ලොව පුරා සිදුවූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ, අනුව මේ වනවිට වාර්තා වන කොවිඩ් 19 මරණ ගණන 1,000,202ක්.
කොරෝනා මරණ වාර්තාවීම අතින් ඇමරිකා එක්සත් ජනපදය පෙරමුණේ පසුවන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 209,236ක්.
එහි දෙවන ස්ථානයේ බ්‍රසීලය පසුවන්නේ 141,441ක මරණ සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟයි.
එම සටහනේ ඉන්දියාව තුන්වන ස්ථානයේ පසුවන අතර මරණ 94,971ක් එරටින් මේ වනවිට වාර්තා වනවා.
මේ වනවිට ලොව පුරා වර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 33,177,416 ක්.