Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
26
“මට නිළියක් වෙන්න වුවමනාව තිබ්බේ නැහැ. මගේ තාත්තාට තමයි මාව නිළියක් කිරීමේ වුවමනාව තිබ්බේ..” - සැමියයි දරු පැටියවයි සිංගප්පූරුවේ තියලා, ලංකාවට ආපු උදාරි වර්ණකුලසූරිය - Photos

- “මට නිළියක් වෙන්න වුවමනාව තිබ්බේ නැහැ. මගේ තාත්තාට තමයි මාව නිළියක් කිරීමේ වුවමනාව තිබ්බේ..” - සැමියයි දරු පැටියවයි සිංගප්පූරුවේ තියලා, ලංකාවට ආපු උදාරි වර්ණකුලසූරිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

90 Views
“චිත්රපටයේ පුහුණුවීම් කරද්දී හැඟීම්බර අවස්ථාවල ජයන්ත සර් මං දිහා බලාගෙන ඇඬුවා...”
 
“දුව දැන් නම් කියන්නේ කවදාහරි ගගනගාමිනියක් වෙන්න කැමැතියි කියලා....”
 
“චිත්රපටය බලලා එතුමා මට කිව්වා 'මගේ දරුවෙක් හරි ආඩම්බරයි‘ කියලා...”
 
උදාරි වර්ණකුලසූරිය.. "පායා එන්න හිරු සේ" චිත්රපටයෙන් කාගෙත් ආදරය දිනූ ඈ, පුංචි තිරයෙනුත් නිතරම වගේ ඔබව හමුවුණා. ඉතින් පසුගිය දවසක සිංගප්පූරුවේ ඉඳන් ආපු ඇය මේ වෙනකොට නිරෝධායනය වෙමිනුයි ඉන්නේ. මේ ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක් ගැනයි.......

උදාරි මාස කිහිපයක්ම සිංගප්පූරුවේ කොටු වුණා නේද?
ඇත්තටම දුවව සැමියා ළඟට ඇරලවන්න තමයි මම ගියේ. සිංගප්පූරුවට ගියාට පස්සේ සති දෙකක් නිරෝධායනය වෙන්න සිද්ධ වුණා. මාස තුනක් එහේ ඉඳලා, දුවව බලාගන්න කෙනත් ආවට පස්සේ තමයි පහුගිය 9 වැනිදා මම ලංකාවට ආවේ.
 
පවුලටම එකට ඉන්න ඒ කාලය වටින්න ඇති?
ඇත්තටම මටයි, සැමියාටයි, දුවටයි වැඩි කාලයක් එකට ඉන්න ලැබුණේ මේ කාලයේදී. ඉතින් පවුලත් එක්ක ගෙවන්න ලැබුණු ඒ කාලය සතුටින් වින්දා. රංගන කටයුතු භාරගෙන තිබුණෙත් නැති නිසා මානසික වශයෙන් වදයක් විඳින්නේ නැතිව ඒ කාලය පවුල එක්කම ගත කළා.
 
ලංකාවට ආවට පස්සෙත් නිරෝධායන කාලසීමාවකට යටත් වෙන්න වුණා නේද?
ඔව්. ලංකාවට ආවට පස්සේ සති දෙකක් නිරෝධායන මධ්යස්ථානයක නිරෝධායනය වුණා. දැන් නිවෙසේ ඉඳන් නිරෝධායනය වෙනවා.
 
වැඩ කරලා හුරු උදාරිට නිරෝධායන කාලසීමාව ගත කරන්න පහසු වුණාද?
ඇත්තටම නිරෝධායන මධ්යස්ථානයේ සති දෙක ගතවෙනවා තේරුණේ නැහැ. මොකද උදේ නැඟිටලා ව්යායාම කරලා නාලා, කෑම කාලා ඊට පස්සේ මම කළේ මට ලැබුණු තිරපිටපත් කියවන එක. ඒ නිසා මට කාලය ගත වෙනවා තේරුණේවත් නැහැ.
 
ඔබ රංගනයට එකතු වුණ ‘මිදුණු විශ්වය’ චිත්රපටයේ විශේෂ දර්ශන වාර කිහිපයක් පසුගියදා පැවැත්වුණා. එයට ඔබට සහභාගි වෙන්න බැරි වුණා නේද?
ඔව්. මිදුණු විශ්වය චිත්රපටයේ ස්කූප් සිනමා දර්ශනයට මට සහභාගි වෙන්න බැරිවුණා. ගුවන් තොටුපොළ ඇරියා නම් මම එයට සහභාගි වෙන්න හිටියේ. නමුත් මට එයට සම්බන්ධ වෙන්න බැරිවුණා. ඒ ගැන නම් දුකක් තියෙනවා.
 
