Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
24
“කෙහෙල් මල කොහෙද මට කිව්වේ, මම බලාගන්නම්කෝ ලේකම්තුමා එක්ක, තමුසේ කරගන්නවාකෝ ඕවා, කියලා ජනාධිපතිතුමා ෆෝන් එක කට් කළා...” - හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, පාස්කු කොමිසමේදී තවත් රහස් රැසක් හෙළි කරයි - Video

- “කෙහෙල් මල කොහෙද මට කිව්වේ, මම බලාගන්නම්කෝ ලේකම්තුමා එක්ක, තමුසේ කරගන්නවාකෝ ඕවා, කියලා ජනාධිපතිතුමා ෆෝන් එක කට් කළා...” - හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, පාස්කු කොමිසමේදී තවත් රහස් රැසක් හෙළි කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,196 Views
“බුද්ධි තොරතුරු ගැන පොලිස්පති ජනාධිපති දැනුවත් කිරීමේ සම්ප්‍රදායක් තිබිලා නැහැ.”
 
“එතුමාත් මුලදි අදිමදි කරලා අන්තිමට උත්සවයට ආව පරක්කු වෙලා.”
 
“විනයානුකූල නිලධාරියෙක් ලෙස මම කිසිම ප්‍රකාශයක් කරේ නැහැ.”
 
පාස්කු ප්‍රහාරය එල්ල වූ සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියා කලාපය හේතුවෙන් තමන් දැඩි මානසීක පීඩනයකට ලක්ව සිටි බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු කොමිසම හමුවේ අද පැවසුවා.
 
ඔහු එහිදි අනාවරණය කළේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා, ප්‍රමාණවත් පහසුකම් නොපැවති බවට කොමිසම හමුවේ නිරන්තරයෙන් පැවසුවද, ආරක්ෂක අමාත්‍යාංශය විසින් විගණනයකට ලක් කළ නොහැකි අසීමාන්තික මුදල් ප්‍රමාණයක් රාජ්‍ය බුද්ධි සේවයට ලබා දී තිබු බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සදහා අද පැමිණියේ 3වන දිනටයි.
 
එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ඔහු පැවසුවේ 2018 වර්ෂයේ මුල් භාගය වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉස්ලාම් අන්තවාදය පිළිබද පොලිසියට විවෘත පරීක්ෂණ සිදු නොකරන ලෙස උපදෙස් දී තිබුණද, ඉන් පසුව සිදු වූ වව්නතිව් පොලිස් නිලධාරින් ඝාතනය, මාවනැල්ල බුදුපිළිම කැඩීම සහ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් පරික්ෂණ කරන්නැයි තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවයි.
 
එහිදි රජයේ අතිරේක සොලිසිටර් සොලිසිටර් ජනරාල්වරිය විමසුවේ එය ඔබ ජනාධිපතිවරයාගේ නියෝගවලට පිටුපෑමක් නොවේද යන්නයි.
 
