Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
29
“මගේ මිනිය පුච්චන්න.. කැම්පස් එකේ කිසිම ළමෙක්ට මගේ අවමංගල්‍යයට සහභාගි වෙන්න ඉඩ දෙන්න එපා..” - නවක වදය නිසා මෙතෙක් දිවි අහිමි වූ පිරිස 14 යි, කවුරුත් නොදන්න බිහිසුණූ නවක වදයේ අමානුෂික කතාන්දරය - Photos

- “මගේ මිනිය පුච්චන්න.. කැම්පස් එකේ කිසිම ළමෙක්ට මගේ අවමංගල්‍යයට සහභාගි වෙන්න ඉඩ දෙන්න එපා..” - නවක වදය නිසා මෙතෙක් දිවි අහිමි වූ පිරිස 14 යි, කවුරුත් නොදන්න බිහිසුණූ නවක වදයේ අමානුෂික කතාන්දරය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,095 Views
“මට යම් කිසි උරුමයක් තියෙනවා නම් ඒ සියල්ල පිළිකා රෝහලට පරිත්යාග කරන්න..”
 
“උඩු මහලෙන් බිමට පැන සදාකාලයටම අබාධිත වූ රූපාගේ කතාව..”
 
“ඉතින් මම මේසයට උඩට නැඟලා සම්පූර්ණයෙන් ගීතයක් ගායනා කළා..”
 
“මෙතන ඉඳලා අර පේන මල් රවුම ගාවට යන­කල් පස්ස පැත්තෙන් ලිය­පිය නම. මේ අහගං, පාර රූල විදි­හට හිතපං. රූල පිරෙන්ඩ අකුරු ලියන්න ඕනෑ. ලියන අකුරු මට තේරෙ­න්නත් ඕනෑ. ලියන ගමං තෝ ඒවා හයි­යෙන් කියන්ඩ ඕනෑ. අන්තිම අකුර මල් රවුම ළඟින් ඉවර වෙන්න ඕනෑ”
 
යනු­වෙන් විශ්ව විද්යා­ල­යට පිවි­සෙන නව­ක­යන්ට නව­ක­ව­දය දෙන අයුරු සඳ­හන් වී තිබුණේ සරත් විජේ­සූ­රි­යගේ ‘තක්ස­ලාවේ නිය­ඟය’ කෙටි­ක­තා­වේය.

තක්ස­ලාවේ නිය­ඟය කෙටි­ක­තාව මගේ මත­ක­යට නැගුණේ කාල­යෙන් කාල­යට හිස ඔස­වන සර­සවි නව­ක­ව­දය නැව­තත් කර­ළි­යට පැමි­ණී­මත් සම­ඟිනි.
 
මෙවර එය වාර්තා වන්නේ පේරා­දෙ­ණිය සර­ස­වියේ ඉංජි­නේරු පීඨ­යෙනි. ඉංජි­නේරු පීඨයේ 2 වැනි වසරේ සිසුන්ගේ අධ්ය­යන පාඨ­මා­ලාව පසු­ගිය 16 වැනිදා සිට තාව­කා­ලි­කව නවතා දමා තිබෙන්නේ දෙවැනි වසරේ සිසුන් පළමු වසරේ සිසුන්ට නව­ක­ව­දය දීමේ සිදු­වීම් සලකා බැලී­මෙන් පසු­වය.
 
දෙවැනි වසරේ සිසුන්ට නේවා­සි­කා­ගා­ර­ව­ලින් පවා ඉවත් වන ලෙස දන්වා ඇති අතර පළමු වසරේ සිසුන්ට සහ දෙවැනි වසර හැර සෙසු අධ්ය­යන වර්ෂ­වල සිසුන්ට අධ්ය­යන කට­යුතු සාමාන්ය පරිදි පැවැත්වේ.
 
