Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
29
“මම තාම දුප්පත් වෙලා නැහැ. මට තාම ජීවත් වෙන්න හයිය තියෙනවා...” - සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් යොමු කළ චෙක් පත ආපසු එවමින්, සොඳුරු මනුෂ්‍යත්වය විදහා පෑ, ආදරණීය ටෙනිසන්ගේ මෙතෙක් හෙළි නොවූ කතාවක් - Video & Photos

- “මම තාම දුප්පත් වෙලා නැහැ. මට තාම ජීවත් වෙන්න හයිය තියෙනවා...” - සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් යොමු කළ චෙක් පත ආපසු එවමින්, සොඳුරු මනුෂ්‍යත්වය විදහා පෑ, ආදරණීය ටෙනිසන්ගේ මෙතෙක් හෙළි නොවූ කතාවක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,020 Views
“මාව හිනස්සපු මිනිස්සු අඬනවා ඇති.. මම මොනාද කරන්න ඕනේ..?”
 
“මගේ උපන්දිනේ අහවල් දවසේ, මම මොනා කළොත් හොඳයිද ?”
 
“ඔහු තරමක් වේගයෙන් වගේම හිත් අමනාපයෙන් කතා කළා..”
 
සිනහවෙන් වේදිකාවත්, රිදී තිරයත් වර්ණවත් කළ ටෙනිසන් කුරේ රංගන ශිල්පියා, ඊයේ (28) දින අප අතරින් සඳහටම සමුගත්තා.
 
1952 වසරේදී මොරටුව ප්රදේශයේ උපත ලද ටෙනිසන් කුරේ මෙතෝදිස්ත පාසලේ ආදි සිසුවෙක්. 1984 වසරේ සිනමා තිර පිටපත් රචනය සඳහා චිත්රපට අධ්යක්ෂ දිනේෂ් ප්රියසාද් සමග ඔහු තම වෘත්තීය ජීවිතය ආරම්භ කළා.

රෑ ඩැනියෙල් දවල් මිගෙල්, චෙරියෝ ඩාලිං, සොමි බෝයිස්, කොලොම්පූර්, වැඩබැරි ටාසන් හා පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු චිත්රපට 150 කට වැඩි ප්රමාණයකට රංගනයෙන් දායක වූ ටෙනිසන් කුරේ සිනමාවට පිවිසුණේ 1986 වසරේ තිරගත වූ පෙරළිකාරයෝ චිත්රපටයෙන්.
 
මේ අතර ටෙනිසන් කුරේ රංගනවේදියාගේ හදිසි වියෝව ගැන කියමින්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු වැඩබලන සභාපතිවරිය වන අනූෂා ගෝකූල සංවේදී සටහනක් ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා.
 
එමෙන්ම ජනප්රිය ගායන ශිල්පියෙකු වන නිහාල් නෙල්සන් කලාකරුවාද ඔහුගේ ගිණුමට ටෙනිසක් කුරේ සමඟ සිටින ඡායාරූපයක් එක් කර තිබුණා.
 
අනුෂා ගෝකූලගේ එම සටහන පහතින්...
 
අද ටෙනිසන් කුරේ රන්ගනවේදියා අප අතරෙන් වෙන්වෙලා.ඒ සුන්දර ආදරනීය මිනිසා ගැන මම දන්න දේ ලියන්නම ඕනැ.මගෙ හිත මට බල කරනවා.
 
ඔහු ගැන සිද්දි 3ක් විතරක් මම ලියන්නම්.

01.දවසක් ටෙනිසන් මහත්තයා මාව මුනගැහෙන්න සන්ස්කෘතික දෙපාර්තමේන්තුවට ආව.මාව මුනගැහෙන්න බොහෝ දෙනා එන්නෙ මොනව හරි ඉල්ලන්න.ඒත් මේ ආදරනීය සහුර්දයා පැමිනියේ වෙනත් දෙයකට ඔහු බොහෝ දේ කියන අතරෙ මගෙන් ඇහුවා,"මගෙ උපන්දිනේ අහවල් දවසේ මම මොනව කලොත් හොදද?" ඔහු ආවෙ තිලක් ද මෙල් මහතා සමග.මම කිව්වා අපි ඇදගතව ඉන්න කලාකරුවන් කිහිප දෙනෙකුට උදව් කරමු කියලා.ටවර් හෝල් රගහලේ ඒ දෙය කලා.බොහෝ දෙනා ඔහුට ඒට උදව් කලා.ඔහු එය උපන්දිනේට විතරක් නොවේ ඔහුට හැකි හැම විටම කලා.
 
02.ගන්වතුර ඇතිඋන වෙලාවක මට උදේම කෝල් එකක්."මම හිනස්සවපු මිනිස්සු අද අඩනව ඇති.මම මොනව හරි කරන්න ඕන.අදහසක් දෙන්නකෝ.ඔහුට මම අදහසක් කිව්වා .පාසල් දරුවෝ සිය දෙනෙකුට පොත්,පැන්සල්,බෑග්, සපත්තු අරගන කලුතරට ගිහින් එතුමාම බෙදුවා.
 
03.දවසක් ටෙනිසන් මහතා අසනීපෙන් කියල තිලක් මහතා මට කිව්වා.කලාකරුවෝ අසනීප උනාම අපි ආධාර දෙන ක්රමයක් තිබුනා.එය විදිමත්ව ක්ශනිකව දෙන ආදාරයක්.
මම ටෙනිසන් මහතාටත් ආධාර මුදල යැව්වා.ඔබට හිතාගන්නත් බැරි වේවි.මට ඔහු කතා කලා.ඔහු තරමක් වේගයෙන් හිත් අමනාපයෙන් වගේ මට කතා කලා." මම තාම දුප්පත් වෙලා නැහැ.මට තාම ජීවත් වෙන්න හය්ය තියෙනවා.මේ චෙක් එක මම ආපහු එවනවා.ඔහු එය ආපහු එව්වා.තිලක් මහත්තයට හොදටම බැනලාබැනලා.මට කරදර කලා කියලා.
 
මට මේ ආදරනීය සොදුරු මනුස්ස කමෙන් පිරිච්ච කලාකරුවා ගැන තියෙන්නෙ පුදුමාකාර ආඩම්බරයක්.
ඔහු විහිලුවෙන් අපි හිනැස්සුවට ඔහුගේ ජීවිතය විහිලුවක් නොවෙ.හොද ආදරනීය පව්ල් ජීවිතයක්,සාර්තක දරුවෝ.
ඒ විතරක් නොවෙ ඔහුට ජීවන දර්ශනයක් තිබුනා.ප්රතිපත්තියක් තිබුනා.
නිවන් දකින්න කියන්න ලෝබ හිතෙනව.අපි පෘතග්ජන නිසා.නිවන් දකින්න පෙර තව එක පාරක් සන්සාර ගමනෙදි දුක්විදින මිනිසුන් වෙනුවෙන් අප අතර ඉපදෙන්න.

නිවිච්ච ,හැදිච්ච,පිරිච්ච ජනසමාජයක් ගොඩනගන්න ඔබ නිහඩව අපට කල උදව් උපකාර කිසිදා අමතක නොවේ.
ඔබ සදා නොමියෙන සොදුරු මිනිසෙකි.මානව සමාජයට උපරිමව සැබෑවටම අවන්කව ආදරය කල සැබෑම මිනිසෙකි.
මරනින් මතු ඔබේ දිවිය ඔබ පැතූ අයුරුම වේවි.
විශ්ව ශක්තිය ඔබ සමගම බව මම තරයේම අදහමි.

අනූෂා ගෝකුල ප්
රනාන්දු




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top