Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
26
“මිනිය ගමට ගේන එවුන්වයි මළගෙදරට එන එවුන්වයි එක එකා බාවනවා. ගොබ්බ රොහා අවසන් ගමන් ගියා. අපි නටමු තුටින තුටින ගීත ගයාලා.” - පොලිස් වෙඩිල්ලෙන් නොඑන ගමන් ගිය, රත්මලානේ රොහාගේ ඇත්තම පැටිකිරිය මෙන්න - රොහාව මරන්න, කුඩු අංජු ලොකු ලොකු ගේම් ගහලා - Video

- “මිනිය ගමට ගේන එවුන්වයි මළගෙදරට එන එවුන්වයි එක එකා බාවනවා. ගොබ්බ රොහා අවසන් ගමන් ගියා. අපි නටමු තුටින තුටින ගීත ගයාලා.” - පොලිස් වෙඩිල්ලෙන් නොඑන ගමන් ගිය, රත්මලානේ රොහාගේ ඇත්තම පැටිකිරිය මෙන්න - රොහාව මරන්න, කුඩු අංජු ලොකු ලොකු ගේම් ගහලා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,603 Views
“ඕකව මරන එකෙකුට මම කෝටි තුනක් දෙනවා..”
 
“රොහාගේ මිනිය ගමට ගෙනැල්ලා නයිට් ගහන්න කට්ටියට බැහැ.”
 
“උගේ මිනිය ඉස්පිරිතාලෙන්ම වළ දාපල්ලා.”
 
පාතාලය හා මත්ද්රව්ය මෙරටින් තුරන් කිරීම සඳහා පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව ඇරැඹි මෙහෙයුම්වලට සමගාමීව බස්නාහිර පළාත කේන්ද්ර කොටගෙන ක්රියාත්මක කෙරෙන මෙහෙයුම් හා වැටලීම් මේ වන විට ඉතා සාර්ථක වී ඇත.
 
බස්නාහිර පළාත තුළ වසර ගණනාවක් තිස්සේ ඉතා සූක්ෂ්ම ලෙස ක්රියාත්මක වෙමින් තිබූ මහා පරිමාණ මත්ද්රව්ය ජාලයන්් මේ වනවිට සම්පූර්ණයෙන් කඩා බිඳ දැමීමට එම පළාතේ පොලිස් ස්ථානවලට, අපරාධ විමර්ශන ඒකකවලට, පොලිස් විශේෂ කාර්ය බළකායට හැකි වී ඇති අතර බස්නාහිර පළාතේ මනුෂ්ය ඝාතන සිදුකරමින් සිය අණසක පැතිරවූ පාතාල කෙරුමන්ටද මේ වනවිට උන්හිටි තැන් අහිමි වී ඇත.

මෙවන් වැටලීම් හේතුවෙන් ගිනි අවි අතැතිව සිටි කෙරුමන් කිහිපදෙනෙක්ද පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලදී ජීවිතක්ෂයට පත්වූහ.
 
පොලිසිය හා ආරක්ෂක අංශ සිදුකරන මෙම මෙහෙයුම් නිසා සිරගෙවල්වල රැඳී සිටින පාතාල කෙරුමන් බොහොමයක් ඇප මත වුව නිදහස් වී ඉන් පිටතට ඒමට හොර කරන බව බන්ධනාගාර ආරංචි මාර්ගද සනාථ කර ඇත.
 
සමහර පාතාලයන් උන්හිටි තැන් අහිමිව තම ගම්බිම්වලින් පැනගොස් සැඟවී සිටින බවද කියැවේ. එහෙත් පාතාල කෙරුමන් හා පාතාලයට සම්බන්ධ වූවන් සොයා කෙරෙන මෙහෙයුම් දිගින් දිගටම ක්රියාත්මක වෙමින් තිබේ.

මෙවැනි තවත් එක් මෙහෙයුමකදී ඇතිවුණු ගැටුමක් හේතුවෙන් පාතාල ප්රබලයකු පසුගිය 23 වැනිදා පොලිස් වෙඩි පහරින් මියගියේය. රත්මලාන, ගල්කිස්ස හා ඒ අවට කේන්ද්රකොට ගෙන පාතාල ක්රියාකාරකම්වල නිරත වෙමින් මනුෂ්ය ඝාතන සිදුකරමින් එම ප්රදේශවල භීතිය පැතිර වූ “රත්මලානේ” රොහා” නමැත්තාද වෙඩි හුවමාරුවකින් මෙලෙස ඝාතනයට ලක් විය.
 
සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු පොලිසියට වෙඩි තබා ඇත. මොහු මියගොස් ඇත්තේ ඊට ප්රතිචාර දක්වමින් පොලිසිය කළ වෙඩි තැබීමෙනි.
 
පොලිසිය පවසන හැටියට රත්මලානෙත් ගල්කිස්ස ප්රදේශයේත් සිය අණසක පතුරුවමින් පාතාල ක්රියාකාරම්වල යෙදෙනුයේ රොහා සහ අංජු යන දෙදෙනාය.
 
ගොනාකෝවිල ප්රදේශයේ ජීවත් වූ මොවුන් එකිනෙකා මරා ගැනීම නිසා මේ වන වන විට එම ප්රදේශවල පුද්ගලයන් විසි ගණනක් මැරුම් කා ඇත. 
 