නව­ක­ව­දය හෙවත් ‘රැග්’ හේතු­වෙන් සර­සවි වසා දැමුණු අවස්ථා අපට අස­න්නට ලැබෙන්නේ වරක් දෙව­රක් නොවේ. වර්ත­මා­නයේ එය සාමාන්ය සිද්ධි­යක් බවට පත්වී ඇත. සිදු­වන එකම වෙනස එය පේරා­දෙ­ණිය, කැල­ණිය, රුහුණ, සබ­ර­ග­මුව, වයඹ, රජ­රට යනාදී වශ­යෙන් වෙන­ස්වීම පමණි.
 
ලංකාවේ විශ්ව­වි­ද්යාල ආර­ම්භ­යත් සමඟ ‘රැග්’ හෙවත් නව­ක­ව­දය දක්නට ලැබුණ බව වාර්තා වුවත් එකල ලබා­දුන් නව­ක­ව­දය අමා­නු­ෂික නොවූ බව පැරැ­න්නන්ගේ මත­යයි.
 
නොගැ­ළ­පෙන වර්ණ­ව­ලින් සාරි හා හැට්ට ඇඳීම, ටයි පටිය බෙල්ල පිටු­ප­සට කර ගැට ගැසීම, පොත් හිස මත තබා­ගෙන යෑම, සපත්තු කරේ එල්ලා­ගෙන යෑම, නාට්ය ජව­නි­කා­වක් රඟ­දැ­ක්වීම වැනි නව­ක­වද තුළින් එදා ජ්යෙෂ්ඨ­යන් මෙන්ම නව­ක­යන් ද විනෝ­දා­ස්වා­ද­යක් ලබා තිබේ.
 
“මම පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්යා­ල­යට ගියේ 1957 දී. ඒ කාලේ මට රැග් එකට දුන්නේ ගීත­යක් ගායනා කරන්න. ඉතින් මම මේසය උඩ නැගලා ප්රේම­යෙන් මන­රං­ජිත ‌ෙව් ගීතය සම්පූ­ර්ණ­යෙන් ගායනා කළා. මම කියපු සින්දුව අහපු ජ්යෙෂ්ඨ­යන් කිව්වා මූ නම් කව­ද­හරි ෆස්ට් ක්ලාස් එකක් ගහ­නවා කියලා” යනු­වෙන් එදා තිබූ නව­ක­ව­දය ගැන සිහි­පත් කළේ සම්මා­නිත මහා­චාර්ය ජේ.බී. දිසා­නා­ය­කය.
 
මීට අම­ත­රව නව­ක­ව­දය මුවා­වෙන් තම සිතැ­ගි­ව­ලට මග පාදා ගත් ආකා­රය ගැන ද ඔහු විස්තර කළේ කොක් හඬලා සිනා­සෙ­මිනි.
 
“ඒ කාලේ ජ්යෙෂ්ඨ­යන් අපිට මලක් දීලා ගෑනු ළම­ය­කුව පෙන්නලා කිය­නවා ඒ මල දීලා නම අහ­ගෙන එන්න කියලා. මම ජ්යෙෂ්ඨ­යන් මට කිව්වෙ නැති­වත් බොරු­වට මලක් අර­ගෙන මම කැමැති ගෑනු ළම­ය­කුට දීලා නම අහ­ගෙන කතා කරලා එනවා” යනු­වෙන් පැවසූ සම්මා­නිත මහා­චාර්ය ජේ.බී. දිසා­නා­යක අතී­තා­ව­ර්ජ­නය කර­මින් එය ආස්වා­ද­නය කළේය.
 
එහෙත් අද වන­විට නව­ක­ව­දය සැබැ­වින් ම නව­ක­යන්ට වද­යක් වී ඇත. අද එය ක්රෑර වද හිංසා සහ අමා­නු­ෂික තාඩන පීඩන දක්වා විතැන් වී තිබේ. අද නව­ක­ව­දයේ විනෝ­ද­යක් නැත. ඇතැම් විට නව­ක­ව­දය කෙළ­වර වන්නේ මර­ණ­යෙනි. නව­ක­ව­දය හේතු­වෙන් සදා­කා­ලික ආබා­ධිත තත්ත්ව­යට පත්වී එම නිසාම මර­ණය වැල­ඳ­ගත් සිදු­වී­මක් වශ­යෙන් මුල් වරට අස­න්නට ලැබුණේ රූපා රත්න­සී­ලිගේ සිද්ධි­යයි.
 
