Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
23
“...ෆෝන් එක විසි කරපු පාර කාරෙකන් එළියට වැටුණා. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක බිදුණා..” - සැමියා විදෙස් රටක සිටියදී, අවුරුදු 27ක් වයස කොල්ලෙක් එක්ක පෙමින් වෙලුණු සංගීතා, ඔහු අතින් අමානුෂික ලෙස අවසන් ගමන් ගිය හැටි

- “...ෆෝන් එක විසි කරපු පාර කාරෙකන් එළියට වැටුණා. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක බිදුණා..” - සැමියා විදෙස් රටක සිටියදී, අවුරුදු 27ක් වයස කොල්ලෙක් එක්ක පෙමින් වෙලුණු සංගීතා, ඔහු අතින් අමානුෂික ලෙස අවසන් ගමන් ගිය හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

83,775 Views
“මම එයාව කැලේට ඇදගෙන ගිහිල්ලා බෙල්ල කපලා දාලා ආවා...”
 
“එයා මට ෆෝන් එක දෙන් නැතුව මගේ පැත්තට විසි කරා..”
 
“සැකකරුගේ දුරකථනයෙන් තරුණියගේ නිරුවත් ඡායාරූප රැසකුත් එළියට එයි..”
 
තිදරු මවක් වූ සංගීතා පදිංචිව සිටියේ මාලච්චේයේ ය. වයස අවුරුදු තිස් හයක්. ගෙල කපා බරපතල තුවාල සිදු කර තිබූ ඇය පසුගිය ජුලි මස 11 වැනිදා සොයා ගැණූනේ කැබිතිගොල්ලෑව, හොරොව්පොතාන මාර්ගයේ පාලු කැලෑබද ප්‍රදේශයක තිබියදීයි. සොයා ගන්නා විට ඇය ජීවතුන් අතර සිටි බැවින් වහා රෝහල්ගත කළා. ඇගේ තත්ත්වය බරපතල වූ හෙයින් ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.
 
එහි දැඩි සත්කාරයේ සතියක් කල් ගෙවූ ඇය ජිවිතක්ෂයට පත්වුනා.

සංගීතා ඝාතනයේ විමර්ශන ඇරඹූ කැබිතිගොල්ලෑව පොලිසියට හැකි වූයේ ඇය කවුරුන්ද යන්න සොයා ගැනීම පමණයි. අනුරාධපුර කොට්ඨාශය බාර පොලිස් අධිකාරිවරයාගේ නියෝගය මත අපරාධ විමර්ශන ඒකකය පැති කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වුණා.
 
ඒ සඳහා නවීන තාක්ෂණයද යොදා ගත් අතර ඝාතනය වී දින හතළිස් පහකට පසු ඝාතකයා අත්අඩංගුවට ගැනීමට එම ඒකකයට හැකි වුණා. සැකකරු වයස අවුරුදු 27ක තරුණයෙකු වුනා. පේදුරුතුඩුව පදිංචි ඔහු අවිවාහකයෙක්. වැඩ පරීක්ෂකවරයෙකු ඔහු අත්අඩංගුවට ගත්තේ දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය සේවයේ යෙදී සිටියදීයි.
 
ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සංගීතා ඝාතනයේ සියලු තොරතුරු හෙළි කළා.
 
මෙම තරුණයා වසර තුනක කාලයක් තිස්සේ සංගීතා අනියම් බිරිඳ වශයෙන් කටයුතු කළා. පසුගිය ජූලි මස නම වනදා ඔහු දෙහිවල පිහිටි රැකියා ස්ථානයෙන් නිවාඩු ලබා යාපනයට ගියේ සංගීතා හමුවීමටයි. ඒ වාලච්චේන නගරයෙන් කුලී පදනමට ගත් මෝටර් රථයකින්.
 
වාලච්චේනේදී ඔහුට සංගීතා හමුවුණා. තමා සමඟ යාපනයට යාමට ඔහු ඇයට ඇරයුම් කළේ ලද නිවාඩුව ඇය සමඟ බෙදා ගැනීමේ අරමුණින්.
 
ඇය ගමනට අවශ්‍ය ඇඳුම් රැගෙන මෝටර් රථයට ගොඩ වුනේ පේදුරු තුඩුවට යාමටයි.
 