පසුගියදා රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් රත්මලානේ හෝටලයකට එල්ල කෙරුණු වෙඩි ප්රහාරයත් එම ප්රහාරය සැලසුම් කළ විදේශගත සංවිධානාත්මක අපරාධකරුවකු හෝටල් හිමියකුට කළ තර්ජන ගැන මාධ්ය මඟින් ප්රචාරය වීමද මෙම ගැටුමේ තවත් එක් ක්රියාකාරකමක්ය.
 
රොහා මෙරට ජීවත් වූ අතර අංජු මේ වනවිට සිටින්නේ විදේශගතවය. ඔහු ඩුබායි සිටින බව සමහරු කියති. අංජු එරට සිට සිය ගෝලබාලයන් මෙහෙයවමින් මෙරට මත්ද්රව්ය ජාලයද පවත්වාගෙන යන අතර තමාට එරෙහි වන පිරිස් මෙන්ම පරම සතුරා වූ රොහා ඝාතනය කිරීමට දැඩි උත්සාහයක් දැරුවේය.
 
රොහාද මෙරට රැඳී සිටිමින් බන්ධනාගාරගත වෙමින් සිය ගෝලබාලයන් යොදා ගනිමින් අංජුට එරෙහි සිය ක්රියාකාරකම් සිදුකරමින් සිටියේය. රොහාගේ හා අංජුගේ වෛරයට හේතු වූයේ රොහා අතින් අංජුගේ සහෝදරයකු වන ලන්සියා ඝාතනය වීමයි. එදා පටන් අංජු දතකෑවේ ඒ පළිය ගැනීමටය. රොහා ඝාතනය කිරීමට අංජු කිහිප වතාවක්ම සිය ගෝලබාලයන් යෙදවුවද පොලිස් වෙඩි පහරින් මැරුම් කන තුරු රොහා මරා දැමීමට අංජුට හැකි වූයේ නැත.
 
මීට වසර ගණනාවකට පෙර රොහාත් ලංසියාත්, අංජුත් හොඳම මිතුරෝ වූහ. ඔවුන් තිදෙනාම අධ්යාපනය ලැබුවේද ගල්කිස්සේ පිහිටි ප්රසිද්ධ පාසලකය. ලන්සියා හා රොහා සිටියේ එකම පන්තියේය.
 
මේ වන විට රත්මලාන ගොනාකෝවිල ප්රදේශයේ චණ්ඩියකු ලෙස ප්රසිද්ධියට පත් වූයේ ලංසියාගේත් අංජුගේත් ලොකු බාප්පාය. “රත්මලානේ රාජා’ නොහොත් ‘ගොනාකෝවිල රාජා කී පමණින් ඒ ප්රදේශවල ඔහු නොදන්න කෙනෙක් නොවීය. මේ කාලයේ පාසල් වයසේ මිතුරන්ව සිටි රොහා, අංජු සහ ලංසියා ගොනාකෝවිලේ රාජාගේ කෙරුම් කියුම් හොඳින් දැන සිටියහ.
 
කුඩා කාලයේ සිටම ඇඟපත හදා ගැනීමට ආශා කළ අතර තරුණ වියට එළැඹෙත්ම රත්මලාන ගොනාකෝවිල පරිසරයේ හැදුණු වැඩුණු මොවුන්ටද කල් යත්ම බාප්පලාගේ “චණ්ඩි උණ” ගත්තේය.
 
ලංසියාගේ ඥාති දියණියකට රොහාගේ මිතුරකු පෙම් බැඳි අතර ලංසියාගේ බාප්පාටද එය දැනගන්නට ලැබිණි. ඒ ලංසියාගෙන්ය. කෝපයට පත් බාප්පා කළේ රොහා හා ඔහුගේ මිතුරා සිය නිවෙසට ගෙන්වාගෙන හොඳ හැටි පහර දීමය.
 
එහෙත් ලංසියාගේ බාප්පාට එරෙහිව නැඟීී සිටින්නට රොහාට නොහැකි විය. ලංසියාගේත් රොහාගේත් මිතුරුකම පලුදු වූයේ එතැනිනි.
 
මින් දැඩි ලෙස කලකිරුණු රොහා මොරටුව ප්රදේශයේ අවන්හලක සේවයට ගිය අතර එහිදී ඔහුට එවක මොරටුව ප්රදේශය තුළ සිය අණසක පැතිරූ මොරටු සමන් නමැත්තා හඳුනාගත හැකි විය. මොරටු සමන්ගේ ඇසුරට වැටුණු රොහාට ලංසියාගේ බාප්පාගෙන් පළිගැනීමට අවස්ථාව උදා විය.
 
එහෙත් රොහාගේ අරමුණ ලංසියාගේ බාප්පාද දැනගත්තේය. ඒ වන විට බාප්පාට පොලිසියේ දැනහැඳුනුම්කම්ද තිබිණි. ඔහු පොලිසියේ හිතවතුන් ලවා රොහා පොලිසියට කොටු කර දුන්නේය. අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ වරදට අධිකරණයට ඉදිරිපත් කෙරුණු රොහා රිමාන්ඩ් බන්ධනාගාර ගත විය.
 
රොහාට හිරගෙදරදී තවත් වැඩකරුවන් කිහිප දෙනකු හඳුනාගැනීමට හැකි විය. එහි ප්රතිඵලයක් වූයේ ලංසියාගේ බාප්පා ඝාතනය වීමය. ඉන් පසු රොහා වටාද පිරිසක් එකතු වූහ.
 