කර­න්දෙ­ණිය මහ­ඒ­දණ්ඩ ග්රාමයේ පදිංචි රූපා රත්න­සීලි පේරා­දෙ­ණිය කෘෂි­කර්ම පීඨ­යට ඇතු­ළත් වූයේ 1975 වස­රේදී ය. නව­ක­ව­දය දීමට ජ්යෙෂ්ඨ­යන් පැමි­ණෙන විට ඔවු­න්ගෙන් බේරීම සඳහා රාම­නා­දන් නේවා­සි­කා­ගා­රයේ උඩු මහ­ලින් බිමට පැන ගත් ඈ රෝද පුටු­වට වැටුණේ සදා­කා­ලික ආබා­ධි­ත­යකු වෙමිනි.
 
ඇගේ සර­සවි සිහි­නය බොඳ විය. බලා­පො­රොත්තු සුන් වීමෙන් ඇති වූ කන­ස්සල්ල හේතු­වෙන් ම අව­සා­නයේ දී ඈ 2002 වසරේ රෝද පුටු­වෙන් ම ගොස් ළිඳට පැන සිය දිවි හානි කර­ග­ත්තාය.
 
පේරා­දෙ­ණිය සර­ස­වියේ ඉංජි­නේරු පීඨයේ නවක ශිෂ්ය වර­ප්ර­කාශ් මිය ගියේ නව­ක­ව­දයේ දී ලැබූ දරුණු වද හිංසා හේතු­වෙනි. ඒ 1997 දී ය. රුහුණු සර­ස­වියේ දමින්ද පුංචි­හේවා සහ කැලුම් තුෂාර වනි­ග­තුංග නව­ක­ව­ද­යට භාජ­නය වී දිවි අහිමි වූ තවත් දෙදෙ­නකි.
 
2015 වස­රේදී පන්නි­පිටියේ පදිංචි අමාලි චතු­රිකා ගෙල වැල­ළා­ගෙන මිය ගියේ නව­ක­ව­දය නිසා ඇතිවූ මාන­සික ව්යාකූ­ල­තාව නිසාය.


 
සබ­ර­ග­මුව විශ්ව විද්යා­ලයේ 2 වැනි වසරේ ඉගෙ­නුම ලැබූ අමාලි චතු­රිකා මිය යෑමට පෙර ලිපි­යක් ලියා ඇගේ මෘත­දේ­හය බැලී­මට සබ­ර­ග­මුව සර­ස­වියේ ළමුන්ට ඉඩ නොදෙන ලෙස ඉල්ලී­මක් කර තිබී­මෙන් සබ­ර­ග­මුව විශ්ව­වි­ද්යා­ලයේ නව­ක­ව­ද­යෙන් ඈ ලැබූ පීඩාව මනාව ගම්ය වේ.
 
මෙම කාල­කණ්ණි නව­ක­ව­දය නිසා දිවි අහි­මිවූ අය 14 කි. 2015 – 2016 වසරේ නවක සිසු සිසු­වි­යන් 1352 ක් ද 2016 – 2017 වසරේ 637 ක් ද 2017 – 2018 වර්ෂයේ 2000 ක් ද සර­සවි හැර ගොස් සිටින්නේ නව­ක­ව­දය නිසා ය.
 
මෑත භාගයේ සංඛ්යා­ලේ­ඛ­න­වල මෙසේ සට­හන් වුව ද 1970 වසරේ සිට 2000 වසර දක්වා වර්ෂ 30 ක කාලය මුළුල්ලේ නව­ක­ව­දය නිසා සර­සවි හැර ගොස් සිටින පිරිස 108 ක් බව මහා­චාර්ය නන්ද­සේන රත්න­පාල සිය වාර්තා­වක පෙන්වාදී තිබේ.
 
