Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
30
20ට එරෙහි පෙත්සම් විභාගය සිකුරාදා (02) උදෑසන 9.30 දක්වා කල් යයි

- 20ට එරෙහි පෙත්සම් විභාගය සිකුරාදා (02) උදෑසන 9.30 දක්වා කල් යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

82 Views
20 වන ව්යවස්ථා සංශෝදන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් යළි විභාගයට ගැනීම ලබන සිකුරාදා උදෑසන 9.30 දක්වා කල් දමා තිබෙනවා.
 
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය අද පෙරවරුවේ දෙවන දිනටත් ශේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණා.

අදාළ පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් ශේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෙත්සම් සංඛ්යාව 39ක්.
 
අදාළ පෙත්සම් සඳහා මැදහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා පාර්ශ්ව 8ක් අතරමැදි පෙත්සම් ගොනු කර තිබුණා.
 
පෙත්සම් විභාග කිරීම ඊයේ ආරම්භ කෙරුණු අතර ඊයේ දිනය අවසන් වන විට විභාග කර අවසන් කෙරුණු පෙත්සම් ගණන 7ක්.
 
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.
 
පෙත්සමක් ඉදිරිපත් කළ ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති හේවාමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්රම ව්යවස්ථාව තුළින් සහතික කර තිබෙන ”සිතීමේ නිදහස” නමැති මූලික අයිතිවාසිකමට සීමා පැනවීම් සිදුවන බව පෙන්වා දුන්නා.
 
එමෙන්ම පුරවැසියන් සතු තොරතුරු දැන ගැනීමේ අයිතියට ද අහිතකර ලෙස බලපෑම් එල්ල කරන තත්ත්වයක් පවතින බවයි ඔහු සඳහන් කළේ.
 
ඊට අමතරව යෝජිත පනත් කෙටුම්පත තුළින් ජනතාව සතු අධිකරණ බලයද අත්තනෝමතික ලෙස අත්පත් කර ගැනීමක් සිදුවන බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ තුළින් ජනතා පරමාධිපත්යය බරපතල ලෙස උල්ලංඝනය වන බවද සඳහන් කළා.
 
මෙම පනත් කෙටුම්පත ඍජුවම ජනතා පරමාධිපත්යය සමග ගැටෙන හෙයින් එය සම්මත කිරීමට නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සදහා යොමු කළ යුතු බවයි නීතිඥ පුලස්ති හේවාමාන්න තවදුරටත් පෙන්වා දුන්නේ.
 
තරුණ නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් 19 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කළ ආණ්ඩුක්රම ව්යවස්ථාවදායක මණ්ඩලය සහ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර එම බලය යළි විධායකය වෙත පැවරීමට යෝජිත 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් යෝජනා කර ඇතැයි සඳහන් කළා.
 
මේ තුළින් ජනතා පරමාධිපත්යය ඍජුවම උල්ලංඝනය වන බවයි ඔහු අවධාරණය කළේ. මේ හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්ය නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සදහා යොමු කිරීම අත්යවශ්ය බවද නීතිඥ නුවන් බෝපගේ සඳහන් කළා.
 
ශ්රී ලංකා පුවත්පත් ආයතනය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂ්මනන් ජයකුමාර් කරුණු දක්වමින් මැතිවරණයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වෙන අවස්ථාවක පුද්ගලික මාධ්ය ආයතන වෙත විවිධ විධානයන් නිකුත් කිරීමේ බලතල මෙම පනත් කෙටුම්පත තුළින් මැතිවරණ කොමිසම වෙත පවරා ඇතැයි සඳහන් කළා. මේ තුළින් ”සිතීමේ නිදහස” නමැති මූලික අයිතිවාසිකම ඍජූවම උල්ලංඝනය වන අතර එම වගන්ති සම්මත කිරීමට නම් ඒවා ජනමත විචාරනයකට යොමු කළයුතු බවත් නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා.
 
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ නියෝජ්ය නායක රුවන් විජේවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා කරුණු දක්වමින් 20 සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී රජය විසින් සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්රකාශ කළද, එම සංශෝධන මේ දක්වා ගැසට් පත්රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළා.
 
ජනාධිපතිවරයාගේ නිල කාර්යයන් වලට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට තිබූ අවස්ථාව අහිමි කිරීමට 20 වන සංශෝධන පනත් කෙටුම්පත තුළින් පියවර ගෙන තිබීම මගින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 03 වන වගන්තිය මඟින් දක්වා තිබෙන ජනතා පරමාධිපත්යය උල්ලංඝනය වන බව පෙන්වා දුන්නා.
 
මෙම පනත් කෙටුම්පත හරහා උපරිමාධිකරණ විනිසුරුවරු, නීතිපති, විගණකාධිපති වැනි උසස් නිලතල සඳහා තමා කැමති පුද්ගලයෙකු පත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පවරා දී ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ තුළින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ බරපතල අපගමනයක් සිදුවන බවටත් චෝදනා කළා.


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top