එහෙත් ඊට මාස කිහිපයකට පසු මොරටු සමන්ද වෙඩි ප්රහාරයකින් මියගියේය. ඉන් රොහා කිසියම් පසුබෑමකට ලක් වුවද ඔහු මොරටු සමන්ගේ ගෝලබාලයන්ද එකතු කරගෙන මොරටු සමන්ගේ අණසක පැතිර තිබූ ප්රදේශවල සිය අණසක පැතිරවීමට උත්සාහ ගත්තේය. මේ නිසා වැඩිකල් යන්නට පෙර රොහා යළිත් පොලිසියට කොටු විය.
 
මේ වන විට ලංසියාද සිටියේ රොහාගෙන් පළිගැනීමේ වුවමනාවෙනි. ඒ සිය බාප්පා මරා දැමීම නිසාය. කොයි මොහොතේ හෝ රොහා නිදහස් වී එළියට එනතුරු ඇඟිලි ගනිමින් සිටි ලංසියා ඒ වන විට රොහාට වඩා ගෝල බාලයන් අතින් ශක්තිමත්ව සිටියේය. ඒ ඔහු මත්කුඩු ජාවාරමද සිදුකරගෙන යමින් තිබූ නිසාය.
 
2006 මුල් කාලයේදී හිරෙන් නිදහස්ව පැමිණි රොහා යළි මොරටුව ප්රදේශයේ මත්ද්රව්ය ජාවාරමද කරගෙන ගියෙන් ලංසියාගේ කල්ලිය හා ගැටුම් ඇති විය. මේ නිසා රොහාට නැවතත් බන්ධනාගාර ගත වීමට සිදු විය.
 
හිරගෙදරින් එළියට ආවේ 2013දීය. ඒ වන විට දකුණේ හා උෟවේ දේශපාලනඥයන් කිහිප දෙනකු සමඟද දැඩි හිතවත්කම් ඇති කරගෙන සිටි රොහා ඔවුන්ගේ මැතිවරණ ව්යාපාරවලට සම්බන්ධ වී සිය ආධිපත්යය තව තවත් තහවුරු කරගැනීමට උත්සාහ දැරූ අතරම තමා මරා දමන්නට ලංසියා දරන වෑයම මඩින්නට දේශපාලන හයියද උපයෝගී කර ගත්තේය.
 
මේ ගැටුම උත්සන්න වීමත් සමඟ හිරේදී දැන හඳුනාගත් වෙඩික්කරුවකු වූ ‘බයිසිකල් බේබි’ ලවා මනුෂ්ය ඝාතන දෙකක් කරවීමට රොහා උත්සාහ ගත්තේය. ඒ එක් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගියේය. ඔහු මරා දැමුණේද ලංසියාගේ හිතවත් වීම නිසාය.
 
කෙසේ වෙතත් රොහා පසුපස පොලිසිය හා ආරක්ෂක අංශ නැවතත් පැන්නීමත් සමඟ රොහා මෙරටින් පලා ගිය අතර ඔහු නැවත ආවේ මහ මැතිවරණ ළං වූ පසුය. එසේ පැමිණි රොහා මහනුවර ප්රදේශයේ දේශපාලනඥයකුගේ දේශපාලන කටයුතුවලට සහාය දෙමින් සිටියදී ලංසියා තමා ඝාතනය කිරීමට උත්සාහ ගනිමින් සිටින බව දැනගත්තේය.
 
ඊට කලින් තමන් ඉක්මන් විය යුතු බව දත් රොහා 2016 ජුනි 23 වැනිදා මහර අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී ලංසියා මරා දැමීමට සැලසුම් කළේය. සිය බිරිය හා දරුවාද සමඟ මත්කුඩු නඩුවකට පෙනී සිටීමට පැමිණි ලංසියා නඩු විභාගය අවසන් වී සිය මෝටර් රථයට නැඟීමට යද්දී තුවක්කුරුවන් දෙදෙනකුගේ වෙඩි ප්රහාරයකට ලක්ව මියගියේය. තමාගේ හිතවත් වෙඩික්කරුවා වූ බයිසිකල් බේබි නමැත්තා සමඟ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පසුව අනාවරණය විය.
 
ලංසියා ඝාතනය වීමත් සමඟ රොහාට සිහිපත් වූයේ ලංසියාට සොහොයුරන් දෙදෙනකු සිටින බවත් ඔවුන්ද තමාට එරෙහිව ආයුධ ගන්නා බවත්ය. ලංසියාගේ සොහොයුරා වූ අංජු ගැන රොහාට ඇති වූයේ දැඩි සැකයක්ය. පාසල් ගමනේදීත් රොහාත් අංජුත් අතර ගැටුම් ඇති වී තිබිණි.
 
රොහාගේ ඊළඟ ඉලක්කය තමා වන බව හොදාකාරවම තේරුම් ගත් අංජු සිය සොහොයුරාගේ මරණයෙන් පසු මෙරටින් පලා ගියේ පළමුව සිය ජීවිතය ආරක්ෂා කරගෙන දෙවනුව රොහාගෙන් පළිගැනීමටය.
 
ඩුබායි රටට පලාගිය අංජු එරට සිට සිය ගෝලබාලයන් මෙහෙයවමින් රොහාටත් ඔහුගේ ගෝලබාලයන්ටද තර්ජන කරමින් ලංසියාගේ මත්කුඩු ජාවාරමද සියතට ගත්තේය.
 