ඔබ ලංකාවේ නොහිටියට ප්රතිචාර ලැබීමේ අඩුවක් තිබ්බේ නෑ නේද?
ඇත්තටම ඒ චිත්රපටය නිසා ලැබුණු ප්රතිචාර අනන්තයි අප්රමාණයි. උදේ 10.30 දර්ශනය බලපු අයගේ ඉඳන් අධ්යක්ෂවරු, නිෂ්පාදකවරු, කලා ක්ෂේත්රයේ අය බොහෝදෙනෙක් මට කතා කළා. ජයන්ත චන්ද්රසිරි මහත්මයා මිදුණු විශ්වය චිත්රපටයේ 'රාජිනි' කියන චරිතය මාව විශ්වාස කරලා ලබාදීම ගැන මම එතුමට ස්තූතිවන්ත වෙනවා.
 
මිදුණු විශ්වය ඔබේ රංගන ජීවිතයට විශේෂයි කියලා හිතනවද?
ඔව්. චිත්රපටයේ තිරපිටපත කියවපු ගමන් සතුටට මට ඇඬුණා. චිත්රපටයේ පුහුණුවීම් කරද්දී හැඟීම්බර අවස්ථාවල ජයන්ත සර් මං දිහා බලාගෙන ඇඬුවා. මටත් ඇඬුණා. ඇත්තටම හරිම ආදරණීයව කළ නිර්මාණයක් මේක.
 
ඉදිරියේදී ඔබේ රංගනය මුහුවුණ සිනමා නිර්මාණ කිහිපයක්ම ප්රේක්ෂකයන් අතරට එන්න නියමිතයි නේද?
ඔව්. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ එකගෙයි සොකරි, ජයන්ත චන්ද්රසිරි මහත්මයාගේ මිදුණු විශ්වය, සරත් වීරසේකර මහත්මයාගේ ශ්රී සිද්ධා, බෙනට් රත්නායක මහත්මයාගේ කවුරුවත් දන්නේ නෑ, වී. සිවදාසන් මහත්මයාගේ දෙවන යුද්ධය කියන චිත්රපට පහ ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. මගේ රංගන ජීවිතයේ හොඳම චිත්රපට පෙළක් තමයි ඉදිරියේදී තිරගත වෙන්න තියෙන්නේ.
 
ඒ කියන්නේ උදාරි ලංකාවේ නොහිටියට අධ්යක්ෂවරුන්ට ඔබව අමතක වෙලා නැහැ?
ඔවුන් මාව අමතක කරලා නැහැ. ලංකාවට ආව ගමන් වැඩවලට කතා කරලා මට පිටපත් ලබාදුන්නා. ඇත්තටම මට සතුටුයි. අධ්යක්ෂවරු මං ගැන තබලා තියෙන විශ්වාසය ගැන. මම ඔවුන්ට ගෞරව කරනවා. මම වැඩ කළ අධ්යක්ෂවරුන් ඔවුන්ගේ ඊළඟ නිර්මාණවලටත් මට කතා කරලා තියෙනවා. ඇත්තටම ඔවුන් මං ගැන තබන විශ්වාසය ගැන කියලා නිම කරන්න බැරි සතුටක් තියෙන්නේ. මම කරන දේ ගැන තෘප්තිමත් වෙන නිසා තමයි අධ්යක්ෂවරු මට ඊළඟ වැඩේට කතා කරන්නේ. ඒක සතුටක් වගේම පෙර පිනක්.
 
දැන් වැඩි බර තියලා තියෙන්නේ සිනමාවටද?
ඇත්තටම මේ කාලයේ වැඩි බර කියලා තියෙන්නේ සිනමාවට. මම ලංකාවට ආවෙත් සිනමා නිර්මාණ කිහිපයක රූගත කිරීම්වලට සූදානම් වෙලා.
 
