Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
26
“කෑගහලා හරි කීවා නම් මේ දරුවන්ගේ දිවි බේරා ගන්න තිබුණා. දැන් ඉතින් සේරම ඉවරයි..” - මව්පියන්ටත්, පුංචි දියණියකටත් දිවි අහිමි කළ මහනුවර ඛේදවාචකයේ මෙතෙක් හෙළි නොවූ කතාව - Video

- “කෑගහලා හරි කීවා නම් මේ දරුවන්ගේ දිවි බේරා ගන්න තිබුණා. දැන් ඉතින් සේරම ඉවරයි..” - මව්පියන්ටත්, පුංචි දියණියකටත් දිවි අහිමි කළ මහනුවර ඛේදවාචකයේ මෙතෙක් හෙළි නොවූ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,126 Views
තට්ටු තුනක් වුනු ගොඩනැගිල්ල තට්ටු පහක් වුනේ කොහොමද?
 
“මෙවන් දේවල් ආයේ කාටවත් නොවෙන්න නීති ක්රියාත්මක කරන්න”
 
අනුන්ගේ නිවෙසක් තමන් මත කඩා වැටී ඉකුත් 20 වැනිදා පාන්දර නිදි යහනේදීම මෙලොව හැරයෑම සිදුවූ චමිල ප්රසාද් මහතා, ඔහුගේ බිරිය අචලා ඒකනායක මහත්මිය හා මසක් වියැති සිඟිති දියණියගේ ඛේදවාචකය හද කම්පා කරවනසුලුය.
 
යටවූ නිවෙසේම යාබද කාමරයක නිදා සිටි අචලාගේ මවගේත් ඥාති සොයුරියගේත් දිවි ගැල වී ඇත්තේ පෙර පිනකටය.

මෙය ස්වාභාවික ආපදාවක් යැයි යමකු සිතුවද එය ප්රමිතියෙන් තොර ඉදිකිරීමක් නිසා වූ ශෝචනීය සිද්ධියකි.
 
අසල්වැසියන්ගේ කතාවලින් හෙළිවන්නේ කඩාවැටුණු නිවෙසේ හිමිකාර නිමල් ලෙව්කේ මහතා ඇතුළු පිරිස සිද්ධිය දැනගෙන කලින්ම බඩු භාණ්ඩ නිවෙසින් පිටතට ගෙන ගිය බවකි. එසේ නොමැති නම් ඒවා කඩාවැටුණු නිවෙසේ සුන්බුන් අතර තිබිය යුතුය.
 
හෘද සාක්ෂියට බොරු කළ නොහැකිය. තම සොහොයුරාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විදේශයක සිට පැමිණි වැඩිමහල් සොයුරාට නිරෝධායනය වීමටද සිදුවිය.
 
අවසන් මොහොතේ පැමිණි ඔහු නැඟූ විලාපය හද කම්පා කරවන සුලුය. මුළු මහනුවර හඬවා පසුගිය බදාදා සවස මහයියාවේ පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකරන ලදී.
 
මියගිය අචලා ඒකනායක මහත්මියගේ පියා ධර්මසිරි මහතා අපට පැවැසුවේ බණ්ඩාරවෙල පදිංචිව සිටි තම දියණිය විවාහයෙන් පසු නුවරට පැමිණි බවය. බණ්ඩාරවෙල මධ්ය මහා විද්යාලයේ ඉගෙන ගත් අෑ දක්ෂ ක්රීඩිකාවක් වූ බවය. විශ්වවිද්යාලයට යෑමට ලකුණු මදි වීම නිසා ඇය නීතිය හදාරා විශ්වවිද්යාලයේ ආචාර්යවරියක ලෙස සේවය කරමින් කාගෙත් හිත දිනාගෙන ඇත.
 
මියගිය චමිල ප්රසාද් මහතා ව්යාපාරිකයකු විය. ඔහුට මහනුවර ප්රදේශයේ හෝටල් කිහිපයක්ම තිබිණි. ඔහුගේ මව හා පියාද ජීවතුන් අතර නැත. සිද්ධියෙන් දිවි බේරුණු අචලාගේ මව පවසන්නේ “කෑගහලා හරි කීවා නම් මේ දරුවන්ගේ දිවි බේරා ගන්න තිබුණා. දැන් ඉතින් සේරම ඉවරයි. මෙවන් දේවල් ආයේ කාටවත් නොවෙන්න නීති ක්රියාත්මක කරන්න.” කියාය.
 
තම දියණියත්, බෑනාත්, මිනිබිරියත් තම දෑස් ඉදිරිපිටදීම මියයෑම මවුපියන් කෙසේ දරා ගන්නද? ප්රමිතියකින් තොරව ඉදි කෙරෙන මෙවැනි ගොඩනැඟිලි ගැන වහා සොයා බැලිය යුතුය.
 
