Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
27
“මාව අතෑරලා ඒකී අපේම ඥාතියෙක් එක්ක ගියානේ... සර්... ඒකයි මං මේ දේ කළේ...” - කෑගල්ල කළඹමින්, 20 හැවිරිදි නිරෝෂිකාව, පෙම්වතා විසින් අමු අමුවේ ගිනි තබා මැරූ හැටි ගැන, වෙනස්ම විදිහේ කතාවක් එළියට එයි - Video

- “මාව අතෑරලා ඒකී අපේම ඥාතියෙක් එක්ක ගියානේ... සර්... ඒකයි මං මේ දේ කළේ...” - කෑගල්ල කළඹමින්, 20 හැවිරිදි නිරෝෂිකාව, පෙම්වතා විසින් අමු අමුවේ ගිනි තබා මැරූ හැටි ගැන, වෙනස්ම විදිහේ කතාවක් එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,336 Views
“ඕකිට කියන්න මාත් එක්ක එන්න කියලා... නැත්නම් මං ඕකිව මරණවා... මරණවාමයි...”
 
“මගේ කොල්ල කෑගහලා කිව්වෙ 'තාත්තෙ අක්කගේ කාමරේ ගිනි ගන්නවා' කියලා...”
 
“නිරෝ... ඔයා මාත් එක්ක යන්න එනව ද?”
 
උදේ හවා බුදු බණ අසන බණ, බණ පම­ණක් ම වූ රටක අපි දිවි­ගෙ­ව­මින් සිටිමු. රටේ විවිධ පෙදෙ­ස්ව­ලින් වාර්තා වන එකී අහස පොළොව නුහු­ලන අප­රා­ධ­ව­ලින් පෙනෙන්නෙ පෙර පින­කට මනුස්ස ආත්ම­යක් ලබා මෙලොව එළිය දුටු­වද තිරි­ස­නු­න්ටත් වඩා අන්ත ලෙස මෙලො­වදී ඇතැ­මුන් හැසි­රෙන ආකා­ර­යයි.
 
මෙකී කතා­න්ද­ර­යද එවන් අම­නුස්ස පාප­ත­ර­යකු සිදු කළ ශෝච­නීය ඛේද­වා­ච­ක­යකි.

එම ඛේද­නීය කතා­න්ද­රය දිග හැරෙන්නෙ කෑගල්ල, අල­ප­ලා­වල, වතුර නමැති ග්රාම­යෙනි. පසු­ගිය 15 වැනිදා අලු­යම එම ප්රදේ­ශයේ 20 හැවි­රිදි නිරෝ­ෂිකා රාජ­පක්ෂ නමැති තරු­ණිය ඇය සමඟ පවුල් කෑ තරු­ණ­යකු විසින් ඝාත­නය කෙරිණි.
 
ඒ, මෙතෙක් අස­න්නට නොලැ­බුණු ආකා­රයේ පාප­තර තිරි­සන් ක්රියා­වක් සිදු කර­මිනි. මීට වසර පහ­කට පමණ පෙර නිරෝ­ෂිකා රාජ­පක්ෂ 15 වැනි වියෙහි පසුවූ රූමත් නව යොවුන් දැරි­වි­යකි.
 
නිරෝ­ෂි­කාගේ මාපියෝ ගොවි­තැන් බතින් දුවා දරු­වන් උස්ම­හත් කර­මින් 'වතුර' ප්රදේ­ශයේ ජීවත්වූ දුප්පත් අහිං­සක වැසි­යන්ය.
 
නිරෝ­ෂි­කාට බාල සහෝ­ද­ර­යෙක්ද වේ.2015 වසරේ දිනක් අල­ප­ලා­වෙල ප්රදේ­ශ­යට යුද හමුදා කණ්ඩා­ය­මක් පැමි­ණියේ නාය යෑමෙන් නිවාස අහිමි වූවන්ට නිවාස සාදා දීමේ ව්යාපෘ­ති­ය­කට සහාය දීම­ටයි. යුද හමුදා සෙබ­ළෙකු වූ හේරත් කුමාර රණ­සිං­හද එම කණ්ඩා­යම සමඟ අල­ප­ලා­වෙ­ලට පැමි­ණි­යහ.
 
