Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
24
“තිළිණ එයාගේ අම්මට තුරුල් වෙලා ඉන්නවට මම කැමති නෑ. ඒක නිසා තමයි මම මෙයාව ඉවරයක් කරලා දාන්න තීරණය කළේ..” - තමන්ට වඩා අවුරුදු 13ක් වැඩිමහල් කාන්තාවක් එක්ක දීග ගිය පොල් කඩන්නා, ඇගේ පුත්‍රයාව මැරූ හේතුව පොලිසියේදී වමාරයි

- “තිළිණ එයාගේ අම්මට තුරුල් වෙලා ඉන්නවට මම කැමති නෑ. ඒක නිසා තමයි මම මෙයාව ඉවරයක් කරලා දාන්න තීරණය කළේ..” - තමන්ට වඩා අවුරුදු 13ක් වැඩිමහල් කාන්තාවක් එක්ක දීග ගිය පොල් කඩන්නා, ඇගේ පුත්‍රයාව මැරූ හේතුව පොලිසියේදී වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,352 Views
“මම එක ලණු කැරැල්ලකින් තිළිණගේ අත් දෙක එකට කියලා හොඳට ගැට ගැහුවා..”
 
“ඔය පුතා මගේ පවුලත් එක්ක ළඟින් ඉන්නවා වැඩියි. මම ඒකට කැමති නෑ..”
 
“ඉතින් තමුසේ දරුවට මොකද කළේ.. කෝ දරුවගේ බොඩි එක..”
 
පාදුක්ක පොලිස් වසමේ ගලගෙදර අංක 105 බී ලිපිනයේ පදිංචි දේවගේ තිළිණ දර්ශන දරුවන් සිව් දෙනෙකුගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවායි.
 
මීට වසර තුනකට පමණ ඉහතදී ඔහුගේ පියා ගෙල වැළලාගෙන සිය දිවි නසා ගන්නේ උහුලන්නට බැරි වූ දරු බර නිසායි. ඒ වන විටත් හතළිහ ඉක්මවූ තිළිණගේ අම්මාට දරු හතර දෙනා උස්මහත් කිරීම සිහිනයක් පමණක් වුනා.

වැඩිමහල් දියණිය විවාහ කර දී බාල දැරියන් දෙදෙනා පරිවාසයට බාර දී එකම පුතා පමණක් තමා සන්තකයේ තබා ගන්නට ඇය කටයුතු කළා.
 
තිළිණ පුතා පාසල් අධ්‍යපානයට එතරම් දුරට යොමු වූයේ නැහැ. ඒ ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙන නිසයි. තිළිණගේ මවට තරුණ පොල් කඩන්නකු හමුවන්නේ ඔය අතරතුරයි. ඔහු දෙමළ සිංහල කවලම් අයෙක්. වැස්සකටවත් පාසල් නොගිය ඔහු දන්න කාලයක සිට කුලී වැඩ කරමින් ජීවිතය ගැට ගසා ගත්තා.
 
පසුව එය ජීවිකාව කරගත් ඔහුට තිළිණගේ මව හමුවන්නේ පොල් කැඩීම සඳහා ගිය විටකයි.
 
දෙදෙනා අතර වයස් පරතරයක් ද තිබුණා.අද වන විට පොල් කඩන්නාගේ වයය 29ක්. තිළිණගේ මවට 42ක්. මේ වයස් පරතරය ඔහුට ප්‍රශ්නයක් වූයේ නැහැ. ඔහු නීත්‍යානූකූල බිරිය බවට ඇයව පත් කරගත්තා.
 
මොහු ඇගේ නිවසේ පදිංචියට පැමිණියා. එය ගරා වැටුණු ඉතා කුඩා දිළිඳු පැල්පතක්. කුඩා කාමර දෙකකින් සමන්විත මේ නිවසේ මවත්, බාප්පාත් සමඟ ගැටවර තිළිණ ද කල් ගෙව්වා.
 