මේ අතර රොහා සොයාගැනීමද ලෙහෙසි පහසු නොවූවත් අංජු ඔහුගෙන් පළිගැනීමේ අදහසද අත්හැරියේ නැත. ලංසියා ඝාතනය වී මාසයක් ගතවීමටද පෙර රොහාගේ ඥාති ප්රභාත් නමැත්තා ඝාතනය වූයේ එහි ප්රතිඵලයක් හැටියටයි. ප්රභාත් යනු රොහාගේ පුංචි අම්මාගේ පුතා විය. පසු දිනෙක වාද්දුව ප්රදේශයේදී රොහාගේ බාප්පා කෙනකුද වෙඩි තබා මරා දැමිණි. ඒ ඝාතන දෙකම අංජුගේ සැලසුම් මත සිදුවී යැයි පසුව වාර්තා විය.
 
කෙසේ වෙතත් ලංසියා ඝාතනයෙන් පසු සැඟවුණු රොහා ගැන තොරතුරක් ලැබුණේ 2016 නොවැම්බර් මස 15 වැනිදාය. ඔහු සිය වෙඩික්කාර සගයා වූ බයිසිකල් බේබිද සමඟ සුපිරි වාහනයකින් කුරුණෑගලට ආවේ පොලිස් ලොක්කකු හමුවී උපදෙස් ලබා ගනු පිණිසය. සුපිරි වාහනය ඔහුගේ මිතුරකුගේය.
 
බයිසිකල් බේබි සමඟ කුරුණෑගල හෝටලයකට ආ රොහා ඉදිරියට කඩාවැදුණේ පොලිස් කණ්ඩායමකි. කුරුණෑගල මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක රත්න බණ්ඩාර දසනායක හා සැරයන් බණ්ඩාර එතැනට කඩාවැදුණේ වෙනත් කටයුත්තකටය.
 
පොලිසිය පැන්නේ තමා අත්අඩංගුවට ගැනීමට යැයි බිය වූ රොහා හා බයිසිකල් බේබිට කරකියාගත හැකි දෙයක් නොවීය. උප පොලිස් පරීක්ෂකවරයා හෝටලය අසල නතරකර තිබූ රොහා පැමිණි සුපිරි රථය කාගේදැයි විමසීය. එවිටම රොහා සහ බයිසිකල් බේබි ඔහුට වෙඩි වරුසාවක් එල්ල කළහ. උප පොලිස් පරීක්ෂක දසනායක එතැනම මරු දුටු අතර සැරයන් බණ්ඩාර තුවාල සහිතව රෝහල් ගත කෙරිණි.
 
පොලිස් නිලධාරීන් එහි පැමිණ ඇත්තේ 119 හදිසි ඇමැතුම් අංශයෙන් ඔවුනට ලැබුණු දුරකථන පණිවුඩයක් අනුව බවත්, අදාළ මෝටර් රථය ලුනාව ප්රදේශයේ හිමිනමකට අයත් වූවක් බවත් පසුව අනාවරණය විය. හිමිනම රුපියල් එක්ලක්ෂ විසි දහසක මාසික කුලියකට ඒ සැප රිය මොරටුව ප්රදේශයේ වාහන කුලී ආයතනයකට ලබාදී තිබිණි.

කළුතර ප්රදේශයේ ව්යාපාරිකයකු එය ලබාගෙන තිබුණේ අදාළ කුලී ආයතනයෙනි. පසුව ව්යාපාරිකයා එය එක්ලස් කරන ලද්දකැයි සිතා එය රොහාගේ මිතුරකුට ලක්ෂ 14කට අලෙවි කර තිබිණි. ඒත් ඒ බව රොහාගේ මිතුරා නොදැන සිටි අතර තිබූ හිතවත්කමට ඔහු ගමන් බිමන් සඳහා වාහනය රොහාට ලබාදී තිබිණි.
 
මේ නිසා මෝටර් රථ කුලී ආයතනය සිටියේ දැඩි අවධානයකිනි. වාහනය කුලියට ගත් ව්යාපාරිකයා රොහාගේ මිතුරාත් එම වාහනයේ ජී.පී.එස්. උපකරණ සවිකර ඇති බව දැන සිටියේ නැත. වාහනය යන එන තැන් ගැන අවධානයෙන් සිටි කුලී රථ ආයතනය සිද්ධිය වූ දා තම රථය කුරුණෑගල හෝටලයකට ආසන්නයේ නතර කර ඇති බව දැනගෙන 119 හදිසි ඇමැතුම් ඒකකයට දැනුම් දී තිබිණි.
 
කෙසේ වෙතත් මෙම වෙඩි ප්රහාරයෙන් පසු රොහා බසයක නැඟ පලායද්දී ඔහු කොටුකර ගැනීමට වෙනත් පොලිස් කණ්ඩායමකට හැකි වී තිබිණි. එහෙත් බයිසිකල් බේබි සොයාගැනීමට නොහැකි විය.
 
රොහා පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරී රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු අතර බයිසිකල් බේබි පොලිසියට කොටු වූයේ සිද්ධිය වී මාස පහකට පසුවය. ඒ 2017 අප්රේල් 27දාය. හම්බන්තොට මීගහජඳුරේ හේනක සැඟව සිටියදී පොලිසිය ඔහු වටකර තිබූ අතර එහිදී සිදුවූ ගැටුමකින් බයිසිකල් බේබි මිය ගියේය.
 