මාතලේ, පල්ලෙ­වෙල ප්රදේ­ශයේ අයෙක් වන 28 හැවි­රිදි කුමාර දිනක් නිවාස සෑදීමේ වැඩ කට­යුතු සඳහා යනෙන විට නිරෝ­ෂි­කාව දුටුවේ ඇගේ නිවෙස අස­ල­දියි. දින­ප­තාම පාහේ නිවෙස් සෑදීමේ වැඩට යන කුමා­රට නිවෙසේ සිටින නිරෝ­ෂිකා දැක­ග­න්නට හැකි විණි.
 
මේ අතරේ කුමා­රගේ සිතෙහි නිරෝ­ෂිකා පිළි­බ­ඳව ආල­යක් හට ගැනුණේ ඔහු­ටත් නොදැ­නී­මයි. දිනක් කුමාර, නිරෝ­ෂි­කාට ඒ බව සැල කර සිටි­යේය. අන­තු­රුව දෙදෙ­නාගේ වයස් පර­ත­රය හෝ වෙනත් කිසිදු බාධා­වන් ගැන නොසිතා ඔවුහු පෙමින් වෙළු­ණහ.
 
එහෙත් පාසල් වියේ පසුවූ ළාබාල යුව­ති­යක් හෙයින් එකී සම්බ­න්ධය පිළි­බ­ඳව වැඩි­හිටි ආශි­ර්වා­දය ලබා ගැනීම ගැට­ලු­වක් බව දෙදෙ­නා­ටම වැට­හිණි.සාජන් ලාල්, කුමාර රාජ­කාරි කළ යුද හමුදා ඛණ්ඩයේ සිටි අයෙකි. ලාල්ට ද කුමාර විසින් තම ප්රේම සම්බ­න්ධය ගැන සැල කර සිටි­යේය. කුමාර ලාල්ගෙන් ආයා­ච­නය කළේ මෙකී සබ­ඳ­තා­වට සහාය දෙන ලෙසයි.
 
ඒ අනුව ලාල් දිනක් නිරෝ­ෂි­කාගේ මාපි­යන් මුණ ගැසී දිය­ණි­යගේ සහ කුමා­රගේ සබ­ඳ­තාව ගැන සියලු තතු පැවැ­සූහ. එහෙත් ඊට ඇගේ, දෙමා­පි­යන් තරයේ විරුද්ධ වී තිබුණේ දිය­ණිය පාසල් වියේ පසු­වන ළාබාල දැරි­වි­යක් වූ හෙයිනි. කෙසේ හෝ කුමන බාධක පැමි­ණි­යද කුමාර සහ නිරෝ­ෂිකා ආල­යෙන් අන්ධ වී සිටි­යහ."නිරෝ... ඔයා මාත් එක්ක යන්න එනව ද?" කුමාර දිනක් එසේ ඇය­ගෙන් විම­සීය. ඊට නිරෝ­ෂි­කාද දැක්වූයේ යහ­පත් ප්රති­චා­ර­යකි.
 
ඒ අනුව නිරෝ­ෂි­කාගේ නිවෙසේ කිසි­වෙක් නැති වේලා­වක් බලා නිවෙ­සට පැමිණි කුමාර, නිරෝ­ෂිකා රැගෙන ගියාය. ඒ මාතලේ පල්ලෙ­වෙල පිහිටි කුමා­රගේ නිවෙ­ස­ටයි.කුමා­රද සහෝ­දර සහෝ­ද­රි­යන් තිදෙ­නෙක් සිටින පවුලේ වැඩි­ම­ලාය.
 
15 හැවි­රිදි බාල වය­ස්කාර දිය­ණි­යක් හෙයින් දෙදෙනා හට නීත්ය­නු­කූ­ලව විවාහ වීමට හැකි­යා­වක් නොවීය. එහෙත් පවුල් ජීවි­තය ගෙන ගියේ මඟුල් ඇඳු­මින් සැරැ­සුණු ඡායා­රූ­පද ලබා ගනි­මිනි.
 
එලෙස වසර තුනක් පමණ ගෙවිණි. කුමා­රද යුද හමු­දාවේ රාජ­කාරි කර­මින් සුපු­රුදු පරිදි නිවෙ­සට ආ ගියේය. ඒ අතරේ කුමාර සහ නිරෝ­ෂිකා අතර නොසිතූ ලෙස විර­ස­ක­ය­න්ටද මුල පිරිණි. ඊට හේතු වී තිබුණේ කුමා­රගේ ඥාති සහෝ­ද­ර­යකු සමඟ නිරෝ­ෂි­කාගේ අනි­යම් ඇසු­රක් පිළි­බ­ඳව ඔහුට සැල­වී­මත් සම­ඟිනි.
 
