Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
23
ටෙනිසන් කුරේගේ දැන් සෞඛ්‍ය තත්ත්වය ගැන, ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මුහුණු පොතේ තැබූ සටහන - Photos

- ටෙනිසන් කුරේගේ දැන් සෞඛ්‍ය තත්ත්වය ගැන, ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මුහුණු පොතේ තැබූ සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,459 Views
“ඔබ සැමගේ එක් සිත් පැතුමෙන් ටෙනී සුව අතට....”
 
අසනීප තත්ත්වයේ පසුවූ විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ මේ වන විට සුවයෙන් පසුවන බව ඡායාරූප ශිල්පී දයාන් විතාරණ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනවා.
 
හදිසි හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ටෙනිසන් කුරේ රංගනවේදීයා රෝහල්ගත කළ බව, දයාන් විතාරණ මීට පෙර සඳහන් කර තිබුණා.
 
දයාන් විතාරණ මුහුණූ පොතේ ලියූ එම සටහන් පහතින්...

ටෙනී අයියාම මා හට දුරකථනයෙන් ඇමතීය ................
අද දහවල් සිට මා සටහන් දෙකක් මගින් ඔබට දන්වා සිටියේ ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ හෘදයාබාධයක ලක්ෂණ පෙන්නුම් කිරීම නිමිත්තෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ය. එම තොරතුරු සනාථ කරමින් ඔහුගේ දියණිය ද මට පවසා සිටියේ හෘදයාබාධ ලක්ෂණ පිළිබඳ සැක කළත් මේ වන විට එවැනි දෙයක් මතු නොවීම මත ඔහු ක්‍රමයෙන් සුව ලබමින් සිටින බව ය.
 
එහෙත් මීට සුළු මොහොතකට පෙරාතුව ටෙනී විසින්ම මා අමතමින් පවසා සිටියේ ඔහු උදරාබාධයකට රෝහල්ගත වූ බවත්, ඒ සඳහා එන්නත් කිහිපයක් ලබා දී ප්‍රතිකාර කිරීමෙන් මතු දැන් ඔහු යළි නිවසට යන බවත් ය. කෙසේ නමුදු ඔහුම මා අමතමින් මෙසේ ප්‍රකාශ කළ බැවින් ඔහු ඉතා සෞඛ්‍යාරක්ෂිතව සිටින බවට හෙතෙම කරන ප්‍රකාශය භාරගැනීමට අපට සිදු වේ.
 
කෙසේ නමුදු ඔබ අප සියලු දෙනාගේ සුව පැතුම් බෙලෙන් ටෙනී තවත් චිරාත් කාලයක් තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවයෙන් යෙහෙන් වැජඹේවායි පතමි !!!


ඔබ සැමගේ එක් සිත් පැතුමෙන් ටෙනී සුව අතට ...............
ප්‍රවීණ ජනප්‍රිය හස රංගනවේදී ටෙනිසන් කුරේ හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් රෝහල්ගත කළ බවට මීට සුළු මොහොතකට පෙර මා මුහුණුපොතේ පළ කළ සටහන වෙනුවෙන් බොහෝ දෙනා ඉක්මන් වී කටයුතු කළ අතර, බොහෝ දෙනා ඉතසිතින්ම ඔහුට සුව පැතූ බව ද විශ්වාසයෙන්ම කිව හැකිය.
 
ඒ අතර මීට සුළු මොහොතකට පෙරා ප්‍රවීණ සිනමාවේදී දිනේෂ් ප්‍රියසාද් මා අමතමින් පවසා සිටියේ ඔහු දැන් කෙමෙන් සුව අතට පත්ව සිටින බව ය. ඉන්පසුව මීට සුළු මොහොතකට පෙරාතුවම ටෙනීගේ දියණිය මා ඇමතූ අතර ඇය වැඩි දුරටත් තත්ත්වය පැහැදිලි කරමින් කියා සිටියේ ඔහුගේ හදවතේ වූ ලේ කැටියක් නිසාවෙන් ඔහුට හෘදයාබාධ ලක්ෂණ මතු වුවත්, එය සැමගේ වාසනාවකට ස්වභාවිකවම දියවී යෑම මත මේ වන විට ටෙනී හට කිසිඳු අවධානමක් නොමැති බව ය.
 
ඔහු මේ වන විටත් විවේකී සුවෙන් රෝහල්ගතව සිටින අතර, බොහෝ දුරට අද සවස ඔහු නැවත නිවසට යන බව ඔහුගේ රසිකයන් වෙත දැනුම්දෙන්න යැයි ටෙනීගේ දුවණිය මා හට දැනුම් දුන්නාය. එමෙන්ම බොහෝ දෙනෙක් මගේ සටහන දැක මේ වන විට ඔහු අමතමින් ඔහුගෙන් සුව දුක් විමසීමේ මේ මොහොතේ ඔහුට විවේකීව සිටීමේ ඉඩ අවම කරන බැවින් අප සියලු දෙනාම ඔහුට විවේකයෙන් පූර්ණ සුව ලබන්නට මේ මොහොතේ උපකාරී වීම වටිනේය.
 
මගේ සටහන දුටු විගස ඔහු වෙනුවෙන් සෙත් ප්‍රාර්ථනා කළ ඔබ සැමට ස්තූතිවන්ත වන අතර ආදරණීය ටෙනීට තෙරුවන් සරණින් පූර්ණ සුව ලබන්නට නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි !!!


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top