අළුයම 5.25ට විතර ප්රදේශවාසියෙකු දැකපු ඇඟ කිළිපොලා යන දේ...
සිය නිවසේ තනිවම ජීවත් වූ 83 හැවිරිදි තිදරු මවකගේ පිළිස්සුනු මළ සිරුරක් පෙරේදා දින අළුයම දඔගස්ආර ප්රදේශයේ ඇයගේ නිවස ඉදිරිපිට මිදුලේ තිබී දික්වැල්ල පොලිසිය සොයාගෙන තිබෙනවා.
ලොකු හැන්නදිගේ හීන්නෝනා නමැති මෙම කාන්තාවගේ දියණියක් හා පුතුන් දෙදෙනකු පිට පළාත්වල වාසය කරන බවයි දික්වැල්ල පොලිසිය පැවසුවේ.
මෙම නිවස ඉදිරිපිට මාර්ගයෙන් අළුයම 5.25 ට පමණ ගිය ප්රදේශවාසියකු මුලින්ම ගිනිගන්නා දෙයක් දැක බැලීමේදි බොහෝ සේ ගිනිගෙන තිබූ සිරුර දැක පොලිසියට දැනුම් දී තිබෙනවා.
ලීටරයේ හා ලීටර් භාගයේ භූමිතෙල් තිබුණු බවට විශ්වාස කරන බෝතල් දෙකක් හා කුප්පි ලාම්පුවක් නිවසේ ඉස්තොප්පුවේ කෙටි තාප්පයක් මත තිබී සොයාගෙන ඇති බව වාර්තා වනවා.
මහෙස්ත්රාත් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර කාන්තාව සියදිවි නසාගත්තාද යන්න පිළිබඳව දික්වැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වනවා.