ඔහුගේ සමී­ක්ෂණ වාර්තා­වට අනුව මෙකී දශක තුනක කාලය පුරා බර­ප­තළ ආකා­ර­යට නව­ක­ව­ද­යට ගොදු­රුවූ ශිෂ්ය පිරිස 1097 කි.
 
රුහුණු සර­ස­වියේ නව­ක­ව­දය ඉවසා ගත නොහැ­කිව විද්යා පීඨයේ සුපුන් සිසුවා ආපන ශාලාවේ ජනේ­ල­ය­කින් අඩි 20 ක් පහ­ළට පැනී­මෙන් බර­ප­තළ තුවාල ලබා මාතර රෝහ­ලට ඇතු­ළත් කළ පුව­තක් වාර්තා වූයේ 2007 දීය. ඊට අම­ත­රව ජ්යෙෂ්ඨ­යන්ගේ පහ­ර­දීම් හේතු­වෙන් නවක සිසුන් 5 දෙනකු මාතර රෝහ­ලට ඇතු­ළත් කර තිබුණේ එම කාල­යේ­දී­මය.
 
මේ ආකා­ර­යට නවක වද­යට ගොදු­රු­වීම නිසා රෝහ­ල්ගත කරනු ලබන නවක සිසුහු සහ ආබා­ධිත තත්ත්ව­යට පත්වන සිසුහු අප අතර සිටිති. පසු­ගිය වසරේ ජ’පුර සර­ස­වියේ අධ්යා­ප­නය ලැබූ නවක ශිෂ්ය පසිඳු හිරුෂාන්ගේ හිසට ටය­ර­යක් පෙර­ළී­මෙන් ඔහු තව­මත් ආබා­ධිත තත්ත්වයේ පසු­වෙයි.
 
ආණ­ම­ඩුව සම­ගි­ගම පදිංචි උළු­ව­ඩුගේ අසංක සම්පත් බණ්ඩාර යාප­නය විශ්ව­වි­ද්යා­ලයේ කළ­ම­නා­ක­රණ පීඨ­යට තේරුණු නමුදු සර­සවි අධ්යා­ප­න­යට ආයු­බෝ­වන් කීවේ නව­ක­ව­ද­යේදී ලැබූ දරුණු වද හිංසා ඉවසා ගත නොහැකි නිසාය.
 
රුහුණු සර­ස­වියේ වත්සලා කුමු­දුනී ද සිල්වා ස්නායු ආබා­ධ­ය­කට ලක්වූයේ නව­ක­ව­දය නිසාය.



නව­ක­ව­දය ලබා­දුන් ජ්යෙෂ්ඨ සිසුන් හඳු­නා­ගෙන පොලිස් අත්අ­ඩං­ගු­වට පත් කර උසාවි දමා ඔවුන්ට දඬු­වම් දුන් අවස්ථා ද අස­න්නට ලැබේ. නව­ක­ව­දය පාල­නය කර ගැනී­මට නොහැ­කිව විශ්ව­වි­ද්යා­ල­වල අධ්ය­යන කට­යුතු නවතා දමන අවස්ථා ද තිබේ.
 
ඇතැම් විට විශ්ව­වි­ද්යාල ආචා­ර්ය­ව­රුන් අධ්ය­යන කට­යු­තු­ව­ලින් ඉව­ත්වන්නේ නව­ක­ව­දය දෙන සිසුන්ට පාඩ­මක් කියා දීම­ටය. එහෙත් ඔවුන් පාඩම් ඉගෙ­න­ගන්නා පාටක් නැත. නවක වද­යට ගොදුරුවූ ඛේද­නීය සිදු­වීම් සහ සර­සවි හැර යන සිසුන් දිනෙන් දින වැඩි­වෙන්නේ එබැ­විනි.
 