කුමාර නිවෙ­සට පැමිණි වාර­යක් පාසාම දෙදෙනා අතර අඬ­ද­බර හට ගැනිණි. එහි අව­සා­න­යක් සිදු­වන්නෙ නිරෝ­ෂිකා කුමා­රගේ ඥාතියා සමඟ ඔහු විසූ දඹුල්ලෙ නිවෙ­සට ගොස් පදිංචි වීමත් සම­ඟිනි.තමා පණ මෙන් ආද­රය කළ නිරෝ­ෂිකා නොමැ­තිව ළතැ­වෙ­මින් සිටි කුමාර මීට මාස කීප­ය­කට පෙරදී නිරෝ­ෂිකා සොයා දඹුල්ලෙ ඥාති සහෝ­ද­ර­යාගේ නිවෙ­ස­ටද ගොස් තිබිණි.
 
එහිදී ඇතිවූ අඩ­ද­බ­ර­යක් කෙළ­වර වී තිබෙන්නෙ කුමාර විසින් නිරෝ­ෂි­කාට පිහි­ය­කින්ද ඇනී­මෙනි.ඇය දඹුල්ල රෝහ­ලට ඇතු­ළුව ප්රති­කාර ගනි­මින් සිටි­යාය.
 
ඇයට වූ අක­ර­තැ­බ්බය ගැන සැලවූ නිරෝ­ෂි­කාගේ මාපි­යන් දඹුල්ල රෝහ­ලින් ඇයව රැගෙන ගොස් තිබුණේ කෑගල්ල අල­ප­ලා­වෙල නිවෙ­ස­ටයි. අන­තු­රුව සුව­පත් වූ ඇය සිය මව සමඟ බීඩි එතීමේ කර්මා­න්තයේ නිරත වෙමින් නිවෙ­සට වී කල් ගත කළාය.
 
ඔය අතර කුමාර යුද හමුදා සේව­යෙන්ද පලා­විත් නන්න­ත්තා­රව කාලය ගත­ක­ර­මින් සිටි­යේය. කුමන ප්රශ්න පැමි­ණි­යද කුමා­රගේ සිතෙහි නිරෝ­ෂිකා පිළි­බ­ඳව වූ ආලය නිසා­වෙන්ම ඔහු දින­කට දෙතුන් වරක් දුර­ක­ථන ඇමැ­තු­ම්ගෙන නිරෝ­ෂි­කාට කතා කර­න්නට උත්සාහ කෙරිණි.
 
එහෙත් ඒ කිසි­ව­කට ඇය පිළි­තුරු නුදු­න්නාය. දිනක් කුමා­රගේ ඇමැ­තු­ම­කට පිළි­තුරු දුන් ඇයගේ පියා,"දුව එන්න කැමැති නෑ... කෙල්ලට... ඇගේ පාඩුවේ ඉන්න දීපන්..."ඊට උරණ වූ කුමා­රද 'රතු කට්ට' පනි­මින් කියා තිබුණේ,"ඕකිට කියන්න මාත් එක්ක එන්න කියලා... නැත්නම් මං ඕකිව මර­ණවා... මර­ණ­වා­මයි..." කියායි.
 
තමා කලෙ­කදී පණ මෙන් ආද­රය කළ තැනැ­ත්ති­යගේ ජීවි­තය විනාශ කිරී­මට තරම් කුමා­රගේ සිත දර­දඬු වී තිබුණේ හිත්පිත් නැති එකෙකු විල­සිනි. අන­තු­රුව ඔහු ඒ සඳහා නොයෙක් උප­ක්රම ගැන සිත­මින් ළතැ­විණි.
 
ඉවක්-බවක් නොමැ­තිව නන්න­ත්තාර වෙමින් සිටි කුමාර පසු­ගිය 14 වැනිදා උදෑ­ස­නින්ම අව­දිව මාතලේ සිට කෑග­ල්ලට ඒමට බස් රථ­ය­කට ගොඩවී තිබුණේ නිරෝ­ෂි­කාව ඉව­ර­යක් කරන බවට ඉටා ගනි­මිනි. ඒ සඳහා ඔහු නිවෙ­සින් පිටත්ව තිබුණේ පරණ රෙදි කැබලි කීප­යක්ද රැගෙන අමු­තුම 'ගේම'කට සැරැ­සෙ­මිනි.

