Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
26
“ෆේස්බුක්වල පෝස්ට් පවා ගියා, මොහිදින් බෙග්ට පස්සෙ බෞද්ධ ගීත සඳහා බිහිවුණ හොඳම හඬ මගේ හඬ කියලා..” - ගායනයෙන් රංගනයට එන්න හදන, ගායන ශිල්පී විරාජ් පෙරේරා - Photos

- “ෆේස්බුක්වල පෝස්ට් පවා ගියා, මොහිදින් බෙග්ට පස්සෙ බෞද්ධ ගීත සඳහා බිහිවුණ හොඳම හඬ මගේ හඬ කියලා..” - ගායනයෙන් රංගනයට එන්න හදන, ගායන ශිල්පී විරාජ් පෙරේරා - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,016 Views
“ඒ දවස්වල මට ගීතයක් කාටහරි කියල ලියවගන්න සල්ලි තිබුණෙ නෑ.”
 
“ඔය අඬන ගීත, විරහ ගීත කියල තමයි මම ජනප්රිය වුණේ...”
 
“ප්රශ්නය තමයි ලංකාවෙ මිනිස්සු අපේ භාෂාව හෑල්ලු කරන එක.”
 
විරාජ් පෙරේරා අපට හඳුනාගත හැක්කේ තරුණ නිර්මාණකරුවන් අතරින් රසිකයන්ගේ ආදරය ඉතාම කෙටි කාලයකින් දිනාගත් ගායකයකු ලෙසයි. අද නම කියූ සැණින් රටම හඳුනන ගීතවලට එල්ලවූ ගල්, මුල් තරමටම රසිකයන් ඔහු වටා රොදබැන්දේය. මේ වන විට වෙනස්ම නිර්මාණ හරහා රසික හදවත් දිනාගත් විරාජ් ජනප්රිය මාවතේ තමා මෙතෙක් ආ ගමන අප ඉදිරියේ පෙළගැස්වූයේ මෙලෙසයි.....

විරාජ් මොනවද අලුත් තොරතුරු?
දැන් නම් ටික ටික කාර්යබහුල වේගෙන එන්නෙ. මොකද පසුගිය කාලෙ රටේ තිබුණ තත්ත්වයත් එක්ක නැවතිලා තිබුණ ප්රසංග ආයෙත් ටික ටික පටන් අරන් තියෙනව. ඉතින් ආයෙත් ප්රසංග ලැබෙන විදිහට සහභාගි වෙනව. ඊට අමතරව මගේ ස්ටූඩියෝ එකේ වැඩත් එක්ක තමයි මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ.
 
ඔබ අද සංගීත ක්ෂේත්රයේ ජනප්රිය ගායකයෙක්. මේ තත්ත්වයට එන්න ලොකු කට්ටක් කන්න ඇති?
ඇත්තටම මම හිතන්නෙ හැම ක්ෂේත්රයකම ඔය තත්ත්වය තියෙනව. කිසි දෙයක් අපිට නිකන් ලැබෙන්නෙ නෑ. ඒකට අපි පුහුණුවීම් කරන්න ඕන, හැදෑරීම් කරන්න ඕන, යම් කැපවීමක් කරන්නම ඕනෙ. අපිට යම්කිසි තැනකට එන්න අවශ්ය නම් අපි තුළ ඒ සඳහා උනන්දුවක්, උත්සාහයක් තියෙන්නෙ ඕනෙ. ඒක එක අතකින් කට්ටක් තමයි. ඒ වුණාට ඒක ජීවිතේට හොඳ අත්දැකීමක්. මම ඒක ඒ විදිහට හඳුන්වනවට තමයි වැඩිය කැමැති.
 
18න් පහළ ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ඔබ ඒ පැත්තෙන් ඉදිරියට යන්නෙ නැතිව සංගීතය තෝරගන්නව?
ඒ කාලෙ මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණ පාපන්දු පැත්තෙන් ඉදිරියට යන්න. නමුත් පාපන්දුවලට තියෙන පිළිගැනීම සහ ඒ පැත්තෙන් ඉදිරියට ගියත් මූල්යමය පැත්ත ශක්තිමත් කරන්න බැරිවෙයි කියන කාරණා උඩ තමයි පාපන්දු අත්හැරල සංගීතය තෝරගන්න හේතු වුණේ.
 
‘මාගේ දෑසින් වැටෙනා හැම කඳුළක් පාසා’ ඔබගේ සංගීත ගමනේ හැරවුම් ලක්ෂ්යය කිව්වොත්?
හරියටම හරි. මම ඔය ගීතයට කලින් ගීත දෙක තුනක් නිර්මාණය කළා. නමුත් ඒ ගීත ජනප්රිය වුණේ නෑ. ඊට පස්සෙ තමයි මම ‘මාගේ දෑසින් වැටෙනා’ ගීතය කළේ. ඔය ගීතය රචනා කළෙත් මමමයි. මොකද ඒ දවස්වල මට ගීතයක් කාටහරි කියල ලියවගන්න සල්ලි තිබුණෙ නෑ. ඊට පස්සෙ මම ඔය ගීතය වෙනුවෙන්ම මාසයක් විතර මහන්සි වෙලා ෆැක්ටි්රස් කළා. එහෙම කරල තමයි රෙකෝඞ් කරල සින්දුව එළියට දැම්මෙ. ඊට පස්සෙ කාගෙන්වත් උදව්වක් නැතිව මම හිතපු නැති විදිහට සින්දුව ජනප්රිය වෙන්න පටන් ගත්ත. ඒත් එක්කම විරාජ් පෙරේරා කියන නමත් ක්ෂේත්රයේ ජනප්රිය වුණා.
 