උදාරි පුංචි තිරයෙනුත් ප්රේක්ෂකයන්ට ගොඩක් ළංවුණා. සිනමාවට බර තියලා පුංචි තිරයට පයින් ගහයිද?
කොහෙත්ම නැහැ. ප්රේක්ෂකයෝ මට ආදරය කරන්න ගත්තේ පුංචි තිරය නිසා. මගේ චිත්රපට කිහිපයක්ම තිරගත වෙන්න තියෙන නිසා පුංචි තිරයේ දිගටම පේන්න ඉඳලා අගය නැති කරගන්න බැහැ. ටිකට් එකක් අරන් මාව බලන්න සිනමා ශාලාවට ප්රේක්ෂකයෝ එන්න නම් මම නිතරම දකින කෙනෙක් වෙලත් බැහැ. ඒ නිසා චුට්ටක් අගය තියලා මේ කාලසීමාවේ තාවකාලිකව පුංචි තිරයේ වැඩ අඩු කරලා තියෙනවා. නමුත් මම පුංචි තිරය අමතක කරන්නේ හෝ අතහැරලා දාන්නේ නැහැ.
 
උදාරි ක්ෂේත්රයට පය තියපු මුල් කාලෙත් එක්ක බලද්දී දැන් ඔබට ලැබෙන අවස්ථාමය අගය ගැන උපරිම සතුටු වෙනවා ඇති?
මම සිනමාවට ආවේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ 'පායා එන්න හිරුසේ' චිත්රපටයෙන්. මිදුණු විශ්වය චිත්රපටය බලලා එතුමා මට කිව්වා 'මගේ දරුවෙක් හරි ආඩම්බරයි‘ කියලා. මාව සිනමාවෙන් එළියට ගෙනාපු ඔහු එහෙම කියද්දී මටත් සතුටුයි. මට නිළියක් වෙන්න වුවමනාව තිබ්බේ නැහැ. මගේ තාත්තාට තමයි මාව නිළියක් කිරීමේ වුවමනාව තිබ්බේ. මගේ තාත්තාට පින්සිද්ධ වෙන්න තමයි මම මේ වගේ ගමනක් ආවේ. දරුවන්ගේ අනාගතය මවුපියන්ට දැනෙනවා කියනවනේ. ප්රේක්ෂකයන්ගේ ආදරයත් ලබාගෙන මාධ්ය ක්ෂේත්රයේ ආදරයත් තියාගෙන මේ ආපු ගමන, මේ ලැබෙන අවස්ථා ගැන උපරිම සතුටක් දැනෙනවා. ක්ෂේත්රයේ ඉන්න කොට දුක, සතුට කියන හැමදේටම මට මුහුණ දෙන්න වුණා.
 
ජනප්රිය කිරුළ දරපු ඔබට ඊළඟ හීනය තියෙන්නේ හොඳම නිළි කිරුළ ළඟ වෙන්න ඇති?
ඔව්. රංගන ශිල්පීන්, ශිල්පිනියන් ලෙස හොඳම සම්මාන ගන්න ඕන කෙනෙක් කැමැතියි. සම්මාන උළෙලක වටිනාම සම්මානය ඒක. වෘත්තිමය ඇගයීමක් ලෙස ඒ සම්මානය මට තවම ලැබිලා නැහැ. කවදා හෝ එය ලැබෙනවා නම් සතුටුයි.
 
ඔබේ පියා ඔබේ ගමන ගැන හීන දැක්කා. ඔබ දුව ගැන හීන දකිනවා ඇතිනේ. උදාරි කැමැතිද අම්මා වගේ දුවත් නිළියක් වෙනවට?
මමයි සැමියයි දෙන්නම දුව තෝරගන්න හොඳ මාවතකට උදවු කරනවා. දුව දැන් නම් කියන්නේ කවදාහරි ගගනගාමිනියක් වෙන්න කැමැතියි කියලා. අපි කියන්නේ මොන දේ තෝරගත්තත් එයා ජාත්යන්තර මට්ටමකට යන්න ඕනේ. එයාට අධ්යාපනය පැත්තෙන් උපරිම දේ අපි ලබා දෙනවා.
 
දැන් ටික කාලයක් යනකල් සැමියයි දුවයි ළඟට යන්න බැරිවෙයි නේද?
ඔව්. මාස පහක් හයක් මම ලංකාවේ ඉඳියි. ඊට පස්සේ එයාලා ළඟට ගිහින් එනවා.
 
තිළිණි කෞශල්යා විජේසිංහ
ඡායාරූප - අනුරුද්ධ මැදවත්තේගෙදර
උපුටා ගැනීම 'මව්බිම' පුවත්පතේ 'හදගැස්ම' අතිරේකයෙන්..


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top