එදින අලු­යම කෑග­ල්ලට පැමිණි කුමාර වෙළෙ­ඳ­ස­ල­කට ගොස් ප්ලාස්ටික් බූලි­යක්ද ගැනිණි. ඔහු එම බූලි­යද රැගෙන ගොස් තිබුණේ කෑගල්ල, බුල­ත්කො­හු­පි­ටිය මාර්ගයේ හෙට්ටි­මුල්ලෙ, මාකූරේ පිහිටි ඉන්ධන පිර­වුම් හල­ක­ටයි. ඒ, බූලි­යට පෙට්රල් ලබා ගැනී­ම­ටයි.
 
එහෙත් ඉන්ධන පිර­වු­ම්හලේ පෙට්රල් නොවීය. පසුව ඊට කිලෝ­මී­ටර් එක­හ­මා­රක් පමණ දුරින් පිහිටි හෙට්ටි­මු­ල්ලට බස් රථ­ය­කින් ගොස් එහි වෙළෙ­ඳ­ස­ල­කින් පෙට්රල් බූලි­යක් ගෙන තිබිණි.කෙසේ හෝ 14 වැනිදා සවස් වන විට කුමාර නිරෝ­ෂි­කාගේ නිවෙස ආස­න්න­යට පැමිණ සැඟවී සිටි බවකි.
 
අන­තු­රුව 15 වැනිදා පාන්දර තුන­හ­මාර පමණ වෙද්දී නිරෝ­ෂි­කාගේ නිවෙස අස­ලට පැමිණ ඔහු නිවෙසේ විදුලි පේනුව අස­ලට ගොස් විදු­ලිය විසන්ධි කර තිබිණි. එසැ­ණින් කුමාර නිවෙස අසල පස් කණ්ඩි­ය­කට ගොඩවී ඉන් නිවෙසේ වහල මතට ගොඩ වී ඇත. ඒ වන විට නිවැ­සි­යන් මර නින්දේය.
 
නිරෝ­ෂිකා නිදන කාම­රය ගැන දත් කුමාර එම කාම­රයේ වහ­ලයේ උළු කැට­යක් ඉව­ත්කොට බලද්දී දුටුවේ බීඩි ඔත­මින් සිටි නිරෝ­ෂිකා ඇඳ මත නිදා සිටින ආකා­ර­යයි.රැගෙන ගිය බූලි­යෙන් රෙදි කැබලි පන්ද­ම­කට පෙට්රල් වක්කොට ගිනි දල්වා ඇඳ මත නිදා සිටි නිරෝ­ෂි­කාගේ සිරු­රට විසි කෙරිණි. 
 
එසැ­ණින් එකී පාප­ත­රයා පෙට්රල් බූලි­යම ඇයගේ සිරු­රට දමා පැන ගොස් තිබුණේ අහස පොළොව නුහු­ලන අප­රා­ධ­යක් කර­මිනි.ඒ අතරේ නිවෙස් වෙනත් කාම­ර­යක නිදා සිටි නිරෝ­ෂි­කාගේ පියා පාන්ද­රම අව­දිව තිබුණේ වෙනත් අව­ශ්ය­තා­වක් සඳ­හායි.
 
"මං නැගි­ටි­න­කොට ගෙදර කරන්ට් එක නෑ... ටෝච් ගහලා බැලුවා. අවට ගෙව­ල්වල ලයිට් තිබුණා. පස්සෙ තමයි මගේ කොල්ල කෑග­හලා කිව්වෙ 'තාත්තෙ අක්කගේ කාමරේ ගිනි ගන්නවා' කියලා..."
 
ඒත් සමඟ එළි­යට බැස­ගත් නිරෝ­ෂි­කාගේ සහෝ­ද­රයා දැක තිබුණේ නිවෙස ආස­න්නයේ සිට කෙනෙකු දිව යන ආකා­ර­යයි. ඒ කුමාර බව හඳුනා ගැනී­මට ඔහුට හැකි වී තිබිණි. පසුව නිරෝ­ෂි­කාගේ පියා සහ සහෝ­ද­රයා විසින් දැඩි පරි­ශ්ර­ම­යක් දරා ගිනි­දැ­ල්ව­ලට මැදිව සිටි නිරෝ­ෂිකා කාම­ර­යෙන් එළි­යට ගෙන කෑග­ල්ල රෝහ­ලට රැගෙන ගොස් තිබිණි.
 