සර­සවි වසා දැමී­මෙන් සිසුන්ගේ අධ්යා­පන කට­යුතු අඩ­පණ වීම ගැන නව­ක­ව­දය දෙන සිසුන්ට වගක් නැත. ඔවුන්ගේ ශිෂ්ය භාවය අහෝසි කිරීම වැනි දඬු­වම් දුන්විට සිදු කරනු ලබන එකම ක්රියා­මා­ර්ගය ශිෂ්ය­භා­වය ලබා­දෙන ලෙස හෝ පංති තහ­නම ඉවත් කරන ලෙස ඉල්ලා වර්ජ­නය කිරීම සහ උද්ඝෝ­ෂ­ණය කිරීම පමණි.
 
නව­ක­ව­දය බ්රිතාන්ය, ප්රංසය, ඇමෙ­රි­කාව වැනි රට­ව­ල්වල දක්නට ලැබුණේ මීට යුග ගණ­නා­ව­කට පෙරය. 1820 දී ලන්ඩන් නුවර කින්ග්ස් විද්යා­ලයේ නව­ක­යන් පිළි­ගැ­නී­මේදී උසුළු විසුළු කර ජල පහර ගැසූ බවට වාර්තා වේ.
 
අප්රි­කානු ගෝත්රි­ක­යන් ළම­යකු තරු­ණ­යකු බවට පත්වී­මේදී සුළු සුළු උසුළු විසුළු ස්වරූ­පය රැගත් යාතු කර්ම (ritual) කළ අතර එම යාතු කර්ම­වල ලක්ෂණ බ්රිතා­න්යයේ නව­ක­ව­දය තුළ තිබූ බව මහා­චාර්ය නන්ද­සේන රත්න­පාල සඳ­හන් කර ඇත.
 
අමා­නු­ෂික වද හිංසා ඇතු­ළත් නව­ක­ව­දය බිහිවී තිබෙන්නේ පීඩ­නය හා සමා­ජා­නු­යෝ­ජ­නයේ දුර්ව­ලතා නිසා බව ඔහු තව­දු­ර­ටත් දක්වා තිබේ. අතී­තයේ දරු­වන් නිදැල්ලේ හැදී වැඩී කෙළි­දෙ­ළෙන් කාලය ගත කර­මින් අධ්යා­ප­නය ලැබූ­වත් වර්ත­මා­නයේ දරු­වන් ජීවත් වන්නේ නිද­හස සීමා වූ වට­පි­ටා­ව­කය.
 
ඉගෙ­නුම ලබන්නේ තර­ග­කාරී අධ්යා­පන ක්රම­යක සිර­ගත වීමෙනි. අනේ­ක­විධ දුක් කම්ක­ටොලු මැද විශ්ව­වි­ද්යා­ල­යට පිවි­සු­ණත් බෝඩිම් ප්රශ්න, ආහාර ප්රශ්න වැනි දහ­ස­කුත් ප්රශ්න මැද අධ්යා­ප­නය ලබන සර­සවි සිසුන් පිරි­සක් ද සිටිති.
 
ඔවුන්ගේ පීඩ­නය හා සමා­ජා­නු­යෝ­ජ­නයේ අඩු­පාඩු ඉහළ යන­විට නව­ක­ව­දය ද කුරිරු අමා­නු­ෂික වද­යක් ලෙස වර්ධ­නය වන බව මහා­චාර්ය නන්ද­සේන රත්න­පාල පැහැ­දිලි කර තිබේ.
 