තරුණයෙක් සමඟ විවාහ වූ අම්මාට තිළිණ අම්බාම් කිරීම ලේසි පහසු වූයේ නැහැ. ඔහු නිතරම මව සමීපයේ රාත්‍රීය ගෙවීමට උත්සහ දරන්න ඇත්තේ මනෝවිද්‍යාවට අනුව පිරිමි දරුවන් මව කෙරෙහි දක්වන ලිංගික ආකර්ශනයත්, මව අසළට පිට පිරිමියෙකු තබා පියාවත් ළං වනවාට පිරිමි දරුවන් අකැමැතිය යන නියමයත් ඇතිව විය හැකියි.
 
කාගෙවත් වැඩි ඇස් බැල්මක් නැති තිළිණ මත්වතුර දුම්වැටි වලටත් ඇබ්බැහි වූ අයෙකු වුනා.
 
පසුගිය 12 වැනිදා උදේ තිළිණගේ මව පාදුක්ක පොලිසියට එන්නේ සිය ළාබාල සැමියාත් සමඟයි. ඇය පැමිණ තිබුණේ පැමිණිල්ලක් කිරීමටයි. ඒ තම පුතුගේ අතුරුදහන් වීම ගැනයි.
 
අනතුරුව මේ ගැන පොලිස් නිලධාරින් විමර්ශන ඇරඹුවා.
 
මේ අතර පොලිසියේ සැකය පොල් කඩන්නා (සුළු පියා) වෙත එල්ල වී තිබුණා. ඒ පැමිණිල්ල කිරීමට බිරිඳ සමඟ පැමිණි දිනයේ ද ඔහුගේ හැසිරීම් රටාව අසාමාන්‍ය බව ස්ථානාධිපති ඇතුළු නිලධාරින්ට වැටහී තිබූ නිසයි. කට උත්තරයක් ලබා ගැනීමට ඔහු පොලිසියට කැඳවන්නේ ඒ අනුවයි.
 
"පුතා මුරණ්ඩුයි තමයි. ඒ වුණාට මාත් එක්ක යාළුයි. ආදරෙයි. මම ඇයි සර් ඒ ළමයව මරන්නේ.."
 
ප්‍රශ්න කිරීමේදී ඔහුගේ දෙතොල් වියළි තිබුණා. මුවෙන් පිටවන වචනද පැටලිලි සහගත වුණා. විමර්ශන කණ්ඩායම ප්‍රශ්න කිරීම දැඩි කළා.
 
"මම ඇත්ත කියන්නම් සර්. ඒ පුතාව හැංඟුවේ මම තමයි.." දින කිහිපයක් හිතේ හිරකරගෙන සිටි අපරාධයක තොරතුරු ඔහු එකින් එක හෙළි කරන්නට වුනා.
 
"ඔය පුතා මගේ පවුලත් එක්ක ළඟින් ඉන්නවා වැඩියි. මම ඒකට කැමති නෑ.."
 
"තමුන්ගේ පවුල කියන්නේ ඒ ළමයාගේ අම්මා නේ ඉතින්.. පුතා අම්මාගේ ළඟට වෙලා හිටියම තමුන් මොකද අකැමැති.."
 
"නෑ.. සර් ළඟට වෙලා ඉන්නවා විතරක් නෙවෙයි. ඌ... මගේ ගෑනි එක්ක එකට ඉන්නවා මම දැකලා තියෙනවා..."
 
ඔහු එලෙස පවසද්දි විමර්ශන කණ්ඩායම උඩ බිම බලන්නට වුනා. ඒ වයසින් කොපමණ මුහුකුරා ගියත් අම්මාට තුරුළු වී සිටින්නට දරුවන් දක්වන අසීමිත ආශාව ගැන අත්දැකීම් ඇති නිසයි.
 
"ඉතින් තමුසේ දරුවට මොකද කළේ.. කෝ දරුවගේ බොඩි එක.."
 
"ලියන්වල ඇළට දැම්මා සර්.."
 