ඒ, ත්රිරෝද රථ­ය­කිනි. ඇයව කාම­ර­යෙන් එළි­යට ගැනී­මට යාමේදී නිරෝ­ෂි­කාගේ පියා සහ සහෝ­ද­ර­යාද පිළි­ස්සුම් තුවාල ලැබීය.මේ අතර කෑගල්ල රෝහල් පොලි­සි­යෙන් එකී අප­රා­ධය ගැන කෑගල්ල පොලි­සිය දැනු­වත් කෙරිණි.
 
එසැ­ණින් කෑගල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්රධාන පොලිස් පරි­ක්ෂක එච්. පී. එන්. කුල­තුංග විසින් ප්රදේ­ශය බාර උසස් පොලිස් නිල­ධා­රින්ව දැනු­වත් කර­මින් විම­ර්ශන ඇරැ­ඹීය.එහිදී අනා­ව­ර­ණය වූයේ මෙකී අප­රා­ධය සිදු­කර ඇත්තෙ කුමාර බවයි. ඒ අනුව කුමාර සොයා කෑගල්ල පොලිස් නිල­ධා­රින් සහ ඔහුගේ නිවෙස පිහිටි පොලිස් බල­ප්ර­දේ­ශය වන පල්ලෙ­වෙල පොලිස් නිල­ධා­රින්ද කුමා­රගේ නිවෙස සෝදිසි කෙරිණි.
 
එහි ප්රති­ඵ­ලයක් ලෙස පසු­ගිය 16 වැනිදා සවස් යාමයේ කුමාර අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලි­සි­යට හැකි­විණි. ඔහු පොලිස් නිල­ධා­රින් ඉදි­රියේ පාපෝ­ච්චා­ර­ණය කර තිබුණේ,"මාව අතෑ­රලා එකී අපේම ඥාති­යෙක් එක්ක ගියානේ... සර්... ඒකයි මං මේ දේ කළේ..."
 
සැක­ක­රුව කෑගල්ල මහේ­ස්ත්රාත් චාමර වික්ර­ම­නා­යක මහතා ඉදි­රි­යට පැමි­ණ­වී­මෙන් පසු මේ මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මට නියෝග කෙරිණි.
 
සත් දිනක කාල­යක් මාරයා සමඟ කෑගල්ල රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ සය­න­යක් මත සටන් කළ නිරෝ­ෂිකා අවා­ස­නා­වන්ත ලෙස පසු­ගිය 20 වැනිදා පාන්දර මෙලොව හැර ගියේ කෑගල්ල ප්රදේ­ශ­යම කම්පා­වට පත් කර­මිනි.
 
මෙවැනි අප­රාධ සිදු­ක­රන පාප­ත­ර­යන්ට කඩි­නම්ව නීතිය ක්රියා­ත්මක කොට දැඩි දඬු­වම් පැමි­ණ­විය යුත්තෙ තවත් අහිං­ස­ක­ය­කුට මෙවැනි අප­රා­ධ­යක් සිදු නොවී­මට හෝ වග­බලා ගැනී­මට 'පාඩ­මක්' කියා දීම­ටයි.
 
කෑගල්ල දිසා බාර නියෝජ්ය පොලි­ස්පති ප්රියන්ත චන්ද්ර­සිරි සහ කොට්ඨාස බාර ජ්යෙෂ්ඨ පොලිස් අධි­කාරි කේ. ඩී. කීර්ති­ර­ත්නගේ උප­දෙස් මත සහ­කාර පොලිස් අධි­කාරි චමින්ද ධර්ම­රත්න මහ­තාගේ අධී­ක්ෂ­ණය මත කෑගල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්රධාන පොලිස් පරී­ක්ෂක එච්.පී.එන්. කුල­තුං­ගගේ මෙහෙ­ය­වී­මෙන් එහි අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඒ.එන්.පී. අනු­ර­පක්ෂ, පොලිස් පරී­ක්ෂක ලිය­නගේ, පො.සැ. (9200) මනෝජ් යන නිල­ධා­රිහු පරී­ක්ෂ­ණ­ව­ලට එක් වූහ.
අමිල ජානක මල­වි­සූ­රිය
 
බුල­ත්කො­හු­පි­ටිය සමූහ - ඩබ්ලිව්. රෝහණ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top