පාසල් දරුවන් අකුරු ලිවීම සඳහා උපයෝගී කරගන්නා බෝල්පොයින්ට් හිස් බෑන් බට කිලෝ 80ක් පමණ දෛනිකව පරිසරයට මුදාහැරෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මෙම තොරතුරු අනාවරණ කර ඇත්තේ පරිසර අමාත්‍යාංශයේ ඊයේ (24) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
ඒ අනුව වසරකට භාවිත කළ බෝල්පොයින්ට් පෑන් කිලෝග්‍රෑම් 29,200 ක් පමණ මෙලෙස පරිසරයට මුදාහරින බවට අනාවරණ වී තිබෙනවා.
මෙම තත්ත්වය තුළ සිදුවන පරිසර හානිය වළක්වාගැනීම සඳහා එම අපද්‍රව්‍ය එකරැස් කර ප්‍රතිචක්‍රීකරණය සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.