Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
28
"ඒ ළමයට යමක් කමක් තියෙනවා කිව්ව නිසයි බන්දලා දුන්නේ.." - මුහුණු පොතෙන් යාළු වී කරකාරයට ගත් යෞවනිය විවාහක කතක් බවට සති තුනෙන් හෙළි වෙයි

- "ඒ ළමයට යමක් කමක් තියෙනවා කිව්ව නිසයි බන්දලා දුන්නේ.." - මුහුණු පොතෙන් යාළු වී කරකාරයට ගත් යෞවනිය විවාහක කතක් බවට සති තුනෙන් හෙළි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views
"එයාගේ අම්මා කුලී වැඩ කරන්නේ, තාත්තා නැහැ.."

"ඒ ළමයාගේ කලින් කසාද මනුස්සයා දික්කසාද නඩුවකුත් දාලා.."


ඔයා හරිම ලස්සනයි. ෆේස් බුක් එකේ රුවැති තරුණියකගේ ඡායාරූපයක් දුටු තරුණයෙක් කමෙන්ට් එකක් දැම්මේ ඇයගේ රුවට ලොල්වූ නිසාය.

අනේ මං ඇත්තටම ලස්සනයි ද ඔයා බොරු කියනවා. තරුණිය ද තරුණයාට කමෙන්ට් එකක් දැම්මාය. බොරු නෙමේ අනේ ඔයා හරිම ලස්සනයි. ඒ නිසා ඔයාට බෝයි ​ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇති යැයි තරුණයා තවත් කමෙන්ට් එකක් දමා ඇත.

තරුණිය ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ අනේ මට තවම එහෙම කෙනෙක් නැහැ. යැයි කියමිනි.

බොරු නොකියා ඉන්න ඔයා වගේ ලස්සන කෙල්ලෙකුට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නම ඕනෑ.
 
මම ඔයාට බොරු කියන්නේ මොකටද?
සත්තයි මේ කියන්නේ මට ​බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. අපේ ඩැඩී බිස්නස් කාරයෙක්. ගෙදරින් මට ඒවා කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඕනෑ තරම් සල්ලි තිබුණට නිදහසක් නැහැ.
තරුණිය හා තරුණයා අතර ඒ විදිහේ කමෙන්ට් දවස් කිහිපයක් තිස්සේ හුවමාරු විය.

ටික දවසක් ගත වෙද්දි තරුණයා තරුණියගේ හෑන්ඩ් ෆෝන් නම්බර් එක ඉල්ලාගෙන වට්ස් ඇප් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ ඇය හා කතාබහ කිරීමට පටන් ගත්තේය.

යොවුන් හදවත්වල පොපියන ආදරයේ මල් විකසිත වූයේ ඔවුන් දෙදෙනාටත් හොරාය. තරුණයා පදිංචිය කුලියාපිටිය ප්‍රදේශයේය. තරුණිය පදිංචිව සිටියේ අම්පාර උහන ප්‍රදේශයේය.
 
ෆේස් බුක් ආදරවන්තිය දවසක් තරුණයාගේ කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස සොයා ආවාය. ඊට කලින් පෙම්වතාගේ නිවසට එන ආකාරය ගැන ඇය අසා දැන තිබුණාය. ඒ ඔහු ඇය සැබැවින් දුටු මුල්ම දවස විය.
 
ඇත්තෙන්ම ඇය හැඩකාර යුවතියක බව ඔහු සැබැවින්ම දුටු මොහොතේම සිතා ගත්තේය. මගේ මමී ඩැඩී අපි දෙන්නා ෆේස් බුක් එකෙන් ලව් කරනවා කියලා දැනගෙන මගේ හෑන්ඩ් ෆෝන් එක පොළොවේ ගහලා මටත් හොඳටම බැන්නා. අපි දෙන්නාගේ ලව් එකට ගෙදරින් කැමති වෙන්නේ නැති නිසා මම ඔයාව හොයාගෙන ආවා. මට ආයෙත් ගෙදර යන්න බැහැ. ගෙදර ගියොත් මාව මරා දමාවි යැයි තරුණිය හඬා වැලපෙමින් කියා ඇත.

