Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
24
"එදා ලැජ්ජා හිතිලා ෆෝන් එක තියලා පස්සේ සුරාජ්ගෙන් මංජුලාගේ නොම්මරේ ඉල්ලගෙන ටික දවසක් කතා කළා..." - හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටි. එම් දිල්ෂාන්

- "එදා ලැජ්ජා හිතිලා ෆෝන් එක තියලා පස්සේ සුරාජ්ගෙන් මංජුලාගේ නොම්මරේ ඉල්ලගෙන ටික දවසක් කතා කළා..." - හිටපු ක්‍රිකට් ක්‍රීඩක ටි. එම් දිල්ෂාන්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26 Views
"ටික දවසක් කතා කරද්දි මට හිතුණා ඇය මට හොඳ බිරිඳක් වෙයි කියලා...."

"එයා මුලින්ම කිව්වේ "සොරි අයියේ මම ඔයාව දන්නේ නැහැ කියලා.."

"සුරාජ් කිව්වා "මංජුලා තිළිණි කතා කරන්නේ" කියලා..."


අම්මා තාත්තා හොඳ කලා රසවින්දකයෝ. එයාලා සින්දු කියනවා. චිත්‍රපටි බලනවා. විවේකී වෙලාව විනෝදයෙන් හිටියේ. මගේ පවුලේ සහෝදර සහෝදරියෝ පස් දෙනෙක් ඉන්නවා. පස්දෙනා ගැනම බලන්න ඕනේ නිසා අම්මලාට අපිව කලාවට නැඹුරු කරන්න කාලයක් තිබුණේ නැහැ. ඒත් මගේ අම්මාට හොඳට සින්දු කියන්න පුළුවන්. මගේ අම්මා නන්දනී පියලතා.

ඉස්කෝලේ යන කාලේ සෞන්දර්ය කියලා විෂයක් හැදෑරුවාද?
ඔව්. මම පාසල් දෙකකට ගියා. මම මුලින්ම ගියේ යාපනයේ සිංහල මහා විද්‍යාලයට. ඊටපස්සේ කළුතර මහා විද්‍යාලයට ගියා. සංගීතය හැදෑරුවේ කළුතර මහා විද්‍යාලයේ ඉන්නකොට. ඒ දවස්වලත් මම සින්දු කිව්වා. හැබැයි ශ්‍රැතියට නෙමෙයි. ඒ කාලේ නම් අපි සින්දු කිව්වේ ලී කෑලි, බෙලෙක් කෑලිවලට ගහහා. ඊට අමතරව ඉස්කෝලේ කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න වෙලාවක් තිබුණේ නැහැ. මම වැඩිපුර කළේ ක්‍රීඩාව.

මුලින්ම සිනමාශාලාවක චිත්‍රපටියක් බලපු දවස මතකද?
දවසම මතක නැහැ. එතකොට මම ටිකක් පොඩියි. ඒත් ඒක මට හොඳට මතකයි. මුලින්ම ගෙදර අය එක්ක ගිහින් බැලුවේ. චිත්‍රපටියේ නම "පූජා". ඒක හරිම සංවේදී කතාවක්. මම අදටත් ඒ කතාවට හරිම කැමතියි.

ඊටපස්සේ යාළුවෝ එක්ක චිත්‍රපටි බැලුවේ නැද්ද?
යාළුවෝ එක්ක ගිහින් බැලුවේ චිත්‍රපටි නෙමෙයි. අපි ඉස්කෝලෙන් පැනලා යන්නේ මොකක්හරි පිට්ටනියකට. එක්කෝ මැච් එකක් බලන්න. එහෙම නැත්තං සෙල්ලම් කරන්න. ඒත් අවුරුදු 17දී මම තනියම ගිහින් චිත්‍රපටියක් බැලුවා. මම ඒක බැලුවේ කළුතර ප්‍රිස්කා හෝල් එකේ. එතකොට ටිකට් එක රු. 10ක් විතර ඇති. සල්ලි නැති නිසා ගැලරියේ ඉස්සරහින්ම වාඩි වෙලා බැලුවා.

දිල්ෂාන් පුරුද්දක් විදිහට චිත්‍රපටි බලපු කෙනෙක්ද?
නැහැ. එහෙම චිත්‍රපටි බලන්න කාලයක් මට තිබුණේ නැහැ. පොඩි කාලේ ඉඳන්ම මගේ ආසාව වුණේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න. ඒකට සම්පූර්ණයෙන් මනස හදාගත්තා. ගෙදර අයත් මම ක්‍රිකට් ගහනවාට අකමැති වුණු නිසා මගේ එකම ඉලක්කය වුණේ ක්‍රීඩාවෙන් ඉස්සරහට යන එක විතරයි. අනිත් කොල්ලොන්ට කෙල්ලොන්ට වගේ විවේකයක් නැති තරමට ඒ කාලේ මම පුහුණු වීම් කළා. ඉස්කෝලේ කාලේ නම් එහෙම චිත්‍රපටි බැලුවේ නැහැ. ඒත් පසුකාලීනව නිළියක් විවාහ කරගත්ත නිසාත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසාත් මට චිත්‍රපටිවල පළමු දර්ශනයට ආරාධනා ආවාම ගිහින් බලනවා.

කැමතිම චිත්‍රපටි නළුවා කවුද?
ජෝ අබේවික්‍රම මහතා. ඔහු මම දැක්ක ප්‍රතිභාපූර්ණ නළුවන්ගෙන් ඉදිරියෙන්ම ඉන්නවා. මම මුලින්ම බලපු "පූජා" චිත්‍රපටියේ තාත්තාගේ චරිතය කරන්නේ ඔහු. ඒ චරිතය හැමෝටම දැනෙන්න සෑහෙන්න සංවේදීව කරනවා. ඊට අමතරව අමරසිරි කලංසූරිය මහත්මයාටත් මම කැමතියි. ඒ මුළු ජීවිතයම කලාව වෙනුවෙන් කැප කරපු මිනිස්සු.

කැමතිම සිංහල චිත්‍රපටිය මොකක්ද?
"පූජා" චිත්‍රපටියට මම කැමති. ඒක අදටත් වලංගු පණිවිඩයක් සමාජයට දෙන චිත්‍රපටියක්. දුක, සතුට, කඳුළ, හැමදේම ඒකේ තියෙනවා.

අන්තිමටම බලපු චිත්‍රපටිය මතකද?
හතරදෙනාම සූරයෝ තමයි අන්තිමටම බැලුවේ. ඒකත් විදේශ රටකදි.

ටී.එම්. දිල්ෂාන් කියන්නේ ක්‍රිකට් එක්ක ලෝකේ වටෙ සංචාරය කරපු කෙනෙක්. ඔබ කැමති විදේශීය සිනමාව ගැනත් කතා කරමු?
විදේශීය සිනමාව කිව්වාම මම වැඩියෙන්ම කතා කරන්න කැමති හින්දි සිනමාව ගැන. ක්‍රිකට් එක්ක නිතරම විදේශ සංචාර කරද්දි මට සමීප වුණේ හින්දි සිනමාව. හින්දි සිනමාවේ මම ආසම නළුවා ශාරුක් ඛාන්, නිළිය දීපිකා පදුකෝන්. මම ගොඩක් හින්දි නළු නිළියන්ව හමුවෙලා කතාබහ කරලා තියෙනවා. දීපිකා පදුකෝන් අපේ කණ්ඩායම හා සම්බන්ධ වෙලා කටයුතු කරපු නිසා බොහොම ළඟින් ආශ්‍රය කළා. ඒ වගේම විරාට් කෝලිගේ බිරිඳ අනුෂ්කා ශර්මා ආසම ක්‍රීඩකයා මම කියලා එයා මාව අගය කරලා තිබුණා.

දිල්ෂාන් සමීපව ආශ්‍රය කරපු කලාකරුවන් කවුද?
රවින්ද්‍ර රන්දෙණිය. ‍රවින්ද්‍ර අයියාත් එක්ක මම ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා. ඒ වගේම සුරාජ් මාපා මගේ හොඳම යාළුවෙක්. මංජුලා (බිරිඳ) මං එක්ක යාළුවෙන්නෙත් මට තිබුණු සුරාජ්ගේ දැන ඇඳුණුම්කම නිසා. ඊට අමතරව කලාකරුවන් හැමෝම එක්ක කතාබහ කරලා ආශ්‍රය කරනවා. මම කලාව එක්ක ඉන්න කැමති කෙනෙක් නිසා කලාකාරයෝ හැමෝම මට විශේෂයි. ඒ වගේම අපි තරගයක් ජයගත්තාම කලකාරුවන් හැමෝම මට සුබපතනවා. ඒ අයගේ ආශීර්වාදය මට ගොඩාක් ශක්තියක් වුණා මගේ ක්‍රිකට් ගමනට.