නව­ක­ව­ද­යට එරෙහි වන්නන්ට අත්වි­ඳි­න්නට සිදු­වන වද හිංසා ද සුළු­පටු නැත. ජය­ව­ර්ධ­න­පුර සර­ස­වියේ දෙවැනි වසරේ ඉගෙ­නුම ලැබූ ඕ.වී. සමන්ත 2002 වසරේ මර­ණ­යට පත්වූයේ නව­ක­ව­දය දීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් දෙපි­රි­සක් අතර ඇතිවූ ගැටු­ම­කිනි. නව­ක­ව­ද­යට විරු­ද්ධවූ පේරා­දෙ­ණිය සර­ස­වියේ දෙවැනි වසරේ වෛද්ය සිසුන් දෙදෙ­න­කුට මැර ප්රහා­ර­යක් එල්ල වීමෙන් පේරා­දෙ­ණිය රෝහ­ලට ඇතු­ළත් කළ ප්රවෘ­ත්ති­යක් 2009 සැප්තැ­ම්බර් 04 දින පුව­ත්ප­ත්වල පළ විය.
 
නව­ක­ව­දයේ ඇති කෲර­ත්වය සහ අමා­නු­ෂි­ක­ත්වය නිසාම එය වැළැ­ක්වීමේ අර­මු­ණින් 1998 අංක 20 දරන පනත ගෙන එනු ලැබීය. පනතේ දීර්ඝ සට­හනේ දැක්වෙන ආකා­ර­යට අධ්යා­පන ආය­ත­න­ව­ලින් නව­ක­ව­දය සහ වෙනත් ස්වරූ­පයේ සාහ­සික ක්රියා ද කෲර අමා­නු­ෂික සහ නින්දිත සැල­කීම් ද තුරන් කිරීම සඳහා වූ පන­තක් ලෙස දක්වා ඇත.
 
පනතේ අර්ථ දැක්වී­මට අනුව නව­ක­ව­දය යනු අධ්යා­පන ආය­ත­න­යක ශිෂ්ය­ය­කුට හෝ කාර්යය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­ය­කුට ශාරී­රික හෝ මාන­සික හානි­යක් හෝ මාන­සික වේද­නා­වක් හෝ බියක් සිදු කරන හෝ සිදු කිරී­මට ඉඩ ඇති යම් ක්රියා­වකි. 1978 අංක 16 දරන විශ්ව විද්යාල පනත යට­තට ගැනෙන සිය­ලුම උසස් අධ්යා­පන ආය­තන මීට අදා­ළවේ.
 
මෙම පනතේ 2 වැනි වග­න්තිය අනුව මහේ­ස්ත්රා­ත්ව­ර­යකු ඉදි­රියේ පව­ත්වන නඩු විභා­ග­ය­කින් වසර 2 – 10 දක්වා සිර­ද­ඬු­වම් නියම කිරීමේ බල­යක් තිබේ. එසේම වින්දි­ත­යන්ට වන්දි මුදල් ලබා­ගැ­නී­මට ද හැකි­යාව ඇත.
 
නව­ක­ව­දයේ ම්ලේච්ඡ­ත්වය ගැන නිර­න්ත­ර­යෙන් අස­න්නට දකි­න්නට ලැබෙන කාල­යක බුද්ධිය පරීක්ෂා කළ අපූරු නව­ක­ව­ද­යක් ගැන ටික කල­කට පෙර වාර්තා­වූයේ පේරා­දෙ­ණිය සර­ස­වි­යෙනි.

කිරි­ඳි­වැල රදා­වානේ සිට සර­ස­වි­යට ගිය සිසු­වි­යක මෙයට මුහු­ණදී තිබිණි. ඇගේ ගම රදා­වාන යැයි කිව් විට ජ්යෙෂ්ඨ සිසුන් විසින් රදා­වානේ උපන් මහ­ග­ම­සේ­කර, කේ. ජය­ති­ලක සහ කන්නි­ම­හර සුමං­ගල හිමි ගැන ප්රශ්න කර ඇත.
 
