මොහු ගුවන් හමුදාවේ සේවය කොට ඉන් ඉවත් වූ අයෙකු බවයි වාර්තා වන්නේ.
මෙකී දෙදරු මවගේ මරණය සිදුවී ඇත්තේ ගෙල සිර කිරීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වීමෙන් පසු පොලිසිය විසින් මෙකී ඝාතනය පිළිබඳ කරනු ලැබූ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරු මුලදී පවසා ඇත්තේ පාසල් ගොස් සිටි දරු දෙදෙනා රැගෙන නිවසට විත් බලන විට ඇය නිවසේ නාන කාමරය තුළ වැටී සිට ඇති බවයි.
එහෙත් පොලිසිය විසින් මෙකී ඝාතනය පිළිබඳ දිගින් දිගටම ප්‍රශ්න කොට තිබෙනවා.
එහිදී සැකකරු පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කොට ඇත්තේ නාන කාමරය තුළදී බිරිඳ සමග පොර බැදු බවත්, එහිදී ඇය බිම ඇද වැටුණු බවයි.
මියගිය කාන්තාවගේ සිරුරේ ස්ථාන කිහිපයක පහරදීමේ තුවාල තිබූ බවද පොලිසිය පැවසුවා.
සැකකරු කලක් සිය බිරිඳ සමග විදේශතව සිට පැමිණ ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
පසුව මොවුන් දෙදෙනා අතර පවුල් ආරවුල් ඇතිවී තිබෙන අතර මේ ගැන පොලිසියටද පැමිණිලි ලැබී තිබෙනවා.
පොලිසිය විසින් මොවුන් දෙදෙනා සාමදාන කොට යවා ඇති බව සඳහන්. සැකකරු උඩුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
දෙදරු මවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දී සිදු කරනු ලැබුවා.
හිනිදුම පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. එම්. ටී. පත්මකුමාර, ප්‍ර.පො.ප. දුණවිල බණ්ඩාර, පො.සැ. පුෂ්පකුමාර ඇතුළු නිලධාරීන් විසින් මෙකී ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූවා.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල
උපුටා ගැනීම දිවයින පුවත්පත