Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
28
"පුද්ගලිකව මටත් ඒ නිසා ප්‍රශ්න නොතිබුණාම නෙවෙයි, පසුගිය කාලයේදී ආදරය නිසා මගේ කාලය නිරපරාදේ නාස්ති වුණා.." - ගයාන් ගුණවර්ධන

- "පුද්ගලිකව මටත් ඒ නිසා ප්‍රශ්න නොතිබුණාම නෙවෙයි, පසුගිය කාලයේදී ආදරය නිසා මගේ කාලය නිරපරාදේ නාස්ති වුණා.." - ගයාන් ගුණවර්ධනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,808 Views
ගයාන් ගුණවර්ධන මේ දිනවල ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනා අතර ආදරය දිනා සිටින්නේ, විකාශය වන අපි අපේ සහ අහස් මාළිගා නාට්‍ය නිසයි. මේ අතරවාරයේදී ඔහු ගීත ඇල්බමයක් අන්තර්ජාලය  ඔස්සේ මුදාහැර තිබෙනවා. සාමාන්‍ය සම්ප්‍රදායෙන් තොරව, මුදාහැරි මෙම ගීත  ඇල්බමයට ගීත 8ක් විතර ඇතුළත්ව තිබෙන අතර එය නම් කර තිබෙන්නෙ ‘ඉසබෙලා’ නමිනුයි.

ගයාන් කොහොමද මේ දිනවල?
ටිකක් විතර කාර්ය බහුලයි.

කොහොමද ගීත ඇල්බමයට ලැබෙන ප්‍රතිචාර?
අන්තර්ජාලයේ I Tune ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට මිලදී ගන්න පුළුවන් විදියට තමයි මෙවර ඇල්බමය මුදා හැරියෙ. මම විසින්ම තනු නිර්මාණය කරලා සංගීතය සහ ගායනය කළ ගීත 5ක් සහ වෙනත් සංගීත ශිල්පීන් නිර්මාණය කළ ගීත 3ක් මීට ඇතුළත්. අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් ගිහින්, මේ ගීත ඇල්බමය මිලදී ගන්න අපහසු අයට CD තැටියක් ලෙසින් මේ වසර අවසානයට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. නව පරපුර අතර CD කලාව ජනතාව අතරට ගෙනයාමට උත්සාහ ගන්නවා. මේ සියල්ලම අමතරව මේ දිනවල මගේ තාත්තා නුවන් ගුණවර්ධනට CD එකකට ගීත නිර්මාණය කරමින් ඉන්නෙ. එහි මා විසින්ම කළ නිර්මාණ සහ තාත්තා කළ නිර්මාණ ඇතුළත්. තාත්තාගෙ පැරණි ජනප්‍රිය වූ ගීත 3ක් තව සංගීත නිර්මාණය යටතේ එහි ඇතුළත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඒ හැර පුද්ගලික ජීවිතයේ කටයුතු මොන වගේද?
කලා ක්ෂේත්‍රයේ කටයුතු 2019 ඉඳලාම ටිකක් විතර කඩා වැටිලා තියෙන්නේ. 2019 සහරාන් බෝම්බ ගැහුව නිසා විනෝදාස්වාදය සඳහා වූ කටයුතු අඩපණ වුණා. දැන් කොරෝනා නිසා කලාව අඩපණ වෙලා. පුද්ගලිකව මටත් ඒ නිසා ප්‍රශ්න නොතිබුණාම නෙවෙයි. කොහොම හරි දැන් ටෙලි නාට්‍යවල රඟපාමින්, ආදායම් මාර්ගය හදාගෙන ඉන්නවා. මායි තාත්තයි ඔක්තෝබර් මාසයේදී ‘තාත්තයි - පුතයි’ නමින් ප්‍රසංගයක් කරන්න සැලසුම් කරලා තිබුණා. ඒත් කොරෝනා තත්ත්වය නිසා එය කල් ගියා. එහෙම වුණාට අද දවසේ ටෙලි නාට්‍ය දෙකක වැඩ සහ මගේ ‘නුගා’ ශබ්දාගාරයේ වැඩ එක්ක කාර්ය බහුල වී සිටිනවා. සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනා මුහුණදී සිටින අතිශය දුෂ්කර සමයක් මේ.

‘අහස් මාළිගා’ චරිතය ගැනත් කියමු?
ප්‍රභාත් රෝෂන් මහතා අධ්‍යක්ෂණය කළ මෙහි මම රඟපාන්නෙ සංදේෂ් නමැති අහිංසක ත්‍රීරෝද රථ රියදුරයකුගේ චරිතයක්. එයා ගීත ගායනා කරන කෙනෙක්. වෙලාවකට පාරේ සිංදු කියලා කීයක් හරි හම්බ කර ගන්න උත්සාහ ගන්නවා. එයාගෙ අන්ධ තාත්තාට අමතරව එයාට අම්මා සහ නැගණියක් සිටිනවා. තාත්තා ලෙස රඟපාන්නෙ - ක්ලීටස් මෙන්ඩිස් ප්‍රවීනයා. අම්මා හෂිනිකා කරල්ලියද්ද. ඒ පවුල ගොඩනගන්න හදන අහිංසකයකුගේ චරිතයක්. හිරු ටී. වී. ඔස්සේ තමයි අහස් මාළිගා විකාශය වෙන්නෙ.

