Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
29
"මට විශ්වාසයක් තිබුණා මගේ පුතා පණපිටින් කියලා" - සුනාමියෙන් අතුරුදන් වූ සිය පුතු වසර 16කට පසු හමුවීමේ සතුට ගැන හමාලියා දිගහරින ඇගේ කතාව - Video

- "මට විශ්වාසයක් තිබුණා මගේ පුතා පණපිටින් කියලා" - සුනාමියෙන් අතුරුදන් වූ සිය පුතු වසර 16කට පසු හමුවීමේ සතුට ගැන හමාලියා දිගහරින ඇගේ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,288 Views
මම මගේ පුතාව හැම තැනම හෙව්වා. නොගිය තැනක් නැහැ
පුතා දැනගත්තා එයාගේ අම්මා මම තමයි කියලා
 
මව් සෙනෙහසට නිම් හිම් නැහැ.
 
මේ ඒ අසීමාන්තික මව් සෙනෙහසේ තරම කියා පාන තවත් නිදසුනක්.
 
මේ සුනාමියෙන් අතුරුදන් වූ සිය පුතු වසර 16කට පසු හමුවීමේ සතුට අප සමඟ බෙදාගත් දිරිය මවකගේ කතාවයි.
 
දිනය 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා....
 
ස්ථානය අම්පාර මුහුදුබඩ ප්‍රදේශය..

වෙනදා මෙන්ම උදෑසන 9 පසුවී විසිපස්වැනි විනාඩිය ගතවන තෙක් මෙරට තුළ පැවතියේ ඉතාමත් සාමාන්‍ය තත්ත්වයක්.
 
නමුත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ ගැඹුරු මුහුදේ සිදුවු දරුණු  රික්ටර් මාපක 9.1ක ප්‍රබලත්වයෙකින් යුත් දරුණු භූකම්පනයකින් වියරු වැටුණු සයුර ගොඩබිමට කඩාවදිනවා.
සුනාමිය...
 
හදිසියේ හිස මත කඩා වැටුණු මේ මහා ව්‍යසනයෙන් වෙරළබඩ ජීවත්වන බොහෝ දෙනෙකුට සිය ආදරණියයන් අහිමි වුණේ සිතා ගැනීමටත් ඉඩක් නොතබමින්.
 
සමන්තුරේ ජීවත්වු අබුසාලි සිත්ති හමාලියාගේ පවුලද එහි බලපෑමට ලක්වනවා.
 
එහිදි ඇගේ අවුරුදු 5ක රාසීන් මොහොමඩ් අක්‍රම් රිස්කාන් පුතු අතුරුදන් වනවා.
 
කෙසේ වෙතත් තම පුතු සොයන ගමන නතර නොකරන හමිලියාට වසර 16 කට පසු සිය සටන ජයගන්නේ ප්‍රාතිහාර්යයක් මෙන්.
 
ඒ ඇය සේවය කළ රෝහලේ සේවිකාවකගේ මාර්ගයෙන් ලද තොරතුරකට අනුවයි.
 
මේ හමාලියා දිගහරින ඇගේ කතාවයි.
 
"මම අම්පාර රෝහලක සාත්තු සේවිකාවක් විදිහට තමයි සේවයේ යෙදෙමින් සිටියේ.
සුනාමි එන වෙලාවේ මම හිටියේ රෝහලේ.
ආයෙත් ගෙර එනකොට මගේ පුතා හිටියේ නැහැ ගෙදර. මම කලබලවෙලා රෝහලට ගියා.
මට විශ්වාසයක් තිබුණා මගේ පුතා පණපිටින් කියලා.
එතකොට මං දැනගත්තා මගේ පතා ජීවතුන් අතර කියලා.
රෝහලේ ලිස්ට් එකේ මගේ පුතාගේ නම තිබ්බා ඒත් ඒ වෙනකොට මගේ පුතාව කවුරුහරි අරං ගිහින්.
ඊට පස්සේ මම මගේ පුතාව හැම තැනම හෙව්වා. නොගිය තැනක් නැහැ."
 
සුනාමියෙන් වසර 16කට පසුව ඇයට තම අතුරුදන්ව සිටි දරුවා ගැන තොරතුරක් ලැබෙන්නේ ඔහු අම්පාර ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන බවටයි.
 
"මං විදුහල්පතිතුමාට කිව්වාට ඔහු පිළිගත්තේ නැහැ.
එත් මම මගේ උත්සහය අත්හැරියේ නැහැ. පස්සේ මට පුළුවන් වුණා මගේ පුතා ඉන්න නිවස සොයා ගන්න."
 
ඒ වනවිට සිංහල පවුලක් හැදී වැඩෙමින් සිටි තම පුතුට දෙමළ භාෂාව කතාකිරීමට හැකියාවක් නොතිබුණු බවත් ඇයට සිංහල නොතේරීම හේතුවෙන් තම පුතු සමග අදහස් හුවමාරු කර ගැනීමට ඇය ට නොහැකි වූ බවත් ඇය පැවසුවා.
 
පසුව සිය නිවසට ගිය හමාලියා, මේ වන විට 21වැනි වියේ පසුවන මොහොමඩ් අක්‍රම්ට දුරකථනයෙන් යළි අමතා ඔහුගේ සිරුරේ ඇති "උපන් ලප සහ සලකුණු" ගැන විමසා තිබෙනවා.
 
"ඊට පස්සේ පුතා දැනගත්තා එයාගේ අම්මා මම තමයි කියලා. ඉන් දින කිහිපයකට පස්සේ මගේ පුතා මාව සොයාගෙන සමන්තුරේ ට ආවා. මට කියාගන්න බැරි සතුටක් තියෙන්නේ."
 
වසර 16කට පසුව තම මව සොයා පැමිණි රාසීන් තම හඬ අවදි කළේ මෙලෙසින් 
 
රාසීන් මොහොමඩ් අක්‍රම් රිස්කාන්
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top