සුෂාන්ත් රාජ්පුත්ට මත්ද්‍රව්‍ය ලබාදුන් බවට රියා සහ ඇගේ සොහොයුරු ෂෝවික් ඇතුලු 15 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවනවා.
විමර්ශන සඳහා කැඳවනු ලැබූ දීපිකා පදුකෝන් සහ ඇයගේ සැමියා වන රන්වීර් සිං, ගෝව සිට ඊයේ මුම්බායි වෙත ගුවනින් පැමිණි අවස්ථාවේ මාධ්‍ය, ඔවුන් ලුහුබැද පැමිණි බව සඳහන්.
ඊට අමතරව සාරා අලි ඛාන්, ෂාරදා කපූර් සහ රකුල් ප්‍රීත් සිං ද ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය විසින් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබෙනවා.
මීට අමතරව සුපිරි නළු අමිතාබ් හා ෂාරුක් වෙතද විමර්ශන නිලධාරින්ගේ අවධානය යොමු වී ඇති බව ඊයේ ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මෙම බොහෝ නළු නිළියන් සුශාන්ත් සිං-ගේ මරණය සම්බන්ධයෙන් හෝ ට්විටර් පණිවුඩයක්වත් නොතැබූ බව ද සැකයට තුඩු දී ඇති බව සඳහන්.
මේ අතර ඊයේ දිනයේ සුපිරි නළි දීපිකා පදුකෝන්ටත් නොතිසී නිකුත් කෙරුණු බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා.