කොළඹ වරායේ බහළුම් ප්‍රවාහන රථ රියදුරන් ඊයේ දහවල් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා.
ඔරුගොඩවත්ත රේගු පරීක්ෂණ අංගනවල පවතින අකාර්යාක්ෂමතාවයන්ට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කර තිබුණා.
අද පස්වරුවේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතරුව එම වර්ජනය නිමාවට පත් වුණු අතර ඒ හේතුවෙන් අද එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද ඇති වුණා.