Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
24
රටින් පනින්න ගිය රත්මලානේ රොහා, පොලිස් වෙඩිල්ලකින් මරු වැළඳගත් හැටි මෙන්න, ෆේස්බුක් වීඩියෝ එකකුත් එළියට - “මිනී ගෙනල්ලා මෙහේ නයිට ගහන්න බෑ, ඉස්පිරිතාලේම වළලපන් !” - කුඩු අංජුගෙන් අනතුරු ඇඟවීමක් - Video

- රටින් පනින්න ගිය රත්මලානේ රොහා, පොලිස් වෙඩිල්ලකින් මරු වැළඳගත් හැටි මෙන්න, ෆේස්බුක් වීඩියෝ එකකුත් එළියට - “මිනී ගෙනල්ලා මෙහේ නයිට ගහන්න බෑ, ඉස්පිරිතාලේම වළලපන් !” - කුඩු අංජුගෙන් අනතුරු ඇඟවීමක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,266 Views
“අවසන් චක් ගෝලයින් සමඟ ගොබ්බ රොහාගේ අවසන් ගමන..”
 
ට්‍රෝලර් යාත්‍රාවකින් ඉන්දියාවට පලායාමට සුදානමින් ඉඳලා...
 
පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පුද්ගල ඝාතන 7 ක ප්‍රධාන සැකකරුවෙකු වන පාතාල සාමාජිකයෙකු වූ ගොනාකෝවිලේ රොහා අද අලුයම පොලීසිය සමඟ සිදු වූ හුවමරාරුවකින් ජීවිතක්ෂයට පත්වුණා.
 
ඒ ට්‍රෝලර් යාත්‍රාවකින් ඉන්දියාවට පලායාම සඳහා ඔහු මීගමුව - කොච්චිකඩේ ප්‍රදේශයේදී සැඟව සිටියදී.

පාතාල සාමාජික දේවමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා හෙවත් ගොනා කෝවිලේ රොහා රත්මලානේ රොහා ලෙසද කුප්‍රකට පුද්ගලයෙක්.
 
ඔහු ට්‍රෝලර් යාත්‍රාවකින් ඉන්දියාවට පලායාම සඳහා මීගමුව - කොච්චිකඩේ - කම්මල්තොට ප්‍රදේශයේ සැඟව සිටින බවට බස්නාහිර පළාත් උතුර භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට තොරතුරක් ලැබී තිබුණා.
 
ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් අද අලුයම කොච්චිකඩේ ප්‍රදේශයට පැමිණ ඇත්තේ රත්මලානේ රොහා අත්අඩංගුවට ගැනීම සඳහායි.
 
එහිදී වැඩබිමක කම්කරුවන් රැඳී සිටීම සඳහා තාවකාලිකව ඉදිකළ මඩුවක සැඟව සිටි රත්මලානේ රොහා සහ පොලිස් කණ්ඩායම අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
 
එම වෙඩි හුවමාරුවේදී රත්මලානේ රොහා තුවාල ලබා ඇති අතර, පසුව ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට රැගෙනයන අවස්ථාවේ මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
 
වෙඩි හුවමාරුව සිදු වූ ස්ථානයේ තිබී ටී 56 ගිනි අවියක්, රිවෝල්වරයක් , ඉන්දීය රුපියල් ලක්ෂ 3ක පමණ මුදලක් සහ මෙරට මුදල් රුපියල් ලක්ෂ එකහාමාරකට ආසන්න ප්‍රමාණයක් හමුවී තිබෙනවා.
 
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ සිදු කෙරුණා.
 
ඒ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කරුණාජීව ගමගේ ගුණදාස මහතා විසින්.
 
ගොනා කෝවිලේ රොහා 2016 වසරේ නොවැම්බර් 15 වැනි දින කුරුණෑගල - වැලගනේ ප්‍ර දේශයේදී පොලිස් පරීක්ෂක දසනායකට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන 7ක ප්‍රධාන සැකකරුවෙක්.
 
කෙසෙල්වත්තේදි මොහොමඩ් පාකිර් ඝාතනය, රත්මලාන - ගොනා කෝවිල ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදු කිරිම, රත්මලාන - කල්දෙමුල්ල ප්‍රදේශයේදි ශ්‍රිමාල් පෙරේරා ඝාතනය කිරිම, ගල්කිස්ස - අත්තිඩිය ප්‍රදේශයේදි සිංහාරගේ ආරියරත්න ඝානතය,මහර අධිකරණය ඉදිරිපිටදි සිංහාරගේ සුරේෂ් අසංකද සිල්වා හෙවත් ලංසියා ඝාතනය සම්බන්දයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
 
මීට අමතරව, රත්මලාන ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකෑම ඇතුළු අපරාධ රැසක්ද මෙහෙයවා ඇත්තේ මොහු විසින්.
 
එමෙන්ම, රත්මලානේ රොහා ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවෙකු ලෙසද සැලකෙනවා.
 
