Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
01
"මටත් දැන් හරි වයසයි. මට අවුරුදු විසි හයේදි තමයි පාජපානි අපට හමුවුණේ..." - ආසියාවේ දෙවන වයස්ගතම කාන්තාව ගැන ඇහෙන සංවේදී කතාව මෙන්න

- "මටත් දැන් හරි වයසයි. මට අවුරුදු විසි හයේදි තමයි පාජපානි අපට හමුවුණේ..." - ආසියාවේ දෙවන වයස්ගතම කාන්තාව ගැන ඇහෙන සංවේදී කතාව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,783 Views
ආසියාවේ දෙවැනි වයස්ගතම කාන්තාව ජීවත්වන්නේ අඩි 10 ය 12 ප්‍රමාණයේ කුඩා කටුමැටි පැල්පතකය. පසුගිය ජනවාරි මාසය වන විට වාර්තා වන තොරතුරු අනුව ආසියාවේ වයස්ගතම මිනිසා ජීවත්වන්නේ ජපානයේය. ආසියාවේ දෙවැනි වයස්ගතම කාන්තාව වේලු පාජපානිය. 
 
ලෝක වැඩිහිටි දිනය සමරන මේ මොහොතේද වේලු පාජපානි අත්තම්මා ගරාවැටෙන්නට ඔන්න මෙන්න පැල්පතක අබලන් ඇඳකබලක් මත සිට සිනාසෙන්නීය. කළුතර - ‍ෙදාඩන්ගොඩ නෑහින්න 801 ග්‍රාමසේවා වසමේ “හෙදරලිය වත්තේ” ලැයිමේ ඉතා කුඩා කටු මැටි පැල්පතක වේලු පාජපානි අත්තම්මා ජීවත්වන්නීය.

තවත් වසර තුනකින් ලෝක වාර්තා පොතට එකතු වන්නට බලා සිටින පාජපානිගේ වයස අදට (01දා) අවුරුදු 117යි මාස හතරයි දින 21කි. ආසියාවේ අවුරුදු 117 ඉක්මවූ පුද්ගලයකු ජපානයේ ජීවත්වූ බව පසුගිය ජනවාරියේ වාර්තා විය. ඒ අනුව පාජපානි මාතාව ආසියාවේ දෙවැනි වයස්ගතම කාන්තාවය. 
 
1903 මැයි මස 03 වැනි දින මෙලොව එළිය දුටු පාජපානි දෙදරු මවකි. දරු මුනුපුරු පරම්පරා ගණනක දරු සුරතල් බලන පාජපානි අද ඉන්නේ හෙදරලිය වත්තේ අනුන්ගේ නිවෙසකය. 
 
එය නිවෙසකට වඩා සෙල්ලම් ගෙයක් වැනිය. වයෝවෘද්ධ පුද්ගලයකුට තබා සාමාන්‍ය පුද්ගලයකුට හෝ සිටීමට අවම පහසුකම් හෝ නැති මේ පැල්පතේ පාජපානිගේ දුක - සැප බලන්නේ එම්. තංගයියා නමැති 60 හැවිරිදි වතු කම්කරුවාත් 68 හැවිරිදි ඔහුගේ බිරිය එස්. මහ ලෙච්චමීත්ය. 
 
 
එම්. තංගයියා මහතා
 
“මටත් දැන් හරි වයසයි. මට අවුරුදු විසි හයේදි තමයි පාජපානි අපට හමුවුණේ. අපේ දරුවා බලා ගත්තේ ඇයයි. මගේම අම්ම වගේ මමත් බිරියත් ඇයව බලාගන්නවා. 
 
නමුත් මටත් රැකියාවක් නෑ. වත්තේ කම්කරු වැඩක් කරලා කීයක් හරි හොයාගෙන තමයි අපි තුන්දෙනාම කන්නේ. පාජපානිගේ 116 උපන් දිනේට ආව මහත්වරු අපට ගෙයක් හදල දෙනවා, පාජපානි අම්මට උදවු උපකාර කරනවා කියලා ගියා. තාම ආවේ නෑ. ‍දොඩන්ගොඩ ඒ.ජී. නේනා, සමෘද්ධි නෝනල ඇවිල්ලා බලලා තෑගි බෝග දීලා ගියා. මේ වත්තේ මහත්තය පසුගිය 28දා ඇවිත් සුළු මුදලක් දීලා ගියා. පාජපානි අම්මා තව අවුරුදු අටක් දහයක් ජීවත්වනවා. පාජපානි වෙනුවෙන් පුංචි ගේ පොඩ්ඩක් හදලා දෙන්න කියලා ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.” 
 
එස්. මහලෙච්චමි (68) මහත්මිය. 
 
පාජපානි අම්මාට දැන් ටිකක් අතපය වාරු නැහැ.  එයා ළඟම ඉන්න ඕන. නමුත් මම වත්තේ කුලිය කරලා තමයි ජීවත් වෙන්නේ. ආණ්ඩුවෙන් මාසෙකටම රුපියල් 5000ක දීමනාවක් ලැබෙනවා. පාජපම්මා සමෘද්ධි ලාභිනියක්. ඇයට දැන් වැසිකිළියට යන්න බෑ. අපට හොඳ වැසිකිළි ඇත්තෙත් නෑ. එනිසා ‘පැම්පස්’වලට ලොකු ගාණක් යනවා. සස්ටජන් පිටි ටිකකුත් දෙනවා. කන්න දෙන්න කියලා හොඳ හොඳ දේවල් හොයන්න අපට සල්ලි නෑ. හැමෝම ඇවිල්ල බලලා යනවා.” 
 
තවමත් හොඳින් ඇස් පෙනුම ඇති, කන ඇහෙන, සිහි කල්පනාව ඉතා යහපත්ව ඇති පාජපම්මා තනිව ඇවිද යන්නටද උත්සාහ කරන්නීය. ලෝක වාර්තා තබන වයස්ගත කාන්තාවක් ලෙස සලකා නොව, සාමාන්‍ය මිනිසුන් ලෙස සලකා ඔවුන්ට අවම මානව අවශ්‍යතා සපුරා දුන්නහොත් වේලු පාජපානි අත්තම්මා ලොව වයස්ගතම කාන්තාව ලෙස ලංකාව, ලෝකයේ කතා බහට ලක්වනු නොඅනුමානය. 
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top