ඉන් අන­තු­රුව සේකර සහ කේ. ජය­ති­ලක රචනා කළ කෘති නම් කරන ලෙස දන්වා තිබේ. කේ. ජය­ති­ලක ලියූ චරිත තුනක් නව­ක­තාවේ නම එකී ටෙලි­නාට්ය නැරඹූ නිසා මත­කයේ තිබී පැව­සුව ද මහ­ග­ම­සේ­ක­රගේ කිසිම කෘති­යක නමක් ඇයට කියා ගැනී­මට හැකිවී නැත. අව­සා­නයේ දී ජ්යෙෂ්ඨ­යන් ඇයට පවසා තිබෙන්නේ සේක­රගේ පොත්වල නම් ඇක්ස­යිස් පොතක සට­හන් කර නොගෙන විශ්ව­වි­ද්යා­ලය පැත්ත­ට­වත් නොපැ­මි­ණෙන ලෙස­ටයි.
 
ඈ සිය ගමේ පිහිටි කේ. ජය­ති­ලක අනු­ස්ම­රණ පුස්ත­කා­ලය වෙත ගොස් තිබුණේ නවක වද­යෙන් බේරී­ම­ටත් වඩා ඈ කෙරෙහි උපන් ලැජ්ජා­වෙන් බව ඈ එහි සේව­ක­යකු සමඟ පැව­සී­මට තරම් නිහ­ත­මානී වූවාය.
 
එහෙත් මෙවැනි සුන්දර නව­ක­වද ගැන වර්ත­මා­නයේ අස­න්නට නොලැ­බෙන තරම්ය. ඒ වෙනු­වට නිර­න්ත­ර­යෙන් අස­න්නට ලැබෙන්නේ අශී­ලා­චාර, නින්දිත නවක වද­ය­න්මය. විශ්ව විද්යාල අධ්යා­ප­නය දින නිය­ම­යක් නොමැ­තිව කල් ගත වන­විට පිටු­ප­සට යැවෙන්නේ සර­සවි දරු­වන්ගේ තරුණ ජීවිත නොවේද?
 
සුළු පිරි­ස­කගේ අමා­නු­ෂික ක්රියා­වන් නිසා සමස්ත විශ්ව­වි­ද්යාල ප්රජා­ව­ගේම ජීවිත ‘රැග්’ විය යුතු නැත. ආර­ක්ෂක අංශ විසින් විශ්ව­වි­ද්යාල තුළ බුද්ධි අංශ නිල­ධා­රීන් යෙද­වී­මට තීර­ණය කර තිබෙන්නේ එබැ­විනි.
 
පාතාල මර්ද­නය සහ මත්කුඩු මර්ද­නය සඳහා පිය­වර ගත් ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ විසින් ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාට දන්වා තිබෙන්නේ විශ්ව­වි­ද්යාල තුළ පිළි­ල­යක් ලෙස වර්ධ­නය වන නව­ක­ව­දය නැවැ­ත්වී­මට ක්රියා­මාර්ග ගන්නා ලෙස­ටය.
 
විශ්ව විද්යාල යනු ඊට ආවේ­ණික සංස්කෘ­ති­යක් සහිත නිද­හස් තැනකි. මෙම නිද­හස වල්බූරු නිද­හ­සක් බවට පත් කර ගත්තේ සර­සවි සිසු­න්ගෙන් අත­ළො­ස්සක් දෙනාය. විශ්ව විද්යාල පද්ධ­ති­යට රාජ්ය බුද්ධි අංශ නිල­ධා­රීන් මැදි­හ­ත්වන්නේ ඔවු­න්ගේම වර­දිනි.
 
අනා­ග­ත­යේදී ම්ලේච්ඡ නව­ක­ව­ද­යට වැට බැඳෙන තෙක් සමස්ත ජන­තා­වම දෑස් දල්වා බලා සිටින්නේ ඔවුන්ගේ දරු­වන්ගේ අනා­ග­තය සුබ­දායි අනා­ග­ත­යක් කර ගැනීමේ අපේ­ක්ෂා­වෙනි.

හර්ෂා සුගතදාස විසින් ලියූ ලිපියකි.
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "සිළුමිණ" පුවත්පතෙන්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top