තිළිණගේ සිරුර සෙවීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි. ඔහු දරුවා ඇළට දැමූ ස්ථානය නිලධාරින්ට පෙන්වුවා. එතැන හිස් බියර් කැන් එකක් හා රබර් සෙරප්පු කුට්ටමක් ද තිබුණා.
 
"ඔය සෙරප්පු දෙක තිළිණගේ. බියර් ටින් එක අපි දෙන්නා බීපු එක.."
 
"මම තිළිණ ඇළට දානවත් එක්කම පහළට ගහගෙන ගියා.."
 
ඒ අනුව නිලධාරින් තිළිණ සොයා ඇළ ඉවුරේ පහළට ගමන් කළා.
 
එලෙස මීටර් අටසීයක් පමණ පහළට යද්දි ගං ඉවුරට ආසන්නයේ ගසක පැටලී පාවෙමින් තිබෙන සිරුර දැක ගත හැකි වුණා. ඒ දින දෙක තුනකට පෙර ඇළට දැමූ තිළිණගේ සිරුයි.
 
ඔහුගේ සිරුර කබරගොයි රැලක් වටකරගෙන සිටියා.
 
විමර්ශන ආරම්භ වෙද්දි එහි සිටි බොහෝ දෙනෙකුගේ මුවඟට සුසුමක් නැඟුණේ "තාත්තා නැති අසරණ කොල්ලාට වෙච්ච අපරාධයක්" යන වදනත් සමඟයි.
 
තිළිණගේ සිරුර පුරා ලණු ඔතා තිබුණා. හැඳ සිටි රතු පැහැ කමිසය ඉරි හිසකෙස් වලින් අඩකට වඩා ගැලවී ගොසිනුයි. සිරුරේ මුහුණ පපුව ඇතුළු බොහෝ කොටසක් කබරුන් කා තිබුණා. එබැවින් නොදන්නා අයෙක්ට මේ කවුරුන්දැයි හඳුනා ගැනීමට නොහැකියි.
 
"සර් මම එයාගේ අම්මගේ ස්වාමි පුරුෂයා. ඒත් තිළිණ මට කැමති නෑ. මම මගේ පවුල ළඟ ඉන්නවට කැමති නෑ. නිතරම මාත් එක්ක රණ්ඩුවට එනවා. ගහ ගන්නවා. ඒ මොනවා කළත් ආයිත් මාත් එක්ක කතා බහ කරලා හොඳිනුත් ඉන්නවා.."
 
"තිළිණ එයාගේ අම්මට තුරුල් වෙලා ඉන්නවට මම කැමති නෑ. එයාට පොඩි මොළේ ආබාධයකුත් තිබුණා. ඒක නිසා කියන දෙයක් අහන්නෙත් නෑ. ඒක නිසා තමයි මම මෙයාව ඉවරයක් කරලා දාන්න තීරණය කළේ.."
 
"එදා එකොළොස් වැනිදා හවස තුනහමාර වෙද්දි මෙයා ගෙදර හිටියේ නැහැ. එයාගේ අක්කා බැඳලා ගිහින් පදිංචි වෙලා ඉන්නේ ගලගෙදර. මම මගේ බයිසිකලෙන් තිළිණ හොය හොයා යද්දි එයා ගලගෙදර පාලම ළඟ හිටියා. බියර් එකක් අරන් දෙන්නම් කිව්වම එයා පැනලා කැමති වුනා එයා බොන්න හරි ආසයි. මම තිළිණව බයිසිකලේ තියාගෙන බාර් එක ළඟට එක්ක ආවා...."
 
මේ කුඩා බියර් කෑන් එකෙන් තිළිණට ලැබෙන්නේ බාගයක් පමණයි. බාප්ප ආදරයට රැගෙන දුන් බියර් බාගය බී ඉතිරි බාගය බාප්පා අතට පත් කරන තිළිණ ගලා බසින ඇළ දෙස මහත් ආශාවකින් බලා සිටින්නට වුනා.
 
"මොකද ඇළේ වතුර දැක්කම ආස හිතෙනවද?"
 
