සැකකරු අද අධිකරණයට රැගෙන එනු ලැබුවේ බන්ධනාගාර, පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මධ්‍යයේයි.
බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමට අදාළ, නඩු විභාගය සඳහා ඔහු අද පෙරවරුවේ ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණා.
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බූස්ස බන්ධනාගාරය වෙත ගොස් පොඩි ලැසීගෙන් ලබාගත් ප්‍රකාශවල සාරාංශය ඇතුළත් වැඩිදුර වාර්තාවක් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
තමන් එවැනි තර්ජනයක් නොකළ බවත්, තමන්ට සිදුවන අපහසුතාවන් පිළිබඳ පමණක් පැවසූ බවටත් සැකකරු ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කියා සිටියා.
ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින පොඩි ලැසී වෙනුවෙන් නීතීඥ සහයක් ඇත්දැයි විමසා සිටි අතර, ප්‍රකාශයක් ලබාදීමට අවසර ලබාදෙන ලෙස එහිදී පොඩි ලැසී අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
ඒ අනුව අදාළ ප්‍රකාශය සිදුකරමින්, තමන් එවැනි තර්ජනයක් සිදු නොකළ බවත්, තම පහසුකම් සම්බන්ධයෙන් පමණක් කථා කළ බවත් කඳුළු පිරි දෙනෙතින් සංවේදී වූ පොඩි ලැසී ප්‍රකාශ කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනුකළ මෝසමක් අනුව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පසුගිය 17 වනදා කැඳවූ නඩුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ පොඩි ලැසී මරණ තර්ජනය කිරීමේ නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කිරීමට අවසර ලබාදෙන ලෙසයි.
ඒ අනුව ඊට අවසර ලබාදුන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
මේ අතර රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 213 යි මිලිග්‍රෑම් 868 ක් සමඟ කැළණිය - ගෝනවල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
හෙරොයින් ග්‍රෑම් 150 ක් සමඟ ගනේමුල්ල - බෙල්ලන - කොහුමෝල මංසන්ධියේදී ද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගම්පහ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින්.
එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 200 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ පයාගල - මලේගොඩ ප්‍රදේශයේදියි.
නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු මොරටුව - සොයිසාපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, පානදුර සහ බණ්ඩාරගම ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර ඊයේ උදෑසන හයේ සිට අද උදෑසන පහ දක්වා බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 440 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළා.
ඉන් 159 දෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් සම්බන්ධයෙන් වන චෝදනා මතයි.
update :- Friday, September 25, 2020,9.59 AM
-------------------------------------------------------------------
'පොඩි ලැසී' ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංක හෙවත් 'පොඩි ලැසී' ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට මේ වනවිට රැගෙනවිත් තිබෙනවා.