පුතා නිවස ඉදිරිපිට තරුණියක සමග කතා බහ කරමින් සිටිනවා දුටු මව මේ කවුද පුතේ, කියා විමසුවාය. අම්මේ මේ මම යාළු වෙලා ඉන්න ගැහැනු ළමයා යමක් කමක් තියෙන කෙනෙක්. අපේ ලව් එක දැන ගෙන මෙයාට හොඳටම ගහලා. ගෙදරින් පැනලා මාව හොයාගෙන ඇවිත්.

තරුණයා තම ෆේස් බුක් පෙම්වතිය මවට හඳුන්වා දෙමින් පවසා ඇත. මව දුටු සැණින් එම තරුණිය ඇයගේ දෙපාමුල වැටී වැන්දාය.
තරුණයාගේ මව ඇය දෙවුරෙන් අල්ලා ඔසවා සෙනෙහසින් මුහුණ සිපා ගත්තාය.

ඇය හැඩකාර ගුණ යහපත් තරුණියක් බව තරුණයාගේ මවට ද පෙනී යන්නට ඇත. දුවේ ඔයා ගෙදර යන්න. අපි කොහොම හරි ඔයාගේ අම්මගෙයි තාත්තගෙයි ආශිර්වාදය ලබා ගනිමු යැයි තරුණයාගේ මව කියා ඇත්තේ ඇයගේ හිස අත ගාමිනි. අනේ අම්මේ මට ආයෙත් ගෙදර යන්න කියන්න එපා. මගේ මමියි ඩැඩියි මාව මරයි.
අැය ඉකි බිඳිමින් කීවාය.

​අනේ ඔව් අම්මේ. මෙයාට මොනවා හරි කරදරයක් වුණොත් මම ජීවත් වෙන්නෙත් නැහැ යැයි තරුණයා ද පවසා ඇත.

විවාහ රෙජිස්ට්‍රාර්වරයකු ළඟට කැඳවාගෙන ගොස් දෙදෙනාව නීත්‍යනුකූලව විවාහ කර දුන් අතර විවාහයේ සාක්කිකරුවන් ලෙස අත්සන් කර ඇත්තේ ද තරුණයාගේ මව හා පියාය.
තරුණයාගේ වයස අවුරුදු 21ක් වන අතර තරුණියගේ වයස තරුණයාගේ වයසට වඩා මාස කිහිපයකින් වැඩිය.

තරුණයාට රැකියාවක් තිබුණේ නැතත් ඔහුගේ මව් පියන් තරුණිය විවාහ කර දීමට තීරණය කර ඇති බව කියන්නේ ඇය හොඳ පවුලක කෙනෙක් යැයි සිතාය. දෙන්නා විවාහ දිවියට ඇතුළත් වී ඇත්තේ මුහුණු පොතෙන් හඳුනා ගෙන මාසයක පමණ කාලයකිනි.

පුතා විවාහ කරගත් තරුණිය කෙරෙහි ඇති වූ සැක සංකා මත මව ඇය ගැන සොයා බැලීමට තීරණය කර ඇත.

ලේළියගෙන් පදිංචි ඉසව්ව ගැන ඇයට සැකයක් ඇති නොවන ආකාරයට අසාගෙන උහන ප්‍රදේශයේ පදිංචි කෙනෙකු සොයාගෙන ඇත්තේ නැන්දම්මාගේ මිතුරියකගේ මාර්ගයෙනි.
​ලේළිය ගැන ඇයගේ මිතුරියගේ යෙහෙළියක් හරහා දැන ගත් මවගේ ඉහ මොළ රත් වී ඇති බව කියති.

උඹ මහ මෝඩයෙක්. කොහේවත් යන එකියකට රැවටුණා යැයි කියමින් තරුණයාගේ මව හා පියා අලුත බැන්ද මනාල යුවල කුඩා ප්‍රමාණයේ ලොරි රථයක දමාගෙන කුලියාපිටියේ සිට කෙළින්ම ආවේ උහන පොලිස් ස්ථානය වෙතයි.

ඒ වන විට දෙදෙනා යුග දිවි ගමන් අරඹා හරියටම ගත වී තිබුණේ සති තුනක පමණ කාලයකි.

අලුත ගෙනා මනමාලියට එරෙහිව මනමාලයාගේ මව හා පියා පොලිසියට කළ පැමිණිල්ල විභාග කළේ උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා හමුවේය.