"ඔව් මට ඇළේ බැහැලා නාන්න ඕන.."
 
තිළිණගේ මුවින් පිටවූ මේ වනද් පෙළ පොල් කඩන්නාට ඉබ්බා දිගේ දාන්නක් බඳු විය.
 
"හරි ඇළට බැහැලා නාන්න. හැබැයි බහින්න කලින් මම ඔයාගේ අත්දෙක ගැට ගහනවා. මොකද හදසියේ වත් වතුර පාරට ගහගෙන ගියොත් මට ඔයාව ලණු පොටෙන් ඇදලා ගන්න පුළුවන්.."
 
පොල් කඩන්නාගේ මේ ආදරය ගැන තිළිණට කිසිම සැකයක් ඇති වුයේ පැහැ. එලෙස සැක හිතන්නට තරම් ඔහුට මුහුකුරා ගිය බුද්ධියක් ද තිබුනේ නැහැ.
 
"මම එක ලණු කැරැල්ලකින් තිළිණගේ අත් දෙක එකට කියලා හොඳට ගැට ගැහුවා. ඊට පස්සේ අනිත් ලණු කැරැල්ල අරගෙන බැඳපු අත් දෙක කකුලකට තියලා ගැහ ගැහුවා. ඒත් තිළිණට මුකුත් තේරුනේ නැහැ. එයා ඇළ දිහා බලන් හිටියා. මම එක පාරටම පිටිපස්සෙන් තිළිණව ඇළට තල්ලු කළා.."
 
"ඇළට වැටුණූ ගමන්ම තිළිණ වතුරේ ගිලුණා. කෑ ගැහුවේ නම් නැහැ. පස්සේ තිළිණ ඇළ දිගේ පහළට ගහගෙන ගියා. ටික දුරක් යනකම් ඉඳලා මම ගෙදර යන්න ගියා.."
 
සිය බිරියගේ පළමු කසාදයේ එකම පිරිමි දරුවා ඝතනය කළ අයුරු පොල් කඩන්නා එලෙස පාපොච්චාරණය කළා.
 
දඩබ්බරයෙක් වූ තිළිණ තමන්ට රිසි ලෙස ගමන් බිමන් යමන් කල් ගෙවූ අයෙක්. එබැවින් ඔහු කළුවර වැටිලත් නිවසට නොපැමිණිම මවට එතරම් ලොකු ගැටලුවක් වූයේ නැහැ. එහෙත්... සවස පහ පහමාර වෙද්දි නිවසට ගොඩ වූ සැමියාගෙන් "තිළිණ කෝ" ලෙසින් බිරිය අසන්නට ඇත්තේ නිකමට මෙනි. ඔහු කිව්වේ "මම දැක්කේ නෑ" යන්නයි.
 
රාත්‍රීය උදා වුනත් තිළිණ ගෙදර ආවේ නැහැ. ඇය සැමියා සමඟ පාදුක්ක පොලිසියට යන්නේ තවදුරටත් බලා සිටීමෙන් පලක් නොවන බව වැටහීමෙන් අනතුරුවයි.
 
අත්අඩංගුවට ගත් පොල් කඩන්නා අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
 
සීල් කරන ලද පෙට්ටියේ බහාලු තිළිණගේ නරක් වී ගිය සිරුර බාරගත් මව කාගෙ කාගේත් උපකාරයෙන් අවසන් කටයුතු කළා. දැන් ඇයට පුතාත් ළාබාල සැමියාත් අහිමියි.
 
තිළිණ ඝාතනයට මුල් වූ බව කියන කරුණ ගැනද පොලිසිය මවගෙන් ප්‍රශ්න කළා. ඇය පවසා තිබුණේ මානසික ආබාධිත තත්ත්වයකින් පසුවන තම පුතා නිතරම සමීපයේ කල් ගෙවීමට ප්‍රිය කළ නමුත් පුතෙකුට නොසුදුසු ක්‍රියාවලියක කිසි දින නොයෙදුණු බවයි.
 
තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියකි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top