Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
27
“මිතුරිය සමඟ ස්ක්‍රීන් ටෙස්ට් එකට යනකොටත් මම ටීචර් කෙනෙක්. නිළියක වූ පසු ගුරුවරියක ලෙස සේවය කිරීම අපහසු වුණා..” - ස්ක්‍රීන් ටෙස්ට් එකට ගිය ටීචර්, අහම්බෙන් වගේ නිළියක් වුනු හැටි, මොරින් චාරුනි කියයි

- “මිතුරිය සමඟ ස්ක්‍රීන් ටෙස්ට් එකට යනකොටත් මම ටීචර් කෙනෙක්. නිළියක වූ පසු ගුරුවරියක ලෙස සේවය කිරීම අපහසු වුණා..” - ස්ක්‍රීන් ටෙස්ට් එකට ගිය ටීචර්, අහම්බෙන් වගේ නිළියක් වුනු හැටි, මොරින් චාරුනි කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,065 Views
“මගෙන් ඇහුවා රඟපාන්නට කැමැතිදැයි කියලා. දෙපාරක් නොහිතාම මමත් හා කිව්වා...”
 
“හිතට අමාරුයි. හොඳ ගෝල බාලයන් පිරිසක් ලොවට බිහිකිරීමේ මඟ ඇසිරුණාට..”
 
“කාල වේලාව ගැන ඇතිවුණු ගැටලු මත චිත්රපටවලට එක්වන අවස්ථා මඟහැරී ගියා.”
 
‘සඳවත වැනි වුවනක් හිමි’ ටෙලි නිළි කැල සමූහය අතර මොරින් චාරුණී ද තවත් එක් නිළියකි. ගෙලට තබා බැඳිය හැකි දිගු කොණ්ඩයත් ගැමි සුන්දරත්වය මුසු පෙනුම නිසාත් ටෙලි තිරයෙහි විකාශනය වූ ‘ගම්පෙරළිය’ හි ‘නන්දා’ගේ චරිතය ඇයට හිමිවිය. පෙම්වතියගේ චරිතය තුළ දශක ගණනක මතක සටහන් තැබූ මොරින් චාරුණි, දැන් ‘මවකගේ භූමිකාව’ තුළ ටෙලි තිරය ඔපවත් කරන්නීය.

සුහද කතාබහකට මුල පුරමු මොරින්. දැනෙන විදියට ඔබ මේ දිනවල කාර්යබහුලයි?
ඔව්… මේ දවස්වල ටෙලිනාට්යයක ෂූටින්වලට සහභාගි වෙනවා. හිතෙන විදියට මේ ගෙවී යන්නේ එහි අවසන් අදියරයි.
 
මාධ්යයවලට ඔබ නිරාවරණය වන අවස්ථා අඩුයි කිව්වොත් එය වැරැදිද?
නැහැ… ඔබ හරි, මම මාධ්ය සාකච්ඡා තුළ නිතර දකින්නට නැති කෙනෙක් තමයි.
 
එය ඔබ ඔබටම යොදාගත් වාරණයක්ද?
නැහැ… මම එවැනි වාරණයක් තුළ මටම නීතියක් දමා නැහැ.., සිදුවන්නේ පුවත්පත් මාධ්ය මට ආරාධනය නොකිරීමයි. එය එලෙස සිදුවන්නේ ඇයිදැයි කියා මම දන්නේ නැහැ. හැබැයි මාව සොයා එන්නේ නැති මාධ්ය පසුපස මම හඹා යන්නේද නැහැ. නිළියක ලෙස මම යම් තැනක සිටින්නේද, ඒ තැන නිර්මාණය වූයේ චිත්රපට සහ ටෙලිනාට්ය අධ්යක්ෂවරුන් මා සොයා ආ නිසයි. චරිත පසුපස හඹා නොගිය මම මාධ්යය පසුපස හඹා යන්නට කිසිවිටෙකවත් පෙලඹුණේ නැති බව කිව යුතුයි.
 
ඔබ ටෙලි කලාවට පැමිණියේ කිසිවකුගේ ආරාධනයක් මතද?
මම පළමුව පැමිණියේ සිනමාවට. ඒ ප්රවීණ කලාකරු සිරිල් වික්රමගේ අධ්යක්ෂණය කළ උදයකාන්ත වර්ණසූරියගේ කරදිය වළල්ල තුළිනුයි.
 
ආරාධනය ලැබුණේ සිරිල් වික්රමගේ මහත්තයාගෙන්ද?
නැහැ… එය අපූරු කතාවක්. මම කෙටියෙන් කියන්නම්. ‘කරදිය වළල්ල’ සඳහා ඔවුන් අලුත් මුහුණක් සොයන විට මගේ මිතුරියකට ඒ අවස්ථාව ලැබුණා. ‘ස්ක්රීන් ටෙස්ට්’ එක සඳහා සහභාගි වීමට නියමිතව සිටි මිතුරියගේ තනියට තමයි මම එදා ගියේ. පුදුමය කියන්නේ ඔවුන් එතැනදී මගෙන් ඇහුවා ‘කරදිය වළල්ලෙ’හි ප්රධාන චරිතයක් රඟපාන්නට කැමැතිදැයි කියලා. දෙපාරක් නොහිතාම මමත් හා කිව්වා. ස්ක්රීන් ටෙස්ට් එකෙනුත් තේරුණු නිසා නිළියක වීමේ වරම අහම්බෙන්ම උදාවුණා. අද වාගේ මතකයි ස්ක්රීන් ටෙස්ට් එක මෙහෙයවූයේ ප්රවීණ කැමරා ශිල්පී ඩොනල්ඞ් කරුණාරත්න මහතා.
 