සංගීතයත් එක්ක ඔබට තියෙන්නේ කොයිවගේ බැඳීමක්ද?
ඉතාම ළඟ බැඳීමක්. මොකද මම නිතරම සින්දු අහන සින්දු එක්ක ඉන්න කැමති කෙනෙක්. අපි ගොඩක් විදේශ සංචාර කරද්දි විඩාව නිවා ගන්නේ සින්දු අහලා, සින්දු කියලා. දැන් වුණත් දවසට සින්දු හතරක් පහක් අහනවාම තමයි. අපි සංචාරවලට ගියාම අනිවාර්යයෙන්ම හැමෝම එකතුවෙලා සිංදු කියනවා. ටී.එම්. ජයරත්නගේ, ගුණදස කපුගේගේ, මිල්ටන් මල්ලවාරච්චිගේ, සුනිල් එදිරිසිංහගේ සින්දු තමයි වැඩිපුරම කියන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් හොඳට සින්දු කියන්න පුළුවන් කාටද?
අපි හැමෝටම හිඳට සින්දු කියන්න පුළුවන්. චම්පක රාමනායක, චමින්ද වාස්, දම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, මේ හැමෝටම හොඳට සින්දු කියන්න පුළුවන්. දැනට වැඩිය අපේ කණ්ඩායම ඒ කාලේ අපේ කණ්ඩායම හොඳට හිටියා. හොඳ බැඳීමක් තිබුණා. ඒකට සංගීතයත් එක හේතුවක්. ඇත්තටම අපේ ජයග්‍රහණවකට සංගීතයත් එක හේතුවක් කියලා මම හිතනවා.

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?
සුනිල් එදිරිසිංහ මහත්මයාට මම ගොඩක් කැමතියි. ඔහුගේ ගීතවලට දැනටත් මම ගොඩක් ආසයි. ඊට අමතරව අමරසිරි පීරිස්, ක්ලැරන්ස් විජේවර්ධන, ටී.එම්. ජයරත්න මේ හැමෝගෙම සින්දු අදටත් රසවිඳීනවා.

ඔබ විවාහ වුණේ රංගන ශිල්පිනියක් සමඟ. ඒ ආදර කතාව ගැනත් කියමු?
මම කොහොමත් කලාවත් එක්ක ඉන්න කෙනෙක්නේ. ක්‍රිකට් එක්ක කොච්චර කාර්යබහුල වුණත් හැකි හැම වෙලාවකම ටී.වී. එකේ යන කතාවක් දෙකක් බලනවා. එහෙම කතා බලද්දි මට මංජුලා තිළිණිව හොඳට මතකයි. එයා එයාගේ චරිත හැම එකක්ම හොඳට කළා. සුරාජ් මාපා කියන්නේ මගේ හොඳ යාළුවෙක්. අපි දෙන්නා දවසක් මුණගැහුණු වෙලාවක මංජුලාගෙන් සුරාජ්‍ට දුරකතන ඇමතුමක් ආවා. සුරාජ් කිව්වා "මංජුලා තිළිණි කතා කරන්නේ" කියලා. "මම ආසම නිළියක්" කියලා මම කිව්වාම සුරාජ් මට ෆෝන් එක දුන්නා මංජුලා එක්ක කතා කරන්න. මංජුලා එතකොටත් මාව දන්නේ නැහැ. එයා මුලින්ම කිව්වේ "සොරි අයියේ මම ඔයාව දන්නේ නැහැ" කියලා. එදා ලැජ්ජා හිතිලා ෆෝන් එක තියලා පස්සේ සුරාජ්ගෙන් මංජුලාගේ නොම්මරේ ඉල්ලගෙන ටික දවසක් කතා කළා. ටික දවසක් කතා කරද්දි මට හිතුණා ඇය මට හොඳ බිරිඳක් වෙයි කියලා. යාළුවෙලා වසරක් ඇතුළත කොහොමහරි අපි විවාහ වුණා. මගේ ජීවිතේ මම ගත්ත නිවැරදිම තීරණවලින් එකක් ඒක.

විවාහයෙන් පසුව මංජුලා රංගනයට තිත තිබ්බේ ඔබේ වාරණ නිසාද?
කොහෙත්ම නැහැ. මං එක්ක විවාහ වෙනකොට මංජුලා ජනප්‍රියත්වයේ ඉහළම තලයේ හිටපු කෙනෙක්. මම කිව්වා මංජුලාට දිගටම රඟපාන්න කියලා. ඒත් එයා කිව්වා මේ ගමන ඉස්සරහට යන්න ඕනේ නම් අපි දෙන්නාගෙන් කෙනෙක් කැපකිරීමක් කරන්න ඕනේ කියලා. ඒ නිසයි එයා රංගනයෙන් ඉවත් වුණේ. එයා එක්ක විවාහ වෙලා වසර තුනක් යද්දි මම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වුණා. එයා කරපු කැප කිරීමට මම හොඳ පිළිතුරක් දුන්නා.