අඬන ගීත තුළින් ජනප්රිය වුණා කියන චෝදනාව ඔබට තියෙනව?
ඇත්තම කිව්වොත් ඒක හරි. ඔය අඬන ගීත, විරහ ගීත කියල තමයි මම ජනප්රිය වුණේ. ඒක කවදාවත් මම නෑ කියන්නෙ නෑ. ලංකාවෙ විතරක් නෙමෙයි ලෝක දිහා බැලුවමත් අපිට දකින්නෙ තියෙන්නෙ ගොඩක් ගායක ගායිකාවන් ජනප්රිය වෙලා තියෙන්නෙ ඔය කියන ආකාරයේ අඬන ගීත කියල තමයි. අපිට තියෙන ප්රශ්නය තමයි ලංකාවෙ මිනිස්සු අපේ භාෂාව හෑල්ලු කරන එක. ඒකයි මගේ ගීත ඒ විදිහට හඳුන්වන්නෙ.
 
ඒ චෝදනාවලින් මිදෙන්නද බෞද්ධ ගීත නිර්මාණ කිහිපයක් කළේ?
‘තතාගතයාණෙනි’, ‘සිද්ධාර්ථ ගෞතම’ කියල බෞද්ධ ගීත දෙකක් මම මෑතකදි එළිදැක්වුව. ඒක මම කළේ මගේ ආසාවට සහ මට ඕන වුණා යම් වෙනසක් කරන්න. ඒ සඳහා ඒ ගීත නිර්මාණ වුණේ. ඇත්තටම හිතුවටත් වැඩිය ප්රතිචාර මට ඒ ගීත සඳහා ලැබුණා. බෞද්ධ උත්සව කාලවල හැම තැනම ඒ ගීත ප්රචාරය වුණා. ෆේස්බුක්වල පෝස්ට් පවා ගියා මොහිදින් බෙග්ට පස්සෙ බෞද්ධ ගීත සඳහා බිහිවුණ හොඳම හඬ මගේ හඬ කියල. ඇත්තටම ඒ ගැන මට නිහතමානී සතුටක් තියෙනව.
 
ගීත ජනප්රිය කරගැනීම සඳහා මියුසික් වීඩියෝ යොදාගැනීම ගැන විරාජ්ගෙ තියෙන අදහස මොකක්ද?
ඇත්තටම ඒක ඉතාම සාර්ථකව ලංකාවෙ නිර්මාණකරුවන්ගෙ නිර්මාණ කොල්ලකෑම සඳහා කරගෙන යන හොර වැඩක් කියල කිව්වොත් මම හරි. මොකද මගේ ගීතවලින් මියුසික් වීඩියෝ හරහා මේ වෙනකොටත් සමහර අය මුදල් උපයනව. ලංකාවෙ අනිත් ගොඩක් කලාකරුවන්ටත් මේ වැඬේ වෙනව. මේ වෙනකොට මම යම්තාක් දුරකට මේ ගැන අධ්යයනය කරල මේක වෙන්නෙ කොහොමද කියල හොයාගෙන තියෙනව. ඉතින් ඉදිරියෙදි ඒ වෙනුවෙන් පියවර ගන්නත්, නිර්මාණයේ අයිතිය තියාගෙන ඉදිරියෙදි හොඳ වැඩ ටිකක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නව.
 
මයික් එක පැත්තකින් තියල නළුකමට බහින්න යනව කියලත් ආරංචියි?
ඇත්තටම රඟපානව කියන එක මම ඉස්සර ඉඳලම ආසාවෙන් හිටපු දෙයක් නෙමෙයි. ඒත් මට කිහිප අවස්ථාවකදීම රඟපෑම සඳහා ආරාධනා ආව. නමුත් ඒ හැම අවස්ථාවකම මම ඒව ප්රතික්ෂේප කළා. ඒත් පස්සෙ මට හිතුණ සින්දු කියන එක විතරක් මදි, දක්ෂතාවය තියෙනවනම් ඒ පැත්තෙනුත් ඉදිරියට ගියාට අවුලක් නෑ කියල. ඉතින් ඉදිරියේ නාට්ටියකින් මුලින්ම මාව නළුවෙක් විදිහට ඉදිරියට දකින්න ලැබෙයි.
 
ඉදිරියෙදි දකින්න ලැබෙන නිර්මාණ ගැන කතා කළොත්?
ඉදිරියෙදි බෞද්ධ ගීතයක් ඇතුළුව තවත් ගීත නිර්මාණ කිහිපයක වැඩකටයුතු මේ වෙනකොට කරගෙන යනව. නුදුරේදීම මගේ ඒ අලුත් නිර්මාණ රසවිඳීමේ හැකියාව මගේ රසික රසිකාවියන්ට ලැබෙයි.
 
ඉන්දික වික්රමරත්න
මව්රට පුවත්පතේ "හාර්ට්" අතිරේකයෙන්...


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top