සර් මේ කෙල්ල අපේ පුතා රවට්ටලා බැඳ ගත්තා. අපිත් මේ කෙල්ලගේ බහට රැවටුණා. ෆේස් බුක් එකෙන් දෙන්නා යාළු වෙලා තියෙන්නේ. ධනවත් පවුලක කෙනෙක් කියා තමා කිව්වේ. ඒක පට්ටපල් බොරුවක්. මේ කෙල්ලගේ තාත්තා දාලා ගිහින්. අම්මා කුලී වැඩ කරන්නේ. ඒ විතරක් නෙමේ. මීට කලින් විවාහ වෙච්ච කෙනෙක්. මනාලයාගේ මව පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ නෙතේ කඳුළු පුරෝගෙනය.

අම්මා බොරු කියන්නේ මෙයා මීට කලින් කා එක්කවත් යාළු වෙලා ඉඳලාවත් නැහැ යැයි තරුණයා පවසා ඇත්තේ මව දෙස රවා බලමිනි.

මම මොකටද පුතේ බොරු කියන්නේ? යැයි පැවසූ මව තරුණිය මීට කලින් විවාහ වූ විවාහ සහතිකය පොලිස් ස්ථානාධිපති කරුණාරත්න මහතා ඉදිරියේ තැබුවාය.

ඇය පොලිසියට පැමිණ තිබුණේ පුතා විවාහ කරගත් මනාලියගේ පැටිකිරිය ඔප්පු කිරීමට අවශ්‍ය සාධක ද රැගෙනය. විවාහ සහතිකය දුටු මනාලයාගේ ඇස් උඩ ගියේය.
මෙම තරුණියට වයස අවුරුදු 18 පිරෙනවාත් එක්කම තරුණයකු හා විවාහ වී ඇත. ඒ විවාහය සිදු වී වසරක් ගෙවී ගිය තැන අැයගේ සැමියා ඇයගෙන් වෙන් වීමට අම්පාර අධිකරණයේ දික්කසාද නඩුවක් පවරා තවමත් එය විභාග වෙමින් පවතී.

පිය අතහැර ගොස් නිසා තරුණිය ඇයගේ මව කුලී වැඩ කර උපයන මුදලින් බොහෝ ආර්ථික දුක් ගැහැට විඳිමින් ජීවිතය ගෙන ගොස් ඇත. හදිසියේ රෝගාතුර වීම නිසා ඇයගේ මව උහන සිට අම්පාර මධ්‍යමකඳවුර ප්‍රදේශයේ පදිංචිව සිටින ඇයගේ ඥාතිවරියකගේ නිවසේ නැවතී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් පසුවන්නීය.

පැමිණිලි විභාගයේ දී මේ සියලු කරුණු කාරණා හෙළි වී ඇත. දික්කසාද නඩුව ඉවර වුණාම ඔයාව මගේ ළඟට ගන්නවා. මම මෙයාට ආදරෙයි. අපි දෙන්නා සති තුනක් විතර දීග කෑවා යැයි මනාලයා බිඳුණු ස්වරයෙන් පවසා තිබේ.

මම ජීවත් වෙලා ඉන්නකම් මේකිත් එක්ක උඹට දීග කන්න ඉඩ තියෙන්නේ නැහැ යැයි මව පවසා ඇතේ අත මිට මොළවා දත්මිටි කමිනි.

සර් මමත් මෙයාට ආදරෙයි. මෙයාගේ අම්මා මෙයාට හරියට ගැහැව්වා. අනේ ආයෙත් එයාට ගහන්න එපා කියා අවවාද කරන්න. මගේ අවසාන ඉල්ලීම එච්චරයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාගෙන් මනමාලිය ඉල්ලා සිටියාය.

පුතාට හිරිහැර නොකරන ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ඔහුගේ දෙමාපියන්ට තරයේ අවවාද කර ඇත.

පොලිස් පොතේ අත්සන් තැබූ මව්පියෝ දෙන්නා පුතාගේ අලුත් මනමාලිය ඔවුන් පැමිණි ලොරි රථයට දමා ගත්තේ මධ්‍යම කඳවුර ප්‍රදේශයේ පදිංචිව සිටින ඇයගේ මවට බාර දීමට කැඳවාගෙන යාමටය.

ෆේස් බුක් ආදර අන්දරය කෙරවල වූයේ ඒ අන්දමිනි. යුග දිවියේ මිහිර සති තුනකට සීමා විය. ෆේස් බුක්වලින් හඳුනගෙන ආදරය කරන්න යන කොයි කාටත් මෙය කදිම පාඩමක් නොවේද?

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ලංකාදීප


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top