මේ රොහා මියගිය බව සැලවීමත් සමඟ විදෙස් ගතව සැඟව සිටින ප්‍රධාන හෙරොයින් ජාවාරම්කරුවකු මෙන්ම පාතාල සාමාජිකයකු වන අමල් සිංහාරා හෙවත් කුඩු අංජු නැමැත්තා සිය සතුට පල කරමින් ෆේස් බුක් ගිණුමක සටහන් කිහිපයක් තබා තිබූ අකාරයයි.
 
මේ එම ෆේස් බුක් ගිණුමට එක් කර තිබූ ගොනා කෝවිලේ රොහාගේ වීඩියෝවක්.
 
එහි දැක්වෙන්නේ රොහා වෙළඳ සැළකට පැමිණ සිටි ආකාරයයි.
 
2016 වසරේ ජුනි 23 වැනිදා මහර අධිකරණය ඉදිරිපිටදි ඝාතනය වූ සිංහාරගේ සුරේෂ් අසංකද සිල්වා හෙවත් ලංසියා කුඩු අංජුගේ සහෝදරයකු වන අතර කුඩු අංජු විසින් ගොනා කෝවිලේ රොහා ඝානතය කිරීමටද අවස්ථා කිහිපයකිදි උත්සාහ කර ඇති බව ද වාර්තා වනවා.
 
මේ අතර, තොටළඟ මහල් නිවාස සංකීර්ණයේ භූගත ස්ථානයක සැඟව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද අලුයම සමත්වුණා.
 
ඔහු ඉන්දියාවට පාලාගොස් සිටින පාතාල සාමාජික පූකුඩු කන්නාගේ සහයකයෙක්.
 
සේකර උදයකුමාර් නම් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 27ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8ක්, රුපියල් දසලක්ෂට වැඩි මුදල්, රුපියල් පහළොස් ලක්ෂයක් පමණ වටිනා රත්‍රං භාණ්ඩ සහ තියුණු ආයුධ කිහිපයක්ද හමුව තිබෙනවා.
 
මේ අතර, දීර්ඝ කාලයක සිට ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරතවූ 34 හැවිරිදි කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක් හෙරොයින් ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 123ක් සමග හෝමාගමදී අත්අඩංගුවට ගත්තා.
 
ඒ හෙරොයින් රැගෙන හෝමාගම හිරිපිටිය ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් පැමිණෙන පිරිසක් පිළිබඳ ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී.
 
මේ අතර, මන්නාරම - වංකාලේ සිට ඇඹිලිපිටිය දක්වා ධාවනය වෙමින් තිබු මාළු පැටවූ ලොරි රථයක් මන්නාරම මඩු කුංජිකුලම් ප්‍රදේශයේදී කළ පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් හමුව තිබෙනවා.
 
පාර්සල් 49ක් තුළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 103යි ග්‍රැම් 200ක ප්‍රමාණයක් රැගෙනවිත් තිබුණා.
 
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ලොරි රථයේ සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි රියදුරු සහ සහයක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ රුපියල් කෝටි 31ක පමණ මුදල් බැරවූ ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අත්අඩංගුවට ගත් අයගෙන් එක් අයෙකු මීගමුව නගර සභාවේ සේවකයෙකු වන අතර එම ගිණුමට රුපියල් කෝටි 18ක මුදලක් බැරවී ඇති බවයි පොලිසිය සොයා ගෙන ඇත්තේ.
 
මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙකුද මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ ගිණුමට බැරවී වී ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 5ක්.
 
අනෙක් සැකකරුගේ ගිණුමට රුපියල් කෝටි 8ක පමණ මුදලක් බැරවී තිබී ඇති අතර, ඔවුන් සියලුදෙනා සම්බන්ධ ඉදිරි විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.
 
මේ අතර විශේෂ කාර්ය බලකාය අවිස්සාවේල්ල - යාලගම් මංසන්ධිය හා අවිස්සාවේල්ල - කුඩගම යන ප්‍රදේශවලින් පාතාල සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඔහුන්සන්තකයේ තිබී ගිනි අවි දෙකක්, සහ උණ්ඩ තොගයක් සොයා ගත්තා.
 
සැකකකරුවන් පාතාල කල්ලි නායකයකු වන මන්න රමේෂ්ගේ සමීපතමයින් බවටයි හඳුනා ගෙන ඇත්තේ.
 
මේ අතර අළුත්ගම ශ්‍රීපති මාවතේ නිවසක් පරීක්ෂා කර 28 හැවිරිදි චමිදු දේෂාන් හෙවත් වීනා නැමැත්තා කේරළ ගංජා ග්‍රෑම් 15 ක් සමඟ අත්අඩංගුවට ගැනිමට පොලිසිය සමත් වුණා.
 
මේ අතර හෙරොයින් ග්‍රෑම් 106 ක් සමඟ 1998 වසරේ පිටකොටුවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.
 
‍මේ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් උපයාගෙන ඇති මුදල් මුදල් විශුද්ධිකරණ පනත යටතේ තහනම් කිරීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනිම සඳහා වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ඇතුළ කණ්ඩායමක් නීතිපති දප්පුල ද ලිවේරා මහතා හමු වී තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top