රොහා බන්ධනාගාරගතව ඇති බව ඩුබායි සිටි අංජුටද දැනගන්නට ලැබිණි. අංජුගේ උත්සාහය වූයේ සිය ගෝලබාලයන් ලවා කෙසේ හෝ හිරගෙය තුළදී හෝ අධිකරණයට ගෙන එන අතරතුරදී හෝ ඔහු ඝාතනය කිරීමය.
 
"2001 මාර්තු 1 වැනිදා රොහාව මත්කුඩු නඩුවකට ගල්කිස්ස උසාවියට ගේන බව අංජුලා දැනගෙන හිටියා. අංජු ගෝලයෙක් එව්වා රොහාට උසාවියේදී වෙඩි තියන්න කියලා. උසාවියට එන සෙනඟ අතරේ මේ තුවක්කුකරුත් හිටියා. උසාවි ශාලාවේ තමයි මෙයා අනිත් මිනිස්සුත් එක්ක ඉඳගෙන හිටියේ. රොහාගේ නම කතා කළාම රොහා උසාවි කුඩූවට නඟිනවනේ. එතැනදි වෙඩි තියන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ. තුවක්කුකාරයා රොහාට වෙඩි තියන්නට ගෙනාපු පිස්තෝලය බෑග් එකක දාගෙන තමයි හිටියේ. ඒත් මිනිහට ඒක කරගන්න බැරිවුණා. පිස්තෝලෙ තිබුණු පාර්සලය කලබලයට අදින්නට ගිහින් බිම වැටුණු නිසා ඒ සද්දෙට මිනිහා බයවෙලා හීන්සැරේ මාරු වුණා. පොලිසියට තමයි තුවක්කුව තිබුණු පාර්සලය හම්බ වෙන්නේ. පස්සේ මිනිහව අත්අඩංගුවට ගත්තා. ප්රශ්න කරද්දියි මේ තොරතුරු හෙළි වුණේ..." ජේයෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීවේය.
 
අංජුගේ ඒ සැලැස්මද අසාර්ථක විය. එහෙත් අංජු රොහාගෙන් පළිගැනීම කිසිසේත් අමතක කළේ නැත. එය උත්සන්න වූයේ රොහා අංජුගේ බාල සොහොයුරා වූ සංජු ඝාතනය කිරීමට උත්සාහ දැරීමත් සමඟය.
 
රත්මලාන වෙඩිකන්ද පාරේ පදිංචිව සිටි මහේෂ් කුමාර නමැත්තකු පිහිවලින් ඇන ඝාතනය කර තිබිණි. ඒ අංජුගේ උපදෙස් මත අංජුගේ ගෝලබාලයන් අතිනි. ඔහු මරා දමුණේ අංජුගේ සොහොයුරා වූ සංජු මරා දැමීමට මහේෂ් උත්සාහ කිරීම නිසාය. සංජු මරා දමන ලෙස මහේෂ්ට පවසා ඇත්තේ රොහාය. රොහා මෙම කොන්ත්රාත්තුව මහේෂ්ට දුන්නේ හිරගෙදර සිටය.
 
තමාගේ ඉතිරි සොහොයුරාත් මරා දමන්න රොහා උත්සාහ දැරීම නිසා අංජුගේ කෝපයද ඉහවහ ගියේය.
 
“ඕකා මරන එකෙකුට මම කෝටි 3ක් දෙනවා” අංජු සිය ගෝලබාලයන්ට කීවේය. ඩුබායි සිට ඉතාලියට පැනගත් අංජු එහි සිට සිය ක්රියාකාරකම් මෙහෙය විය. ඒ අනුව රොහා ඝාතනය කිරීමේ තවත් සැලසුමක් ක්රියාත්මක විය. ඒ සයනයිඩ් එන්නත් කර බන්ධනාගාරය තුළදීම රොහා මැරීමටය.
 
එහෙත් අංජුගේ ඒ සැලසුමද ව්යර්ථ විය. බස්නාහිර පළාත් බුද්ධි ඒකකයට මේ තොරතුර ලැබී තිබිණි. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් දැනුවත් කෙරිණි. රොහා ඝාතනය කිරිම සඳහා ඒ වනවිටත් බන්ධනාගාරය තුළට යවා තිබුණු සයනයිඩ් අඩංගු කුප්පියත් එය එන්නත් කිරීමට යොදාගන්නා සිරින්ජරයත් සොයා ගැනීමට විමර්ශන ඇරැඹු නිලධාරීන්ට හැකිවිය.
 
එයද බන්ධනාගාරය තුළට රැගෙන ගොස් ඇත්තේ නිලධාරියකු බවද හෙළි විය. එතැනින්ද නොනැවතුණු අංජු ලංසියා ඝාතනය කිරීමට රොහාට උදවු කළ අයටද සිය ගෝලයන් ලවා ප්රහාර එල්ල කළේය.
 
ලංසියා ඝාතනය කිරීමට ගිනි අවිය දුන් අත්තිඩියේ කරුට මෙන්ම ලංසියා මරා දැමීමට සහාය වූ එයාර් ෆෝස් සම්පත්වද ඝාතනය කිරීමට අංජු සිය ගෝල බාලයන් යෙදවීය.
 
එහෙත් ඒ දෙදෙනාම දිවි ගලවා ගත්හ. ලංසියා මරා දැමුණු දා රොහා පැමිණි වාහනය එයාර් ෆෝස් සම්පත් සතු වූවකි.
 
ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්රිවරයකු වූ රංජන් ද සිල්වා නිවෙසේදීම වෙඩි තබා මරා දැමුවේ 2018 මැයි මස 24 වැනිදාය. ඔහු ක්රිකට් ක්රීඩක ධනංජය ද සිල්වාගේ පියාය. පියා පමණක් නොව ධනංජයගේ සොහොයුරාද තුවක්කුකරුගේ ඉලක්කය විය.
 
මෙයද අංජුගේ අනුදැනුම මත සිදුවූවක් බවට චෝදනා එල්ල විය. ඒ ධනංජයගේ පවුල රොහාට හිතවත්කමක් පැවති නිසා බව කියැවුණාද ධනංජයගේ පවුල ඒ සියල්ල ප්රතික්ෂේප කළහ.
 
රංජන් ද සිල්වාට වෙඩි තැබූ ඔහුගේ ප්රධාන ගෝලයාද අංජු ඩුබායි රටට ගෙන්වා ගත්තේය. ඒ ධර්මසිරිය. අංජුගේ නීති විරෝධී ක්රියාකාරකම්වල කළමනාකරු වූයේ ධර්මසිරිය. අංජුගේ මත්කුඩු ජාලය මෙහෙය වූයේ ඔහුය.
 
මෙහි ඇති වූ තවත් සිද්ධියක් රට පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරලීමට සමත්විය. ඒ රත්මලාන සොයිසාපුර පිහිටි හෝටලයකට එල්ල කරන ලද දැවැන්ත වෙඩි ප්රහාරයයි. පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව තිබියදීත් වෑන් රථයකින් පැමිණි පිරිසක් එම හෝටලයට වෙඩි තැබුවේ T56 ගිනිඅවිවලිනි.
 
ඒ අංජු එම හෝටල් හිමියාගෙන් ලක්ෂ පහක මුදලක් ඉල්ලූ නිසාය. හෝටල් හිමිකරු කීවේ තමාට එවැනි මුදලක් දිය නොහැකි බවය. මැර ප්රහාරය එල්ල වූයේ ඉන් පසුය. මෙය ඉතාලියේ සිට අංජු විසින් මෙහෙයවන ලද්දක් බව හෝටල් හිමියා දැන සිටියේය.
 
ඒ අවස්ථා කිහිපයකදීම ඩුබායි රටේ සිට හෝටල් හිමියාට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමැතුම් නිසාය. මෙම ඇමැතුම් මාධ්ය ඔස්සේද ප්රචාරය විය. ඩුබායිහි රැඳී සිටි අංජුගේ හිතවතා වූ ධර්මසිරි හා හෝටල් හිමියා අතර වූ දුරකථන සංවාදවලට අනුව ධර්මසිරිගේ ප්රධාන ඉලක්කය වූයේ රොහාන් නොහොත් රොහාය. අංජුත් ධර්මසිරිත් කියන හැටියට රොහා ඝාතනය කළ පසු තම පාතාල ක්රියා අවසන් වෙයි.
 
“ඔන්න ඔහොම කිහිප වතාවක්ම රොහා මරන්න සැලසුම් කෙරුණා. තවත් පාරක් ඇතුළට පිස්තෝලයකුත් ගියා. ඒක ගියේ පොඩි පොඩි කෑලි හැටියට. ටික කාලයක් තිස්සේම මෙහෙම පිස්තෝලේ කෑලි ගෙනිහින් උණ්ඩ අරන් යනකොට බස්නාහිර බුද්ධි අංශයට ඔත්තුව ලැබුණා” විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය.
 
රොහා ඝාතනය කිරීමට දැරූ සෑම ප්රයත්නයක්ම අසාර්ථක වූවත් අංජුගේ හා ධර්මසිරිගේ සිත්වල කැකෑරෙමින් තිබූ වෛරය පහව ගියේ නැත. අංජු සිය සහෝදරයා හා බාප්පා මැරූ පළිය ගන්නට වෙර දරද්දී අංජු විසින් රොහා ඝාතනය කරන්නවුන්ට දෙන බව කියන කෝටි ගණනක මුදල ලබා ගැනීමටද සමහරු උත්සාහ ගත්හ.
 
බන්ධනාගාරගතව සිටි රොහාට මෙම වසරේදී ඇප ලැබිණි. එහෙත් රොහා ඇප මත එළියට ආවේ නැත. කලක් ඉවසා සිටි රොහා හොඳින් සැලසුම් කොට ඉකුත් ජනවාරියේ හිරගෙදර සිට පිටතට ආවේ බන්ධනාගාරයේම බසයක නැඟීය. එලෙස පැමිණ ඔහු යළිත් සැඟ වුණේය.
 
රොහා හිරගෙදරින් පිටතට පැමිණ ඇති බව අංජු ඇතුළු ගෝලබාලයෝද දැන සිටියහ. ඔවුහු රොහා සොයා මෙහෙයුම් ක්රියාත්මක කළහ. ඒ ඩුබායිහි රැඳී සිටින අංජුගේ නියෝග මතය. එහෙත් රොහා සොයා ගැනීම ලෙහෙසි නොවීය.
 
