉන් හරියටම වසර හයක් සහ දිනක් ගත වෙන තැන ටෙනී සිය දිවි රඟ මඬලට සමුදෙන්නේ අප සැමට නියත සත්‍ය වටහා දෙමිනි. එදින ගත් මේ සමග පළ වන ඡායාරූපයන්හී ඔහු හැරුණු විට අනෙක් සියලු ශිල්පීන් සුජීවත්ව වෙසෙන අතර ඔහු පමණක්ම හරියටම සය වසක් ගෙවෙන තැන අපෙන් නික්ම යෑම කෙතරම් නම් ශෝකජනක දැයි හැඟේ. අප සැමට වුවද මෙලොවින් නික්මීමට දිනයක් කොතැනක හෝ ලියැවී ඇත. නමුත් එය අපි නොදනී. ටෙනී අපට පහදා දෙන සත්‍ය එයයි.
 
තවත් සුවිශේෂීත්වයක් මා දකිමි. එනම් ටෙනී මීට සය වසරකටත් දිනක් පෙර සිය ගෞරවය දැක්වූ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ සහ ඔහුගේ ජීවන කාල පරාසය බොහෝ සෙයින් සමාන වසර පරාසයකි. ටෙනී අපෙන් සමුගන්නේ ගාමිණී ෆොන්සේකා සූරීහු අපෙන් නික්ම ගොස් සොළොස් වසරක් පිරීමට දෙදිනක පෙරාතුව ය. එමෙන්ම ඔවුන් දෙදෙනාම මෙලොව හැරයන්නේ වයස අවුරුදු 68 දි ය. මේ ගැළපුම් දෛවෝපගත ය. මේ ජීවනයේ ඇති පරම සත්‍ය සේම විශ්මය ද එයම ය.
 
අදින් ආදරණීය ටෙනී දැයෙන් සමුගත්ත ද ඔහුගේ තිර මතකයන් සේම ගුණ රුව සුවඳ තවත් බොහෝ කලක් මේ ලෝ තලයේ ඇගයෙනු සැමරෙනු ඇත. හිතාදර ටෙනී මේ සසර ගමනේ ඉක්මණින් නිවන් අවබෝධ කරගැනීමට ඔබට පිංපෙත් පමුණුවමි !!!


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top