පසුගිය බදාදා වන විට මධ්යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා මහනුවර දිස්ත්රික්කයේ ඇති මෙවැනි අනවසර ඉදිකිරීම් ගැන සොයා බලා ඉවත් කිරීමට කමිටුවක් පත් කළේය.
 
මේ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්යාලයේ භූ විද්යා අංශයේ ජේයෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවැසුවේ දිගු කලක් තිස්සේ මේ නිවෙසේ පිහිටි බිමෙන් දියපහරක් ගලාගෙන ගිය බවට සාධක තිබෙන බවයි.
 
එසේම මෙවන් අනවසර ඉදිකිරීම් හා නාය යෑම් පිළිබඳ පරීක්ෂණයක් කිරීමට තම විශ්වවිද්යාල සිසුන්ගේ සහාය ලබාදෙන බවයි. මහනුවර නගරයට පැමිණ අවට බලන විට ප්රමිතියකින් තොරව ඉදිකර ඇති සුවිසල් ගොඩනැඟිලි නොපෙනේද? සිදුවන පරිසර විනාශයද ඉමහත්ය.
 
මේවා කරන්නේ ඉන්න හිටින්න නිවෙසක් නැති දුප්පත් මිනිසුන් නොවේ. ඔවුන් පැල් කොටයක් අටවා ගත් විගස ගලවා ඉවත් කිරීමට නම් බලධාරීහු යුහුසුලු වෙති. නමුත් මෙබඳු මහ මැඳුරු ගැන සොයන්නට ඉන්නේ කවුරුන්ද? ඇතැම් සුවිසල් නිවාස ඉදිකර ඇත්තේ කඳු මුදුන සමතලා කොටය. දවාලට මාරයා දත් විළිස්සා ගෙන සිටිනා සේ පෙනෙන පෙදෙස් රාත්රියට තොරණක් සේ විදුලි ආලෝකයෙන් බබළයි. පහළ නිවෙස්වල අය දිවි ගෙවන්නේ කන්ද උඩ තියෙන ඔරොත්තු නොදෙන කොන්ක්රීට් පර්වත කොයි මොහොතේ පහළට රූටා වැටේ දැයි බියෙනි.
 
මේ ව්යසනයට පාර කැපුණේ මීට වසර තිහකට පමණ පෙර සිටය. මේවාට විසඳුම් සොයන්නට පත් කෙරුණු මහජන නියෝජිතයන් මුලින්ම කළේ තමන්ට බිම් කොටසක් වෙන් කර ගැනීමය. මිනිස් වාසයට නුසුදුසු කඳු මුදුන්වල නිවාස ඉදිකොට මංමාවත් සාදාගන්නේ සල්ලි බලයෙනි.
 
නිවෙසක් ඉදිකිරීමේදී මුලින්ම අවසර ලබාගත යුත්තේ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයෙනි. මේ පිළිබඳව අදහස් දැක්වමින් එම ආයතනයේ මහනුවර දිස්ත්රික් භූ විද්යාඥ සමන්ත බෝහපිටිය මහතා පැවැසුවේ මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ මෙම නිවෙස කඩා වැටීමට මූලික හේතුව එහි පාදම ශක්තිමත් නොමැති වීම බවය.
 
සමහරුන් මෙය භූ කම්පනය නිසා සිදුවූවක් යැයි කීවද ඇසට නොපෙනෙන සාක්ෂිවලට වඩා ඇසට පෙනෙන සාක්ෂිවලින් තීන්දු ගතයුතු බවත්, තෙමහල් ගොඩනැඟිල්ලක් වූ මෙය පස් මහල් ගොඩනැඟිල්ලක් බවට පත්කෙරුණු බවට තොරතුරු ලැබෙන බවත්, එසේ ඉදිකිරීම කඩා වැටීමට මූලික හේතුව ලෙස දකින බවත් ඔහු පැවැසුවේය. මෙම ගොඩනැඟිල්ල 2006 වසරේ ඉදිකළ එකක් ලෙස සැලකෙන බවද තම ආයතනයේ මහනුවර දිස්ත්රික් කාර්යාලය ආරම්භ කෙරුණේ 2011 වසරේ බවද මෙරට භූමි ප්රමාණයෙන් 20%ක ප්රමාණයක් නායයෑමට ලක්වන බවට තොරතුරු අනාවරණය වී ඇති බවද ඔහු පැවැසීය.
 