‘ගායනය සහ රංගනය’ තෝරා ගැනීම ගැන අද ගයාන් හිතන්නෙ මොන විදියටද?
බොහෝම සතුටුවනවා. කලාවට ආ නිසා තමයි ජීවිතයට සැම දෙයක්ම ලැබුණෙ. අපි හැදුණෙ කලාවත් එක්ක. ඒ වාසනාව තාත්තා නිසා අපට ලැබී තිබුණා. රංගනය, ගායනය, නිවේදනය, සංගීත ශිල්පය යන අංශ එක්ක මේ ආ ගමන ගැන උපරිමයෙන් සතුටුවෙනවා.

හැබැයි මුලදී ඔබ කිව්වා වගේ මේක ස්ථාවර රස්සාවක් නෙවෙයි නේද?
අපේ රටේ හැටියට නම් ඒක ප්‍රශ්නයක් තමයි. වෙනත් රටවල වගේ කර්තෘභාගය හරියට ගෙවනවා නම් ඔය අස්ථාවර ප්‍රශ්නය එන්නෙ නැහැ. එහෙම වුණොත් කලාකරුවො කියන්නෙ ‘හිඟන්නො’ කියලා සමහරු විශ්වාස කරන මතය වෙනස් වේවි. කලාකරුවන් ඒ තත්ත්වයට පත් කළේ කවුද කියන ප්‍රශ්නය තමයි අපට තියෙන්නේ. අද මේ කොරෝනා තත්ත්වය නිසා සමහර නර්තන කණ්ඩායම් ශිල්පීන්, ගායන ශිල්පීන්, සංගීත කණ්ඩායම් වල සමහර ශිල්පීන්ට ලයිට් බිලවත් ගෙවා ගන්න බැරි තැනට අසරණ වෙලා.

ගයාන්, මේ සියලු දේ අතරේ ඔබගේ ආදරය ප්‍රේමය මොන වගේද?
මගේ ආදරය මූලිකව ගලා යන්නෙ මගේ අම්මා, තාත්තාට, අක්කාට සහ යහළු යෙහෙළියන්ට. ඒ වගේම මගේ නිර්මාණවලටයි. ඒ හැර පෙම්වතියක් නම් නැහැ. ඉන් එහා ආදරයක් ගැන නම් හිතන්නෙ නැහැ. ආදරය කරනවාට වඩා ආදරය ගැන හිතනවාට වඩා කලාව ඇතුළෙ කාර්ය බහුල වෙන්න මම ආසයි. ෂුටිං නැත්නම් පටිගත කිරීමක් හරි කරන්න මට තියෙනවා. ආදරය කියලා පෝන් එක ළඟ තියාගෙන කෙටි පණිවුඩ යවමින් මල් කඩ කඩා ඉන්නවාට වඩා කලාවේ නිර්මාණ කටයුතුවලට වැදගත් වන දෙයක් කිරීම වඩා හොඳයි.

‘ආදරය’ එපා වෙලා වගෙයි?
එහෙම කිව්වත් වරදක් නැහැ. ආදරය කරලා විඳලත් තියෙනවා. විඳවලත් තියෙනවා. දැන් මම තවදුරටත් දහඅටේ සීමාවේ නෙවෙයිනෙ. කලා ක්ෂේත්‍රයේදී නුවන් ගුණවර්ණයන්ගෙ අහලකටවත් එන විදියට එන්න පුළුවන් වුණොත් ඒක ලොකු දෙයක්. ඒ නිසා වැඩිදුර හිතන්නෙ නිර්මාණ පැත්ත ගැනයි. පසුගිය කාලයේදී ආදරය නිසා මගේ කාලය නිරපරාදේ නාස්ති වුණා. ආදරය හොඳයි. ඊට වඩා විරහව රසයි. මගේ යාළුවන්ට මම කියන්නෙ මුලින්ම තමුන්ගෙ වැඩ රාජකාරිවලට මුල්තැන දෙන්න. එහෙම කරගෙන ස්ථාවර වෙන්න. ඊට පස්සෙ බැරියැ ආදරය කරන්න.

ඔබට ප්‍රේම කරන තරුණියන්ට මොනවද කියන්න තියෙන්නෙ?
පෙම්වතියක් නොවේ. මිතුරියන් වෙලා රසිකාවියන් වෙලා හැමදාම මා එක්ක ඉන්න. අද මට ආදරයට වඩා මගේ ගමන ස්ථාවර කරගෙන මගේ මව්පියන්ට සළකන්න ඕනැ. ඒ නිසා පෙම්වතියක් දැනට මට එපා.

සඳුන් ගමගේ
ලංකාදීප





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top