Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
24
මාතරින් හමු වු කොරෝනා අසාදිත රුසියානු ජාතිකයා ආගිය තැන් සොයා පරික්ෂණ - පැමිණි ආකාරය නොදන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියයි - Video

- මාතරින් හමු වු කොරෝනා අසාදිත රුසියානු ජාතිකයා ආගිය තැන් සොයා පරික්ෂණ - පැමිණි ආකාරය නොදන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,492 Views
පළමු පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල එළියට එයි..
 
මාතර සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී කොවිඩ් 19 වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණු රුසියානු ජාතිකයා හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුකළ පළමු පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත්, රෝහල් අධ්‍යක්ෂ සුරංග උබේසේකර මහතා සඳහන් කළේ අද රාත්‍රීයේ සිදුකරන දෙවැනි පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිත ද නැද්ද යන්න සම්බන්ධයෙන් තහවුරු කළ හැකි බවයි.
 
මෙලෙස කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනුනේ මාතර - පෝල්හේන්ගොඩ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි රුසියානු ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයෙකුයි.
 
ඔහු පසුගිය 13 වැනිදා රුසියාවට අයත් අංක 3705 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් රුසියාවේ සිට මත්තල ගුවන්තොටුපළට පැමිණ තිබුණේ තවත් සාමාජිකයින් 15 දෙනෙකු සමඟින්.
 
මිකලෝ පීටර් නැමති 57 හැවිරිදි අදාළ පුද්ගලයා ඇතුළු පිරිස මාතර ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වෙත ලැගුම් ගැනීමට පැමිණ තිබෙන්නේ ගුවන් තොටුපළේදී සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරුවීම හේතුවෙන්.
 
කෙසේ වුවත් හෝටලයේ රැදී සිටියදී ඔවුන් පෞද්ගලික රෝහලකින් දෙවැනි PCR පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහිදී එක් පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.
 
කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේද ඊයේ දිනයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් 11 දෙනා අතරට මාතර පොල්හේන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි පුද්ගලයා සම්බන්ධයෙන් මෙලෙස සටහන් වුණා.
 
මාතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එරික් ජයසූරිය මහතා සඳහන් කළේ අදාළ ආසාදිතයාගේ ආශ්‍රිතයින් 150 දෙනෙකු පමණ ද මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.
 
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පළ කළේ මෙවන් අදහසක්.
 
හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කෙරුණු ආසාදිතයා සඳහා අද තවත් පී.සී.ආර් පරීක්ෂාවක් සිදු කෙරුණා.
 
එම ආසාදිතයා මාතර නගරයේ සංචාරයේ නිරත වූ ස්ථාන පිළිබඳව මේ වනවිට අවධානය යොමු කර තිබෙනවා.
 
මේ අතර මාතර පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු පසුගිය 20 වැනිදා ත්‍රිරෝද රථයකින් මාතර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැල් 2කට ගොස් ඇති බවට අනාවරණය වී ඇති බවයි.
 
ඒ අනුව අදාළ ත්‍රිරෝද රථයේ රියදුරු, ඔහුගේ පවුලේ සාමාජිකයින් සහ අදාළ කණ්ඩායම මාතර හෝටලයට පැමිණි වෑන් රථයේ රියදුරු, සහයක මෙන්ම හෝටල් කාර්ය මණ්ඩලයේ 24 දෙනා අතරින් 18 දෙනෙකු මේ වනවිට නිරෝධායනය සඳහා යොමු කර තිබෙන්නේ අදාළ හෝටල් පරිශ්‍රය තුළයි.
 
තවත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 7 දෙනෙකු නිවාඩු ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර ඔවුන් ගාල්ල, වක්වැල්ල, අහංගම, ගෝණපීනුවල සහ රත්නපුර, තඹුත්තේගම, බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන තිබෙනවා.
 
මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට උපදෙස් දී ඇති අතර හෝටල් කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයින් මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙන්නේ හබරාදූවේ පිහිටි නිරෝධයන මධ්‍යස්ථාන‍ය වෙතයි.
 
හෝටල් කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ ද අද සිදු කළා.
 
කොවිඩ් ආසාදිතයාගේ පුවත වාර්තාවීමත් සමග නොසන්සුන් වූ මාතර ප්‍රදේශයේ මව්පියන් පාසල්වලට ගොස් සිය දරුවන් ආපසු රැගෙන ඒමට මෙලෙස කටයුතු කළා.
 
‍මේ අතර ප්‍රදේශයේ වෙළෙඳසැල් රැසක්ද අද දහවල් වසා දමා තිබෙන ආකාරය දක්නට ලැබුණා.
 
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අදාළ පුද්ගලයාට කොවිඩ් ආසාදිත බවට මෙතෙක් තහවුරු නොවීම හේතුවෙන් කිසිවෙකුත් අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top