මේ අතර පාතාල ක්රියාකාරීන් පිළිබඳ දැඩි අවධානයෙන් සිටි බස්නාහිර පළාත් උතුර කොට්ඨාස දිසා අපරාධ විමර්ශන ඒකකයට පසුගිය 23 වැනිදා රොහා ගැන තොරතුරක් ලැබිණි. ලැබුණු තොරතුරු බස්නාහිර උතුර පළාත භාර නියෝජ්ය පොලිස්පති ප්රසාද් රණසිංහ මහතාට දැනුම් දුන් නිලධාරීහු ඔහුගේ උපදෙස් මත රොහා සිටි ස්ථානයට යෑමට පියවර ගත්හ. උතුර කොට්ඨාස දිසා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නිවුන්හැල්ල ඇතුළු කණ්ඩායමක් ඒ අනුව මීගමුව කොච්චිකඩේ කම්මල්තොට ප්රදේශයට ගියේ රොහා අතටම අල්ලා ගනු පිණිසය.
 
ඒ අනුව ඉකුත් 24දා අලුයම තුනට පමණ ඒ ප්රදේශයට ගිය පොලිස් කණ්ඩායමට දකින්නට හැකි වූයේ පාළුවට ගිය නිවාස පේළියකි. ලැබුණු තොරතුර නිවැරැදි බව දත් පොලිස් කණ්ඩායමට හීන්සීරුවේ එම නිවාස පේළිය වටකොට සෝදිසි කළද රොහා සොයා ගැනීමට නොහැකි විය. ඒ අසල තිබූ හෝටලයක් අසල තිබූ මුරකුටියකට ඇතුළු වූ නිලධාරීහු රොහා සොයා පිරික්සුම් කළහ. නිලධාරීන් දුටු රොහා ටී පනස්හය ගිනි අවියකින් නිලධාරීන්ට වෙඩි තැබුවේය. ඊට ප්රතිප්රහාර එල්ල කරද්දී රොහා වෙඩි වැදී බිම වැටිණි. වෙඩි වැදුණු රොහා වහාම මීගමුව රෝහලට ඇතුළත් කෙරුණද ඔහු ඒ වනවිටත් මියගොස් සිටියේය.
 
පසුව රොහා රැඳී සිටි හෝටලය සෝදිසි කළ නිලධාරීන්ට රොහා සන්තකයේ තිබුණු ටී පනස්හය ගිනි අවියක්, පිස්තෝලයක්, උණ්ඩ කිහිපයක් හා ඉන්දියානු රුපියල් ලක්ෂ 3ක්, ජංගම දුරකථන පහක්, සිම් කාඩ්පත් 25ක් හා ඇඳුම් කිහිපයක්ද සොයා ගැනීමට හැකිවිය.
 
පසුව කරන ලද විමර්ශනයේදී හෙළි වූයේ බෝට්ටුවකින් ඉන්දියාවට පලා යෑම සඳහා රොහා කොච්චිකඩේ කම්මල්තොට ප්රදේශයේ වාඩියක සැඟව සිට ඇති බවය. ඔහු සතුව තිබූ ඉන්දියානු රුපියල් ඉන්දියාවේදී වියදම් කිරීම සඳහාත් ගෙනෙන ලද ඇඳුම් ඉන්දියාවේ පාවිච්චි කිරීම සඳහා යොදා ගැනීමට ඔහු අපේක්ෂා කරන්නට ඇතැයිද විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය.
 
“රොහා” කොටුකර ගැනුණු අවස්ථාවේ ඔහු සමඟ හෝටලයේ සිටි පුද්ගලයන් දෙදෙනකු එතැනින් පලාගොස් තිබිණි. විමර්ශනයේදී ලැබුණු තොරතුරුවලට අනුව මියගිය රොහා මෙම පුද්ගලයන් දෙදෙනාද සමඟ ඩිංගි යාත්රාවකින් දියඹට ගොස් පසුව ට්රෝලර් යාත්රාවකින් ඉන්දියාවට ඇතුළු වීමට සූදානමින් සිට ඇති බවත් නිලධාරීන් දැනගෙන ඇත.
 
පසුව මේ සම්බන්ධයෙන් දිසා අපරාධ විමර්ශන නිලධාරීහු බස්නාහිර උතුර දිසා භාර නියෝජ්ය පොලිස්පතිවරයාත් බස්නාහිර පළාත් භාර ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද දැනුවත් කිරීමෙන් පසු ඔවුන්ගේ උපදෙස් මත ඉදිරි විමර්ශන අරඹා තිබේ.
 
පොලිස් වෙඩි පහරින් මියගිය දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා රොහා හා දිලුම් යන නම්වලින්ද හැඳින්වුණු අයෙකි. 1979.02.18දී උපත ලැබූ ඔහු විවාහකයෙක් විය.
 
2002.12.31 දින කෙසෙල්වත්ත පොලිස් වසමේදී මොහොමඩ් පාකීර් යන අය ඝාතනය කිරීම, 2017.02.13 දින ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, අත්තිඩිය පාර ඉන්ජිනේරු කාර්යාලය අසලදී ජිනේන්ද්ර පාර, රත්මලාන පදිංචි සිංහාරගේ ප්රේමරත්න යන අය වෙඩි තබා ඝාතනය කිරීම 2007.05.25 දින ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, ගොනාකෝවිල අසලදී පුද්ගලයකු වෙඩි තබා මරා දැමීමට තැත් කිරීම, 2007.08.12 දින රත්මලාන ගොනාකෝවිල අසලදී පුද්ගලයකු ඝාතනය කිරීම, 2007.09.25 දින රත්මලාන ලංකා බැංකුව අසලදී අවි පෙන්වා බිය ගන්වා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් වාහනයකින් ගෙනයමින් තිබූ මුදල් කොල්ලකෑම, 2014.08.17 දින ගල්කිස්ස තෙලවල පිහිටි හසිඳු සැලෝන්හි හේමාල් නමැති පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීම, 2014.09.20 දින කල්දෙමුල්ල, ෆොන්සේකා පාර ප්රදේශයේදී පල්ලිය පාර, අඟුලාන ලිපිනයේ පදිංචි ශ්රී මාල් පෙරේරා නමැති අය ටී පනස්හය ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීම, 2016.06.23 දින මහර අධිකරණය ඉදිරිපිටදී සිංහාරගේ සුරේෂ් නොහොත් ලංසියා යන අයට ටී 56 ගිනිඅවිවලින් වෙඩි තබා ඝාතනය කිරීම, 2016.11.15 දින කුරුණෑගල - පුත්තලම මාර්ගයේ වැලගනේ ප්රදේශයේ හෝටලයකදී පොලිස් පරීක්ෂක දසනායක වෙඩි තබා ඝාතනය කොට තවත් නිලධාරියකුට බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා රැසක් රොහා වෙත එල්ල වී තිබිණි.
 