ඔබේ යෙහෙළිය සමඟද ඔබ රංගනයට එක්වුණේ?
කියන්න කනගාටුයි. ස්ක්රීන් ටෙස්ට් එකෙන් ඇයට අවැසි සුදුසුකම ඩොනල්ඞ් කරුණාරත්න මහතා වෙතින් අනුමත වූයේ නැහැ.
 
නිළියක වීමේ හීනයක් නොදැකම ඔබ නිළියක වූවා?
සත්තකින්ම, අදටත් මම සමහර මොහොතක ඒ අහඹුව ගැන හිත හිතා ‘පුදුමය’ කියන හැඟීම තුළ යම් රසාස්වාදයක් අත්විඳිනවා. ඒ මොකද… මගේ හීනය තිබුණේ ගුරුවරියක වීමේ බලාපොරොත්තුව තුළයි.
 
නිළියක වීමෙන් ගුරුවරියක වීමේ බලාපොරොත්තුව හිතෙන් අතෑරුණාද?
නැහැ…, මිතුරිය සමඟ ස්ක්රීන් ටෙස්ට් එකට යනකොටත් මම ටීචර් කෙනෙක්. නිළියක වූ පසු ගුරුවරියක ලෙස සේවය කිරීම අපහසු වුණා. ඒ හින්දා එයින් නිදහස් වුණා.
 
හිතට අමාරු නැතිද? ‘ගුරුවරිය’ අතහැර දැමීම ගැන?
හිතට අමාරුයි. හොඳ ගෝල බාලයන් පිරිසක් ලොවට බිහිකිරීමේ මඟ ඇසිරුණාට. හැබැයි… නිළියක වී ලබාගත් ගෞරවය සහ ජනතා ආදරය ගැන හිතෙන කොට එය තුනී වෙනවා.
 
ටෙලිනාට්යය වලට පිවිසුණු ඔබ, සිනමාව අතහැර දැමුවේ ඇයි කියා ඇහුවොත්?
සිනමාව අතහැර දැමුවේ නැහැ, ටෙලිනාට්යයවල රඟපාන්නට ගන්න විට එක දිගට පිට පිටම ටෙලිනා්ය ලැබෙන්නට ගත්තා. කාල වේලාව ගැන ඇතිවුණු ගැටලු මත චිත්රපටවලට එක්වන අවස්ථා මඟහැරී ගියා.
 
කුමාර කරුණාරත්නගේ නවකතා ඇසුරෙන් තැනෙන ටෙලි කතාවලට බොහෝ විට ඔබවම තෝරා ගැනුණේ ඇයි කියනවා නම්?
කුමාර කරුණාරත්න වාගේම රන්ජන් සිල්වා තුළද වූයේ මගේ ප්රතිරූපය. එම චරිතයනට ඉතා සමාන යැයි කියන හැඟීමයි. එනිසා එය එලෙස සිදුවන්නට ඇති.
 
‘ගම්පෙරළිය’හි නන්දාගේ චරිතය බාර ගැනීමේදී ඔබට තැතිගැන්මක් දැනුණා කියන්නේ ඇත්තද?
ඔව්… පුන්යාහීන්දෙණිය නම් ප්රවීණ කලාකාරිය තරම් හොඳින් එය මට කරන්නට ලැබේවිදැයි යන තිගැස්ම මට තදින් දැනුණා.
 
ඔබ එය හොඳට කළාය යන හැඟීම අද දැනෙනවාද?
උත්තරය ප්රේක්ෂකයන් සතුයි. ප්රතිචාර නම් ලැබුණේ මම නන්දා වෙත ප්රවිෂ්ට වූ ආකාරය නරක නැති බවයි.
 
ඔබ නිළියක වීමෙන් පසු ගෙවී යන සිවුවැනි දශකය මෙයයි?
ඇත්තෙන්ම ඔව්… මට දැන් වයස 57 සම්පූර්ණයි.
 
ඔබ තවමත් නිළියක ලෙස කාර්යබහුලයි?
සැබැවින්ම එය මා ලද පිනක්. මව්වරුන් ලෙස රඟපාන නිළියන් අබියස දුවක ලෙස රංගනය ආරම්භ කළ මම, අද තරුණ නිළියනට තරුණ මවක විය හැකි චරිතවලට මැදිව සිටිනවා.
 
එහි අදහස මොරින් චාරුණී කියන නිළිය ගැන ඔබ අසීමිතව තෘප්තියට පත්වෙනවා?
වචන දෙකක් ගැන නැහැ. එය එලෙසමයි. බොහෝ විට කිසිවකුට හිමි නොවන සතුටුදායක පරාසයක මම රංගවේදිනියක ලෙස ආත්මිකව සතුටු වෙනවා.
 
දමයන්ති රේණුකා ප්රනාන්දු
මෙම ලිපියේ උපුටා ගැනීම, "මව්රට" පුවත්පතේ "හාර්ට්" අතිරේකයෙන්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top