එහෙත් පෙම්වතා ඇය කැටුව කැබිතිගොල්ලෑව හොරොව්පතාන මාර්ගයේ පාළු කැලෑ බද ස්ථානයක දී තියුණු මුවහත ඇති කුඩා පිහියකින් ගෙල කපා ඇය කැලෑවේ දමා පැන ගොස් තිබුණා.
 
කැපුම් තුවා ලැබූ ඇය සිහිසුන්ව සිටියදී එම මාර්ගයේ ගමන් කළ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු 1990 ගිලන් රථය කැඳවා ඇයව රෝහල්ගත කර තිබුණා.
 
ඉන් අනතුරුව දැඩි සත්කාරයට ඇතුළත් කළ ඇය මිය ගියා.
 
මෙම අබිරහස් මරණය ගැන පොලිසිය සති කිහිපයක්ම කළ පරීක්ෂණවලින් පසුව සංගීතා භාවිතා කළ සිම් කාඩ්පත හා ජංගම දුරකථන වාලච්චේනය ප්‍රදේශයේ කිසියම් අයෙකු භාවිතා කරන බව අනාවරණය වුණා.
 
එම දුරකථනය පාවිච්චි කළ 18 හැවිරිදි තරුණීයක පොලිස් භාරයට ගන්නා අතර ප්‍රශ්න කිරීම්වලදී ඇය පැවසුවේ තම පෙම්වතා සිම් කාඩ්පත සමඟ ජංගම දුරකථනය ලබාදුන් බවයි.
 
ඒ අනුව දෙහිවල සුඛෝපබෝගී මහල් නිවාසයට ලැගුම් ගෙන සිටියදී තරුණයා අත්අඩංගුවට පත් වුණා.
 
සැකකරු යාපනය පේදුරුතුඩුව වව්නියාව හා දෙහිවල යන ප්‍රදේශවලින් සිම් තුනක් ගෙන ඇති බවත් ඉන් එකක් සංගීතා භාවිතා කර ඇති බවත් අනාවරණය වුනා.
 
පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී තමා සිය අනියම් බිරිය ගෙල කපා මරාදැමු බව පාපොච්චාරණය කර තිබුණා.
 
"ඔව් මම එයාගේ බෙල්ල කැපුවා පොඩි පිහියකින්. ඒක යතුරු රඳවනයක තිබූ කුඩා පිහියක්.."
 
"මම එයාව කැලේට ඇදගෙන ගිහිල්ලා බෙල්ල කපලා දාලා ආවා. මම එයත් එක්ක වාහනේ එද්දි එයාගේ ෆෝන් එක ඉල්ලුවා. නමුත් එයා මට ෆෝන් එක දෙන් නැතුව මගේ පැත්තට විසි කරා. ෆෝන් එක විසි කරපු පාර කාරෙකන් එළියට වැටුණා. ෆෝන් එකේ මුහුණත වීදුරුව බිදුණා. ඒ වෙලාවේ තමයි මේ ගැටුම ඇතිවුණේ.."
 
සංගීතා ඝාතනයට යොදා ගත් පිහිය සොයා ගැනීමට පොලිසිය උත්සහ කළ නමුත් එය නොහැකි වී තිබෙනවා.
 
සැකකරු ලබා දෙන ප්‍රකාශ ගැන කිසියම් සැකයක් ඇතිව තිබුණත් ඔහු ඇය ඝාතනය කළ බව පවසා තිබූ අතර සැකකරු සමඟ ඇය විවාහ වීමට උත්සහා කිරීම නිසා තම සිතේ ඇය ගැන වෛරයක් පිළිකුලක් ඇති බව ඔහු පවසා තිබුණා. ඒ අනුව එය මුල් කරගෙන මෙම ඝාතනය වන්නට ඇති බව පොලිසිය සැක පළ කරනවා.
 
සංගීතාට දරුවන් තිදෙනෙකු සිටිනා බවත් ඇගේ සැමියා බිරියගේ ඝාතනය ගැන කිසිත් නොදන්නා නමුත් සැකකරු හා බිරිය අතර ඔහු විදෙස්ගතව සිටියදී අනියම් ඇසුරක් තිබුණු බව දන්නා බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණා.
 
අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ මරණකාරිය එවූ නිරුවත් ඡායාරූප රැසක් සැකකරුගේ ජංගම දුරකථනයේ දත්ත ගබඩාවේ තිබී පොලිසියට හමුවුණා. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට බාර දී තිබෙනවා.
 
බී. එම්. විජේසූරිය විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියකි....
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top