“2006දී පේරාදෙණිය නගරයේ නාය යෑමක් සිදුවුණා. ඒ ප්රදේශයේ මීටර් 180ක් පමණ කොටසක් නාය යෑමේ අවදානමක් තිබුණා. 2010 වසරේදී මහනුවර ප්රිම්රෝස් කන්දේ නිවෙසක් නාය ගියා. මහනුවර දිස්ත්රික්කයේ නාය යෑමේ අවදානමට ලක්වූ බොහෝ ස්ථානවලට ප්රතිකර්ම යොදා තිබෙනවා. නිවෙසක් ඉදිකරද්දී භූමියේ සුරක්ෂිතභාවය ගැන මුලින්ම සිතන්න ඕනෑ. නාය යෑමේ ආපදාවකින් තොරව ජීවත් වීමට අවශ්ය වටපිටාවක් තිබිය යුතුයි. ඉඩමක් හෝ නිවෙසක් මිලදී ගන්නා විට NBRO සහතිකය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. තම ඉඩමේ නිවෙසක් ඉදිකරනවා නම් ඒ සහතිකයට වැය වන්නේ රු. 500 වැනි සුළු මුදලක්. ඉඩමේ යම් ආපදා තත්ත්වයක් තිබෙනවා නම් ඊට කළ යුතු පිළියම් පිළිබඳවත් අපි උපදෙස් දෙනවා. නමුත් මේ උපදෙස් හරියාකාරව පිළිපදිනවාද කියා අපි දන්නේ නැහැ. මේ වගේ අවාසනාවන්ත සිදුවීම් වෙන්නේ අපේ උපදෙස් නියමකාරයෙන් නොපිළිපදින නිසයි. මේ පිළිබඳව පසු විපරමක් කරනවා නම් හොඳයි. අපට ඒ ස¼දහා බලතල නෑ. අපේ අනුමැතිය අනුවයි නගර සභාවෙන් හෝ ප්රාදේශීය සභාවෙන් ඇනුමැතිය ගත හැක්කේ. එම ආයතනවලිනුත් පසුවිපරමක් සිද්ධ නොවන නිසා පුද්ගලයන් ප්රමිතියෙන් තොර ද්රව්ය යොදාගෙන නිවෙස් ඉදිකරන අවස්ථාත් තිබෙනවා.”යැයි සේනාරත්න මහතා පැවැසීය.
 
මහනුවර නගර සභාවේ ඝන අපද්රව්ය අංශයේ නාගරික ඉන්ජිනේරු නාමල් දිසානායක මහතා පැවැසුවේ නිවෙස කඩා වැටීමට මූලික හේතුව ශක්තිමත් පාදමක් නොමැතිකම බවයි.
 
''පොළොවට දරාගත හැකි ප්රමාණයට වඩා බර මහල් ඉදිකිරීම මෙයට හේතුවක්. මහනුවර නගරය පුරාම මෙවැනි අනතුරුදායක ඉදිකිරීම රාශියක් තිබෙනවා. නගර සභාව ක්රියාත්මක නොවූ කාලයේ බලය පැවැරී තිබුණේ නාගරික සංවර්ධනය අධිකාරියට. එහිදී කොළඹින් කියලා ලොකු ලොකු ව්යාපෘති මෙහි ආරම්භ කළා. පසුව නගර සභාව අඩි 4000ට අඩු ඉදිකිරීම් කටයුතු පවරාගත්තා. ඊට වැඩි ඉදිකිරීම්වලට අවසර දීම නාගරික සංවර්ධන අධිකාරියට යටතට ගත්තා. නමුත් ඉන්පසුව නගර මධ්යයේ කෙරෙන සෑම ඉදිකිරීමකටම නාගරික සංවර්ධනය අධිකාරිය හා නගර සභාව එක්ව අනුමැතිය දෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය නගරයට නොගැළපෙන යෝජනා රාශියක් ගෙනාවා. නිත්තවෙල තට්ටු 22 ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ යෝජනාවත්, බෝවලවත්තේ රෝහලක් කිරීමේ යෝජනාවත් විරෝධතා නිසා ඉවත්කර ගැනුණා. නගරයේ ඉදිකිරීම් ගැන තීරණ ගන්න නගර සභාවට බලය දෙන්න ඕනෑ. එසේ නොමැතිව කොළඹින් එන යෝජනා ක්රියාත්මක කිරීම උචිත නෑ. එසේම මේ ඉදිකිරීම්වල පසු විපරමක් නෑ. රජය පිළිගත් සැලසුම් ශිල්පියකු අඳින ප්ලෑනකට අනුමැතිය ගන්නවා. ඔවුන් වගකියන්නේ අඳින සැලැස්මට පමණයි. ඒ නිසයි ව්යුහාත්මක ඉන්ජිනේරුවකුගේ අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කළ යුතු වෙනවා. එවිට ප්රමිතියෙන් යුතු ගොඩනැඟිලි පමණක් ඉදිවෙනවා.”
 
අවිධිමත් ඉදිකිරීම හේතුවෙන් තිදෙනකුට මරු කැඳවීම හා නිවාස දෙකකට අලාභහානි සිදුවීම සම්බන්ධයෙන් නඩු පවරන බව මහනුවර කොට්ඨාස ජේයෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවැසුවේය.
 
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතෙන්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top