Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
25
පොඩි ලැසී අද අධිකරණයට

- පොඩි ලැසී අද අධිකරණයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,620 Views
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී අද (25) යළිත් වරක් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, සැකකරු ඉදිරිපත් කරන අවස්ථාවේදී අධිකරණය අවට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙසටද මීට පෙර නඩු විභාගයක් කැඳවූ අවස්ථාවේදී අධිකරණය පොලිසියට දැනුම්දීමක්ද සිදුකර තිබුණා.

බූස්ස බන්ධනාගාරයේදී ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීමේ සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබූ අතර, ඊට අදාළවයි අද නඩු විභාගය කැඳවා ඇත්තේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් රැකවල් මධ්‍යයේයී පොඩි ලැසී බන්ධනාගාර බස් රථයකින් පසුගිය 17 වනදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට සහ බලපිටිය මහාධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

එමෙන්ම පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් බූස්ස බන්ධනාගාරය වෙත ගොස් අදාළ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොඩි ලැසීගෙන් පැය හයක කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා.

මේ අතර, අහුංගල්ල - එගොඩමුල්ල වෙරළ තීරයට ගොඩගසා තිබූ හෙරොයින් කිලෝග්‍රෑමයක් අඩංගු පාර්සලයක් පොලිසිය ඊයේ (24) සොයාගෙන තිබෙනවා.

ඒ, වෙරළ තීරයේ ධීවර කටයුතුවල නිරතව සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු විසින් සිදුකළ දැනුම්දීමකට අනුවයි.

එමෙන්ම, අලුත්ගම - ශ්‍රීපති මාවතේ නිවසක් පරීක්ෂා කළ අවස්ථාවේදී කේරළ ගංජා ග්‍රෑම් 15 ක් සමඟින් එක් සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීර්ඝ කාලයක සිට මොහු කේරළ ගංජා ජාවාරමේ නිරතව සිට ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා චීනා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන බවයි පොලිසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

පොලිස් නිල සුනඛ ලොවීරාගේ සහයද මෙම කේරළ ගංජා සොයා ගැනීම සඳහා යොදාගැනුනා.

එසේම, අලුත්ගම - දර්ගා නගරයේදී අයිස් මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී තියුණු ආයුධයක්ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන්නෙකු වන අතර, ඒවා රැගෙන යාමට පැමිණෙන පුද්ගලයින් මුදල් නොදී පළායෑමට උත්සාහ කළහොත් ඔවුන් මෙල්ල කිරීම සඳහා තියුණු ආයුධය භාවිත කරන බවටද ඔහු පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

මේ අතර, අත්තනගලු ඔයේ - හීනටියන ප්‍රදේශයේ ජලාශ්‍රිත වගුරු බිමක පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එහි තිබූ රුපියල් ලක්ෂ 05 ක් පමණ වටිනා මත්පැන් නිෂ්පාදන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊට අදාළව සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව පොල්වත්ත ප්‍රදේශයේදී බෝර 12 ගිනි අවියක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අපරාධ කල්ලි සාමාජික ආමි නිලන්තගේ ගෝලයෙකු බවටයි වාර්තා වන්නේ.

මතුගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ඇල්පිටිය - ගනේගොඩ ප්‍රදේශයේ ඊයේ (24) සිදුකළ විශේෂ වැටලීමකදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ තියුණු ආයුධයක් සමඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top