Prison Break කිව්වම ඔබ නොදන්නවා වෙන්න බැහැ. ලොව පුරා "රූපවාහිනි කතා මාලා"වලට ප්රිය කරන පිරිස් පිස්සු වට්ටපු Prison Break, සිරගත වුනු තමන්ගේ වැඩිමහල් සහෝදරයා බේරගන්න, "ගේමක් ගහන" මල්ලි කෙනෙක් ගැනයි කතාව දිග හැරෙන්නේ.
මේ කියන්න හදන්නෙ Dominic Purcell හදිසියේ ට්විටර්වල තියපු සටහනක් ගැන....
දැන් මේ නළුවාට අවුරුදු 50ක් වෙනවා. (ඡායාරූප බලන්නකෝ.) තාම නිල වශයෙන් ප්රකාශ නොවුණත්, මේ කතා මාලාවට සය වන කතාංගයක් (සීසන් 6) නිර්මාණය වන බවට තමයි ඔහු විසින් ඉඟි පළ කරන්නේ.
"ඔව් මට දැන් වයසයි.. මට අවුරුදු 50යි..." ඔහු එහි සටහන් කරනවා.
මෙම අතිශය ජනප්රිය කතා මාලාව 2005 සිට 2009 දක්වා කාලය තුළ කතාංග පහක් වශයෙන් විකාශය වුනා.
Wentworth Miller මෙහි මයිකල්ගේ (මල්ලිගේ) චරිතයයි නිරූපණය කළේ. (කතාවේ වීරයා ඔහු.)
මෙහි සයවැනි දිගහැරුමක් ගැන අවධානය යොමු වුවද ෆොක්ස් එන්ටර්ටේන්මන්ට් හි ප්රධාන විධායක නිලධාරියෙකු වන චාලි කොලියර් 2019 අගෝස්තු මාසයේ සඳහන් කර සිටියේ හයවැනි "සීසන් එකක්" කිරීමට බලාපොරොත්තු නොවන බවයි.
නමුත් නිර්මාණකරුවන්ගේ අදහස්වලට සවන් දීමට නිරන්තරයෙන් සුදානම් බවද ඔහු සඳහන් කර තිබුණා.