"ඔව් මම පිටුපෑවා. ඇතිව තිබු තත්ත්වය මත මම ගොඩාක් අසරණ වෙලා හිටියේ. මොකද මම මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට කියන්නද.. ජනාධිපතිවරයා මෙහෙම උපදෙස් දුන්නා කියලා. ඒ නිසා කිසිම කෙනෙක්ගෙන් උපදෙස් ගන්නත් බැහැ. සාකච්ඡා කරන්නත් බැරි තරමට මම අසරණ වෙලා හිටියේ. උදාහරණ ඕන තරම් තියෙනවා කියන්න. නිශාන්ත සිල්වාගේ සිදුවීම ඉන් එකක්. රට යන්න කළින් ජනාධිපතිතුමා 'ඒක වෙන්නම ඕනේ කියලා' කියලා ගියා. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයාත් ඒකම කිව්වා. එහෙම කියලා දවසකට දෙකකට පස්සේ එකපාරටම ලංකාවට ආවම මගෙන් අහනවා 'කාගෙන් අහලද කළේ' කියලා, මම 'සර්නේ කිව්වේ' කිව්වාම, 'මම කිව්වේ නැහැ' කියනවා. මිලියන ගණනක් වියදම් කරලා හදපු පොලිස් නේවාසිකාගාර තියෙනවා. ජනාධිපතිගෙන් දිනයක් ගන්න බැරි වුනා ඒවා විවෘත කරගන්න. තව තියෙනවා කියන්න. පොලිස් මළල ක්‍රීඩා උත්සවයක් තිබ්බා. ඒකට පොලිස් නිලධාරින් 6000 ක්, 7000 ක් සහභාගිවෙනවා. මම එකට සහභාගිවෙන්න මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළා. ' මට බැහැ. මට බණ්ඩාරවෙල යන්න තියෙනවා. ලේකම්තුමා එක්ක කතාකරගන්න' කියල කිව්වා. පස්සේ මම ආරක්ෂක ලේකම්තුමාට කතා කළා. එතුමාත් මුලදි අදිමදි කරලා අන්තිමට උත්සවයට ආව පරක්කු වෙලා. පස්සේ එදා උත්සවය දවසේ ආරක්ෂක ලේකමතුමාට Call එකක් ආවා. එතුමා මට කිව්වා ජනාධිපතිතුමා දැන් කථාකරයි කියලා. පස්සේ මටත් Call එකක් ආවා. 'තමුසේ කාගෙන් අහලද ඕවා කරන්නේ, තමුසේ කොහොමද ඔච්වර නිලධාරින් ගෙනල්ලා ඕවා කරන්නේ, ඔය මොකක්ද' කියලා ජනාධිපතිතුමා මගෙන් ඇහුවා.මම කිව්වා සර් පොලිස් මළල ක්‍රීඩා උළෙල කියලා. 'තමුසේ කාත් එක්කද, ඕවා තියන්නේ' කියලා ඇහුවා. 'සර් මම ලේකම්තුමාට කිව්වා' කියලා පිළිතුරු දුන්නා. 'කොහොමද ලේකම් ගේන්නේ ? ඇයි තමුසේ දන්නේ නැද්ද මට කියන්න ඕනේ කියලා. තමුසෙ දන්නැද්ද තමුසෙට ඇමති කෙනෙක් ඉන්නව කියල' මෙහෙම ගොඩාක් කේන්තියෙන් මගෙන් ඇහුවා ස්වාමීනි... ඊටපස්සෙ මම 'සමාවෙන්න සර්, මම සර්ට ආරාධනා කළානේ, සර් බැහැයි කියපු නිසානේ පරක්කුවෙලා හරි ආරක්ෂක ලේකම්තුමාව ගෙන්නගත්තේ ' කියලා බොහොම හෙමින් පිළිතුරු දුන්නා. 'කෙහෙල් මල කොහෙද මට කිව්වේ, මම බලාගන්නම්කෝ ලේකම්තුමා එක්ක, තමුසේ කරගන්නවාකෝ ඕවා' කියලා ජනාධිපතිතුමා ෆෝන් එක කට් කළා. ඔහොම දේවල් තමයි වුණේ ස්වාමීනි මට. මෙවැනි සිදුවීම් නිසා මම පුදුමාකාර මානසික පීඩනයකින් ස්වාමීනි හිටියේ, මට කාටවත් කියාගන්න විදිහක් තිබුනේ නැහැ. පාස්කු ප්‍රහාරය එල්ල වෙලා ජනාධිපතිවරයා මේකට වගකියන්න ඕනේ පොලිස්පතියි, ආරක්ෂක ලේකමුයි කියද්දි, ඒක දිගින් දිගටම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙද්දිත් මම මුකුත් කිව්වේ නැහැ. අඩුම තරමේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලව්වාවත් මම මුකුත් කිව්වේ නැහැ. මොකද ඔහු රටේ විධායක ජනාධිපතිවරයා වගේම මගේ අමාත්‍යංශය භාර අමාත්‍යවරයා නිසා. විනයානුකූල නිලධාරියෙක් ලෙස මම කිසිම ප්‍රකාශයක් කරේ නැහැ. පළමු පාරට කතා කළේ පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවේදි, ඒත් අවසරය ඇතුව "
 
මෙම සාක්ෂි ලබාදීමේදී පූජිත් ජයසුන්දර මහතා මදක් හැඟීම්බර වූ අතර ඔහු යළි සාක්ෂි ලබාදීම ආරම්භ කළා.
 
" පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ කොමිසම මේ වෙද්දි යම් කරුණු අනාවරණය කරගෙන තිබුණත්, හෙළිදරව් නොවූ බොහෝ කරුණු තියෙනවා මා සතුව කියන්න. මෙච්චර ප්‍රහාරයක් වෙලා මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රටේ ප්‍රධානියා කිව්වේ මොකක්ද..? 'මම දන්නේ නැහැ, මට කිව්වේ නැහැ, මම වගකියන්නේ නැහැ. වගකියන්න ඕනේ පොලිස්පති, ආරක්ෂක ලේකම්' කියලා. ඉතිහාසයේ කිසිම අවස්ථාවක බුද්ධි තොරතුරු ගැන පොලිස්පති ජනාධිපති දැනුවත් කිරීමේ සම්ප්‍රදායක් තිබිලා නැහැ. "
 
මෙම සාක්ෂි ලබාදීම අතරතුර පූජිත් ජයසුන්දර මහතා රාජ්‍ය බුද්ධි සේවය සහ එහි හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන්ද කරුණු කිහිපයක් අනාවරණය කළා.
 
" බුද්ධි අංශ මෙතන සාක්ෂි දෙද්දි මම හිටියනේ. එයා කිව්වා රාජ්‍ය බුද්ධි අංශයට නිලධාරින් මදි.. පහසුකම් මදි... කියලා. නමුත් ආරක්ෂක අමාත්‍යංශයෙන් පුර්ණ පහසුකම්, වරප්‍රසාද ලැබුණේ රාජ්‍ය බුද්ධි අංශයට. අනිත් අයට වඩා පඩි වැඩි වුනෙත් එයාලට. නමුත් එක විෂය ක්ෂේත්‍රයයි ආවරණය කරන්න තිබ්බේ. ආරක්ෂක අමාත්‍යංශය කොයිතරම්නම් රාජ්‍ය බුද්ධි සේවයට රහසිගතව මුදල් දුන්නද.. විගණනයකටවත් ලක්වෙන්නේ නැහැ ඒ දීපු තරම. කිසිම සීමාවක් නැහැ ස්වාමීනි "
 
අනතුරුව පූජිත් ජයසුන්දර මහතාගෙන් වැඩිදුරටත් සාක්ෂි විමසීම එළඹෙන 28 වනදා දක්වා කල්තැබුණු අතර ඉන්පසුව කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණේ පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වූ රුවන් විජේවර්ධන මහතායි.
 
ඔහුගෙන් මේ වනවිටත් ජනාධිපති කොමිසම සාක්ෂි විමසමින් සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
 
මේ අතර මතභේදයට තුඩුදුන් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා මෙන්ම කොළඹ පදවියේ සහායක රදගුරු හිමිවරුන්ට අද කොමිසම තීන්දුව දැනුම් දුන්නා. ඒ අනුව කොමිසමේ සභාපතිවරයා ඔවුන්ට අවවාද කරමින් කියා සිටියේ කොමිසමේ සාක්ෂි පිළිබඳ මින් පසු මතභේදාත්මක මාධ්‍ය නිවේදන නිකුත් කිරීමෙන් වළකින ලෙසයි.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top