Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
30
“උඹ ආවද? උඹ මගේ නිදහස කෑවා, මට පාඩුවේ ඉන්න දුන් නෑ, මගේ කොල්ලව නැති කළා..” - සුනාමියට බිලි වුනු දිවුලපිටියේ කුසුම්ගේ භූතාත්මය, බෝඩිමේ ඇන්ටිගෙන් පළිගන්න, අමාලිගේ ඇඟට ඇතුළු වුනු හැටි, ගමක් බියෙන් තැති ගැන්වුනු කතාවක සුළ මුළ මෙන්න - Video

- “උඹ ආවද? උඹ මගේ නිදහස කෑවා, මට පාඩුවේ ඉන්න දුන් නෑ, මගේ කොල්ලව නැති කළා..” - සුනාමියට බිලි වුනු දිවුලපිටියේ කුසුම්ගේ භූතාත්මය, බෝඩිමේ ඇන්ටිගෙන් පළිගන්න, අමාලිගේ ඇඟට ඇතුළු වුනු හැටි, ගමක් බියෙන් තැති ගැන්වුනු කතාවක සුළ මුළ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,075 Views
“ගෑනියේ මගේ කොල්ලා මාව දාලා ගියේ උඹ හින්ද පලයන් මෙතනින්...”
 
“හීනෙන් මුහුද ගොඩ ගලනවා වගේ පේනවා.. මට දැන් තනියම ඉන්න බයයි...”
 
“අක්කා කිව්වා ඔයා ගමේ එක්කන් ඇවිත් නූලක් දාමු කියලා..”
 
විශ්වාසය හා අවිශ්වාසය අතර ජීවිතය දෝලනය වෙද්දි මිනිසුන් වැඩිපුරම විශ්වාසය තැබුවේ විශ්වාස කළ නොහැකි දේවල් මතයි..
 
තර්කයට බුද්ධියට හසු නොවන අදෘශ්යමාන ගුප්ත බලවේග දෘෂ්ය මානයේ පවතින ජීවිත-වලට කරන බලපෑම කලක සිටම මිනිසුන් අත්විඳ තිබුණා.
 
ඒ.. අත්දැකීම් ඔස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ඒ විශ්වාසයන් ගලා ගියා. විටෙක රාත්රීයේ අඳුරේ හුදකලාවේ පාළු මංසන්දියේ සුසාන භූමියේදී අදෘශ්යමාන බලවේග භූත ප්රේත හොල්මන් අවතාර ලෙසින් කළ බලපෑම ගැන වඩා වඩාත් විශ්වාස කරමින් භීතියට පත් වී තිබුණා.

මරණයෙන් පසු මරණයෙන් පිබිදුණු විශ්වයේ සැරිසරන අදිසි ගුප්ත බලවේග සොයා යන.. නවතම ටෙලිවිෂන් රූ මාලාවයි... "අඳුරු සෙවනැලි".
 
හිරු ටීවී නිෂ්පාදනයක් ලෙසින් දිග හැරෙන, "අඳුරු සෙවනැලි" අද්භූත ටෙලි නාට්ය මාලාව, සෑම අඟහරුවාදාවකම රාත්රී 10.30 ට හිරු TV ඔස්සේ විකාශනය වනවා.
 
මේ එහි 11 වන දිග හැරුමයි...
 
අමාලි ඇගේ පෙම්වතා එක්ක මහ රෑ බෝඩිමට එන එකට "බෝඩිමේ ඇන්ටි" ඒ තරම් කැමැත්තක් දැක්වුයේ නෑ. "කෝච්චිය ප්රමාද වුනා" කියලා නිදහසට කාරණා බොහෝමයක් කිව්වත්, ඇන්ටි ඒවා විශ්වාස නොකරන එක අමාලිට මානසික වදයක් වුණා.
 
ඇන්ටිගේ මෙකි නොකී වදබන්ධන අස්සේ, අමාලි තමන්ගේ යෙහෙළියෝ දෙන්නත් එක්ක බෝඩිමේ කල් ගත කළා. ඒත් අමාලිටත් යෙහෙළියන්ටත් අමතරව තවත් කෙනෙක් මේ බෝඩිම අරක් ගෙන හිටියා.
 
දවසක් අහම්බෙන් මුණ ගැහෙන "මේ අක්කා" අමාලි එක්ක බෝඩිමේ හැම අස්සක් මුල්ලක් නෑරම විස්තර කරනවා. "ඇන්ටි මහා වදයක් හිසරදයක්" කියන මේ අද්භූත තැනැත්තිය ඒ හැටියේම අස්ථානගත වෙනවා.
 
ඈ ඇයව හඳුන්වාදෙන්නේ "දිවුලපිටියේ කුසුම්" කියලයි. මේ කියන "දිවුලපිටියේ කුසුම්" කාලයක් ඇන්ටිගේ බෝඩිමේ නවාතැන් ගත්තූ කෙල්ලක්. ඈත් අමාලි වගේම බෝඩිමේ ඇන්ටිගේ උසුළු විසුළු වලට ලක් වෙච්ච එකියක්. ඒත් ඈ කාලයකට කලින් හරියටම අවුරුදු පහළොවකට කලින් "සුනාමියට බිලි වෙලා" ලු.
 
ඉතින් ඒ භූතාත්තමය අමාලිගේ ශරීරයට ඇතුළු වුනේ මොන හේතුවකටද ?
 
ඒ අද්භූත කතාවේ ඉදිරියට වන දේ පහත වීඩියෝවෙන් බලන්න...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top