දිල්ෂානුත් රඟපෑවා නේද?
ඔව්. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම හදපු සිංහාවලෝකනය චිත්‍රපටියට මට ආරාධනා කළා. මම ක්‍රීඩාවත් එක්ක කාර්යබහුල නිසා ලොකු චරිතයක් කරන්න කාලයක් තිබුණේ නැහැ. දවස් දෙකක රූගත කිරීම් එක්ක පොඩි චරිතයක් කළා. මේ ළඟදී ශාන්ත සොයිසාගේ "මිතූ" කියලා ටෙලිනාට්‍යයක චරිතයක් කළා. රඟපෑවා විතරක් නෙමෙයි මම ගීත තුනකුත් ගායනා කළා. මගේ බිරිඳ මංජුලා එක්ක "හැම සංසාරේ" කියලා සින්දුවක් කළා. දැනට මාස කීපයකට කලින් "අහස් ගැබ තරු අතරේ" කියලා ගීතයක් කළා. තව ගීතයක වැඩ කටයුතු අවසන් කළා. ඒකත් ළඟදිම අහන්න ලැබෙයි.

කලාව කියන දේ ටී.එම්. දිල්ෂාන් කොහොමද දකින්නේ?
ක්‍රීඩාව මිනිස්සුන්ගේ ශරීරයේ පැවැත්මට අත්‍යාවශ්‍යයි වගේම කලාව මිනිස්සුන්ගේ මානසික පැවැත්මට අත්‍යාවශ්‍යයි. කලාව හැම පැත්තකට යොමු කරන්න පුළුවන්. කලාවෙන් සමාජයේ ඕනේම තලයකට ආමන්ත්‍රණය කරලා හොඳ පණිවිඩයක් ලබාදෙන්න පුළුවන්. කලාව කියන්නේ ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මමත් චරිත තුනක් රඟපාලා තියෙනවා. ඒ නිසා ඒක කොච්චර අමාරුද කියලා මම දන්නවා.

දිල්ෂාන් කියන්නේ ලෝකේ වටේ සංචාරය කරපු කෙනෙක්. විදේශීය සිනමාව සමඟ සසදන විට ලංකාවේ සිනමාව ගැන මොකද හිතෙන්නේ?
ලෝකයේ සිනමාව එක්ක අපේ සිනමාව සංසන්දනය කරන්න අමාරුයි. මොකද අපිට තාක්ෂණික මට්ටමෙන් පහසුකම් නැහැ. මම විදේශ වෙළෙඳ දැන්වීම් කීපයක හිටපු නිසා ඒ කැමරා තාක්ෂණය ගැන දන්නවා. අපේ රටේ කලාකරුවන් දක්ෂයි. තාක්ෂණය දියුණු කරගත්තොත් අපිට ගොඩක් කලාවෙන් ඉදිරියට යන්න පුළුවන්.

ලෝකයේ ක්‍රිකට් තරුවකගේ චරිත කතාවක් සිනමාවට නඟන්න කිව්වොත් ඔබ තෝරගන්නේ කාගේ චරිත කතාවද?
මම තෝරගන්නේ ඉම්රාන් කාන්ගේ චරිතය. ඔහු පොඩි තැනකින් ඇවිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට ගිහින් ලෝක කුසලානයත් දිනලා, පසුව දේශපාලනයට ඇවිත් පාකිස්තානයේ අගමැති ධුරයට පත් වෙලා තියෙනවා. එයා ආපු ගමන සහ ඔහුගේ හැසිරීම මම අදටත් අධ්‍යයනය කරනවා. ඒ කතාව හැමෝටම දැනගන්න චිත්‍රපටියක් හැදුණොත් හොඳයි.

චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න ආරාධනාවක් ආවොත් භාරගන්නවාද?
ඒක ඉදිරියේදී බලමු. දැනට එහෙම අදහසක් නැහැ. හොඳ පිටපතක් සහ හොඳ අධ්‍යක්ෂවරයෙක් ලැබුණොත් චිත්‍රපටියක් නිෂ්පාදනය කරයි මම.

නිර්මාණි බණ්ඩාරනායක
සරසවිය
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top