බුද්ධි අංශ තොරතුරුවලට අනුව අපරාධ 20කට පමණ චෝදනා ලැබ ඇති ගොනාකෝවිල රොහා මිනිස් ඝාතන අටකට සෘජුව හා වක්රව දායක වී ඇතැයි පොලිසිය කියයි. ගල්කිස්ස, රත්මලාන, අඟුලාන, මොරටුව කේන්ද්ර කරගෙන මහ පරිමාණයෙන් හෙරොයින් ජාවාරමේ යෙදුණු රොහා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ සිටි ප්රබල අපරාධකරුවෙක් විය.
 
රොහාගේ මරණය පිළිබඳ අධිකරණය දැනුවත් කිරීමෙන් පසු සිද්ධිය වූ ස්ථානයට පැමිණි මහෙස්ත්රාත්වරයා පරීක්ෂණයක් පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මීගමුව රෝහල් අධිකරණ වෛද්යවරයාට නියම කළේය.
 
මේ අතර රොහාගේ මරණය සැලවීමත් සමඟ රත්මලාන හා ඒ අවට අංජුගේ ගෝලබාලයන් රතිඤ්ඤා පත්තු කරමින් කිරිබත් කමින් ප්රීති ඝෝෂා පැවැත්වූ අතර ඩුබායි රටට පැනගොස් එහි රැඳී සිටින අංජු හා ඔහුගේ හිතවතුන් රොහාට සිදුවූ ඉරණම ගැන මහත් සේ සතුටු වී ඇත.
 
සිංහාරගේ අමල් සිල්වා නොහොත් කුඩු අංජු නමැත්තා රොහාගේ මරණය සම්බන්ධයෙන් සිය ෆේස්බුක්හි මෙසේ සටහනක්ද යොදා ඇත.
 
“රොහාගේ මිනිය ගමට ගෙනැල්ලා නයිට් ගහන්න කට්ටියට බැහැ. උගේ මිනිය ඉස්පිරිතාලෙන්ම වළ දාපල්ලා. මිනිය ගමට ගේන්න හිතන්නවත් එපා. මිනිය ගමට ගේන එවුන්වයි මළගෙදරට එන එවුන්වයි එක එකා බාවනවා. ගොබ්බ රොහා අවසන් ගමන් ගියා. අපි නටමු තුටින තුටින ගීත ගයාලා.”
 
සිය මුහුණුපොතේ එසේ සටහන් කර ඇති මංජු ඊට යටින් “GAME OVER” යනුවෙන් ඉංග්රීසියෙන්ද සටහනක් යොදා ඇත. පාතාල කෙරුමන්ගේ අවසානය මෙයය. විරුද්ධ පාර්ශ්වයේ තුවක්කුකරුවකුගේ හෝ පොලිසියේ වෙඩි පහරකින් මිය යෑමය.
 
බස්නාහිර පළාත් තුළ ඇරැඹි පාතාලය හා මත්ද්රව්ය මෙරටින් තුරන් කරලීමේ වැඩපිළිවෙළට සමගාමීව පාතාල කෙරුමන් හා ඔවුන්ගේ ගෝලබාලයන් විශාල පිරිසක් මේ වනවිට පොලිසිවලට හා විශේෂ කාර්ය බළකායට කොටු වී ඇති අතර ඔවුන් රැඳී සිටින්නේ හිරගෙවල් තුළය. එසේම පාතාල කෙරුමන් සිවුදෙනකුද මේ වනවිට පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලින් මරු වැලඳ ගෙන ඇත. චමීයා, සොල්ටා හා ඉන්ද්රා මැරුම් කෑ අය අතර විය. මින් ගොනාකෝවිල රොහා පාතාල ප්රබලයකු බව බස්නාහිර පළාත් උතුර දිසා විමර්ශන ඒකකය කීය.
 
පොලිස්පති චන්දන වික්රමරත්න හා බස්නාහිර පළාත් භාර ජේයෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර දිසා භාර නියෝජ්ය පොලිස්පති ප්රසාද් රණසිංහ මහතාගේ උපදෙස් අනුව බස්නාහිර පළාත් උතුර කොට්ඨාස දිසා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ඒ නිවුන්හැල්ල උප පොලිස් පරීක්ෂකවරුන් වූ හේරත් හා පියල් ඇතුළු කණ්ඩායමක් මෙම විමර්ශනවලට එක්ව සිටියහ.

මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top